IMG-LOGO

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා


මේ වසරේදී ආර්ථිකය සියයට 1.5 කින් වර්ධනය වේවි

හර්ෂණ තුෂාර සිල්වා

මේ වසරේදී මෙරට ආර්ථිකය සියයට 1.5කින් වර්ධනය වනු ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ අංශයේ අධ්‍යක්ෂ ආචාර්ය චන්ද්‍රනාත් අමරසේකර මහතා අද (22) පැවැසීය.

‘සූම්’ විඩියෝ තාක්ෂණය ඔස්සේ වත්මන් ආර්ථික තත්ත්වයත් පසුගිය වසරේ ආර්ථික ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් අදහස් දක්වමින් හෙතෙම ඒ බව සඳහන් කළේය.

නව කොරෝනා වයිරසය හෙවත් කොවිඩ්-19 ගෝලීය වසංගතය හේතුවෙන් මාස දෙකකට ආසන්න කාලයක් සැලකිය යුතු ආර්ථික ක්‍රියාකාරකමක් හෝ සිදු නොවුණු බව සඳහන් කළ හෙතෙම මේ වසරේ දෙවැනි අර්ධයේදී ආර්ථිකය වර්ධනය වනු ඇතැයි කීවේය.

මේ වසරේදී මෙරට ආර්ථිකය සියයට 4කින් හෝ සියයට 4ට වඩා වැඩි අගයකින් වර්ධනය වනු ඇතැයි අපේක්ෂා කළ බව ද ආචාර්ය චන්ද්‍රනාත් අමරසේකර මහතා කීය.

මේ වසර මැතිවරණ වසරක් යැයි මුලින් අපේක්ෂා කළ බවත් එබැවින් වසරේ මුල් අර්ධයේදී ද මැතිවරණයද ඉන්පසුව අයවැය ද ඉදිරිපත් වනු ඇතැයි ද ඒ තත්ත්වයත් සමඟ වසරේ දෙවැනි අර්ධයේදී ආර්ථිකය සැලකිය යුතු වේගයකින් වර්ධනය වනු ඇතැයි ද අපේක්ෂා කළේය.

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ජාත්‍යන්තරය සමඟ එතරම් ම සම්බන්ධ වී නැති බවත් හෙතෙම කීය.

පසුගිය වසරේදී මෙරට ආර්ථික වර්ධන වේගය පහළ යෑමට ප්‍රධාන වශයෙන් හේතු වූයේ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයක් ඉන්පසුව පැවැති දේශපාලන අස්ථාවරභාවය බවත් ඔහු පෙන්වා දුන්නේය.

එබැවින් පසුගිය වසර පදනම් වසරක් කරගනිමින් මේ වසරේදී මෙරට ආර්ථිකය ඍණ අගයක් ගනු ඇතැයි ජාත්‍යන්තර ආයතන කරන පුරෝකථන සාධාරණ නැති බව ද ඔහු කීය.

කෙසේ නමුත් ‘කොවිඩ්-19’ ගෝලීය වසංගතය හේතුවෙන් මේ වසරේ දෙවැනි කාර්තුවේදී රටේ ආර්ථික වර්ධනය පහළ යනු ඇතැයි ද එහෙත් වසරේ දෙවැනි අර්ධයේදී ආර්ථිකය වර්ධනය වනු ඇතැයි ද ඔහු පෙන්වා දුන්නේය.

කොවිඩ්-19 හේතුවෙන් ගෝලීය ආර්ථික වර්ධන වේගය පහළ වැටෙනු ඇතැයි දැනටමත් තහවුරු වී ඇති බව කී හෙතෙම වසරේ දෙවැනි අර්ධයේදී දේශීය ආර්ථිකයේ ක්‍රියාකාරකම්වල වර්ධනයනක් සිදුවනු ඇතැයි ද කීවේය.

ඉදිරි කාලයේදී සෘජු විදෙස් ආයෝජන ආකර්ශනය කරගැනීම, අපනයන ඉලක්ක කරගත් නිෂ්පාදන, ආර්ථික වර්ධනය ඉලක්ක කරගත් ප්‍රතිසංස්කරණ කෙරෙහි ක්‍රියාත්මක කිරීම සඳහාත් රටපුරා සමාජ ආරක්ෂණ දැල් ක්‍රියාත්මක කිරීම සඳහාත් ප්‍රමුඛත්වය දිය යුතු බව හෙතෙම පෙන්වා දුන්නේය.

මේ වසරේදී මෙරට ආර්ථිකය ‘‘වී’’ හැඩයේ වර්ධනයක් අත්පත් කරගනු ඇතැයි ද හෙතෙම කීය.  



අදහස් (7)

මේ වසරේදී ආර්ථිකය සියයට 1.5 කින් වර්ධනය වේවි

de silva Friday, 22 May 2020 02:47 PM

කොරෝනා සහ චන්ද නිසා ආයෝජකයින් ආයෝජනය කරන්නේ නැතිව බලාගෙන ඉන්නවා... මේ වසරේ ආර්ථික වර්ධනයක් සිදුවෙන්නේ නැහැ..

:       0       3

mihira Friday, 22 May 2020 03:24 PM

මාර කතාවක් එ්ක... රුපියල කඩාවැටෙන එකේ ආර්ථිකේ නගිනවාලු...

