IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


මාලේ-ලන්ඩන්-මෙල්බන් වලට ශ්‍රීලන්කන් සීමිත ගුවන් ගමන් අරඹයි

( ටී.කේ.ජී.කපිල )

ශ්‍රී ලන්කන් ගුවන් සේවය සංක්‍රමණික ගුවන් මගීන් 289 ක් යොදා ගෙන අද (28) දින කටුනායක ගුවන් තොටුපළේ සිට  මාලේ , ලන්ඩන් සහ මෙල්බර්න් ගුවන් තොටුපළ වෙත සීමිත ගුවන් මෙහෙයුමක් ක්‍රියාත්මක කළේය.

ඒ අනුව අද දින දහවල් 11.41 ට මාලදිවයින , මාලේ ගුවන් තොටුපළේ සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 102 දරන විශේෂ ගුවන් යානය , ගුවන් මගීන් 120 ක් කටුනායක ගුවන් තොටුපළ රැගෙන පැමිණියේය.

මෙසේ රැගෙන පැමිණි සියලුම ගුවන් මගීන් කටුනායක ගුවන් තොටුපළ තොටුපළ තුළ දී ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් විශබීජහරණය කිරීමට ලක් කෙරුණි.

ඉන් පසුව දහවල් 1.31 ට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 503 දරන විශේෂ ගුවන් යානය මගින් ගුවන් මගීන් 107 දෙනෙකු එංගලන්තයේ , ලන්ඩන් නුවර හීත්‍රෝ ගුවන් තොටුපළ වෙත රැගෙන ගියහ.

මෙම ගුවන් මගීන් අතර මාලේ සිට පැමිණි ගුවන් මගීන් මෙන්ම , ශ්‍රී ලංකාවෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ සිටි ගුවන් මගීහු ද වූහ .

පසුව අද 28 දින රාත්‍රී 6.14 ට මාලේ සහ කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ සිටි ගුවන් මගීන් 62 ක් රැගෙන ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් ගුවන් තොටුපළ බලා ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 604 දරන විශේෂ ගුවන් යානය කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගියේය .

මෙම ගුවන් යානා දෙක හෙට 29 දින එංගලන්තයේ ලන්ඩන් හීත්‍රෝ ගුවන් තොටුපළෙන් සහ ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් ගුවන් තොටුපළෙන් එම රටවල රැදී සිටින ශ්‍රී ලාංකිකයන් පිරිසක් මෙරටට රැගෙන ඒමට නියමිතය .

මේ අතර අද 28 දින රාත්‍රී 11.05 ට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 1206 දරන විශේෂ ගුවන් යානය  බෙලරෑස් රාජ්‍යයේ මින්ස්ක් ගුවන් තොටුපළේ සිට ශ්‍රී ලාංකික ගුවන් මගීන් 278 ක් රැගෙන කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණීමට නියමිතය.



අදහස් (2)

මාලේ-ලන්ඩන්-මෙල්බන් වලට ශ්‍රීලන්කන් සීමිත ගුවන් ගමන් අරඹයි

Nandalal DE SILVA - France Thursday, 28 May 2020 06:19 PM

දහවල් 11.41, දහවල් 1.31, රාත්‍රී 6.14... මේ වගේ සුබනැකත් වේලාවල් හදලා ගුවන් යානා උඩ යවන්න තීරණය කලේ රාජපක්ෂ ආණ්ඩුවද කියල මගේ ආච්චි අහනවා..! එහෙම නැත්නම් කේන්දර බලා නැකත් හදන ගාල්ලේ සුමනදාස ගුරුන්නාන්සේද කියලා සීය හිතනවා... කොහොම වුණත් ටාර්මැක් එකේ වේලෙන යානා සුළුවෙන් හෝ අහසට යවන එක නම් අගේ කළයුතු වෙනවා !!!

:       0       0

Kamal Friday, 29 May 2020 02:34 AM

ඒවාට අරින්න පුළුවන්, මැදපෙරදිග ඉන්න මිනිස්සුන්ට ඕනේ නැහැ.. එහෙ වැඩියෙන් ඉන්නේ අසරණ මිනිසුන්නේ,.. ලන්ඩන්වලින් කොරෝනා ගේන්නද යන්නේ? පාඩු නොලබා තියෙයිද?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කුඩ්ඩෙක් සමග හාදකම් පෑ එස්.ටී.එෆ් සෙබළා අල්ලයි
2024 අප්‍රේල් මස 25 13 0

සේදවත්ත මධුෂ් නැමැති අන්වර්ථ නාමයෙන් පෙනී සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු සමග දුරකතන ඇමැතුම් වාර 800 ක් පමණ ලබාගෙන ඇති බව කියන පොලිස් විශේෂ කාර්ය බළකා


රේගුවට ටෙන්ඩර් ඉදිරිපත් කරන පුද්ගලයන් බියකරන කල්ලියක්
2024 අප්‍රේල් මස 25 424 1

රේගු දෙපාර්තමේන්තුව රාජසන්තක කළ භාණ්ඩ ඩෙන්ඩර් කැඳවා අළෙවි කිරීමේදී ටෙන්ඩර් ඉදිරිපත් කරන පුද්ගලයන් බියගැන්වීමට මෙරටින් පැනගොස් සිටින පාතාල සාමාජික


මැණික් ව්‍යාපාරිකයින්ගෙන් කෝටි 50ක් වංචා කළැයි අයෙක් රිමාන්ඩ්
2024 අප්‍රේල් මස 25 390 0

මැණික් ව්‍යාපාරිකයින්ට වටිනා මැණික් ලබා දෙන බවට පවසමින් රුපියල් කෝටි පනහකට අධික මුදලක් වංචා කළේ යැයි කියන සැකකරුවෙකු ලබන 07 දින දක්වා රක්ෂිත බන්ධනාගා


ලක්ෂ 27ක මත්කරල් ඔරුගොඩවත්තෙන් අල්ලයි
2024 අප්‍රේල් මස 25 127 0

රුපියල් ලක්ෂ 27 ක් වටිනා මත්කරල් 27,000 ක් ජාවාරම් කිරීම සදහා ත්‍රිරෝද රථයකින් ප්‍රවාහනය කරමින් සිටි ‘බම්පින් කුමාර‘ නැමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවක් අද (


ඇමෙරිකාවෙන් යුක්රේනයට දුරදිග මිසයිල
2024 අප්‍රේල් මස 25 1370 2

රහසිගතව ඇමෙරිකාව ලබා දුන් දිගු දුර බැලස්ටික් මිසයිල ප්‍රථම වතාවට යුක්රේනය ක්‍රිමියාවේ රුසියානු ඉලක්ක වෙත පහරදීමට භාවිත කර ඇතැයි ඇමෙරිකානු බලධාරීහු


පලස්තීනය වෙනුවෙන් ලංකාව හැමවිටම කැපවෙනවා
2024 අප්‍රේල් මස 25 351 1

පලස්තීන ගැටලුවට සාධාරණ හා පුළුල් සාකච්ඡා සහිත දේශපාලන විසඳුමක් වෙනුවෙන් සහය දැක්වීමට ශ්‍රී ලංකාව අඛණ්ඩව කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ම


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 317 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1703 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1547 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site