IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


මුස්ලිම් විවාහ දික්කසාද පනත සංශෝධනයට අනුමැතිය

(ඩයනා උදයංගනී)

මුස්ලිම් විවාහ හා දික්කසාද පනත සංශෝධනයට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවී තිබේ.

මෙම පනතෙහි ඇතැම් විධි විධාන සංශෝධනය විය යුතු බවට මුස්ලිම් ප්‍රජාව හා මානව අයිතිවාසිකම් සුරැකීමේ ක්‍රියාකාරීන් ඉදිරිපත් කර ඇති අදහස් සළකා බලා මෙම තීරණය ගෙන ඇත.

තැපැල් හා මුස්ලිම් ආගමික කටයුතු ඇමැති ඒ.එච්.එම්. හලීම් මහතා, අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ ඇමැතිනී තලතා අතුකෝරළ මහත්මියට ඉදිරිපත් කළ යෝජනාවකට මෙසේ අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

ඒ අනුව එම පනතෙහි ඇති මුස්ලිම් ජනතාවගේ විවාහ විය යුතු වයස, විවාහ ලියාපදිංචි කිරීමේ ක්‍රමවේදය, විවාහ සඳහා කැමැත්ත ප්‍රකාශ කිරීම ආදී කරුණු සංශෝධනය සඳහා වන ව්‍යවස්ථා කෙටුම්පත් කිරීමට නීති කෙටුම්පත් සම්පාදක වෙත උපදෙස් ලබාදීමට නියමිතය.



අදහස් (25)

මුස්ලිම් විවාහ දික්කසාද පනත සංශෝධනයට අනුමැතිය

Vijitha Wednesday, 21 August 2019 06:13 AM

රටක විවාහ නීතිය එකක් වියයුතුය. ආගමිකව මොන දේවල් කලත් නිතියනුකුලව සියල්ලෝම එක නිතියක් යටතේ විවාහ වියයුතු.

:       3       396

de silva Wednesday, 21 August 2019 06:24 AM

රටක පුරවැසියන් සියලු දෙනාටම පොදු නීතියක් තියෙන්න ඕනේ

:       1       263

tarzan Wednesday, 21 August 2019 06:32 AM

නීති ඔක්කොම හරියන්නේ නීතිය ක්‍රියාත්මක කරන රටකට ?

:       0       135

thanujaWednesday, 21 August 2019 11:42 AM

ලංකාවේ සාමාන්‍ය විවාහ නීතියත් වෙනස්විය යුතුයි. ඒකේ තියෙන විදියට දික්කසාදයක් ලබාගන්න කණ කැස්බෑවා විය සිදුරෙන් එළිය බලනවා වගෙයි. මේකෙන් වාසි ගන්නේ පළිගැනීමේ චේතනාවෙන් දික්කසාද නොවි වදදෙන ගැහැණු සහ පිරිමින්ටයි. අති පැරැණි රෝම ලන්දේසි දික්කසාද නීතිය 2019ට ගැලපෙන්නේ නැහැ. මේක නොතේරෙන්නේ ඇයි?

:       0       0

Channa Wednesday, 21 August 2019 06:42 AM

සියලු දෙනාටම එකම නීතියක් තිබිය යුතුයි

:       2       113

Gamarala Wednesday, 21 August 2019 06:48 AM

ඇයි මේ වෙන වෙනම නීති. සෑම රටකම තිබිය යුත්තේ ඒ රටට අදාල එකම නීතියක් පමණයි. මෙහෙම ගියොත් තමන්ගේ වාසියට ගැලපෙන නීති හදා ගනියි. ඉපදෙන්නෙත් මැරෙන්නෙත් එකම විදිහට නම් ඇයි වෙනම නීති.

:       1       201

රජින්ද Wednesday, 21 August 2019 07:24 AM

සෞදි අරාබිය පසුගිය සතියේ ඔවුන්ගේ විවාහ නීතිය වෙනස් කරමින් අවම වයස් සීමාව වසර 15ක් කළා. මුල පටන් දැඩි නීති ක්‍රියාත්මකවන සෞදියත් ක්‍රමානුකුලව ඒවා ලිහිල් කරමින් සිටින විට ලංකාවේ මුසල්මානුවන් ලංකාවේ නීතියේ හැටියට වයස් සීමාව 18 පිළිගතයුතු වනවා. එසේ පිළිගැනීමට නොහැකියි කියන පිරිස ගැන විශේෂ විමර්ශනයක් සිදු කරන්න. ඔවුන් අංක එකේ අන්තවාදීන් බව තහවුරු වේවි. ඔවුන්ව වහාම අත්අඩංගුවට ගන්න.

