(හර්ෂණ තුෂාර සිල්වා)
නුදුරේදීම ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී මහතා මුණ ගැසීමට බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකාවේ හත්වැනි විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කරයි.
ජනාධිපතිවරණ ඡන්ද විමසීමෙන් ජයග්‍රහණය කළ ගෝඨාභය රාජපක්ෂ මහතාට සුබ පැතුම් එක් කරමින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කර තිබූ අතර ඊට පිළිතුරු ට්විටර් පණිවුඩයක් යවමින් රාජපක්ෂ මහතා ඒ බව සඳහන් කළේය.
“උණුසුම් සුබ පැතුම් එක් කළ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාට සහ ඉන්දීය ජනතාවට මම ස්තූතිවන්ත වෙනවා. අපේ ජාතීන් දෙක ඉතිහාසයෙන් සහ පොදු විශ්වාසවලින් බැඳී තිබෙනවා. දෙරටේ මිත්‍රත්වය ශක්තිමත් කරගැනීමට නුදුරේදීම ඔබ මුණ ගැසීමට බලාපොරොත්තු වෙනවා” යැයි නරේන්ද්‍ර මෝදි මහතාට පිළිතුරු යවමින් තේරී පත්වූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ට්විටර් පණිවුඩයේ සඳහන් කර ඇත.
ඉදිරියේදී දෙරට අතර තිබෙන සහෝදර බැඳීම ශක්තිමත් කරගනිමින් සමීපව කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවත් දෙරටේ පුරවැසියන්ගේ සාමය හා සෞභාග්‍යය මෙන්ම කලාපයේ ආරක්ෂාව වෙනුවෙන් සමීපව කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවත් ගෝඨාභය රාජපක්ෂ මහතාට සුබ පතමින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සඳහන් කර තිබිණි.
සාර්ථකව මැතිවරණයක් අවසන් කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ජනතාවට සුබ පැතුම් එක් කරන බව ද ඉන්දීය අග්‍රාමාත්‍යවරයා තවදුරටත් සඳහන් කර තිබිණි.
පාකිස්තාන ජනාධිපති අරිෆ් අල්වි මහතාද ගෝඨාභය රාජපක්ෂ මහතාට සුබපැතුම් එක්කරමින් ට්විටර් පණිවුඩයක් නිකුත් කර තිබෙන අතර කලාපීය සාමය, සෞභාග්‍ය සහ ස්ථාරවය සඳහාත් දෙරටේ ජනතාවගේ සුබසිද්ධිය සඳහාත් ශ්‍රී ලංකාව සමඟ ඉදිරියටත් සමීපව කටයුතු කරන බව ද සඳහන් කර තිබේ.
තේරී පත්වූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සුබ පැතුම් එක් කරමින් මාලදිවයිනේ ජනාධිපති ඊබ්‍රහීම් මොහොමද් සෝලි මහතා ශ්‍රී ලංකා හා මාලදිවයින අතර තිබෙන සබඳතා ශක්තිමත් කිරීම සඳහා නව ආණ්ඩුව සමඟ සමීපව කටයුතු කරන බව සඳහන් කර තිබිණි.
මේ අතර ගෝඨාභය රාජපක්ෂ මහතාට සුබ පැතුම් එක්කරමින් පාකිස්තාන විදේශ කටයුතු අමාත්‍යාංශය ද නිවේදනයක් නිකුත් කර තිබිණි.
ඇමෙරිකන් බිලියනපති, ව්‍යාපාරික, සැම් බෑන්ක්මන් ෆ්රයිඞ්ට වසර 25 ක සිරදඬුවමක් නියම කර තිබේ. ඒ, ඔහු මූල්‍ය වංචා සහ මුදල් විශුද්ධිකරණ චෝදනා සම්බන්ධයෙන් නිව
පාස්කු ඉරිදා දින (31) විශේෂ දේව මෙහෙය වෙනුවෙන් දේවස්ථානවල ආරක්ෂාවට ආරක්ෂක අංශ නිලධාරීන් 6837 ක් යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහ
සෑම පොලිස් ස්ථානයකම කාන්තා සහ ළමා අංශයක් ස්ථාපිත කිරීමට තමා උපදෙස් ලබා දී තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහභාගිත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් පැලවත්ත බුද්ධදාස ක්‍රීඩාංගනයේදී අද පැවැත්වෙයි..
