(ප්‍රසාද් මුතුකඩ )
රුපියල් කෝටි පහකට අධික වටිනා මීගමුව මූලික රෝහලේ එක්ස් කිරණ යන්ත්‍ර දෙකක් මාස තුනකට ආසන්න කාලයක් ක්‍රියා විරහිතව පැවතීමෙන් රෝගීන් දැඩි අසීරුතාවයකට ලක්වී ඇතැයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
2002 වර්ෂයේ සිට ක්‍රියාත්මකව පැවති ජාපානයේ නිෂ්පාදිත මෙම එක්ස් කිරණ යන්ත්‍ර දෙක අතුරින් වඩාත් කාර්යභාරයක් ඉටුකළ ප්‍රධාන එක්ස් කිරණ යන්ත්‍රයේ විශේෂ පරික්ෂණ සිදු කරනු ලබන ඒකකය මේ වන විට අක්‍රීව පැවතීමෙන් හදිසි අනතුරු රෝගීන් මෙන්ම අනිකුත් රෝගී තත්වයන් සඳහා එක්ස් කිරණ වලට යොමු කෙරෙන්නන් රෝහල ඉදිරිපිට ඇති පෞද්ගලික රෝහලකට ගිලන් රථ යොදවා එම කාර්ය අධික මුදල් ගෙවා ඉටුකර ගැනීමට රෝහලට සිදුව ඇතැයි එහි වෛද්‍ය වරු පවසති.
එමෙන්ම නව ගොඩනැගිල්ලේ පහත මාලයේ ස්ථාපිත කර තිබු එක්ස් කිරණ යන්ත්‍රය රෝහල් ගොඩනැගිලි ප්‍රතිසංස්කරණ කටයුතු හේතුවෙන් දුවිලි වැදී අක්‍රියව පසෙකලා තිබෙන බවද වෛද්‍ය නිළධාරින් පිරිසක් කීය.
මෙම තත්වය යටතේ අසරණ රෝගීන් ,වෛද්‍ය වරුන් ,විකිරණ තාක්ෂණික ශිලිපින් මෙන්ම කාර්ය මණ්ඩලය ද දැඩි අපහසුතාවයකට පත්ව ඇති බවත් බස්නාහිර පළාත් සෞඛ්‍යය අමාත්‍යංශය මගින් ක්‍රියාත්මක රෝහලක් බැවින් රෝහලේ අඩුපාඩු දන්වා සිටියදී නිසි බලධාරින් මුනිවත රකිමින් සිටින බවද ඔවුන් පවසා සිටිති.
මේ පිළිබඳව කළ විමසීමකදී මීගමුව මූලික රෝහලේ වෛද්‍ය අධිකාරි හේමන්ත රණසිංහ මහතා මෙලෙස පැවසීය.
‘‘මේ විනාශ වී ඇත්තේ මහජනතාවගේ සම්පත් මේ යන්ත්‍ර බොහෝ පැරණි ඒවා නමුත් විකිරණ තාක්ෂණික ශිලිපින් ඇතුළු පිරිස් ඔවුන්ගේ කැපවීම මත මෙතෙක් කල් කෙසේ හෝ ඒවා භාවිතා කර රෝගී සුව මෙහෙවරට දායක වුණා.
ගුවන්තොටුපළට ආසන්නම රෝහල බැවින් හැම මොහාතකම සීරුවෙන් අප සැම දෙනා සිටිය යුතුයි අවශ්‍ය පහසුකම් නොමැතිව මෙය පවත්වා ගෙන යාම අසීරු කාර්යක් තිබෙන ගිලන රථ අබලන් ජනපති සහ ප්‍රභූ සේවා කටයුතු වලට යවන ගිලන් රථ වේගය හැටට වඩා යන්න අමාරුයි මේ සියළු කටයුතු හරියාකාරව කිරීමට මෙම රෝහල මධ්‍යම රජය යටතට පැවරෙන්නේ නම් සැමට මනා වෛද්‍ය සේවයක් මෙමගින් ඉටු කරනට හැකියාව ඇති බව කියන්නට අවශ්‍යයි.
ශ්‍රී ලංකාවෙි ප්‍රංශ තානාපති ඒ. ජෙආන් ෆ්රැන්කොයිස් මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතා අතර හමුවක් වීරකැටිය මැදමුලන නිවසේ
මහරගම නගර මධ්‍යයේ පිහිටා තිබූ බෝ ගසක අත්තක් අද රාත්‍රි 7 පමණ වර්ෂාවත් සමග ඇතිවූ සුළං තත්වය හමුවේ හදිසියේ කඩා වැටීමෙන් මාර්ගයේ ගමන් ගත් කාන්තාවක සහ පුද්
ඉකුත් මාස දෙකක කාලයේ ශ්‍රී ලංකාව රුපියල් මිලියන 983.7ක අපනයන ආදායමක් ලබා තිබෙන බව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහ
අන්තර්ජාලය ඔස්සේ සිදු වන ළමා ලිංගික අපයෝජන සම්බන්ධයෙන් වාර්තා කිරීමේ නව මාර්ගගත ක්‍රමවේදයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (28)
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් දන්නා කරුණු ලබන 04 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිට ප්‍රකාශයක් කරන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මාලිගාක
බාල බෙහෙත් ජාවාරම සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයට පත්කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු වික්තිකරුවෝ ලබන 08 වැනිදා දක්වා තව දුරටත් රිම
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
මීගමුව රෝහලේ එක්ස් කිරණ යන්ත්‍රය අක්‍රීය වීමෙන් රෝගීන් අසීරුවට
ලක්සිරි Friday, 25 May 2018 10:32 AM
දර්ශක අතින් අපි ඉන්නේ ලෝකයේ ඉහලම තැනකනේ ඒ නිසා මේක සුළු දෙයක්. අනික ඉතින් ඔය පරණ මැෂින් අලුත්වැඩියා කරනවට වඩා, පෞද්ගලික රෝහලට ලෙඩ්ඩු පැටෙව්වාම ලැබෙන කොමිෂන් එක උනත් ඔය කියන දර්ශක වලට වැදගත් වෙනවා ඇතිනේ.