(සමන් විජය බණ්ඩාර)
මාවනැල්ලේ ප්‍රදේශ කිහිපයක බුදු පිළිම වලට හානි කිරීමේ සිද්ධියේ සැකකරුවන් මාවනැල්ල දිසා මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු පෙබරවාරි 27 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මාවනැල්ල මහෙස්ත්‍රාත් උපුල් රාජකරුණා මහතා අද (13) නියෝග කළේය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් 17 දෙනෙක් මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති අතර ඒ අතර කාන්තාවක්ද සිටියි.
සැකකරුවන් දෙදෙනෙක්ට රැකවරණය සැපයු නාවලපිටිය උලපනේ ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් සහ පිරිමි අයෙක් අත්අඩංගුවට ගෙන අද (13) වැනිදා අධිකරණය වෙත ඉදිරිපත් කර රක්ෂිත බන්ධනාගාර ගත කළේය.
මෙම සිද්ධියට සම්බන්ධව වනාතවිල්ලුවේදී අත්අඩංගුවට ගත් තවත් සැකකරුවන් සිව්දෙනෙක් කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබුණි.
මෙම පුද්ගලයන් සිව්දෙනා ආයුධ තොගයක්ද සමඟ පොලිසිය විසින් අධිකරණය වෙත ඉදිරිපත් කළ අතර අද (13) වැනි දින එම සැකකරුවන් සිව්දෙනා ඇතුළු සැකකරුවන් 15 දෙනෙක් මාවනැල්ල මහෙස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කර ඇති අතර එහිදි කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මහෙස්ත්රාත්වරයාගෙන් ඉල්ලා සිටියේ අදාල සැකකරුවන් රඳවාගෙන තවදුරටත් ප්‍රශ්න කර යුතු බවයි.
අධිකරණයට ඉදිරිපත් කළ වනාතවිල්ලුව ප්‍රදේශයෙන් අල්ලා ගත් සැකකරුවන්ගෙන් රඳවා ප්‍රශ්න කිරීමට අවස්ථාව මහෙස්ත්‍රාත්වරයා ලබා දුන්නේය.
කෑගල්ල බන්ධනාගාරයේ සිටින සැකකරුවන්ගෙන්ද ප්‍රශ්න කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මහෙස්ත්රාත්වරයාගෙන් අවසර ඉල්ලා සිටි අතර බන්ධනාගාර අධිකාරිවරයාට ඒ බව දන්වා අවශ්‍ය පරික්ෂණ පෙබරවාරි 15 වැනිදායින් පසුව සිදු කරන ලෙසද මහෙස්ත්‍රාත්වරයා අවසර ලබා දුන්නේය.
වත්මන් අර්බුද විසඳීමට පාඨලී චම්පික රණවක මහතා නිවැරදි වැඩපිළිවෙළක් ඉදිරිපත් කර ඇතැයි ශ්‍රී ලංකා මහජන පක්ෂය සඳහන් කළේය .
රථවාහන වරදක් සම්බන්ධයෙන් නඩු නොපවරවා සිටීමට ත්‍රී රෝද රථ රියදුරෙකුගෙන් රුපියල් 500/-ක අල්ලසක් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාවට වරදකරු රථවාහන රාජකාරියේ නිරත පො
එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා මහනුවර දී අද මල්වතු අස්ගිරි මහා නා හිමිවරු බැහැදුටුවේය.
මේ රට අයිති සමස්ත ශ්‍රී ලාංකිකයන්ට මිසක් එක් පවුලකට නොවන බව සියලු දේශපාලන පක්ෂ සහ නියෝජිතයින් අවබෝධකරගත යුතුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා
අනුරාධපුර බන්ධනාගාරයේ එළිමහන් සිර කඳවුරෙ රඳවා සිටි සිරකරුවන් දෙදෙනෙකු ඊයේ (29) දහවල් පලා ගොස් ඇති බව වාර්තාවේ.
රාජ්‍ය අමාත්‍යවරයකුගේ පෞද්ගලික ලේකම්වරියකට, පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු දුරකථනයෙන් තර්ජනය කල බව පවසමින් එම ලේකම්වරිය අද (29) පැමිණිල්ල
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
මාවනැල්ලේ බුදු පිළිම කැඩූ 17 දෙනා තවදුරටත් රිමාන්ඩ්
Nihal Wednesday, 13 February 2019 07:09 PM
වැඩේ වැරදි නිසා මොවුන් ඇල්ලුවා
රොෂාන් Wednesday, 13 February 2019 09:11 PM
බුද්ධ ධර්මය විකුනලා බඩ පුරවා ගන්න අය ඔය වැඩේට සම්බන්ධ වෙලා ඇති අනීවාර්යයෙන්ම. ආයේ කතා දෙකක් නැහැ? ගිනි තියලා තමයි වැඩේ පටන් ගන්නේ?
jagath Thursday, 14 February 2019 04:07 AM
නිදහස් කලත් තත්ත්වය ඊට වඩා දරුණු විය හැකියි..
Bamunuarachchi Thursday, 14 February 2019 07:30 PM
අඬු කඩලා එලියට එවන්න