IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


මිල්ලනියේ ජලභීතිකාව වැළඳුණු නරි - ප්‍රවේශම් වන්න

 

(විනීතා එම් ගමගේ)

කලුතර දිස්ත්‍රික්කයේ මිල්ලනිය හා ආසන්න ප්‍රදේශවල වනාන්තරවල ජලභීතිකාව වැළඳුණු නරි ගැවසෙන බැවින් එම ප්‍රදේශවල දරුවන් තනිව පාසල් යැවීමෙන් වළකින්නැයි වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ (වනජීවී සෞඛ්‍ය) වෛද්‍ය තාරක ප්‍රසාද් මහතා එම ප්‍රදේශවල වැසියන්ගෙන් ඉල්ලිමක් කරයි.

එම ප්‍රදේශවල ගැවසෙන නරින්ගෙන් ජලභීතිකාව පැතිර ඇතැයි විශ්වාස කරන බවත් මේ වන විට ජලභීතිකාව වැළඳුණ නරි පස්දෙනෙක්, සුනඛයින් සිව්දෙනෙක්, ගවයින් සිව්දෙනෙක් හා පුද්ගලයින් දෙදෙනෙක් මිය ගොස් ඇතැයි ද රෝග පාලනයට ගත හැකි සියලු පියවර ගනිමින් සිටින බව ද තාරක ප්‍රසාද් මහතා කීය.

නරි ගහණය සීග්‍රයෙන් වැඩිවෙමින් පවතින බවත් සාමාන්‍ය නිරෝගී නරියකු මිනිසෙකු- දුටුවිට පළා යන නමුත් රෝගී සතෙකු මිනිසුන් පසුපස එළවා ගෙන එන බැවින් උන් පසුපස හඹා නොයන්නැයි ද හෙතෙම ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

එවැනි රෝගී සතුන් ගැන සැළවුවහොත් වහා 1992 අංකය අමතන්නැයි ඉල්ලා සිටි වෛද්‍ය තාරක ප්‍රසාද් වනජීවී නිලධාරින් එවිට එම සතා පරිසරයෙන් ඉවත් කරන්නට කටයුතු යොදනු ඇතැයි ද කීය.     

මේ තතත්වය සමනය කරන්නට තවත් මාස දෙකක් පමණ ගතවනු ඇතැයි විශ්වාස කරන බැවින් එම කාලසීමාව ප්‍රවේශම් සහගත ලෙස ගත කරන්නැයි කලුතර දිස්ත්‍රික් ජනතාව ගෙන් ඉල්ලා සිටි ඒ මහතා මෙම රෝගය මිල්ලනිය පෙදෙසින් පහළට පැතිර නොයනු ඇතැයි සිතන්නේ අධිවේගී මාර්ගය හේතුවෙන් සතුන් එම පෙදෙසට සංක්‍රමණය නොවන බැවින් යැයි ද එහෙත් මිල්ලනියෙන් උතුරට හා දකුණට පැතිර යන්නට හැකියාව ඇති බව ද පෙන්වා දුන්නේය.

වෛද්‍ය තාරක ප්‍රසාද් මේ අදහස් පළ කළේ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අද (17) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි. එහි දී තවදුරටත් අදහස් දැක්වූ වෛද්‍යවරයා කියා සිටියේ දෙපාර්තමේන්තුවේ පළමු පරමාර්ථය ජනතාව අතරට රෝගය පැතිරයාම වැළැක්වීම යැයි ද මේ වනවිට එම ප්‍රදේශවල සුනඛයින් එන්නත් කර අවසන් බව ද කීය.

එසේ වුවද සුනඛයකු එන්නත් කළ නොහැකි වූ අයෙක් වේ නම් හැකි ඉක්මණින් එම සතුන් එනනත් කරවන්නැයි ද ඔහු ඉල්ලා සිටියේය.

පොලිසිය ප්‍රාදේශීය ලේකම්, දිස්ත්‍රික් ලේකම්, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි, පශූ වෛද්‍ය නිලධාරි, වනජීවී නිලධාරි, සහ ප්‍රාදේශීය සභාව යන ආයතන හා නිලධාරින් එක්කර වට්ස්ඇප් මගින් කණ්ඩායමක් හදා ඇති බවත් සියලු තොරතුරු නිරන්තර ඒ ඔස්සේ හුවමාරු කර ගන්නා බවත් කී අධ්‍යක්ෂවරයා හැකි තාක් ජනතාව දැනුවත් කිරීම කළ යුතු බවත් කීය.

මේ අතර ගවයින්ට ජලභීතිකා එන්නත ලබා දීමට ගව හිමියන් පියවර ගත යුතු බව පෙන්වා දුන් ඔහු නරින්ට එන්නතක් ආහාර සමඟ දීමෙන් රෝගපාලනයට උත්සාහ දරන බවත් ඒ සඳහා විදේශාධාර ලබාගනිමින් සිටින බවත් කියා සිටියේය.

