IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


මුස්ලිම් පාසල් නිවාඩුවේ වෙනසට ගුරු සංගම් විරෝධය

(විනීතා එම්. ගමගේ)

මුස්ලිම් පාසල්වල තෙවැනි වාරයේ නිවාඩු ආරම්භය අද (18) යෙදී තිබුණත් එය මේ මස 31 වැනි දා දක්වා දිර්ඝ කිරීමට අධ්‍යාපන බලධාරින් හදිසියේ ගෙන ඇති තීරණය පිළිබඳව ලංකා ගුරු සංගමය අප‍්‍රසාදය පළ කර ඇත.

මෙසේ අත්තනෝමතිකව පාසල් නිවාඩු කාලසටහන වෙනස් කිරීමෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සැලසුම් විරහිත භාවය ප‍්‍රදර්ශනය වන බව ලංකා ගුරු සංගමයේ ප‍්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින් මහතා ලංකාදීපයට පැවැසීය.

අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ඉකුත් 5 වැනිදා නිකුත් කරන ලද පාසල්වාර සටහන සහිත 23/2016 චක‍්‍රලේඛයෙන් මුස්ලිම් පාසල් සඳහා දෙවන පාසල් වාරය 18 දින අවසන් කොට යළි අගෝස්තු 28 පාසල් ඇරැඹීමට නියමිතව තිබු අතර 17  වැනිදා වන විට සියලූම මුස්ලිම් පාසල්වලට නිවාඩු ලබාදීම සඳහා ප‍්‍රගති වාර්තා සකස්කර, දෙමව්පිය රැස්වීම්, ගුරු රැස්වීම් සංවිධානය කොට තිබු බවද ලේකම්වරයා කීය.

එසේ තිබියදී අධ්‍යාපන අමාතයාංශය 17 දා රාති‍්‍රයේ සිට පසුදින ලබාදීමට නියමිත නිවාඩුව අවලංගු කළ බව මාධ්‍ය හරහා ප‍්‍රචාරය කරන ලදී. ඒ අනුව පාසල් නිවාඩුව 2017.08.31 දින සිට ඇරැඹෙන බවත් දැන්වූ  බවද හෙතෙම සඳහන් කළේය.

මෙය අත්තනෝමතික පීඩාකාරී තීරණයක් බව පැවැසූ ස්ටාලින් මහතා එවැනි නිවාඩු වෙනස් කිරීමේ අවශ්‍යතාවයක් තිබුණා නම් එය සතියකට පෙර හෝ දැනුම් දීමට අපොහොසත් වීමෙන් අධ්‍යාපන අමාත්‍යංශයේ සැලසුම් විරහිත භාවය හා අකාර්යක්ෂම භාවය මනාව ප‍්‍රදර්ශනය කොට ඇතැයි ද පැවැසීය.

 මුස්ලිම් පාසල්වල මුස්ලිම් නොවන සිංහල හා දෙමළ ගුරුවරු සේවය කරන බවත් මේ තීරණය හේතුවෙන් ඔවුන් ද අපහසුතාවට පත්ව ඇති බවත් ස්ටාලින් මහතා කීය.

 

 

 



අදහස් (1)

මුස්ලිම් පාසල් නිවාඩුවේ වෙනසට ගුරු සංගම් විරෝධය

දිමුත් Saturday, 19 August 2017 04:31 PM

රටේ පාසල් වලට එකම කාලයක නිවාඩු දීම නේද වඩාත්ම සුදුසු ක්‍රමය ,මේ වෙනසක් ඇයි ? ලෝකේ වෙන කිසිම රටක මෙසේ විවිද කාල වල පාසල් නිවාඩු නෑ නේද ?ළමුන්ගේ අද්යාපනයටත් මෙය බාදාවක් නේද

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉදිකිරීම් භාණ්ඩවලට මිල සූත්‍රයක්
2024 අප්‍රේල් මස 20 112 0

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ භාණ්ඩ සඳහා මිල සූත්‍රයක් හඳුන්වාදීමට වෙළඳ අමාත්‍යාංශය තීරණය කර ඇත


ට්‍රම්ප්ට එරෙහි නඩුව අසද්දී පුද්ගලයකු ගිනි තබා ‌ගෙන
2024 අප්‍රේල් මස 20 817 0

ඇමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව විභාගවන අපරාධ නඩුව කැඳවන නිව් යෝර්ක් අධිකරණ සංකීර්ණය ඉදිරිපිට දමා තිබෙන මාර්ග බාධකයේදී පුද්ගලයෙක


ඉරානයේ යුද ගැටුමෙන් ලංකාවත් පුපුරයිද?
2024 අප්‍රේල් මස 20 2220 0

ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමඟ ඉදිරියටද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකා


උමා ඔය ප්‍රමාද කිරීමෙන් කෝටි 4,500 ක පාඩුවක්
2024 අප්‍රේල් මස 20 1561 0

ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්


විශේෂඥ දොස්තරවරු 350ක් රට හැර ගිහින්
2024 අප්‍රේල් මස 20 894 0

රජයේ රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් 350 දෙනකු මෑත භාගයේදී රට හැර ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් කළ අධ්‍යයනයකදී හෙළිවී ඇත.


පාලිත සැමට සමු දෙයි
2024 අප්‍රේල් මස 20 2126 0

මෙරට දේශපාලනයේ පෙරළිකාරීයකු මෙන්ම මානවහිතවාදීයකුගේ යුගය නිමාවට පත් කරමින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා මළහිරුබැස යන් සන්ධ්‍යාවේ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 233 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1549 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1438 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site