IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


මීගොඩ ආරක්ෂක කමිටු සභාපතිවරයාට මැර ප්‍රහාරයක්

(  කේ බුද්ධික කුමාරසිරි )

ආරක්ෂක කමිටු රැස්වීමකට සහභාගි වන ලෙස දන්වා ජනතාව දැනුවත් කිරීමේ යෙදී සිටි මීගොඩ හේනවත්ත ආරක්ෂක කමිටුවේ සභාපති රංජිත් ආනන්ද මහතාට එම රැස්වීම පැවත්වීම සම්බන්ධයෙන් විරෝධය පළ කරන ලද කිසියම් පිරිසක් විසින් අද (23)  දින දහවල් අමානුෂික ලෙස පහරදිම හේතුවෙන් තුවාල ලැබූ කමිටු සභාපතිවරයා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කර ඇතැයි මීගොඩ පොලිසිය පවසයි

මීගොඩ හේනවත්ත ආරක්ෂක කමිටු රැස්වීම අද(23) දින දහවල් 2 ට වැලිසේනවත්ත ප‍්‍රදේශයේදී ප‍්‍රජා ශාලාවක පැවැත්වීමට නියමිතව තිබූ අතර එම සමිතියේ සභාපතිවරයා වන පහර කෑමට ලක් වූ රංජිත් ආනන්ද මහතා එම රැස්වීමට සහභාගි වන ලෙස ප‍්‍රදේශයේ මත් ජවාරම්වලට සම්බන්ධ බව කියන තරුණයින් නිවාසවලට ගොස් ජනතාව දැනුවත් කරමින් මීගොඩ හේනවත්ත ප‍්‍රදේශයේ ගමන් කරමින් සිටිනා විට ඔහු අසලට පැමිනි ඇති තරුන පිරිසක් ‘‘අපේ ගමට ආරක්ෂක කමිටු  ඕනේ නෑ’’‘‘උඹට උවමනා විදිහට අපේ රක්ෂා නැති කරන්න බැහැ’’ යනුවෙන් පවසමින් සභාපතිවරයා වට කරගත් පිරිස පොලූ වලින් සහ යතුරුපැදි හිස් වැසුම් වලින් යනාදියෙන් අමානුෂික පහර දී ඇති බවද පොලිසිය පවසයි

පහර කෑමට ලක් වූ ආරක්ෂක කමිටු සභාපතිවරයාගේ හිසෙහි පිටෙහි අත් පා වල ආදියෙහි තුවාල දක්නට ලැබෙන බවද පොලිසිය පවසයි 

මේ සම්බන්දයෙන් වහාම කි‍්‍රයාත්මක වූ මීගොඩ පොලිස් ස්ථානාධිපතිවරයා වහාම මැදිහත් වී එම අවස්ථාවේම අදාල ස්ථානයට ගොස් පරීක්සණ කටයුතු ආරම්භ කල බවද පොලිසිය පවසයි

මෙම පහරදීමට සම්බන්ධ සැකකරුවන් හදුනා ගෙන ඇති බවත් සැකකරුවන් අත් අඩංගුවට ගැනිම සදහා පොලිස් කණ්ඩායමක් පරීක්ෂණ ආරම්භ කර ඇති බවද පොලිසිය පවසයි

මීගොඩ පොලිසිය පරීක්ෂණ පවත්වයි



අදහස් (0)

මීගොඩ ආරක්ෂක කමිටු සභාපතිවරයාට මැර ප්‍රහාරයක්

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දුම්රිය සාමාන්‍යාධිකාරිගේ මරණයට විවෘත තීන්දුවක්
2024 අප්‍රේල් මස 24 12 0

දුම්රිය සංචාරක බංගලාවක නවාතැන්ගෙන සිටියදී හදිසියේ ජීවිතක්ෂයට පත්වූ දුම්රිය සාමාන්‍යාධිකාරි වික්‍රමසිංහ බණ්ඩාර (58) මහතාගේ මරණයට අදාළ පශ්චාත් මරණ පර


පාරෙදි වෙට්ටු දැම්මැයි එස්.අයි ළමයකුට නෙළලා
2024 අප්‍රේල් මස 24 73 0

පාපැදියකින් ගමන් ගත් දහතුන් හැවිරිදි බාල වයස්කාර දරුවකුගේ හිසට පහර දුන් බව කියන යටවත්ත පොලිසියේ උප පොලිස් පරීක්ෂකවරයකුට එරෙහිව එම දරුවාගේ මව පැමිණි


ලංකාව සමඟ ඉදිරියට යන්න සූදානම්
2024 අප්‍රේල් මස 24 389 0

ලංකාව සමග මනා හවුල්කාරිත්වයකින් ඉදිරියට යාමට ඉරානය සූදානම් බව ඉරාන ජනාධිපති ආචාර්ය ඊබ්‍රහිම් රයිසි මහතා පැවසීය.


චීන කොමියුනිස්ට් පක්ෂය නාමල් හමුවෙයි
2024 අප්‍රේල් මස 24 283 0

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ සහ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ උප අමාත්‍යවරිය වන සන් හෙයාන් සහ ශ්‍රී ලංකාවේ චීන තානාපති ෂී ෂෙන් හොන් මහත්ම


පාරවල් වැසෙයි:මගීහු අමාරුවේ
2024 අප්‍රේල් මස 24 676 0

ඉරාන ජනාධිපති ඊබ්‍රහම් රයිසි මහතා ඇතුළු රාජ්‍ය දූත මණ්ඩලයට ආරක්ෂාව සැපයීම සදහා මාර්ග වසා තැබීම හේතුවෙන් අද (24) රියැදුන් ඇතුළු මගීහු විශාල සංඛ්‍යාවක් ද


ශ්‍රිලනිප ආරවුල විසඳන්න හෙට රැස්වෙයි
2024 අප්‍රේල් මස 24 390 1

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇති වී තිබෙන ආරවුල විසඳා ගැනීම සඳහා හෙට (25)පස්වරු 3.00ට කොළඹ 10 ටී බී ජයා මාවතේ පිහිටි එක්සත් ජනතා නිදහස් සන්ධාන ප්‍රධාන කාර්යාලය


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 299 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1671 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1529 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site