IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


මිහින්තලේට පරිසර හිතකාමී රෝහලක්

(මනුල වික්‍රම)

පරිසර හිතකාමී ක්‍රමවේදයන්ට අනුව මිහින්තලේ ඉදිකිරීමට නියමිත ලොව ප්‍රථම  සත්කාර සේවා රෝහලට මුල්ගල් තැබීම වනජිවි හා ඉඩම් අමාත්‍ය එස්.එම්.චන්ද්‍රසේන සහ යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් අද (22) සිදුකෙරිණි‍.

ඕස්ට්‍රෙලියාවේ ශාන්ති  පදනමේ අනුග්‍රහයෙන් ඉදිවන මෙම රෝහල වකුගඩු රෝගීන් සහ පිලිකා රෝගීන් වෙනුවෙන් විශේෂයෙන්  ප්‍රතිකාර කිරීමට ස්ථාපිත කරනු ලබන අතර ඒ සඳහා  ශාන්ති පදනම වැයකරන මුදල රුපියල් මිලියන 120 කි.

මිහින්තලා රජමහා විහාරාධිපති  වලවාහැංගුණවැවේ ධම්මරතන නාහිමියන්ගේ අනුශාසනා පරිදි සංවිධානය කර  තිබූ මෙම උත්සවයට මහ සංඝරත්නය ඇතුළු පිරිසක් සහභාගී වූහ.

භූතානයේ මහා සංඝරත්නය සහ එරට සංස්කෘතික කණ්ඩායමක්ද මෙම අවස්ථාවට සහභාගි වූහ.

 



අදහස් (6)

මිහින්තලේට පරිසර හිතකාමී රෝහලක්

Champa Saturday, 22 February 2020 01:06 PM

මේක මිහින්තලේම ඉඳි කරන්න ඕනෙද? ඇයි වෙන කිසිම තැනක් නැත්ද? මේ පන්සලට අයිති ඉඩමක්ද? බුද්ධාගම බේරා ගන්න කියලා හොර දේශප්‍රේමියෝ පොළොවේ හැපි හැපී ගෙනල්ලා තියෙන්නේ බුදු දහම සහ සම්බන්ධ සියලු ස්ථාන නැති භංගස්ථාන කරන පාලනයක්. වහල් ආණ්ඩුවත් ඉස්පිරිතාලයක් හදන්න හැදුවා දඹුල්ලේ පන්සලට අයිති ඉඩමක. හැදුවද නැත්ද මම දන්නේ නැහැ. වකුගඩු රෝගීන් සුව කරන්නත් පුළුවන් හැදෙන එක නවත්තන්ත් පුලුවන්. ඒක ගැන කිසි උවමනාවක් නැහැ. බහු ජාතික සමාගම් වල බටහිර බෙහෙත් මාෆියාවට තල්ලුව දෙන විදිහට ඉස්පිරිතාල හදනවා.

:       65       3

Nuwan Saturday, 22 February 2020 07:17 PM

හොඳ වැඩක්. නමුත් ඔවුන් විවෘත කළ ආකාරය එතරම් හොඳ නෑ. අපි වෙනස් විය යුතුයි. අපි තවමත් පරණ මිනිසුන් ලෙසයි වැඩ කරන්නේ.

:       11       2

MAJ Sunday, 23 February 2020 06:15 AM

"පරිසර හිතකාමී රෝහලක්" කියන වචනවල අදහස පැහැදිලි නැහැ...!!!, දැන් රටේ තිබෙන රෝහල් පරිසර හිතකාමි නොවේද? ඒ කෙසේවෙතත් "රෝගි හිතකාමී" රෝහල් නම් රටට බොහෝ අවශ්‍යයි.

:       0       4

Jayantha Sunday, 23 February 2020 09:02 AM

Champa කියන කෙනාගේ ප්‍රතිචාර මම හොඳට අධ්‍යයනය කළා. තියෙන්නේ පුදුම බොරු ගායක්... කවුද කියලා හිතාගන්න බැහැ.

:       2       4

ChampaSunday, 23 February 2020 03:08 PM

ජයන්ත, කියන්නේ බොරු නම් ඕනෑතරම් නිදහස තියෙනවා. ඒවා බොරු කියලා ඔප්පු කරන්න. කොයිකද කියපු බොරුව? කොන්දක් තියෙනවා නම් කෙලින් කතා කරන්න හලෝ...

:       0       0

Walter White Sunday, 23 February 2020 09:43 AM

රුපියල් මිලියන 120කින් සම්පූර්ණ රෝහලක් හදන්න පුළුවන්ද? පොඩි ඩිස්පෙන්සරි එකක් වගේ ඇබිති රෝහලක් හදාගන්න පුළුවන් වෙයි. එ්ත් අවශ්‍ය උපකරණ ගන්න සල්ලි තව ඕනෑවෙයි. මට පේන්නේ පන්සල්වල ඉන්න බිස්නස්කාරයින් තව ඉල්ලමක් පාදගන්න ට්‍රයි එක වගේ... ඔය සල්ලිවලින් ළඟ තියෙන මහරෝහලක වකුගඩු රෝගීන්ට වාට්ටුවක් හදාදුන්නා නම් මීට වඩා අගෙයි. එ්ක පරිසර හිතකාමී විදිහට හදන්න බැරිකමක් නැහැනේ... අවශ්‍ය කාර්යමණ්ඩලය සහ පහසුකම් සපයාගනීමත් අමතර වියදමකින් තොරව කරන්න පුළුවන් මිලියන 120න් අංගසම්පූර්ණ වාට්ටුවක් හදන්නත් පුළුවන්...

:       5       3

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ට්‍රම්ප්ට එරෙහි නඩුව අසද්දී පුද්ගලයකු ගිනි තබා ‌ගෙන
2024 අප්‍රේල් මස 20 151 0

ඇමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව විභාගවන අපරාධ නඩුව කැඳවන නිව් යෝර්ක් අධිකරණ සංකීර්ණය ඉදිරිපිට දමා තිබෙන මාර්ග බාධකයේදී පුද්ගලයෙක


ඉරානයේ යුද ගැටුමෙන් ලංකාවත් පුපුරයිද?
2024 අප්‍රේල් මස 20 1475 0

ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමඟ ඉදිරියටද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකා


උමා ඔය ප්‍රමාද කිරීමෙන් කෝටි 4,500 ක පාඩුවක්
2024 අප්‍රේල් මස 20 1247 0

ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්


විශේෂඥ දොස්තරවරු 350ක් රට හැර ගිහින්
2024 අප්‍රේල් මස 20 722 0

රජයේ රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් 350 දෙනකු මෑත භාගයේදී රට හැර ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් කළ අධ්‍යයනයකදී හෙළිවී ඇත.


පාලිත සැමට සමු දෙයි
2024 අප්‍රේල් මස 20 1798 0

මෙරට දේශපාලනයේ පෙරළිකාරීයකු මෙන්ම මානවහිතවාදීයකුගේ යුගය නිමාවට පත් කරමින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා මළහිරුබැස යන් සන්ධ්‍යාවේ


තැනින් තැනට පොඩි වැස්සක්
2024 අප්‍රේල් මස 20 89 0

බස්නාහිර.සබරගමුව,වයඹ,ඌව සහ මධ්‍යම පළාත්වලත් අනුරාධපුර, වවුනියාව, මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 231 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1546 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1435 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site