IMG-LOGO

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා


මින්නේරිය ජාතික වනෝද්‍යානයේ නිවුන් අලි පැටවුන්

(සංජය මධුශාන්)

මින්නේරිය ජාතික වනෝද්‍යානයේ දී කෙනෙරක් විසින් නිවුන් අලි පැටවුන් දෙදෙනෙකු බිහිකර ඇති බව මින්නේරිය ජාතික වනෝද්‍යානය භාර භාතිය මඩුගල්ල මහතා පැවසීය.

මෙම අලි පැටවුන් දෙදෙනා නිවුන් අලි පැටවුන් බව වනජීවී දෙපාර්තමේන්තුව හා ආචාර්ය සුමිත් පිලපිටිය මහතා සිදුකළ අධ්‍යනයකදී තහවුරු වී ඇති බව භාතිය මඩුගල්ල මහතා සඳහන් කළේය.

මෙම අලි පැටවුන් දෙදෙනාගේ ඩී.එන්.ඒ පරීක්ෂාවක් සිදුකිරීමට කටයුතු කරන බව මින්නේරිය ජාතික වනෝද්‍යානය භාර භාතිය මඩුගල්ල මහතා පැවසීය.

 



අදහස් (10)

මින්නේරිය ජාතික වනෝද්‍යානයේ නිවුන් අලි පැටවුන්

විජිත් Tuesday, 07 July 2020 06:19 PM

වාසනාවන්ත අලි අම්මෙක්...!!! බබාලා දෙන්නෙක්.. කොල්ලොම දෙන්නෙක්. දවසක මේ දෙදෙනා ලොකු මහත්වෙලා තම තමන්ගේ සීමාවන් සලකුණු කරගෙන ඒ තුළ තම ආධිපත්‍ය පතුරවමින් සමාදානයෙන් ජීවත්වේවි. නමුත් සතුන් අතර සිටින නපුරුම සත්වයා "නොමිනිසා" විසින් මේ අයගේ සීමාවන් අතික්‍රමණය කළොත්... ඒ අයට සිදුවනවා තමන්ගේ ශුද්ධ වූ අයිතිය වෙනුවෙන් සටන් කරන්නට... සටනේදී අහිංසක දුප්පත් මිනිසුන් කී දෙනෙක් දිවි පුදාවිද..? අලි ඇතුන් කීදෙනෙක් මියයාවිද යන්න හරියටම කියන්න බැහැ. ඔය සටන අදත් සිදුවනවා. අලින්ට ජීවත්වීමට තිබෙන කැලෑව අයිති කරගැනීම කරගැනීමට මිනිසාට ඇති අයිතිය කුමක්ද..? අලින් සොයාඑන්නේ තමන්ගේ නිජබිම මිසක් අලින්, මිනිසුන්ගේ ඉඩම්වලට කඩා වදින්නේ නැත. අලින් තම අයිතිය වෙනුවෙන් කරන සටනේදී අප මිට වඩා සංවේදී වියයුතුයි. අලි චුට්ටනේ ප්‍රවේශමෙන්...!!! අම්මා ළඟටම වෙලා .. ටිකෙන් ටික ලෝකය ගැන ඉගෙන ගන්න. "නොමිනිසා" කියන නපුරා ගැන අම්මගෙන් අහගෙන ඌව හැකිතරම් මගහැර ජීවත්වෙන්න. මේ ලෝකයම විනාශ කළ ඒ නපුරාට නුඹ තවත් සතෙක් පමණි. ප්‍රවේශමෙන් චුට්ටනේ.. නුඹලා දෙන්නටම දෙවි පිහිටයි.

