IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


මැදගොඩ අභයතිස්ස හිමිගේ ප්‍රකාශයක් ගැන සීඅයිඩී පරීක්ෂණ

(ඉන්දිකා රාමනායක)
 

කාන්තන්කුඩි   ප‍්‍රදේශයේ පුද්ගලයන් 20 දෙනෙක්ට  ෂරියා  නීතිය යටතේ මරණී දඩුවම ලබා දී ඇති බවට තමා සතුව තොරතුරු ඇතැයි  මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමියන්  පසුගියදා කළ හෙළිදරව්ව සම්බන්ධයෙන්  පරීක්ෂණ පවත්වන ලෙසට  වැඩබලන පොලිස්පතිවරයා  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත දැනුම් දී ඇති බව  පොලිස්  මූලස්ථානය කියයි.


වහාබ් අන්තවාදයට එරෙහි ජනතා ව්‍යාපාරය ඉකුත්   (4) දින නුගේගොඩ දී පැවැත් වු   ජනහමුවේ දී මැදගොඩ අභයතිස්ස හිමියන් මේ සිද්ධිය හෙළි කර තිබුණි.
 
තමන් සතුව  ඊට අදාළ  තොරතුරු   ඇති බවත් ඒවා මාධ්‍යට ලබා නොදෙන බවත් අවශ්‍ය නම් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ලබා දිය හැකි බවද උන්වහන්සේ එහිදී සදහන් කර  තිබුණි. මෙම   හෙළිදරව්ව සැලකිල්ලට ගත් වැඩබල පොලිස්පතිවරයා ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකරන ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත   අද (8) ලිඛිතව දැනුම් දී තිබුණි.
 
මෙම හෙළිදරව්ව සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයට අදාලව ඉදිරියේ  මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමියන්ගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප‍්‍රකාශ ලබා ගැනීමට නියමිතව ඇත.



අදහස් (28)

මැදගොඩ අභයතිස්ස හිමිගේ ප්‍රකාශයක් ගැන සීඅයිඩී පරීක්ෂණ

sameera Monday, 08 July 2019 11:41 AM

ඔව් හාමුදුරුවනේ ඔය ඔක්කොම හොයන්න ඕනේ.. ඒ වගේම සුනාමි හොරා කාපුවා. මිග් යානාවලින් හොරකම් කරපුවා.. ඒ වගේම දේශපාලකයන්ට කත් අදිමින් අනිත් ස්වාමීන් වහන්සේලාට නැති යානවාහන තියන් හිටපු හැටි.., පන්සල් හදන මුවාවෙන් කෝටි ගණන් හොරකම් කරපු හැටි.., දේශපාලක හොරුන් බේරගන්න පිණ්ඩපාතේ ගිහින් එකතු කරපු සල්ලි වලට මොකද කලේ කියලත් කියන්න ඕනේ..?

:       1630       2051

chinthakaMonday, 08 July 2019 07:28 PM

ඒ කියන්නේ රටේ වෙන ප්‍රධානම අවරගණයේ ක්‍රියා ගැන CID හෝ FCID ය නොදැනුවත්ද?

:       0       11

SL Monday, 08 July 2019 11:55 AM

මේ ආණ්ඩුව... රනිල්ගේ පැවැත්මට සුළුජන ඡන්ද අවශ්‍යයි. රනිල්ට කිසිම ප්‍රශ්නයක් නැහැ සිංහල මිනිස්සු පෙලන්න. මුස්ලිම් ඡන්ද ටික ගන්න. රනිල් ඕනෙම දෙයක් කරයි. එ්ක නිසා CID පරණ කරපු පරීක්ෂණ වගේම මේකත් තියෙයි. CID කොල්ලන්ට නිදහසේ වැඩ කරන්න දෙන්න එතකොට උන් වැඩ පෙන්වයි.

:       1011       982

Rata PerataMonday, 08 July 2019 12:57 PM

රනිල් විතරක් නෙමෙයි හිටපු ඔක්කොම කළෙත් ඕකම තමයි. මහින්ද LTTE එකට සල්ලි දීපුවා, ගෝඨා මුස්ලිම් අන්තවාදීන්ට සල්ලි දීපුවා අපිට හොඳට මතකයි. අපිට රට වෙනුවෙන් කියලා කෙනෙක් නෑ. ඉන්නේ පවුල් වෙනුවෙන් කරගන්න අය තමයි.

:       1233       1159

BamunuarachchiTuesday, 09 July 2019 12:45 AM

මෙයත් ශාක්ෂරතාවය නැති අකුරු දන්නා නිසා ඔහේ කොටන කෙනෙක්. එයත් එයාගේ ආණ්ඩුව වගේමයි රට පෙරට කියලා බෝඩ් එක ගහගෙන රිවස් ගියර් එකේ හිටු කියලා පස්සට යනවා.