මුහුදුබඩ දුම්රිය මාර්ගයේ වැල්ලවත්ත සිට දැඩි දුම්රිය ප්‍රමාදයක් ඇති වී තිබේ.
ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ. දුක්ප්‍රාප්තියට,කුරුසියට තබා ඇණ ගැසීම සහ මරණයට පත් වීම සිහිපත් කරන මහ සිකුරාදා දිනය නිමිති කොට ලොව පුරා කිතුනු බැතිමත්හු ස
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
මෝදි හමුවන බව ගෝඨාභය කියයි
Chathuri Sunday, 17 November 2019 12:28 PM
වැදගත් නායකයින් සුබපැතුවේ නැතිද තවම...?
RaveendraSunday, 17 November 2019 10:51 PM
ඔබ විසින් වැදගත් ලෙස හුවා දැක්වීමට අදහස් කරන්නේ කිනම් ලෝක නායකයන්ද යන්න දැනගැනුමට කැමැත්තෙමු. අප විශ්වාස කරනවා ලෝකයේ වැදගත් නායකයන් නොමැති බවට, මක්නිසාදයත් වැදගත් රාජ්‍ය නායකයන්ගේ මුලික ලක්ෂණයන් වන්නේ අනෙකුත් රටවලට අතහිත දෙමින් ඒ ඒ රටවල සමගිය, දියුණුවට අකුල් නොහෙළන තම හිතේ යටි අරමුණු රහිතව අවංකව අනෙකුත් රටවලට අවශ්‍ය වේලාවන්හි උදව් කරන නායකයන්ටය. එබැවින් එවන් රාජ්‍ය නායකන් අද ලොව සිටීදී යන්න නැවත වරක් සිතීමෙන් ඔබටම ඔබ අදහස් කරන වැදගත් රාජ්‍ය නායකයන් ගැන තක්සේරුවක් කරගත හැකි බව අපගේ අදහසයි. අපගේ මෙම අදහස් වැරදි නම් අපව නිවැරදි කරන මෙන්ද කාරුණිකව ඉල්ලා සිටින්නෙමු.
MaheeMonday, 18 November 2019 02:41 AM
රවීන්ද්‍ර මහතා, එහෙම නායකයෝ ඉන්නේ සුරන්ගනා කතා වල පමණයි. එහෙම ඉන්න ඕනත් නැහැ. වැදගත් වන්නේ අපේ නායකයෝ ඔවුන්ව හඳුනාගෙන අපේ රටට වාසිවන ආකාරයට ඒ නායකයින් සමගත් රටවල් සමගත් සම්බන්ධතා ගොඩ නගා ගැනීම පමණයි. නමුත් කෙරෙන්නේ අපේ නායකයෝ ඒ සම්බන්ධතාවලින් තමන්ගේ සාක්කු පුරවා ගන්න බලනවා මිසක් රට පුරවන්න නොහිතන එකයි. දුරදර්ශී නායකයෝ කියල අපි කියන්නේ ස්විස් බැංකුවේ ලාච්චු දක්වා දුරක් දකින්න පුළුවන් නායකයන්ටයි.
Mahee Sunday, 17 November 2019 12:38 PM
අපි මේ බලා ඉන්නේ චීනේ ජනාධිපතිතුමයි, ඇමෙරිකාවේ ජනාධිපතිතුමයි එවන පණිවිඩවල මොනවා තියෙයිද කියලයි...
Mf Sunday, 17 November 2019 06:18 PM
ඔහොම යං... ඔහොම යං...