IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


මුතුරාජවෙල කාන්දු වු තෙල් ඉවත් කිරිම නවතයි

විනීතා එම් ගමගේ

           

මුතුරාජවෙල තෙල් ගබඩා සංකීර්ණයට තෙල් ගෙන යන නලයක් පුපුරා යාමෙන් කාන්දු වූ තෙල් ඉවත් කිරීමේ කටයුතු නවතා දැමීමට සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය තීරණය කර ඇත.

මේ වනවිට ගොඩබිමට ගසා තිබු තෙල්වලින් සියයට 90 ක් පමණ ඉවත් කර අවසන් බව සමුද්‍රිය පරිසර ආරක්ෂණ අධිකාරියේ සාමාන්‍යාධිකාරී ආචාර්ය ටර්නි ප‍්‍රදීප් කුමාර මහතා   පැවැසීය.

මුහුදේ තවත් තෙල් ඇති අතර ඒවා ගොඩබිමට පාවී තිබුණොත් ඉවත් කිරීමට කටයුතු කරන බවත් දැනට තණකොළ ගල්පර වැනි තැන්මත ඇති තෙල් ඉවත් කළ නොහැකි  බැවින් ස්වභාවික අයුරින් වියෝජනය වන්නට හරින බව ද සමාන්‍යධිකාරිවරයා කියා සිටියේය.

මුහුදට වැටුණු තෙල්  ප‍්‍රමාණය ටොන් දහයක් පමණ වෙතැයි තෙල් නැව අයත් සමාගම කියා ඇතත්  එම ප‍්‍රමාණය ටොන් විසි පහකටත් වඩා  අධික බව තම නිරික්ෂණය යැයි ද ප‍්‍රදීප් කුමාර මහතා පැවැසුවේය.

සාමාන්‍යයෙන් තෙල් කාන්දුවක්  සිදුවූ අවස්ථාවක එයින් සියයට 70ක් වත් ඉවත් කළ යුතු බව අන්තර් ජාතික නියමය බව පැවසූ සාමාන්‍යධිකාරිවරයා තම ආයතනය සියලූ අංශ සහය කරගෙන සියයට අනුවක් පමණ තෙල් ඉවත් කළේ යැයි ද කීය.

ඉවත් කළ තෙල්වලින් කොටසක් ඛණිජ තෙල් නීතිගත සංස්ථාව පිරිපහදු කිරීමට බාරගෙන ඇති අතර තවත් කොටසක් ඉවත ලා ඇතැයි ද පැවැසේ.

කෙසේ වෙතත් මේ වනවිටත් උස්වැටකෙයියාව ආසන්න මුහුදු වෙරළේ සමහර ගල්පර හා ළඳු බිම්වල  තෙල් තට්ටු පවතිතැයි ප‍්‍රදේශවාසිහු පවසති.  

 

     



අදහස් (1)

මුතුරාජවෙල කාන්දු වු තෙල් ඉවත් කිරිම නවතයි

Bamunuarachchi Sunday, 16 September 2018 12:25 AM

බොහෝ තෙල් ළිං වලින් ලැබෙන බොරතෙල් වලට ලුණුවතුර මිශ්‍රය. සමහර තෙල් ළිං වලින් බොරතෙල් මතුපිටට ගැනීමට එකපැත්තකින් ළිංදට ලුණුවතුර පොම්පකරනු ලැබේ. එමනිසා බොරතෙල් වතුර සමඟ මිශ්‍ර වීම ප්‍රශ්නයක් නොවේ. මාදන්නා පමණින් ලුණුවතුර, ගෑස් හා බොරතෙල් මිශ්‍රණය පැය 5 පමණ කාලයක් ටැංකියක තැබීමෙන් වතුර ටැංකියේ අඩියට බසිනුලැබේ. ඊටපසු ටැංකියේ අඩියේ ඇති කරාම ඇර වතුර ඉවත් කර බොරතෙල් රිෆයිනරියට යවනු ලැබේ. තෙල් ළිංඳකින් ලබා ගන්නා බොරතෙල් පලමුව යන්නේ මෙම වතුර සහ තෙල් ඉවත් කරන ස්ථානයටය. එය ගෑස් ඔයිල් සේපරේෂන් ප්ලාන්ට් හෙවත් ගොස්ප් නමින් හදුන්වනු ලැබේ. මෙහෙ මුහුදට වැටුන තෙල් වතුරෙන් වෙන් කර ගැනීමට මෙම පහසුකම් තිබේදැයි දන්නේ නැත. තිබෙනවානම් ඔය බොරතෙල් අපතේ යන්නේ නැත.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පාලිත සැමට සමු දෙයි
2024 අප්‍රේල් මස 20 412 0

මෙරට දේශපාලනයේ පෙරළිකාරීයකු මෙන්ම මානවහිතවාදීයකුගේ යුගය නිමාවට පත් කරමින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා මළහිරුබැස යන් සන්ධ්‍යාවේ


තැනින් තැනට පොඩි වැස්සක්
2024 අප්‍රේල් මස 20 41 0

බස්නාහිර.සබරගමුව,වයඹ,ඌව සහ මධ්‍යම පළාත්වලත් අනුරාධපුර, වවුනියාව, මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇ


නාවික කොමදෝරු දෙකක් කුඩු සමග මාට්ටු
2024 අප්‍රේල් මස 19 1824 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


සහන වැඩට දුන් ට්‍රැක්ටර් බවුසර් පහක් අතුරුදන්
2024 අප්‍රේල් මස 19 357 0

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ


පලස්තීනයට එරෙහිව ඇමෙරිකාවෙන් නිශේද බලය
2024 අප්‍රේල් මස 19 1663 0

පලස්තීනයට එක්සත් ජාතීන්ගේ කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය ලබා දීම සඳහා සාමාජිකයන් විශාල පිරිසකගේ එකඟත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරක්ෂක කවුන්ස


ෆෙබ්‍රියෝ ඇප ඉල්ලන්න බලාපොරොත්තුවක් නෑ
2024 අප්‍රේල් මස 19 1607 0

කැනඩාවේ ඔටාවා නගරයේදී එකම පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු සහ එම පවුලේ හිතවතෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන ෆෙබ්


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 224 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1539 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1433 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site