IMG-LOGO

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා


මෝටර් රියක් වියානා ඇළට පෙරැළෙයි

(නිශාන්ත කුමාර)

බදුල්ල ප්‍රධාන  මහියංගන මාර්ගයේ ගමන් ගත් මෝටර් රථයක්  අද (26) එම මාර්ගය අතරතුර පිහිටි වියානා ඇළ මාර්ගයේ මාපාකඩ 08  කණුව ප්‍රදේශයේදී  මහවැලි ඇළට පෙරැළී අනතුරට ලක්ව ඇතැයි මහියංගණ පොලීසිය පවසයි.

ඇළ මාර්ගයට පෙරැළී ගිය මෝටර් රථය පෙරැළී ගිය ස්ථානයට  මීටර් කීපයක් පහළින් පොලීසිය හා ප්‍රදේශවාසීන් එක්ව අද උදෑසන ගොඩගත් බවද පොලීසිය පවසයි.

අනතුරට පත් මෝටර් රථය ගොඩ ගනු ලැබූවත් එහි ගමන් ගත් පුද්ගලයින්ට සිදුවූවේ කුමක්දැයි යන්න තෙක් අණාවරණය වී නොමැත.අනතුරට ලක්ව ඇත්තේ හිගුරක්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකුට අයත් මෝටර් රථයකි.

සිද්ධිය සම්බන්ධයෙන් මහියංගන පොලීසිය පරීක්ෂණ පවත්වයි .

මෙම මෝටර් රථය අනතුරට ලක්වු ස්ථානයේදීම මීට මාස කීපයකට   ඉහතදීද  මෝටර්  රථය දෙකක්  හා ත්‍රීවීල් රථයක් අනතුරට ලක්වීමෙන් හය  දෙනෙකුට  දිවි අහිමිවිය. 

ඡායාරූප - රංජිත් කරුණාවීර

 

 



අදහස් (8)

මෝටර් රියක් වියානා ඇළට පෙරැළෙයි

Prasanna Thursday, 26 April 2018 05:45 AM

අපේ ආන්ඩුකරවන ඇත්තන්ගේ ඇස්නම් කවදාවත්ම පෑදෙන්නේ නැහැ , දුම්රිය දෙපාර්තුමේන්තුවේ තියනවා ඉවත්කරපු රේල්පීලි, ඒවා ලංකාවේ උනුකරලා නැවත භාවිතා කරන්නත් බැහැ , ඉතින් ඒවා යොදා ගෙන, ඉතාමත් ආරක්ශිත වැටවල් මේවගේ අනතුරුදායක තැන්වල ඉදිකරන්න පුලුවන් ඉතාමත්ම අඩු මුදලකින්.. ඒත් එවැනි ව්‍යාපෘතියකින් කොමිස් ගන්න බැරි නිසා බලදාරීන් ඒවගේ දෙයක් කරයිකියලා හිතන්න අමාරුයි...

:       3       381

RaveendraThursday, 26 April 2018 07:57 AM

ප්‍රසන්න මයා වෙත, ඔබගේ කාලෝචිත අදහස් සමග අපද එකග වන්නෙමු. නමුත් අප රටේ දේශපාලුවන් මෙවන් ප්‍රයෝගික ක්‍රියාවන්වලට කිසිසේත්ම කැමති නොවනු ස්ථිරය. මක්නිසාදයත් දේශපාලුවන්ට ඕනා මොන ක්‍රමයකින් හෝ මුදල් හොරා කෑමය. මුලික අරමුණ එය බැවින් රට අගාදයට දිනෙන් දින ලගාවනු ඇත.

:       0       30

parakkramaThursday, 26 April 2018 02:00 PM

මේ යෝජනා කර තිබෙන පරිදී වැටක් ඉදිකිරීම සඳහා කටයුතු කිරීමට මාර්ග සංවර්ධන අධිකාරියට බලයක් නැතිද? නැතිනම් සම්පත් නොමැතිද? නැතිනම් ඇමැතිවරයාම නියෝග දෙන්න ඔනෑ ද? එහෙමත් නැතිනම් කැබිනට් පත්‍රිකාවකින්ම අනුමැතිය ගත යුතු ද? එසේත් නොමැති නම් බුදියාගෙන ඉන්න , බිහිරන් සේ ඉන්න උන්ට අගමැතිතුමන් හෝ ජනාධිපතිතුමන් හෝ ඇඟිල්ලෙන් ම ඇන කියා දිය යුතු ද? ප්‍රසන්න කියන විදිහට මෙතන ආණ්ඩු කරවන ඇත්තන්ගේ ඇස්වල "කබ" ද පලි? මේක එකාබද්ධෙට මාර්තෘකාවක් හැටියට දෙමු ද? හැබැයි කොමිස් ලැබෙන ක්‍රමයක් නැතිව කවුරුත් අත ගසන්නට අදි මදි කරන එක දැන් කාලේ පොඩි ළමයෙකුටත තේරෙනවා. එක්කෝ, ඇල සහ ඇලබැම්ම අයිති මහවැලි සංවර්ධන අධිකාරියට නැතිනම් වාරි මාර්ග දෙපාර්තමේන්තුවට . මහ පාර අයිති මාර්ග සංවර්ධන අධිකාරියට, නැතිනම් පළාත් සභාවට. නගින්න ගිහාම සමහරුන්ට පුවක් ගස්වලත් දෙබල් වගේ හුටපට මෙතනටත් බලපානවා ද දන්නේ නැහැ. කෙසේ වෙතත් වාහන ගණනාවක්, මිල නොකළ හැකි ජීවිත ගණනාවක් අකාලයේ වනසා දැමීමට හේතු කාරනා වූ අද්භූත යමක් මේ ඉසව්වේ තිබෙනවා දැයි සොයා බලා, ප්‍රතිපාදන නැති නම් සියලු බලධාරීන් ගෙන්වා තොවිලයක් වත් නැටෙව්වොත් හොඳයි කියලා හිතෙනවා.

