(තිළිණි ද සිල්වා)
මුහුදු මාර්ගයෙන් ඉන්දියාවේ සිට මෙරටට පැමිණීමට උත්සාහ කළ ශ්‍රී ලාංකික සරණාගතයින් තිදෙනෙකු දකුණු ඉන්දියාවේ රාමේෂ්වරන් ප‍්‍රදේශයේ දී අත්අඩංගුවට පත් ඇතැයි එරට තානාපති ආරංචි මාර්ග සඳහන් කර සිටියි.
මෙලෙස අත්අඩංගුවට පත් වූයේ ලාංකික අඹුසැමි යුවලක් සහ තවත් ලාංකිකයකුය.
මොවුන් තිදෙනා බෝට්ටුවක් යොදා ගනිමින් ශ්‍රී ලංකාවට පැමිණීමට උත්සාහ කරමින් සිටියදී ඉන්දීය ත‍්‍රස්ත විමර්ශන පොලීසියේ විශේෂ කණ්ඩායමක් විසින් පසුගිය සිකුරාදා දිනයේ මොවුන් අත්අඩංගුවට ගෙන ඇති බවද එම ආරංචි මාර්ග වැඩිදුරටත් කියා සිටී.
අත්අඩංගුවට ගත් අඹුසැමි යුවල 2002 වසරේ දී මණ්ඩපම් සරණාගත කදවුරේ ලියාපදිංචි වීමෙන් පසුව නමක්කාල් , මෙටුපට්ටි සරණාගත කදවුරේ රැඳී සිට ඇති බව සඳහන් වේ.
ඔවුන්ට එරෙහිව සොරකම් ඇතුළු අපරාධ කිහිපයක් සම්බන්ධයෙන් නඩු පවතින බවට එරට ත‍්‍රස්ත විමර්ශන පොලිස් නිලධාරීන් විසින් තහවුරු කර ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් අනෙක් සැකකාර ලාංකිකයා ශිවනාගපුරම් සරණාගත කදවුරේ රැදී සිට ඇති අතර ඔහු ද රන් භාණ්ඩ ඇතුළු සොරකම් කිහිපයකට සම්බන්ධ බවට අනාවරණය වී තිබේ.
මොවුන් තිදෙනා සරණාගත කඳවුරු තුළින් පැනවිත් ලංකාවට යළි පැමිණීමට උත්සාහ කර ඇති බව ඉන්දීය පොලීසිය සිදුකළ විමර්ශන වලින් අනාවරණය වී ඇත.
බන්ධනාගාරවල මිනිසුන් නිකරුනේ ගාල් කොට තබා නොගෙන මත්ද්‍රව්‍ය නිවාරණය සඳහා විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක මැයි රැළියේදී ප්‍රකාශයට පත් කරනු ඇතැයි එම පක්ෂ ආරංචි මාර්ග වලින් පැවසේ.
දියතලාව ෆොක්ස් හිල් සුපර්ක්‍රෝස් තරගාවලිය අතරතුර සිදුවූ අනතුර සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදුකිරීම සදහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගෙන් සමන්විත 7 දෙනකු ගෙන
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිලේ නායිකා, සුපිරි පිතිකාරී චමරි අතපත්තු ලෝක කාන්තා එක්දින පිතිකාරීයන් ශ්‍රේණිගත කිරීමේ පළමු ස්ථානය හිමිකරගැනීමට සමත්ව
සමඟි ජන බලවේගයේ නායක විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා අතර යෝජිත විවාදයට ජාතික ජන බලවේගය දුන් දිනවල
චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍යවරයා ඇතුළු දූත පිරිසක් ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක මහතා ජනතා විම
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
මුහුදු මාර්ගයෙන් ලංකාවට එන්න හැදු තිදෙනෙක් අත්අඩංගුවට
Kumara Sunday, 15 July 2018 08:03 PM
එක්කෝ මොවුන් අඳබාලයින් විය යුතුය. නැතිනම් මන්ද මානසිකයින් විය යුතුය. ඉන්දියාව වැනි නැඟී සිටිමින් පවතින රටක සිට මෙරටට පැමිණෙන්නේ නම් උක්ත දෙපාර්ශවයට හෝ එක් පාර්ශවයකටවත් අයත් විය යුතුය.