එමෙන්ම රෝගයෙන් මියගිය නරියකු දුටුව හොත් ඒ ගැන අදාළ අංශයකට දන්වන්නැයි ද එම හිස වෛද්‍ය පර්යේෂණ ආයතනය වෙත යැවීමට කටයුතු කරන බව ද හෙතෙම තවදුරටත් සඳහන් කළේය. 

         



අදහස් (16)

මිල්ලනියේ ජලභීතිකාව වැළඳුණු නරි - ප්‍රවේශම් වන්න

Raveendra Thursday, 17 September 2020 10:08 AM

අප නම් මෙතෙක් කාලයක් හිතාගෙන හිටියේ දියවන්නාව පට්ටියේ 225ට විතරයි ජලභීතිකාව හැදිලා තියෙන්නේ කියලා.. දැන් බලනකොට නරින්ටත් ඒකම හැදිලා.

:       0       620

විජිත් Thursday, 17 September 2020 11:14 AM

රවින්ද්‍ර, මමත් ඔබගේ අදහස ලියන්න හිතාගෙන හිටියේ... මොකද ඇත්ත ඒක නිසා. දැන් ඉතින් ඔබගේ කොමෙන්ට් එකට චූටි කෑල්ලක් එකතු කරන්න පමණයි තියෙන්නේ... ඔය පිස්සු නරි ඉස්සර හිටියේ නැහැ. දියවන්නාවේ හොල්මන් මාලිගාවේ ලැගගෙන ඉන්න, රටේ මිනිස්සුන්ගේ ලේ බොන මිනීමරු පිස්සු නරින්ගෙන්ලු... මේ ගම්වල ඉන්න නරින්ට පිස්සුව බෝවුනේ. රටේ 69 ලක්ෂයක් ඔය පිස්සු නරි රෝගයෙන් ආසාදනය වෙලා බව ඔබ දන්නවද...? මේ රෝගයට බෙහෙත් නැත. වයිරසය කෙලින්ම මොලේට බලපාන්නේ... මේ රෝගය වැළඳුන මිනිසුන්ට යමක් සිතීමේ හැකියාව නැතිවේ. ඊට පස්සේ ආසාදනය වුණු මිනිසා මොලයක් නැති වහලෙක් මෙන් දේශපාලුවන් නම් පිස්සු මිනීමරු නරින් පසුපස යමින්, " මේ ආශ්චර්යයක්..." යයි සිතමින්,රටම විනාශ කරමින්.. මළමිනියක් සේ ජීවත් වේ.

:       4176       1073

de silva Thursday, 17 September 2020 10:44 AM

ප්‍රශ්නය දුරදිග යන්න කලින්, කරුණාකර ප්‍රදේශයේ සුනඛයින්ට ජලභීතිකා එන්නත ලබාදීම ඇතුළු අවශ්‍ය පියවර වහාම ගන්නා ලෙස ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්ගෙන් ඉල්ලා සිටිමි .

:       0       127

saman Thursday, 17 September 2020 10:46 AM

රටේ මිනිසුන්ගේ ආරක්ෂාවට මුල් ප්‍රමුඛතාවය දිය යුතුයි. නරියන් හදිසියේ මේ ගමට පැමිණි හේතුව සොයාබලා එය වැළැක්වීමට ඉක්මන් පියවර ගත යුතුයි. මෙවැනි ගම් වදින නරින්ට වෙඩිතබා හෝ විනාශ කළයුතුයි.

:       18       118

RaveendraThursday, 17 September 2020 12:24 PM

එහෙම කරන්න ඉඩදීමට නොහැක. අප සත්තු වෙනුවෙන් පෙනීසිටින NGO ටකරන් මඩුවක් පවත්වාගෙන යන ඩොලර් වලින් තුන්වේල ගිලින ටිකක් හරියැ... හෙටම අපි බෝඩ් එල්ලගෙන ඉන්නවා. ‘‘තුන්මුල්ලේ හන්දියේ" නරින් නොමරනු මීට හිඟන NGO නඩේ "..

:       32       314

PrasadThursday, 17 September 2020 03:08 PM

කලුතර පැත්තේ තාම හොඳටම පිස්සු වැටිච්ච පොහොට්ටු නරි තමයි ඉන්නේ..

:       657       185

මුණසිංහ Thursday, 17 September 2020 10:54 AM

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඉහළම තනතුරුලාභි සුවපතිතුමාණෝ පහුගිය කාලයේ තම ඡන්දබල ප්‍රදේශයේ ජනතාව සුරක්ෂිතව රැකබලා ගත්තාට අපගේ සාතිශය සංවේගය..!

