එංගලන්තයේ එළිසබෙත් මහ රැජින සිය මුණුබුරා වන හැරී කුමරුගේ පුතු ආචිව සුරතල් කරමින් ඇසුරු කිරීමට ඇති පමණ ඉඩ නොලැබුණේ යැයි කියමින් ශෝකවෙමින් සිටින බව වාර්තා වේ.
රාජකීය තනතුරුවලින් බැහැරවී අනාගතය සැලසුම් කිරීම සම්බන්ධයෙන් හැරී සමඟ සාකච්ඡා කරමින් සිටියදී ද මේ සම්බන්ධයෙන් මහ රැජින කනගාටුවෙමින් සිටි බව පැවසේ.
රාජකීය පවුලේ අනෙකුත් සහෝදරයන් මෙන් නොව ආචි උපන්නේ රාජකීය තනතුරු නොලබමිනි. ඔහුව හඳුන්වන ලද්දේ, ආචි හැරිසන් මවුන්ට්බැටන් වින්ඩ්සර් ලෙසිනි.
සසෙක්ස් ආදිපාදවරයා සහ ආදිපාදවරිය ලෙසින් දැන් හැඳින්වෙන හැරී කුමරුගේ සහ මේගන් කුමරියගේ අටමස් හැවිරිදි කුඩා පුතුට රජ පවුලේ සාමාජිකයන් සමඟ ගතකිරීමට ලැබී තිබුණේ සුළු කාලයකි. රැජින පමණක් නොව, චාල්ස් කුමරු ද (හැරී සහ විලියම් කුමරුවන්ගේ පියා), විලියම් කුමරු ද, විලියම් කුමරුගේ පුතුන් වන ජෝරජ් සහ ලුවිස් කුමරුවන්ද, දියණිය වන චාලට් කුමරිය ද අතේ ඇඟිලි ගණනට වඩා වාර ගණනක් ආචිට මුණ ගැසී නොමැති බව පැවසේ.
රජ පවුලේ සාමාජිකයන් සහ සහෝදරයන් සමග ආචි පුතු එකට හැදී වැඩෙනු බලන්නට නොහැකිවනු ඇති බැවින් එළිසබෙත් මහ රැජින මහත් කනගාටුවකින් පසුබව බව සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කර තිබිණි.
ආචිගේ මී මිත්තනිය සහ මී මුත්තා වන එඩින්බරෝහී ආදිපාදවරයා ඔහුට මුණ ගැසී ඇත්තේ, ආචිගේ වයස යන්තම් දින දෙකක්ව තිබියදීය. ආචි බෞතීස්ම කරන දිනයේදී ද ඔවුන්ට එම අවස්ථාවට සහභාගී වීමට නොහැකි විය.
පසුගිය ජූලි මාසයේ බර්ක්ෂයර්හි විලියම් කුමරු සහභාගී වූ පෝලෝ තරගයකදී ආචි අත දරාගෙන සිටින මේගන්ගේ ඡායාරූපයක් මාධ්‍යයට නිකුත් කර තිබිණි. එසේ වුවත් නත්තල් නිවාඩුව වෙනුවෙන් නොවැම්බරයේදී මේගන් සහ හැරී දෙදෙනා කැනඩාව බලා පිටත් වූ පසු රාජකීය පවුලේ පිරිස එක් කණ්ඩායමක් ලෙස සිටින අවස්ථාවක් දක්නට නොලැබිණි.
නොවැම්බරයේ සිට ආචි එංගලන්තයට පැමිණ නැති අතර මේ වනවිට ඔහු සිය මව සහ මිත්තණිය සමග කැනඩාවේ වෙසෙයි. එළඹෙන සතිවලදී හැරී ඔවුන් සමඟ එක්වනු ඇති අතර නැවත කෙදින එංගලන්තයට පැමිණේද යන්න අවිනිශ්චිතය. මේ හේතුවෙන් රැජින සිය මී මුනුබුරා කවදා දක්නට ලැබේදැයි සිතමින් සිටින්නීය.
රැජින පමණක් නොව, ආචිගේ සීයා වන 71 හැවිරිදි චාල්ස් කුමරු ද මුනුබුරාගේ ඇසුර නොලැබීම හේතුවෙන් දුකින් පසුවන බව වාර්තා වේ.
