IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


යතුරුපැදි කරුට වෙඩිතැබූ පොලිස් නිලධාරියා රිමාන්ඩ්

(කේ ඩි දේවපි‍්‍රය ) 
කතරගම ප්‍රාදේශීය සභා සේවකයකු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් පොලිස් නිලධරයා ජනවාරි 30වැනිදා තෙක් රිමාන්ඩ් කරන ලෙස කතරගම මහේස්ත්‍රාත් අධිකරණය අද(21) නියෝග කළේය.
ඊයේ (20) රාති‍්‍ර කතරගම ප‍්‍රාදේශිය සභාවේ සේවකයකු යතුරු පැදියකින් ගමන් ගන්නා අවස්ථාවේ දි රාත‍්‍රී මුර සංචාරයේ නිරතව සිටි පොලිස් නිලධාරියකු විසින් වෙඩි තැබීමෙන් ඔහු මියගොස් ඇති අතර පොලිස් අණ  පරිදි යතුරුපැදිය ටික දුරක් ගොස් නතර කිරිමේ දි යතුරු පැදිය පදවා ගෙන පැමිණි පතිරණලාගේ නිරෝෂන් (25) මහතාට යතුරු පැදිය නතර කරනවාත් සමග පොලිස් නිලධාරියා වෙඩි තැබු බව යතුරු පැදියේ පසු පස ගමන් ගත්  දැනට තුවාල ලබා කතරගම දිසා රෝහලේ ප‍්‍රතිකාර අංශයේ සිටින  ආර්. නුවන් මහතා පවසයි.-
මිය ගිය නිරෝෂන් මහතාගේ හිසට වෙඩි වැදි බරපතල තුවාල සිදුවී මිය ගොස් ඇති අතර මෙම වෙඩි තැබීමත් සමග කුපිත වු කතරගම ජනයා අද(21) අලුයම කතරගම පොලිසියට පැමිණ පොලිසියේ විදුරු ජනේල්වලට පහර දී ජිප් රථයකටද අලාභ හානි කළහ. 
එහිදී පොලිසිය විසින් කදුළු ගෑස් ගසමින් අහසට වෙඩි තබා ගම්වාසින් පළවා හැරීමට කි‍්‍රයා කළ අතර පසුව පොලිස් විශේෂ කාර්ය බළකාය කැදවා පොලිසියට රැකවරණය ලබා දෙනු ලැබීය.
 



අදහස් (7)

යතුරුපැදි කරුට වෙඩිතැබූ පොලිස් නිලධාරියා රිමාන්ඩ්

සෙනවි Sunday, 21 January 2018 07:23 AM

මෙම දෙයම උතුරේ වූවා නම් ජාතිවාදී ලෙසින් දකියි..

:       58       164

Nevill de Alwis (Attoney at Law) Sunday, 21 January 2018 11:06 AM

රටේ ත්‍රස්තවාදයක් නොමැති වෙලාවක ආණ්ඩුව රථවාහන පොලිස් නිලධාරීන්ටත් ගිනිඅවි රැගෙන යාමට අවසර දුන්න එකේ විපාකයක්. රථවාහන පොලිස් නිලධාරීන්ටත් වෙඩි තැබීමට බලය ලබා දී තිබෙන බව පැවසෙනවා. පොලිස් නීතියක් රටේ ගොඩනැගෙමින් පවතින බවට කදිම නිදසුනක්.

:       89       130

psSunday, 21 January 2018 12:30 PM

නෙවිල් කට තිබුණාට කතා කරන්න එපා. රෑට වැඩ කරන පොලිස් නිලධාරින්ට වෙපන්ස් නැත්නම් ජීවිත ආරක්ෂා කර ගන්නේ කොහොමද? නමුත් ඒ අයට විනය නම් මුල ඉඳලම උගන්වන්න වෙනවා...

:       16       83

sanbeedSunday, 21 January 2018 05:25 PM

රථවාහන ට්‍රැෆික් පොලිස් අයට ජිවිත රැක ගන්න ආයුධ දුන්නම කොහෙවත් යන අහිංසකයින්ව මරනවානේ.