:       0       3

sam Friday, 22 May 2020 10:52 PM

දැන උගත් ආචාර්යතුමාගේ කරුණු දැක්වීමේ සමහර කොටස් බන්දුල ගුණවර්ධන ආචාර්යතුමාගේ ආර්ථික විවරනයන්ටත් වඩා ගැටළු සහගතයි. ශ්‍රී ලංකාවේ ආර්ථිකය ජාත්‍යන්තරය සමඟ එතරම් ම සම්බන්ධ වී නැති බවත් හෙතෙම කීය. වාර්ෂික විදේශ ණය වාරික සහ පොලිය ගෙවීමටත් නැවතත් විදේශ ණය ලබාගන්නා, අපේ රට තරම් ජාත්‍යන්තරය මත යැපෙන වෙනත් රටවල් තියෙනවා නම් ඒ ඉතා අතලොස්සක්. එබැවින් පසුගිය වසර පදනම් වසරක් කරගනිමින් මේ වසරේදී මෙරට ආර්ථිකය ඍණ අගයක් ගනු ඇතැයි ජාත්‍යන්තර ආයතන කරන පුරෝකථන සාධාරණ නැති බව ද ඔහු කීය. මේකෙන් කියැවෙන විදියට අඩු ආර්ථික වර්ධනයක් වුණු 2019 අවුරුද්ද අතහැර ඊට වඩා වර්ධනයක් වූ වසරවල් සමග සලකා බැලුවොත් ඒ ඍණඅගය තවත් වැඩි වෙනවා නේද? මේ වසරේදී මෙරට ආර්ථිකය ‘‘වී’’ හැඩයේ වර්ධනයක් අත්පත් කරගනු ඇතැයිද හෙතෙම කීය. මේ ව්‍යවසනය නිසා ලෝකයේ ඇතිවන ආර්ථික අවපාතයේ බැස්ම 2022, 2023 වර්ෂ දක්වා සිදුවෙන බව පුරෝකථනය කර තිබියදී, සංචාරක කර්මාන්තය, ඇඟලුම් කර්මාන්තය, විදේශ රැකියා, ආදියේ ආදායමත් අතිවිශාල ලෙස පහල වැටෙන අවස්ථාවක, අපේ රට විතරක් මුළු ලෝකයම අභිබවමින් V හැඩයේ වර්ධනයක් මේ වසරේදී ලබා ගනීවිද?

:       0       3

Sunil Saturday, 23 May 2020 12:06 AM

සුරංගනා කතා තවත් නොකියනු මැන මට...

:       0       3

BamunuarachchiTuesday, 26 May 2020 04:33 AM

ඔහෙලා ආදරේ රටටද නැතිනම් තමන්ගේ පක්ෂයටද? 2015 රට බාර දෙනකොට රටේ ආර්ථික වර්ධනය 7.5 %යි. ඒ යුද්දයක් තිබෙන රටක් බාරගෙන. අර පාලකයෝ රට කාලා 2019 රට බාර දුන්නේ ආර්ථික වර්ධනය 1.5 % බස්සලා. එතකොට ඔහෙලා ඕවා සුරංගනා කතා කියා කීවේ නැහැ නේද ? ඔහෙලා වගේ මිනිසුන්ට තියෙන්න ඕනේ ජෝසප් ස්ටාලින්ගේ රජයක්.

:       0       0

mahinda Saturday, 23 May 2020 01:27 AM

විහිළු කතා...

:       0       2

rocky Saturday, 23 May 2020 07:14 AM

රටේ ආර්ථිකයද එහෙම නැති නම් දේශ පාලුවන්ගේ ආර්ථිකය ද?

:       0       4

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රොෂාන් රණසිංහත් ජනපති සටනට
2024 අප්‍රේල් මස 23 464 0

හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා මීළඟ ජනාධිපතිවරණයේදී අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් කරන බව ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ නායක රුෂාන් මලින්ද මහ


දුම්රිය සාමාන්‍යාධිකාරි බණ්ඩාර අභාවප්‍රාප්ත වෙයි
2024 අප්‍රේල් මස 23 858 0

ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ වර්තමාන සාමාන්‍යාධිකාරීවරයා වන එච්.එම්.කේ.ඩබ්. බණ්ඩාර මහතා හදිසි අසනීප තත්වයක් හේතුවෙන් අද (23) පෙරවරුවේ අභාවප්‍රා


තායිවානයේ භූ කම්පන වැලක්
2024 අප්‍රේල් මස 23 893 0

තායිවානයේ නැගෙනහිර වෙරළ තීරයේ ඊයේ රාත්‍රියේ රිප්ටර් මාපකයේ 6.3 ප්‍රබලතම භූමිකම්පනයක් සිදුව ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කරයි.


පළාත් කීපයකට හවස වැස්ස
2024 අප්‍රේල් මස 23 147 0

බස්නාහිර,සබරගමුව, මධ්‍යම, ඌව සහ වයඹ පළාත්වලත් ගාල්ල මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පමණපසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්ත


පොලිස් වෙඩි පහරින් දෙදෙනෙක් මරුට
2024 අප්‍රේල් මස 23 2483 0

පාදුක්ක මොරගහහේන මාර්ගයේ මිල්ලෑව පුවක්වත්තේදී පොලිසියට වෙඩි තබා පළා යමින් සිටි ත්‍රිරෝද රථයකට පොලිසිය එල්ල කළ වෙඩි පහරින් අපරාදවලට සම්බන්ධ බව කියන අ


කාර් රේස්වලට ආදරේ කළ දියණිය රේස් කාරයක් බිළි ගනියි
2024 අප්‍රේල් මස 22 2647 0

මගේ චුටි නංගිගේ උවමනාවට මගේ මාමායි අපේ වත්තේ 27 දෙනෙක් එකතු වෙලා බස් එකක් අරගෙන දියතලාවේ කාර් රේස් එක බලන්න ගියේ. කාර් රේස් බලන්න හරිම ආසාවෙන් සිටි අපේ ච


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 267 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1614 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1505 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site