IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


මුස්ලිම් ගුරුවරයකු පාසලෙන් ඉවත්කරන්නැයි මව්පියවරු විරෝධතාවක

(සනත් ගමගේ)
 
අම්බලන්තොට මල්පෙත්තාව මහ විදුහලේ සේවය කරන මුස්ලිම් ගුරුවරයෙකු පාසලෙන් ඉවත් කරන ලෙස ඉල්ලා එම පාසැලේ සිසුන්ගේ මව්පියවරුන්  පිරිසක් (23) විදුහල ඉදිරිපිට පැවති විරෝධතාවයකට අනුව ගුරුවරයා ඉවත්කිරීමට හම්බන්තොට කලාප අධ්‍යාපන කාර්යාලයේ නිලධාරීහු පියවර ගත්හ.
 
පාසලට පැමිණෙන සියලු සිසු දරුවන් හා ගුරුවරුන්ව පොලිස් නිලධාරීන්, දෙමාපිය ආරක්ෂක කමිටුව විසින් පාසල් ගේට්ටුව ඉදිරිපිට දී පරීක්ෂා කර, පාසලට ඇතුළත් කළද,  මෙම ගුරුවරයා ඔවුන්ට තමාව පරීක්ෂා කිරීමට ඉඩනොදී පාසලට ඇතුළත් වන බව දෙමාපියෝ කීහ. එහෙත් මෙම ගුරුවරයා තමාව පරීක්ෂා කිරීමට ඉඩ දී ඇති බව පාසල් ගුරුවරු පැවසූහ.
 
ගුරුවරයා පාසලේ සිටින කාලය තුළ  දරුවන් ආනාරක්ෂිත හෙයින් දරුවන් පාසලෙන් ඉවත් කර ගැනීමට දෙමාපියෝ සූදානම් වූහ. එහිදී හම්බන්තොට කලාප අධ්‍යාපන කාර්යාලයේ නිලධාරීහු හා අම්බලන්තොට පොලිසියේ නිලධාරීහු ද පාසල් සංවර්ධන සමිතියේ නියෝජිත පිරිසක් ද සමග සාකච්ඡා කර  අදාළ ගුරුවරයා එම අවස්ථාවේදීම පාසලෙන්  ඉවත් කර කළාප කාර්යාලයේ වෑන්රථයෙන් හම්බන්තොට කලාප කාර්යාලයට රැගෙන ගියහ.
 
මෙම සිද්ධිය සම්බන්ධයෙන් හම්බන්තොට කලාප අධ්‍යක්ෂිකා ඒ.ජී සමන්ති මහත්මියගෙන් විමසීමේදී ඇය පැවසුවේ අම්බලන්තොට මහ විදුහලේ මෙම මුස්ලිම් ගුරුවරයා සම්බන්ධයෙන් ඔප්පු කර හැකි චෝදනා කිසිවක් නැති බවයි. පාසලේ පරීක්ෂා කිරීම්වලට සහාය දක්වන ලෙස මෙම ගුරුවරයාට උපදෙස් ලබා දුන් බවද කලාප අධ්‍යක්ෂිකාව සඳහන් කළාය. මෙම ගුරුවරයා සම්බන්ධයෙන් සොයා බැලීමට පොලීසියට දන්වා ඇති හෙයින් දෙමාපියන් පිරිසක් මෙම විරෝධය පළ කරන බවද ඇය සඳහන් කළාය.  

 



අදහස් (10)

මුස්ලිම් ගුරුවරයකු පාසලෙන් ඉවත්කරන්නැයි මව්පියවරු විරෝධතාවක

kap Thursday, 23 May 2019 06:43 AM

අන්තවාදීන් බිහි කරන්න උදව් කරනවා අපේ මිනිස්සු හැම මුස්ලිම් මිනිහම අන්තවාදියෙක් කියල හිතන්න ගියොත් මේ රට ඉවරයි . ඔය පැත්තේ කාන්තාවන් ගොඩක් ඉන්නේ මැද පෙරදිග....බිරිඳව මද පෙරධිග රට යවල ලංකාවේ මුස්ලිම් අයට විරුද්ධ වෙනවා

:       0       0

Soma dubayi Thursday, 23 May 2019 06:48 AM

මේ ජාතිවාදීන්ට නීතිය ක්‍රියාත්මක කරන්න බැහැ...

:       0       0

tarzan Thursday, 23 May 2019 06:58 AM

ඉතුරි ටිකත් ත්‍රස්තවාදියෝ කරලම මේක අවසන් කරන්න

:       0       0

සේන Thursday, 23 May 2019 07:13 AM

ඊයෙ මගේ පුංචි දුව කිව්වා එයාව ඉස්කෝලේදි පරීක්ෂා කරනවා මදි කියලා. නිවැරදි අහිංසක දරුවො පාසලේම ආරක්ෂාව වෙනුවෙන් එහෙමයි හිතන්නෙ . මේ තරම් වැරදි කර අසුවෙලා තියෙද්දිත් මේ නිවට මිනිසා හැසුණු ආකාරය ඉතාම සැක සහිතයි. ඊට විරුද්ධ වූ සියලු දෙනා සාධාරණ ය.