:       1       41

Siriwardane Sunday, 21 January 2018 10:08 PM

එදා ඇඹිලිපිටිය අද කතරගම. උදෑසන භාවනාවෙන් පසුව දවසේ වැඩ පටන්ගන්න අැති. ජීවිතයක වටිනාකම නොදන්නා නිළ අැදුමින් කය වසාගත් අවි ගත් වෘෂභයන්.

:       0       34

Chanda Sunday, 21 January 2018 11:32 PM

සාමාන්‍ය ජනතාව නීතිය අතට ගන්න තැනට වැඩ සැලසෙන එක පරිහානියට අත වැනීමක්

:       0       23

මිඝාර. Monday, 22 January 2018 06:59 AM

පොලීසියට ජීවිත ආරක්ශාවට ආයුධදිය යුතුය,නමුත් ඔවුනට මනුස්සකම සහ විනය උගෑන්විය යුතුය,නිළ ඈදුම ඈද සිටින්නේ මණුස්සයකුබව ඒත්තුගෑන්විය යුතුය.ධම්මො රක්ඛති ධම්මO සදහන්වීම ප්‍රමාණවත් නෑත.

:       0       13

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මැණික් ව්‍යාපාරිකයින්ගෙන් කෝටි 50ක් වංචා කළැයි අයෙක් රිමාන්ඩ්
2024 අප්‍රේල් මස 25 177 0

මැණික් ව්‍යාපාරිකයින්ට වටිනා මැණික් ලබා දෙන බවට පවසමින් රුපියල් කෝටි පනහකට අධික මුදලක් වංචා කළේ යැයි කියන සැකකරුවෙකු ලබන 07 දින දක්වා රක්ෂිත බන්ධනාගා


ලක්ෂ 27ක මත්කරල් ඔරුගොඩවත්තෙන් අල්ලයි
2024 අප්‍රේල් මස 25 21 0

රුපියල් ලක්ෂ 27 ක් වටිනා මත්කරල් 27,000 ක් ජාවාරම් කිරීම සදහා ත්‍රිරෝද රථයකින් ප්‍රවාහනය කරමින් සිටි ‘බම්පින් කුමාර‘ නැමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවක් අද (


ඇමෙරිකාවෙන් යුක්රේනයට දුරදිග මිසයිල
2024 අප්‍රේල් මස 25 624 1

රහසිගතව ඇමෙරිකාව ලබා දුන් දිගු දුර බැලස්ටික් මිසයිල ප්‍රථම වතාවට යුක්රේනය ක්‍රිමියාවේ රුසියානු ඉලක්ක වෙත පහරදීමට භාවිත කර ඇතැයි ඇමෙරිකානු බලධාරීහු


පලස්තීනය වෙනුවෙන් ලංකාව හැමවිටම කැපවෙනවා
2024 අප්‍රේල් මස 25 182 1

පලස්තීන ගැටලුවට සාධාරණ හා පුළුල් සාකච්ඡා සහිත දේශපාලන විසඳුමක් වෙනුවෙන් සහය දැක්වීමට ශ්‍රී ලංකාව අඛණ්ඩව කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ම


දුම්රියේ වැඩ ආවරණයට ප්‍රවාහන අධ්‍යක්ෂ ජනරාල් පත්කරයි
2024 අප්‍රේල් මස 25 213 0

දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා ලෙස කටයුතු කළ එච්. එම්. කේ. ඩබ්.බණ්ඩාර මහතාගේ හදිසි අභාවය හේතුවෙන් පුරප්පාඩු වූ දුම්රිය සාමාන්‍යාධිකාරි තනතුරට සුදුසු නි


අධිවේගී පිවිසුවේ මෝටර් රථය පෙරලේ
2024 අප්‍රේල් මස 25 499 0

කොළඹ - කටුනායක අධිවේගී මාර්ගයේ ජා-ඇළ පිවිසුමේ දී අද දින සවස 3.00ට පමණ මෝටර් රථයක් පෙරලි ගියේය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 317 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1701 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1546 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site