:       0       0

sanjeewa Thursday, 26 April 2018 06:20 AM

මේ තැන් වල ආරක්‍ෂිත වැටක් හයි කරන්න පුළුවන්නේ

:       0       5

asiri Thursday, 26 April 2018 07:08 AM

කාටවත් බැනල වැඩක් නැහැ හරියට වාහන එලවන්න පුරුදු වෙන්න

:       1       3

maheshika Thursday, 26 April 2018 11:34 AM

වෙන රටකනම් අනතුරු දෙකක් වෙනකොට මොකක් හෝ ක්‍රියා මාර්ගයක් ගන්නවා. දවස ගානේ මැරෙන්නේ ජීවත්ව ඉන්න ඕන මිනිස්සු. ඉන්දියාවෙන් ගෙනෙන යතුරුපැදි නිසා දවසකට කී දෙනෙක් එලොව යනවද? අවුරුදු තුනක් ගෙවිලත් තවම වැඩ පටන්ගන්න බැරි වුණා.

:       0       48

rama Thursday, 26 April 2018 01:55 PM

ලස්සන වාහනේ මෙයාල ඇලට පෙරලල, අපි මේ වගේ එකක් ගන්න තවම සල්ලි එකතු කරනවා.

:       0       0

namali Thursday, 26 April 2018 02:42 PM

මේ කීවෙනි වහනයද මේ ඇලට වැටුන? බලධාරීන් තාම නිදි!!

:       0       30

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

උමාඔය විදුලි ජනන යන්ත්‍ර දෙකට කාන්තා නම්
2024 අප්‍රේල් මස 23 1154 0

උමාඔය භූගත විදුලි බලාගාරයේ විදුලි ජනන යන්ත්‍ර දෙක එහි ඉදිකිරීම් ක්‍රියාත්මක වන කාලයේ සේවය කළ සුළු සේවිකාවන් දෙදෙනකුගේ සේවය ඇගයීම වෙනුවෙන් ‘දසුනි’ සහ


ලොව බලවත්ම 100 අතර ලාංකික කතක්
2024 අප්‍රේල් මස 23 2768 0

ලොව ප්‍රකට ටයිම්ස් සඟරාවේ මෙම වසර සඳහා වන සමාජයට බලපෑමක් කළ හැකි වඩාත් බලගතුම පුද්ගලයන් 100 දෙනා අතරට ශ්‍රී ලාංකික කාන්තාවක් වන රොසෑනා ෆ්ලේමර් කල්දේරා ම


ගම්පහ ව්‍යාපාරිකයෙක් මරන්න සැලසුමක්
2024 අප්‍රේල් මස 23 1136 0

ගම්පහ ප්‍රදේශයේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු මෙන්ම වැවිලිකරුවකු වන ’’ඔස්මන්’’ නැමැත්තා අවුරුදු උත්සවයකදී වෙඩි තබා ඝාතනය කිරීම සඳහා සූදානම්ව සිටි සැකකර


කොන්සියුලර් සේවා දින දෙකක් නවතී
2024 අප්‍රේල් මස 23 198 0

විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර් අංශයේ සත්‍යාපන සේවාවන් මේ මස 29 සහ 30 දෙදින තාවකාලිකව අත්හිටුවන බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.


ඉරාන - ලංකා ගිවිසුම් පහක්
2024 අප්‍රේල් මස 23 917 0

ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි මහතාගේ ශ්‍රී ලංකා සංචාරයට සමගාමීව ඉරාන ශ්‍රී ලංකා ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කෙරෙන අවබෝධතා ගිවිසුම් 05කට ද


නිකරුනේ ගාල් නොකොට විධිමත් වැඩපිළිවෙලක් ගේන්න
2024 අප්‍රේල් මස 23 428 0

බන්ධනාගාරවල මිනිසුන් නිකරුනේ ගාල් කොට තබා නොගෙන මත්ද්‍රව්‍ය නිවාරණය සඳහා විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 278 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1630 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1513 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site