:       0       0

ටි ඉන්දික Thursday, 23 May 2019 07:30 AM

මේ වලින් වෙන්නේ සහරන්ගේ කණ්ඩායමට තව තවත් සමාජිකයෝ ඇල්මක් දක්වන එක වැඩි වෙන එක

:       0       0

Athula Thursday, 23 May 2019 07:33 AM

මේක එච්චර හොද ප්‍රවණතාවයක් නොවේ මුස්ලිම් වූ පමණින් සැක කරන වැරදියි..... එහෙම උනිත් ඔවුන්ට ඇතිවෙන වෛරය නිසා ඔවුන් ත්‍රස්තවාදී පිළිවෙතට තල්ලු කිරීමක්

:       0       0

Liya Thursday, 23 May 2019 08:17 AM

ඇත්තම කතාව සිංහලයෝ හොඳයි, අහිංසකයි. එ්කයි මුස්ලිම් අය බය නැත්තේ. බය නැතුව දඟලන්නේ එ්කයි.

:       0       0

Ranjan Thursday, 23 May 2019 09:50 AM

ඇතුල්වෙන ගේට්ටුව ළඟ පමණක් පරික්ෂා කරනවා.. සෑම විදුහලකම නමුත් මොනතරම් තැන් තියනවද පාසලකට ඇතුල්වෙන්න පුළුවන්... වටේටම බැම්මක් බැඳ තිබෙන්නේ විදුහල් කීයකද? මේවා බොරු විකාර ගහන්න ඕනෑ නම් ඕනේ තරම් අවස්ථාව තියෙනවා..

:       0       0

fasmy Thursday, 23 May 2019 01:12 PM

ජාති වාදය ඔඩු දුවල වෛරය හිත වල පුරවලා ලබා ගත හැකි ජයක් නැත

:       0       0

Kuruppuarachchi Thursday, 23 May 2019 03:47 PM

අපේ ජාතියට දැන් තියෙන්නේ මානසික රෝගයක්.. ශ්‍රී ලාංකිකයන් හැටියට ලැජ්ජා වෙන්න ඕනෑ.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

චීන කොමියුනිස්ට් දූතයෝ රුවන් හමුවෙති
2024 අප්‍රේල් මස 24 68 0

චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍ය සන් හයියන් (Sun Haiyan) මහත්මිය ඇතුළු චීන දූත පිරිස සහ දේශගුණික විපර්යාස පිළිබඳ


ඉරානය සමග ගිවිසුම් පහකට අත්සන් තබයි
2024 අප්‍රේල් මස 24 185 0

ඉරානය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් අවබෝධතා ගිවිසුම් (MoUs) පහකට අත්සන් තැබූ බව ජනාධිපති කාර්යාලය පවසයි.


ශ්‍රීපාදයෙන් පැන්න තරුණයා හමුවේ
2024 අප්‍රේල් මස 24 483 0

ශ්‍රී පාද උඩමළුව ආසන්නයේ රත්නපුර මාර්ගයේ ආරක්ෂක වැටකින් පහළට පැන ඉකුත් (19)දා සිට අතුරුදන්ව සිටි තරුණයා දින (05)කට පසුව නල්ලතන්නිය පොලිස් වසමට අයත්, රාජමල


රනිල්ට ඉස්සර වෙන්නැයි බැසිල් කියයි
2024 අප්‍රේල් මස 24 749 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනපතිවරණයට තරඟ කරන බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමෙන් පසු පොදු ජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂකයා සම්බන්ධයෙ


දකුණේ දේශපාලකයෙක් කොරියාව පෙන්වා කෝටි 3 ක් ගරාගෙන
2024 අප්‍රේල් මස 24 295 0

දකුණේ ප්‍රබල දේශපාලනඥයකු තරග විභාගයකින් තොරව කොරියා රැකියා දෙන බව පවසා තරුණයන් 500කගෙන් රුපියල් කෝටි දෙක හමාරකට ආසන්න මුදලක් ලබාගෙන ඇතත් තවමත් රැකියා


මැතිසබේ පාස්කු පෝස්ටර්
2024 අප්‍රේල් මස 24 153 0

පාර්ලිමේන්තු සභා ගර්භයේ සඟවා තිබී පාස්කු දා ප්‍රහාරය සම්බන්ධ විරෝධතා පාඨ සහිත පුවරු හතක් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරින් පිරිසක් විසින් අද (24) පෙරවර


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 300 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1672 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1530 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site