:       74       394

NoufarWednesday, 21 August 2019 09:02 AM

ඔබ කවුද අපේ සංස්කෘතික වටිනාකම් ගැන විවාද කරන්න.. අපි පිළිගන්නේ අල්ලාහ් විසින් දුන් කුරානය පමණයි. මිනිස්සුන්ගේ නීතිවලට අප යටත්විය යුතු නැහැ. කුරානයේ ජීවත්විය යුතු හැටි කියාදීලා තිබෙනවා. හොඳට හොයලා බලන්න මොන ජාතිකයෝද ළමා අපචාරවලට වැඩියෙන්ම සම්බන්ධ කියලා පහුගිය කාලේ...

:       473       268

Gamarala Wednesday, 21 August 2019 10:05 AM

ඔබ කියන්නේ ළමාඅපචාරය නීත්‍යානුකූල කරන්න කියලද?

:       0       0

samanWednesday, 21 August 2019 10:19 AM

දැම්මම එහෙනම් ස්වර්ගයට යනවද? එහෙතමයි ඔය කියන දෙවියන්ගේ නීති ඇත්තේ. අපට පෙනෙන ලෝකයේ ඇත්තේ මිනිසුන් සැදූ නීති...

:       0       8

sharm warnWednesday, 21 August 2019 10:41 AM

ඉතින් ඔබට වෙනම සංස්කෘතියක් තිබුණු පලියට වෙනම නීතියක් තියා ගන්නත් පුළුවන් කියල හිතනවා නම් ඔබට ලොකු වැරදීමක් වෙලා. කරුණාකරලා නීතියයි සංස්කෘතියයි පටලවාගන්න එපා. අනෙක් අතට ඔබට කුරානයේ කියන ආකාරයට ජීවත්වෙන්න වුවමනා නම් ඉතින් යන්නකෝ සෞදි අරාබියට... මොකද ඒ රටේ තියෙන්නේ ඔබ ඉල්ලන නීතියනේ... මේ රටේ ඉන්නවා නම් ඔබ කැමති වුණත්, අකමැති වුණත් ශ්‍රී ලාංකිකයෙක්... ඔබට අවශ්‍ය නීතිය මෙහෙ ස්ථාපනය කරන්න හදන්න එපා. සහරාන් කරන්න හැදුවෙත් එ්ක තමයි. අන්තිමේ ඔහු අපායට ගියා තව 15-20ක් විතර අමුණාගෙන..

:       4       11

farahanaWednesday, 21 August 2019 10:59 AM

එතකොට ඔයා මේ කියන්න තටමන්නේ, ඉස්ලාම් නොවන අය ගැන සහරාන්ලා වගේ ඉස්ලාම්-මූලධර්මවාදීන් කරන වැඩ හරි කියන එකනේ. අනෙක් මිනිස්සු ඉන්න ඕන ඔයාගේ පොතේ හැටියට කියලා හිතන් ඉන්න මනස්ගාත අයින් කරගන්න. රටක සිවිල් නීතිය, කොහේවත් ඇති එක එක ආගම්වල, පළාත්වලට ඕනෑ විදියට වෙනවෙන අයට වෙනවෙනම දීලා, ඔයා කියයි, ඉස්ලාමයට අපහාස කරන අයව මරන්න... අපිට ආගමෙන් වලංගුයි කියලා. ඒ නිසා ගොන් කතා නොකියා, තමන්ගෙ ආගම අදහාගෙන පාඩුවේ ඉන්න. එක මෝඩයෙක් ආගමේ නමෙන් කියලා මිනිස්සු 300ක් විතර මැරුවා!

