IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


මුතුරාජවෙල පාරිසරික අධ්‍යයන වාර්තාවකට අවසර

 

‍(විනීතා එම් ගමගේ)

මුතුරාජවෙල තෙත් බිමෙහි හෝටල් සංකීර්ණයක් ඉදිකිරීම සඳහා පාරිසරික අධ්‍යයන වාර්තාවක් සකස් කිරීමට මධ්‍යම පරිසර අධිකාරිය අවසර ලබා දී ඇත.
 
ඒ සඳහා සලකා බැලිය යුතු කරුණු සහිත ලිපිය මධ්‍යම පරිසර අධිකාරි‍යේ අධ්‍යක්ෂ ජනරාල් හේමන්ත ජයසිංහ මහතාගේ අත්සනින් යුතුව මැල්වත්ත ප්‍රොපටීස් පෞද්ගලික සමාගම වෙත පසුගියදා යවා තිබේ. 
 
ඒ  පිළිබඳ විරෝධතා නොමැති බවට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා මධ්‍යම පරිසර අධිකාරියට ලිපියක් යැවීමෙන් පසු මෙසේ අවසර ලබා දී ඇත.
 
වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, වාරිමාර්ග දෙපාර්තමේන්තුව, ගොවිජන සේවා දෙපාර්තමේන්තුව, ඇතුළු රාජ්‍ය ආයතන 16 ක් මගින් කරන ලද විපරම්වලින් පසුව මෙසේ අවසර ලබා දී ඇතැයි පැවැසේ.
 
මැල්වත්ත ප්‍රොපටිස් පෞද්ගලික සමාගමට හිමි සින්නක්කර ඉඩම් අක්කර 600ක මෙම හෝටල් සංකීර්ණය ඉදිකෙරන අතර ඊට යාබද මුතුරාජවෙල අභය භූමියට අයත් ඉඩම් කොටස් කිහිපයක් ද ඒ සඳහා යොදා ගෙන තිබේ.
 
ඉදිරි මාස හතර ඇතුළත පාරිසරික අධ්‍යයන වාර්තාව සකස් කර ඉදිරිපත් කරන බව එම සමාගම කියයි. අනතුරුව එය මහජන අදහස් විමසීම සදහා ඉදිරිපත් කෙරෙනු ඇති අතර ඒ සඳහා දින 90 ක කාල සීමාවක් ලැබෙනු ඇත.



අදහස් (8)

මුතුරාජවෙල පාරිසරික අධ්‍යයන වාර්තාවකට අවසර

Prabha Sunday, 29 November 2020 12:48 PM

ඔක්කොම සෙල්ලම් පොඩි මිනිහට... අනේ කාලේ වනේ වාසේ කිව්වලු.

:       0       0

Rata Perata Sunday, 29 November 2020 01:44 PM

දැන් කැලේ කපන්න, පරිසරය විනාශ කරන්න විරෝධතා කරලා වැඩක් නැහැ. නන්දසේන මේ වැඩේට බැහැලයි තියෙන්නේ? ඡන්දෙ කාලෙ පැළ හිටවා හිටවා කරපු රඟපෑම්වලට බයියෝ අහුවුණා. සිංහරාජයට දුන්නා වගේ... නන්දසේන ෆේල්. රටත් ෆේල් කරලා තමයි මේ මනුස්සයා ඇමෙරිකාවට පනින්නේ..

:       0       0

wasantha Sunday, 29 November 2020 02:18 PM

මුතුරාජවෙල කොටස් වශයෙන් පුත්ගලික අංශය මගින් පිරවීම නිසා දැනටත් ගංවතුර තර්ජනය වැඩිවී ඇත. අක්කර 600ක් අයිති වුණාට ජලය බැස යන මාර්ග අවහිර කොට හෝටල් සෑදීමට ඔවුන්ට අයිතිය නැත. රාගම, වත්තල වැනි ප්‍රදේශ ගංවතුරෙන් ආරක්ෂා කිරීමට උනන්දු අයත් නැත. අන්තිමට පොදු අයිතිය සඳහා මුතුරාජවෙල ඉතුරු වෙන්නේ කොයි කොටසද කියා මහජනතාව දැනගත යුතුයි..

:       0       0

nuwan Sunday, 29 November 2020 03:24 PM

ඔය දාලා බලන්නේ මුට්ටිය නේද? මුතුරාජවෙලත් අපට නැතිවුණයි කියලා හිත හදාගමු නේද?

