IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


මෙක්සිකෝවේ භූමිකම්පාවකින් 100 ට වැඩි පිරිසක් මරුට


මෙක්සිකෝවේ අගනුවර සිදුවූ භූමිකම්පාවකින් 100 කට වැඩි පිරිසක් මියගොස් ඇතැයි අන්තර්ජාතික පුවත් සේවා වාර්තා කරයි. භූමිකම්පාවේ ප්‍රබලත්වය රිච්ටර් මාපක 7.1 ක් බවද මියගිය පිරිස තවත් ඉහළ යා හැකි බවද අන්තර්ජාතික පුවත් සේවා කියයි.  මුදවාගැනීමේ කණ්ඩායම් මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇති අතර කඩා වැටුණු පාසැල් ගොඩනැගිල්ලකට සිසුන් පිරිසක් යටවී ඇතැයි ද පැවසේ.

නගරයේ විදුලිය විසන්ධි වී ඇති අතර ගෑස් නල පුපුරා යෑමේ අනතුරක් ඇති බවට ද අනතුරු අඟවා ඇත. මෙක්සිකෝ නගරාධිපතිවරයා පවසා ඇත්තේ ගොඩනැගිලි 44කට පමණ පූර්ණ හානි සිදුව ඇති බවයි.

භූකම්පනයේ අපිකේන්ද්‍රය මෙක්සිකෝ නගරයට කිලෝමීටර් 120ක් පමණ දුරින් පිහිටි පුවෙබ්ලා ප්‍රාන්තයේ කිලෝමීටර් 51ක් පමණ ගැඹුරින් පිහිටා තිබූ බව ඇමරිකානු භූ විද්‍යා කාර්යාංශය පවසයි. 

අවුරුදු 32කට පෙර මෙක්සිකෝවේ දහස් ගනනක් මියගිය භූමි කම්පාවක සැමරුම් උත්සවය පැවැත්වෙන අවස්ථාවේම මෙම භූකම්පනය ද සිදුවී ඇත. 
මෙක්සිකෝවේ භූකම්පන කළාපයක පිහිටා ඇති අතර පසුගිය දිනවල සිදුවූ ප්‍රබල භූකම්පනයකින් 90ක් පමණ මිය ගියහ.

මෙක්සිකෝ නගරය ලෝකයේ වැඩිම ජනගහනයක් සිටින නගර වලින් එකක්  වන අතර මෙක්සිකෝ නගරයේ පමණක් මිලියන 20ක පමණ පිරිසක් වාසය කරති.

(බීබීසී පුවත් ඇසුරිණි - 085)



අදහස් (0)

මෙක්සිකෝවේ භූමිකම්පාවකින් 100 ට වැඩි පිරිසක් මරුට

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

චීන කොමියුනිස්ට් දූතයෝ රුවන් හමුවෙති
2024 අප්‍රේල් මස 24 244 0

චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍ය සන් හයියන් (Sun Haiyan) මහත්මිය ඇතුළු චීන දූත පිරිස සහ දේශගුණික විපර්යාස පිළිබඳ


ඉරානය සමග ගිවිසුම් පහකට අත්සන් තබයි
2024 අප්‍රේල් මස 24 689 0

ඉරානය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් අවබෝධතා ගිවිසුම් (MoUs) පහකට අත්සන් තැබූ බව ජනාධිපති කාර්යාලය පවසයි.


ශ්‍රීපාදයෙන් පැන්න තරුණයා හමුවේ
2024 අප්‍රේල් මස 24 1775 0

ශ්‍රී පාද උඩමළුව ආසන්නයේ රත්නපුර මාර්ගයේ ආරක්ෂක වැටකින් පහළට පැන ඉකුත් (19)දා සිට අතුරුදන්ව සිටි තරුණයා දින (05)කට පසුව නල්ලතන්නිය පොලිස් වසමට අයත්, රාජමල


රනිල්ට ඉස්සර වෙන්නැයි බැසිල් කියයි
2024 අප්‍රේල් මස 24 1981 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනපතිවරණයට තරඟ කරන බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමෙන් පසු පොදු ජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂකයා සම්බන්ධයෙ


දකුණේ දේශපාලකයෙක් කොරියාව පෙන්වා කෝටි 3 ක් ගරාගෙන
2024 අප්‍රේල් මස 24 605 0

දකුණේ ප්‍රබල දේශපාලනඥයකු තරග විභාගයකින් තොරව කොරියා රැකියා දෙන බව පවසා තරුණයන් 500කගෙන් රුපියල් කෝටි දෙක හමාරකට ආසන්න මුදලක් ලබාගෙන ඇතත් තවමත් රැකියා


මැතිසබේ පාස්කු පෝස්ටර්
2024 අප්‍රේල් මස 24 267 0

පාර්ලිමේන්තු සභා ගර්භයේ සඟවා තිබී පාස්කු දා ප්‍රහාරය සම්බන්ධ විරෝධතා පාඨ සහිත පුවරු හතක් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරින් පිරිසක් විසින් අද (24) පෙරවර


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 303 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1673 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1533 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site