(ජයන්ත සමරකෝන්)
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සඳහා දැනට මාස තුනකට ආසන්න කාලයක් තිස්සේ කොමසාරිස් ජනරාලවරයෙකු පත් නොකිරීම හේතුවෙන් ගැටලු රැසක් මතුවී ඇතැයි වාර්තාවේ.
වත්මන් ආණ්ඩුව බලයට පත් වීමත් සමඟම එහි හිටපු කොමසාරිස් ජනරාල් ජගත් චන්ද්‍රසිරි මහතා කර්මාන්ත රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් ධූරයට පත්කිරීමත් සමඟම මෙම පුරප්පාඩුව ඇතිවිය.
දැනට මෙම දෙපාර්තමේන්තුව වැඩ බලන කොමසාරිස් උපාලි ජයසේකර මහතා යටතේ පාලනය වන බවද එම දෙපාර්තමේන්තුව පවසයි.
නාරාහේන්පිට ප්‍රධාන කාර්යාලයට ස්ථීර කොමසාරිස් ජනරාල්වරයෙකු පත් නොකිරීම වේරහැර රියදුරු බලපත් නිකුත් කරන කාර්යාලයේ පාලන කටයුතුවලට දැඩිව බලපා ඇතැයිද වාර්තාවේ.
බාල බෙහෙත් ජාවාරම සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයට පත්කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු වික්තිකරුවෝ ලබන 08 වැනිදා දක්වා තව දුරටත් රිම
සංවර්ධන ලොතරැයි මණ්ඩලය සිය වසර 40ක ඉතිහාසයේ වැඩිම ලාභය 2023 වසරේදී වාර්තා කර තිබේ.
කළුතර ප්‍රසිද්ධ පාසලක අද (28) දහවල් සිසුන්ට ලබාදුන් එන්නතින් පසු රෝගී වූ සිසුන් දස දෙනෙකු පමණ රෝහල් ගතකර ඇති බව කළුතර නාගොඩ ශීක්ෂණ රෝහල් ආරංචි මාර්ග සඳහන
ග්‍රෑන්ඩ්පාස්, සුගතදාස ක්‍රීඩාංගණය අසල පිහිටි ටයර් කඩයක ඇතිවූ ගින්නක් හේතුවෙන් තවත් ටයර් කඩයක් ඇතුළු කඩ තුනක් ගිනි ඇවිලමින් පවතී.
ශ්‍රී ලංකාවේ ජීවත්වන පුද්ගලයෙක්ට අවම මූලික අවශ්‍යතා ඉටුකරගැනීමට මසකට රුපියල් 17,014 ක මුදලක් අවශ්‍ය බව ජනලේඛණ හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.
හෝමාගම දුම්රිය පොළ පාරේ ප්ලාස්ටික් භාණ්ඩ අලෙවි සැලක හිමිකරුවකුගේ නිවසකට ඇතුළු වූ පුද්ගලයෙකු එහි කාන්තාවකට තියුණු ආයුධ ප්‍රහාරයක් එල්ල කොට රුපියල් ල
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ මුල් පුටුව හිස්
විපරමා Wednesday, 19 February 2020 01:23 PM
ආර්.එම්.වී. කියන්නේ ජරා පප්පලා ඉන්න තැනැක්.සමහරවිට ලොක්කො යන්ඩ කැමති නැතුවා.?
මොහමඩ් රිස්වාන් සව්දි අරාබියThursday, 20 February 2020 05:39 AM
ඇත්ත කතාව. මාගේ සෞදි අරාබියේ රියදුරු බලපත්‍රය පෙන්වා ලංකාවේ බලපත්‍රය ලබා ගැනීමට රුපියල් 5000 ක් ඉල්ලුවා. අයකැමි කවුන්ටර් 4 ක් තිබුනත් රජයට යා යුතු මුදල කෙලින්ම යන්නේ නිලධාරීන්ගේ මේස ලාච්චු වලට. රුපියල් 5000 ගෙවූ බවට රිසිට් පතක් මා ඉල්ලුවත් අවශ්‍ය නැති බව එම නිලධාරියා කිව්වා. එම නිලදාරියා මගෙන් මුලින්ම ඇසුවේ මාව යැව්වේ කවුද කියලයි. ඒ කියනේ මේ නිලධාරීන්ගේ සම්බන්ධ අය ඉන්නේ ප්‍රධාන දොරටුව අසලයි.
kapila Wednesday, 19 February 2020 03:04 PM
2/3 හම්බවෙනකම් ඉන්නේ.