:       0       189

RaveendraWednesday, 08 July 2020 12:14 PM

ඔබගේ වටිනා අදහස් අප හදවතින්ම අගයන්නෙමු.. අප කුඩාකල කියවා ඇති "ඇත්ගාල" පිළිබඳව කාව්‍ය පන්තියේ පද කීපයක් අප සියල්ලන්ගේම ළමාවිය මතකයට නැගුමට මෙසේ සඳහන් කරන්නෙමු.. " කුමටද අම්මේ අම්මට ගැහුවේ මාමල දෙන්නෙක් වටකරලා...// ඇඟපත තැලිලා රිදෙනවා ඇතිනේ කොච්චර හැහුවද බැද දමලා..// අතීතයේ වල් අලින්ව අල්ලා ගාල් කර හිලා ඇතුන් යොදවා පහර දෙමින් අලින් හිලා කිරීමේදී වල් අලි රංචුවේ සිටි ඇතින්නක තම පැටවා සමග මුහුණ දුන් ඒ සිදුවීම පිළිබඳව අලි පැටවා අලි අම්මාගෙන් විමසූ අයුරු හද සසල කරවන්නකි.. අප සියල්ලන්ම තරයේ විශ්වාස කරමු. තරයේ ප්‍රාර්ථනා කරමු මෙම අලි පැටවුන් දෙදෙනාට එවන් අද්දැකීමක් ලැබීමට නොලැබේවා යන්න..!!!

:       0       43

කපිල Tuesday, 07 July 2020 07:47 PM

DNA අවශ්‍ය නෑ. මවටයි, පැටවුන් දෙන්නටයි නිදහසේ ඉන්න දෙන්න. මෙට වඩා හොඳ නැද්ද හබරණ කැලේ මියගිය ඇතින්නියන් 7 දෙනා ගැන හොයලා බැලුවානම්...

:       0       13

Lanka Wednesday, 08 July 2020 01:41 AM

අනේ වාසනාවන්...!!! 

:       0       34

eresh S kumara Wednesday, 08 July 2020 02:42 AM

ඩී එන් ඒ ඕන නැහැ, ඔය අලි පැටවුන්ට ඉන්න දෙන්න.

:       0       30

Karunarathna Gampola Wednesday, 08 July 2020 03:09 AM

නිදුක් වේවා!! නීරෝගි වේවා!! සුවසේ ජීවත් වේවා!! හරිම සතුටක්, වනජීවී ආරක්ෂක මහත්ම, මහත්මාවනි, මොවුන්ගේ ජීවිතවලට නිසි ආරක්ෂාවක් ලබාදීමට කැපවන්න.කාරුණික වෙන්න. සියලු සත්වයෝ... නිදුක්වේවා.. නිරෝගි වේවා..!!! 

:       0       290

Hema Wednesday, 08 July 2020 07:03 AM

ඩී.එන්.ඒ. පරීක්ෂණයක් මොකටද?

:       0       23

සමිත සේනක අලුත්ගමගේ. Wednesday, 08 July 2020 07:30 AM

ශීඝ්‍රයෙන් වඳවී යන අලි සම්පත රැකගැනීමට සොබාදහම විසින් දෙනු ලබන දායාදයක් ලෙස මෙය අර්ථ දැක්විය හැකියි.. පසුගිය කාලයේ නොයෙකුත් නොමිනිස් ක්‍රියාකාරකම් වලින් මෙලොව හැරගිය අලි පරපුරේ අය මෙන් මේ අහිංසකයින්ගේ දෙනාටද එසේ නොවීමට වගකිවයුතු බලධාරීන් නින්දෙන් අවදිව ඇස්කන් අවදි කරත්වා... මොනතරම් සුරතල් පුංචි පැටවුන් වුවද මේ සතුන්ට ගිනි බිඳින්නන් හක්ක පටස් තියන්නන්, පුඩු තියන්නන් වැටලීමට මීට වඩා දැඩි පියවර ගත යුතුයි. දැඩි නීතිරීති ගෙනැවිත් නොමිනිසුන් මෙල්ල කළ යුතුයි. දඟගෙයි දැමිය යුතුයි. නැතහොත් නිවුන් ඇත් පැටවුන්, අලි පැටවුන් කොපමණ බිහිවුවත් වැඩක් වෙන්නේ නැත. මේ සතුන් දිහා වනජීවිය වෙනදාට වඩා දැඩි කැපවීමකින් කටයුතු කළ යුතුයි.. මන්දයත්, නොමිනිසුන් විසින් වන සතුන් මෙලොවින් තුරන් කළ දිනෙක වන වනජීවියා කියා දෙයක් මේ රටේ ඉතිරි වන්නේද නැත. ඔවුන්ට රැකියා කිරීමට ස්ථානයක්ද ඉතිරි වන්නේ නැත. මන්දයත්, නොමිනිසුන් විසින් වනසතුන් මෙලොවෙන් තුරන්කර ඇති බැවිනි.

