IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


මුලින් ගත් තීරණ වෙනස් කළ නොහැකියි - ටීඑන්ඒ

හර්ෂණ තුෂාර සිල්වා

දෙමළ ජාතික සන්ධානය මගින් දැනට ප්‍රසිද්ධියට පත්කර ඇති තීරණ වෙනස් කළ නොහැකි නමුත් දේශපාලන තත්ත්වය ස්ථාවර කිරීම සඳහා ජනාධිපතිවරයා සෙසු දේශපාලන පක්‍ෂවල සහයෝගය ඇතිව ඉදිරියේදී ගන්නා ඕනෑම පියවරකට පූර්ණ සහාය දෙන්නේයැයි දෙමළ ජාතික සන්ධානය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට අද (7) දැනුම් දුන් බව එහි ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී එම් ඒ සුමන්තිරන් මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
 
එම නිවේදනයේ මෙසේ ද සඳහන් වේ.
 
“දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්පන්දන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සෙල්වම් අඩෛක්කලනාදන්, ඩී. සිද්ධාර්ථන්, සහ එම්.ඒ. සුමන්තිරන් යන මහත්වරු  ඇතුළු දෙමළ ජාතික සන්ධානයේ නියෝජිත පිරිසක් ජනාධිපතිවරයා හමුවූහ. මෙම හමුව සිදුවූයේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ආරාධනාවක් අනුවය. ජනාධිපතිවරයා සහ මන්ත්‍රීවරුන් පිරිස අතර හමුව පැය එකහමාරකට ආසන්න කාලයක් පැවතුණි. 
 
රටේ වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් එහිදි සාකච්ඡා කෙරිණි. තමන් ගත් තීරණ සහ ඒවාට හේතු වූ කරුණු ජනාධිපතිවරයා දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන්ට පැහැදිලි කළේය. එමෙන්ම දෙමළ ජාතික සන්ධානය ගන්නා ලද තීරණ සහ ඒවාට හේතු වූ කරුණුද අපේ මන්ත්‍රීවරුන් විසින් ජනාධිපතිවරයාට පැහැදිලි කරනු ලැබීය. එම තීරණ දැනටමත් ප්‍රසිද්ධියට පත්ව ඇති බවත් රටේ සියලු දෙනාත් ලෝකයත් එම තීන්දු තීරණ ගැන පත්වී අපි ජනාධිපතිවරයාට පැහැදිලි කළෙමු. දෙමළ ජාතික සන්ධානය ගත් තීරණ වෙනස් කළ නොහැකි බවත් අපි එම  තීරණවලට අනුව ක්‍රියාත්මක කරන බවත් ජනාධිපතිවරයාට දැන්වූවෙමු.
 
අනෙකුත් සියලු දේශපාලන පක්ෂවල සහයෝගය ඇතිව රටේ දේශපාලන තත්ත්වය ස්ථාවර කිරීම සඳහා ජනාධිපතිවරයා ඉදිරියේදී ගන්නා ඕනෑම පියවරකට දෙමළ ජාතික සන්ධානය පූර්ණ සහයෝගය දෙන බවද අපි එහිදී ජනාධිපතිවරයාට දන්වා සිටිමු. ඒ සඳහා හැකි ඉක්මනින්, හැකිනම් ප්‍රකාශ කළ දිනයට පාර්ලිමේන්තුව කැඳවන ලෙස ද අපි ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියෙමු.
 
අපේ ඉල්ලීම ඉතා ඕනෑකමින් සලකා බලන බව ජනාධිපතිවරයා අපට දන්වා සිටියේය.‘‘



අදහස් (4)

මුලින් ගත් තීරණ වෙනස් කළ නොහැකියි - ටීඑන්ඒ

RNG Wednesday, 07 November 2018 03:19 PM

දෙපැත්තෙම කකුල් තියාගෙන ඉන්න පිරිසක් මේ අය..

:       7       84

d.upulThursday, 08 November 2018 08:39 AM

අපිට තියෙන්නේ දැන් කූඤ්ඤය අදින්න

:       0       0

dasun Thursday, 08 November 2018 05:39 AM

ඕක තමයි පනින්න පෙර සිතා බලනු කිව්වේ.

:       0       1

Bamunuarachchi Friday, 09 November 2018 12:24 AM

මේගොල්ලෝ කවදාද රට වෙනුවෙන් තීරණ ගත්තේ? තමන්ගේ වාසියට හැරෙන්නට. මේගොල්ලෝ නවතින්නේ රටින් කෑල්ලක් කඩාගෙන.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

එක්ප්‍රස් පර්ල් විමර්ශනය කඩිනම් කරන්න
2024 අප්‍රේල් මස 25 117 0

මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක


අමරවීර අපහාස කළැයි මෛත්‍රී කෝටියක් ඉල්ලයි
2024 අප්‍රේල් මස 25 256 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව


ලක්ෂ අසූව හැටට බැස්සුවාට ව්‍යාපාරික කතට ගිනි තියලා
2024 අප්‍රේල් මස 25 1091 0

ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව


සිංගප්පූරු සරසවියකින් මොරගොඩට උපහාරයක්
2024 අප්‍රේල් මස 25 143 0

සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයේ දකුණු ආසියානු අධ්‍යයන ආයතනය සමග පවතින සබඳතා අඛණ්ඩව පවත්වාගැනීම සදහා හිටපු හිටපු මහ කොමසාරිස් සහ පාත්ෆයින්ඩර් ප


ශ්‍රීලනිප මැයි රැලිය ගම්පහදී: මෛත්‍රී පිල තීරණය කරයි
2024 අප්‍රේල් මස 25 340 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා


දුමින්ද ශ්‍රිලනිප වැඩ බලන මහ ලේකම්
2024 අප්‍රේල් මස 25 316 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩ බලන මහලේකම්වරයා ලෙසහිටපු ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පත්කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 322 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1550 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site