(දිලීප් ජයසේකර)
අනුරාධපුර ගල්කුළම යුද හමුදා කඳවුරට අයත් හමුදා ට්‍රක් රථයක් සූරියවැව මීගහජදුර ගොවිජන සේවා මධ්‍යස්ථානය අසළදී අද (24) මාර්ගය හරහා පෙරළී යාමෙන් සෙබළුන් 11 දෙනෙකු තුවාල ලබා හම්බන්තොට මහ රෝහලට ඇතුළත් කර ඇතැයි සූරියවැව පොලීසිය පවසයි.
මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ රියදුරු පුහුණුවේ යෙදුණු යුද හමුදා ට්‍රක් රථයකි. ට්‍රක් රථය අනතුරට පත්වන අවස්ථාවේ රියදුරු උපදේශකවරුන් ලෙස කටයුතු කළ නිලධාරීන් දෙදෙනෙකු ඇතුළු හමුදා නිලධාරීන් 13 දෙනෙකු ගමන් කර තිබේ.
ට්‍රක් රථය සූරියවැව ගොන්නෝරුව මාර්ගයේ ගමන් කරමින් තිබියදී එකවරම මාර්ගයේ ලිස්සා ගොස් පෙරළී අනතුරට පත්ව තිබේ.
අනතුරින් තුවාල ලැබු සෙබළුන් 11 දෙනෙකු ප්‍රතිකාර සඳහා හම්බන්තොට මහ රෝහලට ඇතුළත් කර ඇති අතර ඉන් තිදෙනෙකුගේ තත්වය බරපතල බව රෝහල් ආරංචි මාර්ග පවසයි.
සිද්ධිය සම්බන්ධයෙන් සූරියවැව පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
ශ්‍රී ලංකාවෙි ප්‍රංශ තානාපති ඒ. ජෙආන් ෆ්රැන්කොයිස් මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතා අතර හමුවක් වීරකැටිය මැදමුලන නිවසේ
මහරගම නගර මධ්‍යයේ පිහිටා තිබූ බෝ ගසක අත්තක් අද රාත්‍රි 7 පමණ වර්ෂාවත් සමග ඇතිවූ සුළං තත්වය හමුවේ හදිසියේ කඩා වැටීමෙන් මාර්ගයේ ගමන් ගත් කාන්තාවක සහ පුද්
ඉකුත් මාස දෙකක කාලයේ ශ්‍රී ලංකාව රුපියල් මිලියන 983.7ක අපනයන ආදායමක් ලබා තිබෙන බව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහ
අන්තර්ජාලය ඔස්සේ සිදු වන ළමා ලිංගික අපයෝජන සම්බන්ධයෙන් වාර්තා කිරීමේ නව මාර්ගගත ක්‍රමවේදයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (28)
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් දන්නා කරුණු ලබන 04 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිට ප්‍රකාශයක් කරන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මාලිගාක
බාල බෙහෙත් ජාවාරම සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයට පත්කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු වික්තිකරුවෝ ලබන 08 වැනිදා දක්වා තව දුරටත් රිම
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
මීගහජදුරේ හමුදා ට්‍රක් රථයක් පෙරළී සෙබළු 11 ක් රෝහලේ
චුටි පුතා Wednesday, 24 July 2019 08:33 AM
මෑතකාලිනව යුධ හමුදා වාහන රිය අනතුරු වල වර්ධනයක් පෙන්නනවා. මම හිතන්නේ ඒ රියදුරන් තමුන් හමුදාවේ නිසා අපරික්ෂා කාරීව රිය පැදීම වැඩි කියල. එකෙන් අනතුරේ වැටෙන්නේ ඔහු විතරක් නෙමෙයි ඔහු සමග යන අනිත් සහෝදර සෙබළුනුත්
සුමේධWednesday, 24 July 2019 10:17 AM
ඔබ වැරදි අපරික්ෂාකාරීව රිය පැදවීමේන් විතරකින් පමණක් රිය අනතුරු සිදුවන්නේ නැහැ. ඔබ කල්පනා කරන්න පැය 08ක් නොවේ පැය 24ක රාජකාරියක් ඉටුකරන්නේ කියලා.
චුටි පුතා Wednesday, 24 July 2019 11:20 AM
පුහුණුව ලබා දෙන අතරතුර බව දැක්කා. එකත් කොතරම් අවදානම් දෙයක්ද.. පුහුණු වෙන රියදුරෙකුට සෙබළුන් 11 දෙනෙකුගේ ජීවිත වල අවදානම බර දීම.. සාමාන්‍යයෙන් විය යුත්තේ පුහුණු වීමක් නම් අනික් සෙබළුන්ට ගමන් කිරීමට වෙනම වහනයක් ලබා දීම. පුහුණුව සිදු කරන සහ පරික්ෂා කරන නිලධාරිය පමණක් ඒ වාහනයේ ගමන් කල යුත්තේ..
සුමේධWednesday, 24 July 2019 10:18 AM
අනික මෙම රිය අනතුර සිදුවී ඇත්තෙත් පුහුණු වීමකින් බව අප දැනගත යුතුයි.
de silva Wednesday, 24 July 2019 08:39 AM
යුධයක් නැති වුනත් හැම සතියකම හමුදා වහනයක් ලොකු අනතුරකට ලක්වෙනවා , මාසෙකට අඩුම තරමෙන් 10 වත් මැරෙනවා , කොටි ගණනක පොදු දේපල විනාශ වනවා , මේක කවදද නවතින්නේ ?
ප්‍රියදර්ශන -කටාර් Wednesday, 24 July 2019 12:13 PM
අපි හමුදාවට ගොඩක් ආදරෙයි. හදවතින්ම ගරු කරනවා. නමුත් හමුදා රියදුරන් ඉතා වේගයෙන්, අවනීතිව වාහන පදවනවා. එ්කයි මේ අනතුරුවලට මුල. රිය පුහුණුවකදී මේ වගේ පෙරලෙන්නේ නැත. අධික වේගය තමයි.