IMG-LOGO

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා


මැද පෙරදිග සිරවී සිටි ශ්‍රී ලාංකිකයෝ 17 ක් එති

(කටුනායක ටී.කේ.ජී.කපිල)

එක්සත් අරාබි එමීර්  සහ කටාර් යන රාජ්‍ය වල ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 17 දෙනෙකු අද (04) කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ .

මෙයින් පළමු වැන්න ඊයේ (03) රාත්‍රී 11.45 ට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි සිට පැමිණි එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 648 දරන ගුවන් යානයෙන් ශ්‍රී ලාංකික ගුවන් මගීන් 07 දෙනෙකු කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .

 පසුව අද (04) අලුයම 1.45ට කටාර් රාජ්‍යයේ දෝහා සිට පැමිණි කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 665 දරන ගුවන් යානයෙන් ශ්‍රී ලාංකික ගුවන් මගීන් 10 දෙනෙකු කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .

මොවුන් සියලු දෙනා කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි පසු පී.සී.ආර්.පරීක්ෂණ සඳහා යොමු කෙරිණි.



අදහස් (6)

මැද පෙරදිග සිරවී සිටි ශ්‍රී ලාංකිකයෝ 17 ක් එති

de silva Saturday, 04 July 2020 08:13 AM

10 දෙනෙකු පමණක් ගෙන්වන්නේ කුමටද? ඔය ගුවන් යානාවක 300කට විතර ඉඩ තියෙනවනේ.. ලංකාවේ රෝහල්වල ප්‍රතිකාර ලබන්නෙත් 192කි. රෝහල්වලත් ඉඩතියාගෙන ජීවිත අනතුරේ වැටිලා දුක්විඳින අපේ පුරවැසියන්ට මොකද වෙන්නේ? අගමැති කියලා තිබුණා රුපියල් කෝටි 7000ක් කොරෝනා ආධාර විදේශවලින් ලැබුණා කියලා..

:       1       119

විමල්Saturday, 04 July 2020 10:30 AM

පිටරට ඉන්න අපේ රට විරුවන් ගෙන්න ගෙන කොරෝනා රෝගීන් ගණන වැඩි වුනොත් ඡන්දෙ පරදිනවා කියන එක තේරෙන්නේ නැද්ද?. රට විරුවන් නැතත් ඡන්දේ දිනන්න ඕන නැද්ද?

:       0       176

AsankaSaturday, 04 July 2020 12:54 PM

එක ප්ලේන් එකක 10ක් විතරක් ආවා නොවේ.. මේකෙ තව මිනිස්සු ඇවිල්ලා තියෙනවා... ලාංකිකයින් 10 දෙනෙක් එම යානයේ ගෙන්වාගෙන තියෙනවා...

:       44       8

de silva Saturday, 04 July 2020 11:56 AM

විමල් මහත්තයා විදේශ ශ්‍රමිකයන් ගෙන්නුවේ නැතිනම් ඔවුන්ගේ පවුල්වල සහ හිතමිතුරන්ගේ ඡන්ද කොහොමත් ආණුඩුවට වැටෙන්නේ නැහැ. යූ ටියුබ් එකේ රටවිරුවෝ කියන දේවල් දැක්කාම දුක හිතෙනවා. ඔවුන්ගෙන් 17500 බැගින් ගත්ත රක්ෂණ මුදල් වලට විද්දේ කවුද?

:       0       104

විමල්Saturday, 04 July 2020 03:00 PM

සිල්වා මහත්තයා, රට විරුවන්ගේ පවුල්වල වලට සහ හිත මිතුරන්ට 5,000 ගානේ දුන්නේ ඔව්වා අමතක වෙන්න. 17,500 බැගින් රක්ෂණ මුදල් ගත්තේ විදේශ රැකියා කාර්යංශයේ උතුම් නිලධාරීන්ට පිටරට සවාරි ගොසින් රට විරුවන්ගේ දුක සැප බලන්න. තේරුම් ගන්න උත්සාහ කරන්න.

:       0       0

rama Sunday, 05 July 2020 07:57 AM

40000ක් විතර ඉන්නවා එන්න බලාගෙන... 17ක් ගෙනැල්ලා... මොනවා කරන්නද?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පොහොට්ටුවේ ජනපති අපේක්ෂක මැයි රැළියේදී එළියට
2024 අප්‍රේල් මස 23 108 0

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක මැයි රැළියේදී ප්‍රකාශයට පත් කරනු ඇතැයි එම පක්ෂ ආරංචි මාර්ග වලින් පැවසේ.


දියතලාව අනතුරු ගැන සොයන්න යුද හමුදාවෙන් විශේෂ කමිටුවක්
2024 අප්‍රේල් මස 23 102 0

දියතලාව ෆොක්ස් හිල් සුපර්ක්‍රෝස් තරගාවලිය අතරතුර සිදුවූ අනතුර සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදුකිරීම සදහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගෙන් සමන්විත 7 දෙනකු ගෙන


චමරි අතපත්තු ලෝකයේ පළමු තැනට එයි
2024 අප්‍රේල් මස 23 403 1

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිලේ නායිකා, සුපිරි පිතිකාරී චමරි අතපත්තු ලෝක කාන්තා එක්දින පිතිකාරීයන් ශ්‍රේණිගත කිරීමේ පළමු ස්ථානය හිමිකරගැනීමට සමත්ව


අනුර දුන් දිනවල සජිත්ට වැඩලු
2024 අප්‍රේල් මස 23 494 8

සමඟි ජන බලවේගයේ නායක විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා අතර යෝජිත විවාදයට ජාතික ජන බලවේගය දුන් දිනවල


චීන කොමියුනිස්ට් පක්ෂයත් අනුර කුමාර හමුවෙයි
2024 අප්‍රේල් මස 23 389 1

චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍යවරයා ඇතුළු දූත පිරිසක් ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක මහතා ජනතා විම


චීටා බළකාය යාල පීරයි
2024 අප්‍රේල් මස 23 1746 0

පොලිස් විශේෂ කාර්ය බළකාය විශේෂ පුහුණුව ලත් චීටා බළකායේ නිලධාරීන් විසින් අති නවීන ඩ්‍රෝන කැමරා උපයෝගී කරගෙන යාල අධි ආරක්ෂිතය තුළ සිදුකළ මෙහෙයුමකදී ගි


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 273 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1619 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1508 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site