:       2       27

TharangaWednesday, 21 August 2019 11:14 AM

කවුරු වුණත් ඔයාට මොකද කියලා තියෙන දේ ඇත්තනම්. ඔයාලගේ ඔය ඉගැන්වීම නිසා තමයි සහරාන්ලා වගේ අයත් බිහිවෙන්නේ. අඩුතරමේ තිරිසන් සතෙක්වත් එවුන්ගේ පැටවුන් සමග එකතුවෙන්නේ නැහැ. අවුරුදු 12වගේ වයසේදී විවාහ ජිවිතයගැන තේරුම්ගන්නේ කොහොමද? ඔයාලට මුල ඉඳලාම වැරදිලා තියෙන්නේ. මට විශ්වාසයි ඔයාලා තමයි වැඩියෙන්ම මේවාට වගකියන්න ඕනේ. නමුත් ඒවා එළියට එන්නේ නැහැ.

:       0       33

Amila Wednesday, 21 August 2019 07:48 AM

රටක තියෙන්න ඕනෑ පොදු නීතියක්. එහෙම නැතුව සුලු කණ්ඩායමකට ඕනෑ විදියට නීතිවලට ඉඩ දෙන එක නෙමෙයි. එයාලට එහෙම නීති පුලුවන් නම් සිංහල නීතිය, දෙමළ නීතිය, බෞද්ධ නීතිය, කිතුනු නීතිය, හින්දු නීතිය කියලා අනිත් අයටත් බලෙන්ම හදාගන්න තියෙන්නේ. ගල් යුගයේ මිනීමරු ආගම්වලට ඕන විදියට රට නටවන්න දෙන එක දැන්වත් නවත්තන්න ඕන. අර හාමූ ඉන්නකන් සිංහල මිනිස්සුට වෙන්නේ අසාධාරණයයි.

:       0       2

Gamage Wednesday, 21 August 2019 08:11 AM

සිදුහත් කුමාරයා කසාද බඳිනවිට යසෝධරාගේ වයස අවුරුදු 16යි. ඒ වගේම යේසුස් වහන්සේගේ මව කසාද බඳිනවිට ඒ අයගේ වයස අවුරුදු 12 වන අතර ජෝසෙප්ගේ වයස අවුරුදු 90ක් වෙනවා. කාලයෙන් කාලයට මිනිස්සුන්ගේ අදහස් වෙනස් වීමත් සමග මේ වයස් සීමාවන් වෙනස් වෙනවා. තවම ඇමරිකාවේ ඇති සමහර ප්‍රාන්තවල කසාද බැඳීමේ වයස් සීමාවන් වෙනස් වෙනවා. සමහර ප්‍රාන්තවල අවුරදු 10 -12 වයස් සීමාවන් නීතියෙන් සම්මත කරලා තියෙනවා. විශේෂයෙන් ඇමරිකාවේ ඔහියෝ ප්‍රාන්තයේ අවුරුදු 10-12 ළමා කසාද 240,000 ක් අවුරුදු 2000- 2010 අතරතුර සිදුවී තිබෙනවා. තමන්ගේ පෙර වැරදි හරි කරගනිමින් මිනිසුන් ඉදිරියට යායුතු කාලය එළඹ තිබෙනවා.

:       0       46

ravi Wednesday, 21 August 2019 08:31 AM

අපේ රටේ ආගම් සංස්කෘතීන් විවිධ වුනත් මුළු රටම එක නීතියක් යටතේ ජීවත් විය යුතුයි. විශේෂයෙන්ම සමාජයට සහ කාන්තාවන්ට බලපෑම් කරන සංස්කෘතියන් සහ ආගම් අපේ රටෙන් ඉවත් කළ යුතුයි .

:       0       0

Mohammed Rizan Wednesday, 21 August 2019 08:49 AM

අපේ මුස්ලිම් ජනතාවට අපේ වර්ගය බෝ කිරීමේ අයිතිය අපට ඕනි.. රනිල්, සජිත් අපිට පොරොන්දු වෙලා තියෙන්නේ එ්ක.. අපේ අරමුණ ක‍රායන්න නම් අපේ විවාහ වයස 12ක් විය යුතුයි...

:       60       508

Real muslimWednesday, 21 August 2019 09:40 AM

බොරු නම් දාලා අදහස් ප්‍රකාශ කරන්න එපා සහෝදරයා. අපේ ආගමේ කාටවත් එහෙම ඕනෑකමක් නැහැ.