:       0       0

Upali Sunday, 29 November 2020 03:31 PM

සංචාරක කර්මාන්තය ඉහළ නැංවීම සඳහා මහත් රුකුලක් වනු නොඅනුමානය.

:       0       0

විජිත් Sunday, 29 November 2020 04:36 PM

පොහොට්ටුවන්ට ඡන්දෙදී මුදල්වලින් උදව් කල පණ්ඩිතරත්නට රටේ පහත් තෙත්බිම් ගොඩකිරීමටත්, ඒවා බලෙන් අල්ලා ගැනීමටත් ඇති අයිතිය ගැන විපක්ෂය කියන්නේ කුමක්ද...? කොළඹ අවට ගංවතුර පාලනය වන්නේ මේ තෙත්බිම් වලින් බව මධ්‍යම පරිසර අධිකාරයේ ලොක්කෝ දන්නේ නැතිද....? පරිසර අධ්‍යයන වාර්තාවක් සකස් කරන්නට අවශ්‍ය නැහැ. මේ ඉඩම් අපි ව්‍යාපෘතිවලට අනුමත කරන්නේ නැහැ " කියලා කියන්න බය නිලධාරින් කුමකටද..? විපක්ෂය බලයට පත්වුනොත් ඔය ඉඩම් නැවත වන්දි නොදීම පවරාගන්නා බව කියන්න විපක්ෂ නායකයාට කොන්දක් නැතිද...? එහෙම නැති නම් බයටද...?

:       0       0

puppa Sunday, 29 November 2020 11:54 PM

මේ ඔක්කොම බොරු, ඇස්බැන්දුම් දැනටමත් ඔය හෝටලේට අවසර දීලා ඇති. ඔය වාර්තා රටේ මිනිස්සු අන්දන්න. මේක දැන් රජපවුලක් පාලනය කරන දේශයක්. බලාගෙන ඉන්න අවසර තියෙනවා, අත දාන්න අවසර නැහැ. පේනවනේ උසාවියට ගිය කල...

:       0       0

Kamal Koyrala Monday, 30 November 2020 07:17 AM

කැසිනෝ මුදල්වලට යට වුණු අයගේ අනුමැතිය ලැබිලා... එම ඉඩමේම එංගලන්ත කුණු කන්ටේනර් ටිකත් දා ගත්තානම් හරිනේ. ඕකටද නිකම් පරිසර අධිකාරියක් නඩත්තු කරන්නේ..?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ශ්‍රිලනීප නායකත්වය ගන්න යන කෙනෙක්ට සුසිල්ගෙන් ටොක්කක්
2024 අප්‍රේල් මස 25 477 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයෝ වෙන්න දඟලන අය ජීවතේට අත ලකුණින් තරඟ කර නැතැයි අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.


රට පුරා සන්නද්ධ හමුදා කැඳවයි
2024 අප්‍රේල් මස 25 860 1

රටේ ආරක්ෂාව සඳහා සන්නද්ධ හමුදා කැඳවීම සඳහා විශේෂ ආඥාවක් ජනාධිපතිවරයා විසින් නිකුත් කරනු ලැබ ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට


රිය අනතුරින් තරුණයා මරුට
2024 අප්‍රේල් මස 25 734 2

මදුරන්කුලිය නගරයේ සිට පයින් යමින් සිටි තරුණයකු කොළඹ සිට පුත්තලම දෙසට ධාවනය කරමින් තිබු වෑන් රථයක ගැටිමේන් බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත්කිර


දඹුල්ල නගරයට අලි ඇවිත්
2024 අප්‍රේල් මස 25 997 0

දඹුල්ල නගරයට අහම්බෙන් පැමිණි වන අලි තිදෙනකු නිසා දඹුල්ල නගරය අවට නිවාසවල පදිංචි ජනයා මෙන්ම නගරයට පැමිණි පිරිස්ද නොසන්සුන් වූහ.


විල්ගමුව පොලීසියේ ගිනි අවිය ඉස්සූ සැකකරු මාට්ටු
2024 අප්‍රේල් මස 25 776 0

මාතලේ විල්ගමුව පොලිසියේ ආරක්ෂක නිලධාරියා භාරයේ තිබූ ටී පනස් අය ගිනි අවිය සොයාගත් බවට සැකපිට හිටපු යුද හමුදා සෙබළෙක් විල්ගමුව පොලිසිය විසින් අරලගන්වි


අද කාලගුණය
2024 අප්‍රේල් මස 25 108 0

බස්නාහිර, සබරගමුව, මධ්‍යම,වයඹ සහ දකුණු පළාත්වල ප.ව. 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 308 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1684 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1536 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site