:       0       189

sam Wednesday, 08 July 2020 08:12 AM

පාඩුවේ ඉන්න දෙන්න. මොන පරීක්ෂණද?

:       0       39

ravieen01 Wednesday, 08 July 2020 09:48 AM

ඉපදුණාට විතරක් මදි... අනතුරකින් තොර ඒ ජීවිතය අවසන් කිරීමටත් වාසනාවක් තිබිය යුතුයි නේද?

:       0       41

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ආරවුලින් එක් දරු පියා මරුට
2024 අප්‍රේල් මස 23 7 0

මින්නේරිය විදුලිබල මණ්ඩලය ආසන්නයේ අද රාත්‍රියේ පුද්ගලයන් තිදෙනකු අතර ඇති වූ ගැටුමක් දුරදිග යාමෙන් තියුණු ආයුධ පහරකින් එක්දරු පියකු ජීවිතක්ෂයට පත්ව


ජනපති පුටුවට හතක් පෝලිමේ
2024 අප්‍රේල් මස 23 54 0

ජනාධිපතිවරණ උණුසුම දිනෙන් දින වැඩිවෙමින් පවතිද්දී එම මැතිවරණය සඳහා ඉදිරිපත්වීමට තීරණය කර ඇති අපේක්ෂකයන් සංඛ්‍යාවද 7 ක් දක්වා ඉහළ ගොස් ඇත.


ජී.එම්.ආර්ගේ මරණය පොලිසියට සැකයිලු
2024 අප්‍රේල් මස 23 93 0

දුම්රිය සාමාන්‍යාධිකාරිවරයාගේ මරණය සම්බන්ධයෙන් සාධාරණ සැකයක් පවතින බැවින් හදිසි මරණ පරීක්ෂණයක් පමණක් පවත්වා අවසන් කිරීම ප්‍රමාණවත් නැතැයි අනුරා


සජිත් - අනුර විවාදයට සත්කාරකත්වය නීති ශිෂ්‍ය සංගමයෙන්
2024 අප්‍රේල් මස 23 320 0

ජාතික ජන බලවේගය සහ සමගි ජන බලවේගය අතර පැවැත්වීමට නියමිත විවාදය නීති විද්‍යාලයේ පැවැත්වීමට සිය සංගමය, පක්ෂ දෙකේ නායකයන්ට යෝජනා කර ඇති බව ශ්‍රී ලංකා නීත


රටට ඔබින හොඳ අධ්‍යාපන ක්‍රමයක් අවශ්‍යයි
2024 අප්‍රේල් මස 23 117 0

අධ්‍යාපනය දේශපාලන පාපන්දුවක් බවට පත් කර ගතහොත් අවසානයේ පරාජයට පත් වන්නේ රට බැවින් පෞද්ගලික මත පසෙකලා සියලු දෙනා එක්ව සාකච්ඡා කර රටට ඔබින හොඳම අධ්‍යාප


උමාඔය විදුලි ජනන යන්ත්‍ර දෙකට කාන්තා නම්
2024 අප්‍රේල් මස 23 1530 0

උමාඔය භූගත විදුලි බලාගාරයේ විදුලි ජනන යන්ත්‍ර දෙක එහි ඉදිකිරීම් ක්‍රියාත්මක වන කාලයේ සේවය කළ සුළු සේවිකාවන් දෙදෙනකුගේ සේවය ඇගයීම වෙනුවෙන් ‘දසුනි’ සහ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 280 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1632 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1515 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site