:       36       94

බමුණෝ අරහන් Monday, 08 July 2019 12:27 PM

අදින්නාදානා වේරමනී සික්ඛා පදං සමාදියාමි... හාමුදුරුවො පන්සිල් පදේ කැඩුවාවත්ද? කට කියවන කොට, සාක්කි එක්ක කියන්න ඕනේ කියන්නේ මේක තමයි. ළිඳ ළඟ ගෑනු ඕපාදූප කියවනවා වගේ ඔහේ කියවනවා ස්ටෙජ් එකට නැගලා. දැන් බලමුකෝ ලිස්ට් එකේ නම් ටික...

:       1146       626

victorMonday, 08 July 2019 03:56 PM

මේක අදින්නාදානා වේරමනී සික්ඛා පදං සමාදියාමි එක්ක සම්බන්ධ වෙන්නේ කොහොමද? මුසාවාදා එක්ක පටලවා ගත්තද?

:       188       239

BamunuarachchiMonday, 08 July 2019 04:38 PM

මටත් ප්‍රශ්නය වුනේ එ්කයි. බෞද්ධ නොවෙයි සිංහල ඉස්කෝලෙක ගිය මුසල්මානු අදහස් තමයි තියෙන්නේ. මම හිතන්නේ ලීවදේ එයාටවත් තේරෙන්නේ නැහැවගේ.

:       232       274

BamunuarachchiMonday, 08 July 2019 04:48 PM

බමුණන්ට කුලහීනයින්ව කොහොමත් පේන්න බැහැලුනේ.. සෝපාක කෙනෙක්ද කොහෙද?

:       121       157

Chanak los angalesTuesday, 09 July 2019 08:38 PM

නියම බෞද්ධයා ජාති, කුල බේධ තකන්නේ නැහැ. හැබැයි කට ඇරියොත් සිංහල බෞද්ධකම ඔලුවේ ඉඳන් කකුලටම බේරෙනවා. නමුත් මුළු ඇඟේම තියෙන්නේ අන්අයව තලාපෙලා දැමීමේ මාන්නයයි. මෙවැන්නන් අපි සිංහල බෞද්ධ යයි කීම බුදුදහමට කරන අපරාධයක් මෙන්ම පවක්... දේශපාලනික වශයෙන් බංකොලොත් වී ඉන්න සාටකලාගේ වුවමනාවන් ඉෂ්ට කිරීමට ගිවිසුම් ගසාසිටිනඅයගේ අගුණ තමයි මේ අය කරේ තියා ගත්තේ...

:       0       0

Prabha Monday, 08 July 2019 05:13 PM

සාක්ෂරතාවය සහ දැනුම, බුද්ධිය කියන්නේ දෙකක් නොවේ. අකුරු දන්න හින්දා ඔහේ නිකන් කෙටුවා හිටන් නේද?

:       1       1

සේන Monday, 08 July 2019 12:51 PM

හික්කඩුවේ සුමංගල හිමි, කුඩාපොළ වැනි ගරුතර ස්වාමීන් වහන්සේලා සේම රටට, ජාතියට වටිනා ගරුතර සංඝරයා වහන්සේ නමක්. පක්ෂ බදාගත් නිවටයින් මොනවා කීවද, රට, ජාතිය වෙනුවෙන් ජීවිතය කැප කළ මුන්වහන්සේට ගරු කරමින් අවශ්‍ය විස්තර ලබාගනීවි යැයි සිතමි. එම විස්තර ලබාගත්තද නිවට පාලනය යටතේ කිසිවක් සිදු නොවන වගද දනිමි.

:       290       407

Chanak los angelesTuesday, 09 July 2019 08:17 PM

භික්ෂූන්ගෙන් කුමටද සටන්කාමීත්වයක්? එහෙමනම් සිවුර හැරදමා හමුදාවට බැඳෙන්න කියන්න. භික්ෂූත්වය කුමක්ද කියා හරිහැටි දන්නේ නැතිනම් දැනගන්න මාර්ගඵල ලාභී භික්ෂුවකගෙන් බණ අහන්න.

:       0       0

Rane Monday, 08 July 2019 01:07 PM

කාරණේ කොයිහැටි වෙතත්..., කුමක් හෝ වෙලා ඇති බව පැහැදිලියි...

:       1       206

Jaya Monday, 08 July 2019 02:06 PM

මේකේ ඇත්ත නැත්ත හොයන්නත් කලින් සමහරු භූමිතෙල් ගහපු ගැරඬියෝ වගේ ඇවිස්සිලා...

