IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


මාස 1 1 ක බිළිදියගේ ගෙල සිරකර මැරූ මව අත්අඩංගුවට

(ඉන්දිකා රාමනායක)

මාස 1 1/2 වයසැති  බිළිදියකගේ  ගෙල සිරකර  ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන්  බිළිදියගේ  මව  අද (16)  අත්අඩංගුවට  ගත් බව මෝදර පොලිසිය කියයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මෝදර අලුත්මාවතේ පෞද්ගලික ආයතනයක ගණකාධිකාරිවරියක් වශයෙන් සේවය කරන 29 හැවිරිදි කාන්තාවකි.

තමත් විටමින්  පෙති  30 ක් ගිලදමා  තම දරුවාට  මව්කිරි ලබා දුන් බවත්  පසුව දරුවා  සිහිසුන් වූ බව පවසා  ඇය දරුවා සමඟ කොළඹ ජාතික රෝහලට  ඊයේ (15) ඇතුළත්ව  ඇති බව පොලිසිය කියයි.

එහිදී රෝහලේ වෛද්‍යවරුන් දරුවා පරීක්ෂා කිරීමේන් පසු දරුවා මියගොස් ඇති බවට දැනුම් දී ඇත.

දරුවාගේ පශ්චාත් මරණ පරීක්ෂණ අද (16) කොළඹ ජාතික රෝහලේ පැවැත්වූ අවස්ථාවේ දරුවා මියගොස් ඇත්තේ  ගෙල සිරකිරීමකින් බවට හෙළි වු බවද පොලිසිය පවසයි.

මෙම සැකකාරිය සිය සැමියා සමග ඇති කරගත් ආරවුලක් දුරදිග යාමෙන් බිළිදිය ගෙල සිරකර ඝාතනය කර ඇති බවට පරීක්ෂණයේ දී තොරතුරු හෙළි වු බවද පොලිසිය කියයි.

 

 

  



අදහස් (4)

මාස 1 1 ක බිළිදියගේ ගෙල සිරකර මැරූ මව අත්අඩංගුවට

Amila Friday, 16 August 2019 06:12 PM

සමහර මව්වරුන්ට දරු ප්‍රසූතියෙන් පස්සේ මාස ගණනක් යනකන් ලොකු මානසික පීඩනයක් තියෙනවා. ඒකේ ප්‍රතිඵලයක් වෙන්න පුලුවන්. අර මෝඩ මිනිහගේ පිස්සු වැඩවලින් ඒක දෙගුණ තෙගුණ වුනා වෙන්නත් පුලුවන්.

:       355       385

MaheeSaturday, 17 August 2019 03:20 AM

ඔබ ඉතාම බුද්ධිමත් විග්‍රහයක් කරලා තියෙන්නේ. වැඩි දෙනෙක් කරන්නේ මවට බැනවදින එකයි. මේ වගේම බරපතල සමාජ ව්‍යවසනයක් තමයි පියා නැති දරුවන් ලැබෙන්න ඉන්න මවුවරුන් දරුවන් උපන් හැටියේ මරා දැමීම... නැත්නම් ගබ්සා කරගැනීමට ගොස් තමනුත් අමාරුවේ වැටීම... සමහර මවුවරුන් දිවිනසා ගන්නවා. සමාජය මේ සිද්ධීන් බලන්නේ මව කෙරෙහි පිළිකුලෙන් මිසක් මව ඒ තත්වයට වැටුනේ ඇයි කියලා අනුකම්පාවෙන් නෙවෙයි. අපේ පුරුෂාධිපත්‍යය පවතින සමාජයේ තිබෙන දුෂ්ඨ ලක්ෂණයක හැටි. අපේ නීති තවමත් වික්ටෝරියානු යුගයේ ඒවා...

:       91       141

RaveendraSaturday, 17 August 2019 08:35 AM

Amila සහ Mahee ඔබ දෙදෙනාගේම අදහස් ඉතා වටිනවා. කාරණය නම් වෛද්‍යවරු මේ පිළිබඳව මිනිසුන්ව දැනුවත් කරන්නේද? දැන් හැමතැනම අර නාලිකා මේ නාලිකා කියා නාලිකා හතු පිපෙනවා වගේ තිබෙන බැවින් මේවා ජනගත කිරීමට එතරම් අපහසුවක් නැහැ නොවේද?

:       7       18

Shani Saturday, 17 August 2019 04:35 AM

මානසික ගැටළු වෙන්න පුළුවන්.. අම්මයි, දරුවයි දෙන්නම පව්.

:       18       24

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කුඩු - අයිස් සමග නාවික හමුදා ලොක්කෝ 2ක් මාට්ටු
2024 අප්‍රේල් මස 19 771 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


සහන වැඩට දුන් ට්‍රැක්ටර් බවුසර් පහක් අතුරුදන්
2024 අප්‍රේල් මස 19 143 0

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ


පලස්තීනයට එරෙහිව ඇමෙරිකාවෙන් නිශේද බලය
2024 අප්‍රේල් මස 19 976 0

පලස්තීනයට එක්සත් ජාතීන්ගේ කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය ලබා දීම සඳහා සාමාජිකයන් විශාල පිරිසකගේ එකඟත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරක්ෂක කවුන්ස


ෆෙබ්‍රියෝ ඇප ඉල්ලන්න බලාපොරොත්තුවක් නෑ
2024 අප්‍රේල් මස 19 1005 0

කැනඩාවේ ඔටාවා නගරයේදී එකම පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු සහ එම පවුලේ හිතවතෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන ෆෙබ්


ජනපති තෙවරප්පෙරුමට අවසන් ගෞරව දක්වයි
2024 අප්‍රේල් මස 19 1320 0

එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව


නව පනතෙන් විදුලි මණ්ඩලයට වෙන දේ
2024 අප්‍රේල් මස 19 1185 0

ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි උත්පාදනය සම්ප්‍රේෂණය බෙදා හැරීම සහ සැපයීමට අදාල මණ්ඩලයේ වත්කම් හා බැරකම් සංස්ථාගත කරන ලද සීමාසහිත සමාගම් සතු කරනු ලැබිය


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 220 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1536 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1431 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site