හැරී සහ මේගන්ගේ තීරණයත් සමඟ ආචිගේ උරුමය කොහේ තිබෙනු ඇත්ද, හැරීගේ මව වන ඩයනාට හිමි ස්පෙන්සර් පවුලේ උරුමය කාටදයැයි එංගලන්ත පුවත්පත් ප්‍රශ්න කරයි. ස්ථාවර ළමා වියක් අහිමිවීමේ විපාක වෙන කාටත් වඩා විලියම් සහ හැරී යන දෙදෙනා දනිතිය යන්න එංගලන්ත පුවත්පත්වල මතවාදයයි.
(ඩේලිමේල් ඇසුරිනි)
පලස්තීනයට එක්සත් ජාතීන්ගේ කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය ලබා දීම සඳහා සාමාජිකයන් විශාල පිරිසකගේ එකඟත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරක්ෂක කවුන්ස
කැනඩාවේ ඔටාවා නගරයේදී එකම පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු සහ එම පවුලේ හිතවතෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන ෆෙබ්
එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව
ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි උත්පාදනය සම්ප්‍රේෂණය බෙදා හැරීම සහ සැපයීමට අදාල මණ්ඩලයේ වත්කම් හා බැරකම් සංස්ථාගත කරන ලද සීමාසහිත සමාගම් සතු කරනු ලැබිය
ගෝඨාභයට රැවටුන බව ප්‍රසිද්ධියේ පිළිගත් කාදිනල් තුමන් මේ වාරයේ ජනතා විමුක්ති පෙරමුණට රැවටෙන්නට යනවාදැයි ප්‍රබල සැකයක් මතුවන බව එක්සත් ජාතික පක්ෂ මහ ල
පාසල් සිසුන්ට පෝෂ්‍යදායි ආහාර වේලක් ලබා දීමේ වැඩසටහන වෙනුවෙන් ලෝක ආහාර වැඩසටහන මගින් ප්‍රදානය කළ සබලකරණය කරන ලද සහල් පාසල් වෙත නිකුත් කිරීම වේයන්ගොඩ
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
මී මුනුබුරා නොදැක මහ රැජිනත් ශෝකයෙන්
රවින් Sunday, 19 January 2020 12:26 PM
දුරදිග නොබලා හිතුමනාපේ තීන්දු තීරණ ගන්නා සියලු වැඩිහිටියන්ට මෙයින් පාඩමක්. ළමයාට ළමාවියේදී මව මෙන්ම පියාද අත්‍යාවශ්‍යයි. එම යථාර්තය වෙනස් කිරීමේ ප්‍රතිඵල මේ... හැරීගේ ළමා විය...?
De Sunday, 19 January 2020 02:02 PM
දැන් රන්ජා මේ ගැන මොනවද කියන්නේ? මේ සම්බන්ධ හඬපටයක් නැද්ද පොර ළඟ? ආ රන්ජා කොන්ඩේ කපලා නේද?
ඩේසි ආච්චි / UK. Sunday, 19 January 2020 04:35 PM
මොකද ආච්චි පොඩිඑකාට කිරිදෙනවා කියලද? දරුවා හැදෙන්ට ඕනේ දෙමාපියන් ළඟ. තමුන්ගේ දරුවන් හතර දෙනාවත් හරියට හදාගන්න බැරිවුණා. මොකට සෝක වෙනවද?
BamunuarachchiMonday, 20 January 2020 01:54 AM
මට පෙනෙන්නේ ඩේසි ආච්චි අව්වට නාකි වෙච්ච කෙනෙක්. රැජින කියන්නේ පුතා ලේලි දකින්න නැතුව ඉන්න බැහැ කියලා නොවෙයි පොඩි මුනුබුරා දකින්න නැතුව ශෝකයෙන‍් ඉන්න බවයි. ඒ ගැන දන්නේ හැඟීම් තියෙන්නේ මුණුබුරන් දැක්ක ආච්චිලා, සීයලාට මිසක් අව්වට නාකිවුණු ආච්චිලාට නොවෙයි.
eresh S kumara Monday, 20 January 2020 10:55 AM
මේ ආච්චි මැරුනා කියල හිතාගන්න හිච්චි පුතේ........ආයෙත් පැත්ත පළාතේ එන්න එපා.......ලංකාවේ ආච්චි කෙනෙක්.
janis Tuesday, 21 January 2020 10:41 AM
කළු සුදු භේදේ හොදට පෙනෙනවා.