:       20       137

සොපි නෝනා Monday, 08 July 2019 02:07 PM

කට තිබෙන පලියට කතා කළා. අපරාධ විමර්ශන අංශයට කතා කරයි කියලා හිතුවේ නැහැ. දැන් බලමු මොකද වෙන්නේ කියලා...

:       371       308

BamunuarachchiMonday, 08 July 2019 04:42 PM

මොකද සොපිනොනෝ? ශාෆිගෙන් බෙහෙත් ගත්තාවත් ද? සාෆි තනිකම් දෝෂවලටත් බෙහෙත් දෙනවලු. අපරාධ විමර්ශනෙට අපේ හාමුදුරුවරු යන්න බය නැහැ. මේක අපේ රට.

:       259       291

Chanak los angelesTuesday, 09 July 2019 02:35 AM

අපේ රට කියන්නේ යනකොට රට පෙටිටියේ දාගෙන යනවාද ?

:       48       70

ranilTuesday, 09 July 2019 11:47 AM

බමුණා කියන්නේ වලපයයි, ගොඩපයයි තියන් ඉන්න මිනිහෙක්. තව යුද්දෙකට මුල පුරන කමෙන්ට් දානවා. බොරුවට බෞද්ධ කොඩිය පපුවේ ගහගෙන ඉන්නේ...

:       11       1

BamunuarachchiWednesday, 10 July 2019 08:20 AM

රට බෙර ගන්න ඔහෙලව පෙට්ටියේ දාගනයන්නයි ප්ලෑන් කොරන්නේ. මැරෙන්න හිටියත් රටට තිබෙන ආදරයි තමුසෙලා වගේ මිනිසුන්ට කරන වෛරයයි නැතිවෙන්නේ නැත. අපිට පුළුවන් රට වෙනුවෙන් යුද වදින දරුවන්ට ආත්ම ශක්තිය දෙන්න හැබැයි ඔවුනට කියනවා පටන් ගැන්මේදීම ඔහෙලාගෙන් නිදහස් වෙන්න් කියලා මුන් රට මහා පිළිලයක් කියලා.

:       0       0

Rasika Monday, 08 July 2019 03:24 PM

මේකේ අදහස් දලා තියෙන කෙනෙක් කියලා තියෙනවා මහින්ද LTTE එකට සල්ලි දුන්නා කියලා... ඡන්දෙ වර්ජනය කරන්න. මේක රනිල්, මංගල ගොතපු අමූලික බොරුවක්... එදා ඔවුන් ඡන්දය වර්ජනය කරපු හේතුව ගොඩක් අය දන්නේ නැහැ. එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය අනුව, වෙනම රටක් බිහිවන්නට හෝ වෙනම රටක් ලෙස හඳුනා ගන්නට ප්‍රධාන කරුණු 5ක් සම්පූර්ණ කළ යුතුයි. වෙනම මුදල් පරිපාලන ඒකකයක් තිබුය යුතුයි,(රේගුව,බැංකු පද්ධතියක් (කොටි බැංකු), ආදායම් බදු එකතු කිරීම (කොටින්ගේ කප්පම්) - මහජන නීතිය ස්ථාපනය කළයුතුයි. යුක්තිය පසිඳලීමේ ක්‍රමවේදයක් තියෙන්න ඕනේ (කොටි උසාවි, කොටි පොලිසි) - පිළිගත් දේශ සීමාවක් තියෙන්න ඕනේ (රනිල් අත්සන් කරපු සාම ගිවිසුමේ, කොටින්ගේ පරිපාලන ප්‍රදේශ පිළිගෙන තිබුණු) - වෙනම පරිපාලන ක්‍රමවේදයක් තිබිය යුතුයි. (පාර්ලිමේන්තු නියෝජනය) මෙන්න මෙතන තමයි ගැටලුව අාවේ. ඔවුන් LTTE ප්‍රදේශවල ජනයා ලංකා පාර්ලිමේන්තුවට ඔවුන්ගේ නියෝජිතයන් එව්වොත් ඔවුන්ට වෙනම රටක් කියලා ජාත්‍යන්තර අධිකරණයකදී ඔප්පු කරන්න බැරි වෙනවා. මේ නිසා තමයි ඔවුන් එදා ඡන්දය වර්ජනය කළේ. දැන්වත් බුද්ධියට ඉඩදෙන්න... බොරු ප්‍රචාර නවත්වන්න.

