(අජන්ත කුමාර අගලකඩ)
පාර්ලිමේන්තුව ලබන මාසයේ 2 වැනිදා විසුරුවා හරින්නේ නම් ඡන්ද විමසීම අප්‍රේල් 25ත් 28ත් අතර දිනයක පැවැත්විය හැකි බව මැතිවරණ කොමිෂන් සභාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ලිඛිතව දැනුම් දී ඇත.
මැතිවරණ කොමිෂන් සභාව මෙම දැනුම්දීම කර ඇත්තේ, පාර්ලිමේන්තුව ලබන මාසයේ 1 වැනිදායින් පසුව විසුරුවා හැරියහොත් ඡන්දය පැවැත්විය හැකි දින වකවානු පිළිබඳව විමසමින් ජනාධිපති ලේකම් ආචාර්ය පී. බී. ජයසුන්දර මහතා විසින් යවන ලද ලිපියට පිළිතුරු වශයෙනි.
පාර්ලිමේන්තුව මාර්තු 2 වැනිදා විසුරුවා හරින්නේ නම්, නාම යෝජනා කැඳවීම මාර්තු 11 වැනිදා සිට 17 වැනිදා දක්වා කාලසීමාව තුළ කළයුතු යැයිද මැතිවරණ කොමිෂන් සභාව ජනාධිපතිවරයා වෙත දැනුම් දී ඇතැයි වාර්තා වේ.
ජනාධිපතිවරයා විසින් නියමිත දිනට පෙර පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ලබන්නේ නම් නාමයෝජනා කැඳවන දිනය, මැතිවරණය පැවැත්වෙන දිනය සහ පාර්ලිමේන්තුව පළමුවරට රැස්වන දිනය, පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ ගැසට් නිවේදනයේ සඳහන් කළ යුතු වේ.
ඒ අනුව, අභිනව පාර්ලිමේන්තුව රැස්වන දිනය මැයි 12 වැනිදා වනු ඇතැයිද වාර්තා වේ.
19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුව මාර්තු 1 වැනිදායින් පසුව ඕනෑම මොහොතක ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවා හැරිය හැකි බව නීතිපතිවරයා ද ජනාධිපතිවරයා වෙත දැනුම් දී තිබිණි.
පාස්කු බැතිමතුන් පිරිසක් ගමන් කරමින් සිටි බස් රියක්, දකුණු අප්‍රිකාවේ, ප්‍රපාතයකට පෙරැළී අනතුරක් සිදුවිය.
ශ්‍රී ලංකාවෙි ප්‍රංශ තානාපති ඒ. ජෙආන් ෆ්රැන්කොයිස් මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතා අතර හමුවක් වීරකැටිය මැදමුලන නිවසේ
මහරගම නගර මධ්‍යයේ පිහිටා තිබූ බෝ ගසක අත්තක් අද රාත්‍රි 7 පමණ වර්ෂාවත් සමග ඇතිවූ සුළං තත්වය හමුවේ හදිසියේ කඩා වැටීමෙන් මාර්ගයේ ගමන් ගත් කාන්තාවක සහ පුද්
ඉකුත් මාස දෙකක කාලයේ ශ්‍රී ලංකාව රුපියල් මිලියන 983.7ක අපනයන ආදායමක් ලබා තිබෙන බව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහ
අන්තර්ජාලය ඔස්සේ සිදු වන ළමා ලිංගික අපයෝජන සම්බන්ධයෙන් වාර්තා කිරීමේ නව මාර්ගගත ක්‍රමවේදයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (28)
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් දන්නා කරුණු ලබන 04 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිට ප්‍රකාශයක් කරන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මාලිගාක
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
මැතිවරණය පැවැත්විය හැකි දිනගැන මැතිවරණ කොමිසම ජනපතිට දැනුම්දෙයි