(නිමන්ති රණසිංහ)
අල්ලස් සිද්ධියක් සම්බන්ධයෙන් මාස හතරකට අධික කාලයක් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ඉදිකැටිහේවගේ කුසුම්දාස මහානාම සහ රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපති පියදාස දිසානායක යන දෙදෙනා ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් රංග දිසානායක මහතා අද (25) අද නියම කළේය.
එක් අයකුට රුපියල් ලක්ෂයක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 20ක් බැගින් වු ශරීර ඇප තුනක් මත ඔවුන් මුදාහැරීමට මෙසේ නියෝග කෙරිණි.
ලංකා ආයෝජන මණ්ඩලයේ ව්‍යාපෘතියක් වශයෙන් එම්.ජී ෂුගර් ආයතනයට දී ඇති කන්තලේ සීනී සාගමට අයත් යන්ත්‍ර සුත්‍ර පවරා දීම සඳහා අල්ලසක් වශයෙන් රුපියල් මිලියන 540 ක් ඉල්ලා ඉන් රුපියල් මිලියන 20ක් ලබා ගත් බවට මෙම දෙදෙනා රක්ෂිත බන්ධනාගාර ගත කර සිටියහ.
සුදුසුම වෙලාවේ බලවත්ම සන්ධානය එලියට දමන බව එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් නායක හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසීය.
වත්මන් අර්බුද විසඳීමට පාඨලී චම්පික රණවක මහතා නිවැරදි වැඩපිළිවෙළක් ඉදිරිපත් කර ඇතැයි ශ්‍රී ලංකා මහජන පක්ෂය සඳහන් කළේය .
රථවාහන වරදක් සම්බන්ධයෙන් නඩු නොපවරවා සිටීමට ත්‍රී රෝද රථ රියදුරෙකුගෙන් රුපියල් 500/-ක අල්ලසක් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාවට වරදකරු රථවාහන රාජකාරියේ නිරත පො
එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා මහනුවර දී අද මල්වතු අස්ගිරි මහා නා හිමිවරු බැහැදුටුවේය.
මේ රට අයිති සමස්ත ශ්‍රී ලාංකිකයන්ට මිසක් එක් පවුලකට නොවන බව සියලු දේශපාලන පක්ෂ සහ නියෝජිතයින් අවබෝධකරගත යුතුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා
අනුරාධපුර බන්ධනාගාරයේ එළිමහන් සිර කඳවුරෙ රඳවා සිටි සිරකරුවන් දෙදෙනෙකු ඊයේ (29) දහවල් පලා ගොස් ඇති බව වාර්තාවේ.
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
මාස හතරකට පසු කුසුම්දාසට-මහානාමට ඇප
Uditha - London Tuesday, 25 September 2018 06:29 AM
දැන් ඊට පස්සේ මොකද වෙන්නේ ඉතින්.. ? නඩුව අහල අවසාන තීන්දුව දෙන්න තව කොච්චර වගේ කලක් යාවිද?
buddhi Tuesday, 25 September 2018 06:30 AM
ඇප ලැබුණට රෙද්දක් ඇදන් ගම්පලාතට යන්න පුලුවන්ද ??
sumith Tuesday, 25 September 2018 06:58 AM
අනේ විලි ලජ්ජා නැති කම මහමුදලි කමටත් වැඩිය ලොකු නේ කියලා ගමේ ගොඩේ කතාවක් තියෙනවනේ.
sam Tuesday, 25 September 2018 07:00 AM
මේ ගැන කරන පොලිස් පරීක්ෂණ අවසන් වෙන්න තව වසර දෙකතුනක් යාවි. ඊළඟට චෝදනා ගොනු කරලා නඩු විභාගය ආරම්භ කරන්නත් තව වසර දෙකතුනක් යාවි. ඊට පස්සේ නඩුව වසර තිහ හතළිහක් උනත් ඇදිලා යන්න ඉඩ තියනවා. එතකං ඉවසමු .
පිටිගල මිලානෝ Tuesday, 25 September 2018 07:19 AM
අල්ලස් නඩු වලට ඇප නැහැ නේද? මොකෝ මේ අය හීං නුලෙන් එළියට දාන්නේ? රට පටවන්නද?
Hafeel Tuesday, 25 September 2018 08:08 AM
ළඟදී බණ්ධනාගාර රෝහල් ගතවෙනකොටම තේරුණා ඉදිරියේදී යමක් වේවි බව. දැන් ඇප.
කසුන් Tuesday, 25 September 2018 11:43 AM
දන්නේ නැත්ද මේක යහපාලනය කියලා !!
චාන්දනී ද සිල්වා - මිගමුව Wednesday, 26 September 2018 11:16 AM
කුසුම්දාස කියන්නේ අර ප්‍රසිද්ධ වාද බයිලා කියන එක්කෙනාද..