:       2       252

Champa Thursday, 17 September 2020 01:18 PM

අපොයි. හරිම භයානකයි. දරුවන් විතරක් නෙමෙයි වැඩිහිටියනුත් පරිස්සම් වෙන්න වෙයි. මීට වඩා වගකීමකින් සහ වේගයකින් සෞඛ්‍ය අංශ වැඩ කරන්න ඕනේ. ගව හිමියන්ටයි, බලු හිමියන්ටයි, නරි හිමියන්ටයි ජලභීතිකා එන්නත ලබාදීමේ වගකීම පවරන එක වැරදියි. සෞඛ්‍ය අංශ ගෙදරින් ගෙදරට ගිහින් මේ ගැන හොයා බලන්න ඕනේ. අඩුගානේ මිනිස්සුන්ට කරන්න ඕනේ මොකක්ද කියලා පත්‍රිකාවක්වත් බෙදුවද? අනික මොකක්ද මේ විදේශාධාර කතාව? කොරෝනා පාලනය කළ රටක්, නරි පාලනය කරගන්න බැරුව විදේශ ආධාර ඉල්ලන එක ගැන ලැජ්ජා වෙන්න ඕනේ...

:       0       48

kamaniThursday, 17 September 2020 02:47 PM

කොහෙද අනේ "නරි හිමියන්" ඉන්නේ?

:       0       103

DDThursday, 17 September 2020 09:46 PM

කමනි, නරි හිමියන් තමයි ලංකාවේ ඉන්නේ.

:       0       10

RaveendraFriday, 18 September 2020 02:56 AM

කමනි මහත්මිය/මෙනෙවිය වෙත, දියවන්නාව පට්ටිය ඔබ, මා, අප ඇතුළු සියලුම ශ්‍රී ලාංකිකයින්ගේ නියෝජනයක් බැවින් අප සියල්ලෝම "නරි හිමියන්ය".

:       0       31

sharm warn Friday, 18 September 2020 03:21 AM

වැඩිය එපා... එකෙක් අල්ලලා දාන්නකෝ දියවන්නාවට.. කවුරු හරි පින්වතෙක්..

:       0       33

මෝ Friday, 18 September 2020 10:13 AM

අලි මදිවට නරිත්...

:       0       101

janahitha Friday, 18 September 2020 12:00 PM

සමගි බලවේගය අලි ජනබලය සහ පොහොට්ටුව කඩාවැදිලා වගේ... පිස්සු නරින්ටවත් වෙඩිතැබීමට බලයක් නැති බව වනජීවිය කියන්නේ නැහැ...

:       0       0

Bamunuarachchi Saturday, 19 September 2020 05:43 AM

කාටවත් ජලභීතිකා බෙහෙත් දෙන්නයි, පොලු අරන් පාරෙ යන්නයි ඕනෑ නැහැ. වඳකරන්න ක්‍රම තිබෙනවා නේද? අර අසරණ දිවියන් මරා දැම්මා නම්, උගුල් අටවනවා නම් නරින් වඳකරන එකත් කජ්ජක්ද?

:       0       0

කපුරුහාමි Saturday, 19 September 2020 08:54 AM

අපි හිතාගෙන උන්නේ නරි ඉන්නෙ මැදමූලනේ කියලා. බලන් ගියාම ඊට වැඩිය ඉන්නේ කලුතර දිස්ත්‍රික්කයේනේ...

:       81       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉරානයේ යුද ගැටුමෙන් ලංකාවත් පුපුරයිද?
2024 අප්‍රේල් මස 20 62 0

ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමඟ ඉදිරියටද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකා


උමා ඔය ප්‍රමාද කිරීමෙන් කෝටි 4,500 ක පාඩුවක්
2024 අප්‍රේල් මස 20 659 0

ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්


විශේෂඥ දොස්තරවරු 350ක් රට හැර ගිහින්
2024 අප්‍රේල් මස 20 403 0

රජයේ රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් 350 දෙනකු මෑත භාගයේදී රට හැර ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් කළ අධ්‍යයනයකදී හෙළිවී ඇත.


පාලිත සැමට සමු දෙයි
2024 අප්‍රේල් මස 20 1186 0

මෙරට දේශපාලනයේ පෙරළිකාරීයකු මෙන්ම මානවහිතවාදීයකුගේ යුගය නිමාවට පත් කරමින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා මළහිරුබැස යන් සන්ධ්‍යාවේ


තැනින් තැනට පොඩි වැස්සක්
2024 අප්‍රේල් මස 20 67 0

බස්නාහිර.සබරගමුව,වයඹ,ඌව සහ මධ්‍යම පළාත්වලත් අනුරාධපුර, වවුනියාව, මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇ


නාවික කොමදෝරු දෙකක් කුඩු සමග මාට්ටු
2024 අප්‍රේල් මස 19 2412 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 229 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1541 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1434 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site