:       1385       1300

athuraTuesday, 09 July 2019 05:58 AM

මහත්මයා දැන් ඔය මහින්දයි රනිලුයි ඉල්ලුව ජනාධිපතිවරනෙට පස්සෙ තිබුන පාර්ලිමේන්තු මැතිවරෙනට උතුරෙ පක්ෂ තරග කරලා පාර්ලිමේන්තුවට ආවේ නැද්ද. ඔබතුමාගේ ඔය තර්කෙ ඕකෙන්ම බොරු වෙනවනේ.

:       56       84

අනේ මන්දාTuesday, 09 July 2019 06:11 AM

සල්ලි දුන්නද නැත්ද කියලා මම නම් දන්නේ නෑ, හැබැයි සල්ලි දුන්නා කියන්නේ පාර්ලිමේන්තු මැතිවරණයට නෙවෙයි ජනාධිපතිවරණයට.. ඉල්ලුවේ මහින්ද හා රනිල්, ඔබේ හිතළු කියන්න කලින් හොයලා බලන්න

:       54       130

Prabha Monday, 08 July 2019 05:18 PM

දැනගත් මුල් දවසේම පැමිණිලි කිරීම නේද නීතිගරුක පුරවැසියකුගේ යුතුකම? හාමුදුරුවොත් නිකම් විමලේ වගේ...

:       10       1

De Mel Tuesday, 09 July 2019 07:16 AM

බමුණුආරච්චි කියන්නේ ප්‍රංශයේ ඉඳන් ජාතිවාදය පතුරුවා ජීවත් වෙන ප්‍රංශ ජාතිකයෙක්

:       103       166

Chanak los angelesTuesday, 09 July 2019 03:19 PM

ආ එහෙමද?

:       0       9

De Mel Tuesday, 09 July 2019 11:19 AM

බමුණුආරච්චි කියන්නේ ප්‍රංශයේ ඉඳන් ජාතිවාදය පතුරුවා ජීවත් වෙන ප්‍රංශ ජාතිකයෙක්...

:       9       1

Chanak los angelesTuesday, 09 July 2019 09:19 PM

ප්‍රංශ නිසා වෙන්න ඇති තේරුමක් නැති අපබ්‍රංශ ලියන්නේ ..

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

බොරතෙල් - රන් මිල හිටිහැටියේ ඉහළට
2024 අප්‍රේල් මස 19 241 0

ඉරානයට ඊශ්‍රායල මිසයිල ප්‍රහාර එල්ල කිරීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් සහ රත්තරන් මිල ඉහළ ගොස් ඇතැයි විදේශ මාධ්‍ය වාර්තා කළේය.


විදුලි සේවකයෝ ඔක්කොම නඩු දැම්මත් පනත හකුලන්නේ නෑ
2024 අප්‍රේල් මස 19 531 2

විදුලි සේවකයන් විසිහතරදහසම නඩු දැම්මත් නව විදුලිබල පනත හකුලා නොගන්නා බවත් වැඩි පිරිසක් අධිකරණයට යෑමෙන් වඩාත් හොඳ පනතක් නිර්මාණය කිරීමේ හැකියාව ලැබෙ


දෙවුන්දරින් ඇල්ලූ මත්ද්‍රව්‍ය රස පරීක්ෂකට යවන්නැයි නියෝග
2024 අප්‍රේල් මස 19 226 0

දෙවුන්දර මුහුදු තීරයේදී නාවික හමුදාව මගින් අත්අඩංගුවට ගත් රුපියල් කෝටි 380 කට අධික වටිනාකමින් යුත් මත්ද්‍රව්‍ය තොගය රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කිරී


ප්‍රදේශ කිහිපයකට පැය 12ක ජල කප්පාදුවක්
2024 අප්‍රේල් මස 19 157 0

ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට ලබන 24 වැනිදා පැය 12 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.


සුනාමි කුලුනු 77න් 55කම පණ ගිහින්
2024 අප්‍රේල් මස 19 237 3

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දිවයිනේ වෙරළබඩ ප්‍රදේශ ආවරණය වන පරිදි දිස්ත්‍රික්ක දාහතරක කෝටි 13 කට වැඩි වියදමකින් ස්ථාපනය කෙරුණු සුනාමි සහ සුළි සුළං සඳහ


මළ මිනියක් අරන් ණයක් ගන්න බැංකුවට එයි
2024 අප්‍රේල් මස 19 2309 1

බ්‍රසීලයේ රියෝ ඩි ජෙනෙයිරෝ බැංකුවට රෝද පුටුවක තබා ගත් මළ සිරුරක් රැගෙනවිත් එම මියගිය පුද්ගලයාගේ නමට ඇමෙරිකානු ඩොලර් 3250 ක (ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 10 කට ආ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 210 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1515 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1417 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site