Rohana Wednesday, 19 February 2020 03:13 PM
සුදුස්සෙක් තවම හොයාගන්න බැරිව ඇති. පොඩ්ඩක් ඉන්න
de silva Wednesday, 19 February 2020 04:29 PM
සැහැල්ලු රියදුරු බලපත් නිකුත් කරනකොට අර ඉස්සර තිබුන වගේ ජිවිත කාලයටම වලංගු වෙන විදිහට නිකුත් කරන්න , එතකොට ඔය තද බද කරදර අඩු වේවි , එහෙම නැතිනම් ඔය රියදුරු බලපත් අලුත් කිරීම ප්‍රාදේශීය ලේකම් කාර්යාල වලට වෛද්‍ය සහතිකය සමග භාර අරන් තාවකාලික බලපත්‍රයක් නිකුත් කර , රියදුරු බලපත්‍රය ප්‍රාදේශීය ලේකම් කර්යලයෙන්ම ලබාදෙන ක්‍රම වේදයකට යන්න , පසුගිය දශක 2 ඇතුලත රියදුරු බලපත් වලට මේ එක එක සංකීර්ණ අලුත් ක්‍රම හදුන්ව දුන්නේ මහජනතාවට කාර්ය පහසුකර හොඳ සේවාවක් ලබාදෙන්නේ නොව ඔක්කොම සංකීර්ණ කර අල්ලස් තම මඩිය තර කරගැනීම සඳහාය .
de silva berlin Wednesday, 19 February 2020 04:50 PM
අර මලදිවයිනේ තානාපති කමට රෝහන බැද්දගේපත් කරලා යැවුවා වගේ ඔය ජොබ් එකටත් වික්ටර් රත්නායක වැනි රටම පිළිගත් කලාකරුවෙකු පත්කරලා දැම්මොත් හොඳ නැද්ද ? වැඩ බැරි එක වෙන දෙයක් නමුත් විශ්‍රාමික කලාකරයෝන්ටත් මොනවා මොනවා හරි දෙන්න ඕනේ නේද ?
chandima Wednesday, 19 February 2020 04:53 PM
ජනරාල්ල පත් කරනවා වෙනුවට තව වැඩිපුර මහජනයාට සේවාව සපයන නිලධාරීන් ටිකක් කවුන්ටර් වලට දැම්ම නම් ඔයිට වැඩිය වැඩක් වෙනවා. කවුන්ටරේ ඉන්න නිලධාරීන්ට ඒ බලතල කොටසක් හරි දුන්න නම් ජනතාවට කවුන්ටරෙන්ම වැඩේ කරගෙන යන්න තිබුන. ලෝකේ වෙන රටවල හැටියට හුන්ඩුවක් විතර අපේ රටේ ටයි පොලු බැඳගෙන සිතල කාමර වල ඉන්න අධ්යක්ෂ, ජනරාල්ල හැට කෝටියක් ඉන්නවා. අන්තිමේ ජනතාවට මුණගැහෙන්න ඉන්නේ කන්තෝරුවේ කිසිම බලතලයක් නැති සුළු නිලධාරියෙක්. එයා කිසිම තීරණයක් ගන්න බැරිව සියලු ලියකියවිලි අයෙත් ඔය ලොක්කෝ ගාවට යවනවා. ජනරාල්ල හලලා පුහුණු, බලතල ඇති නිලධාරීන් කෙලින්ම කවුන්ටරවලට දානවා නම්?...
lalithm Thursday, 20 February 2020 02:42 AM
දැන් ටිකක් විනිවිද පෙනෙන තැනක්නේද?
Champa Thursday, 20 February 2020 05:44 AM
ගණන් ගන්න එපා. විශ්‍රාමික හමුදා නිලධාරියෙක්ව හොයනවා. එතකම් ඉන්න.
de silva Thursday, 20 February 2020 07:29 AM
ඔය තනතුරට මමනම් හිතන්නේ වික්ටර් රත්නායක හෝ එඩ්වර්ඩ් ජයකොඩි වැනි ප්‍රවීන කලාකරුවෙකු සුදුසුයි කියලා. විශ්‍රාමික ප්‍රවීන කලාකරු රෝහණ බැද්දගේ මහතාට මලදිවයිනේ තානාපතිකම කරන්න පුලුවන්නම් වික්ටර් හෝ එඩ්වර්ඩ් මේකට අනිවාර්යයෙන්ම සුදුස්සන් වේ. අඩුම තරමේ ඔවුන්ට පුළුවන් පෝලිමේ ඉන්න ජනතාවගේ හිත සැනසෙන්න සින්දුවක්වත් කියන්න පුලුවන්.
de silva Thursday, 20 February 2020 10:45 AM
ඔය පුරප්පාඩුවට හමුදා නිලධාරියෙක් නම් දමන්න එපා. ඕකේ ඉන්නේ අල්ලස් ගැනීමට ලංකාවේ පළවෙනි හෝ දෙවෙනි ස්ථානයට තෝර ගන්න පුළුවන් නිලධාරියෝ පිරිසක්. මේ අය කරන හොරකම් දැක්කම හමුදා නිලධාරියා කෝප වෙලා මේ අයට වෙඩි තැබීමට හෝ දැඩි දඩුවම් දීම සිදු කරන්න පුළුවන්. එහෙම වුනොත් මේ අයත් පාරට බැහැලා උද්ඝෝෂණය කිරීමට හෝ මුළු දෙපාර්තමේන්තුවේම වැඩ අවුල් කිරීමට පුළුවන්.