:       7       24

nisarWednesday, 21 August 2019 09:47 AM

නීතියක් නැති, විවාහයක් නැතිව කඩප්පුලි වැඩ කරන, අල්ලපු ගෙදර කෑමවලට කෑදර කරන පිරිස් අනුන්ගේ නීති ගැන කතා කරනවා. සැමට එක නීතියක් වෙන්න තමන්ට නීතියක් තිබිය යුතුයි. නැතුව සුද්දගේ නීතිය නොවේ.

:       0       9

sugath PremalalWednesday, 21 August 2019 10:25 AM

මුස්ලිම් දැරියන්ට දෙවියන්ගේ පිහිටයි... මුස්ලිම් දැරියන්ට ළමා ලෝකය කියලා දෙයක් නැද්ද? එක නිසයි නූගත්කම වැඩි. අන්තවාදයට මෙය කෙලින්ම බලපානවා.

:       0       0

Muslim reader Wednesday, 21 August 2019 09:17 AM

මුස්ලිම්වරුන්ගේ සංස්කෘතිය වෙනස් කරන්න කාටවත් බැහැ. මිනිසුන්ගේ නොවේ අපි දෙවියන්ගේ නීතියයි අදහන්නේ..

:       237       26

farhanaWednesday, 21 August 2019 11:02 AM

කුරාන්වල ඔය එකක්වත් නෑ. හදීස්වල්යි තියෙන්නේ.. මිනිස්සු හදාගත්තු ඒවා. ෆට්වා දෙන්නේ කුරානෙන්ද? අනික් අයව රවටන්නේ නැතිව ඉන්න.

:       0       33

sharm warnWednesday, 21 August 2019 01:12 PM

ස්තුතියි සහෝදරිය.. ඔබ කෙලින් කතාකරන එක ගැන අපේ බලවත් ප්‍රසාදය.. ඔබ නියම ඉස්ලාම් භක්තිකයෙක්..

:       0       1

Bishan Wednesday, 21 August 2019 09:33 AM

මුස්ලිම් නම් වලින් පෙනී ඉඳලා කමෙන්ට් කරන්නේ මොකද?

:       0       24

Aris Wednesday, 21 August 2019 09:43 AM

පොදු නීතියක් ගෙනඑ්ම වැළැක්වීමට කරපු දෙයක්. වෙනම නීතියක්‌ විදිහට තියාගත්තම ඕන ඕන විදියට එක එක වෙලාවට සංශෝධනය කරගන්න පුළුවන්.

:       0       18

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කුඩු - අයිස් සමග නාවික හමුදා ලොක්කෝ 2ක් මාට්ටු
2024 අප්‍රේල් මස 19 175 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


සහන වැඩට දුන් ට්‍රැක්ටර් බවුසර් පහක් අතුරුදන්
2024 අප්‍රේල් මස 19 56 0

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ


පලස්තීනයට එරෙහිව ඇමෙරිකාවෙන් නිශේද බලය
2024 අප්‍රේල් මස 19 531 0

පලස්තීනයට එක්සත් ජාතීන්ගේ කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය ලබා දීම සඳහා සාමාජිකයන් විශාල පිරිසකගේ එකඟත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරක්ෂක කවුන්ස


ෆෙබ්‍රියෝ ඇප ඉල්ලන්න බලාපොරොත්තුවක් නෑ
2024 අප්‍රේල් මස 19 590 0

කැනඩාවේ ඔටාවා නගරයේදී එකම පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු සහ එම පවුලේ හිතවතෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන ෆෙබ්


ජනපති තෙවරප්පෙරුමට අවසන් ගෞරව දක්වයි
2024 අප්‍රේල් මස 19 1048 0

එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව


නව පනතෙන් විදුලි මණ්ඩලයට වෙන දේ
2024 අප්‍රේල් මස 19 982 0

ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි උත්පාදනය සම්ප්‍රේෂණය බෙදා හැරීම සහ සැපයීමට අදාල මණ්ඩලයේ වත්කම් හා බැරකම් සංස්ථාගත කරන ලද සීමාසහිත සමාගම් සතු කරනු ලැබිය


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 216 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1531 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1426 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site