IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


මාලගමුවට රට යන්න අවසර

(මනෝප්‍රිය ගුණසේකර)

 

ප්‍රංශය ඇතුළු රටවල් කිහිපයක පැවැත්වෙන ‘ලැම්බෝගිනි සුපර් ට්‍රෝෆියෝ 2020’ තරගාවලිය සඳහා සහභාගී විමට ධාවන ශූර ඩිලන්ත මාලගමුව මහතාට විදේශ ගතවීමට කොළඹ මහාධිකරණය විනිසුරු ධම්මික ගනේපොළ මහතා අද (30) අවසර දුන්නේය.

‘ලැම්බෝගිනි සුපර් ට්‍රෝෆියෝ 2020’ තරගාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දරණ ඩිලන්ත මාලගමුව මහතාට විදේශ ගතවීමට අවසර දෙන්නැයි නීතීඥ ජීවන්ත ජයතිලක මහතා කළ ඉල්ලීමක් පිළිගනිමින් විනිසුරුවරයා ඒ සඳහා අවසර දුන්නේය.

 

සුපිරි නිවාස සංකීර්ණයක් ඉදිකිරීම සඳහා ජපන් ජාතිකයකුගෙන් ඇමෙරිකානු ඩොලර් ලක්‍ෂ 6ක මුදලක් ලබාගෙන වංචා කළ බවට ඩිලන්ත මාලගමුව මහතා ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහි නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී ඉදිරිපත් වූ කරුණු සළකා බලා විනිසුරුවරයා එලෙස නියම කළේය.

 

මෙම නඩුවේ විත්තිකරුවන් වශයෙන් ඥානදීපන් සිවජෝති, ඩිලන්ත මාලගමුව සහ විජිත බණ්ඩාර රණරාජා නමැත්තන් චෝදනා ලැබ සිටී.

 

ඩිලන්ත මාලගමුව මහතා වෙනුවෙන් පෙනී සිටී නීතීඥ ජීවන්ත ජයතිලක මහතා අධිකරණය අමතමින් තම සේවාදායකයා ලබන 10 වැනිදා සිට නොවැම්බර් 15 වැනිදා අතර කාලයේ ප්‍රංශය ඇතුථ රටවල් කිහිපයක් පැවැත්වෙන ‘ලැම්බෝගිනි සුපර් ට්‍රෝෆියෝ 2020’ තරඟාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දරන්නේ යැයි කීය.

 

මෙම නඩුවේ ඇප නියම කිරීමේදී තම සේවාදායකයාට එරෙහිව විදේශගතවීම වැළැක්වීමේ නියෝගයක් පනවා නැතත් විදේශගත වීමට පෙර ඒ බව දැනුම් දීමට ඔහු අධිකරණයට පැමිණි බව දැනුම් දුන් නීතීඥ ජීවන්ත ජයතිලක මහතා ඒ අනුව අදාළ තරගාවලියට සහභාගීවීම සඳහා විදේශ ගතවීමට ඔහුට අවසර දෙන්නැයිද ලබන 19 වැනිදා පැවැත්වෙන නඩු විභාගය ඔහු නොමැතිව පැවැත්වීමට අවසර දෙන්නැයිද අවසර ඉල්ලා සිටියේය.

 

ඒ සඳහා අවසර දුන් විනිසුරුවරයා මෙම නඩු විභාගය සඳහා ලබන 19 වැනිදා කැඳවීමට නියම කළේය.

 



අදහස් (10)

මාලගමුවට රට යන්න අවසර

Nuwan Wednesday, 30 September 2020 12:11 PM

හරිපැත්තට පොඩ්ඩක් උදව් කළාම ඔයවගේ සැලකිලි ලැබෙනවා.

:       7       26

de silva berlin Wednesday, 30 September 2020 12:26 PM

ගියාට වැඩක් නැහැ පළවෙනි 10 දෙනා අතරටවත් එන්න බැහැ. ගියවර පැට්‍රල් නැතිව කාර්එක අතරමග නැවතුණා. ලොකු කතා පමණයි. වැඩ නැහැ.

:       26       27

de silva Wednesday, 30 September 2020 12:58 PM

මේවා වල සුදුසු චරිත නැහැ.

:       3       12

de silva berlin Wednesday, 30 September 2020 02:13 PM

රේස් පදින්න රට යන්න දැන් රජයෙන් මූල්‍ය අනුග්‍රහය ලැබෙනවා. අවුරුදු 57ක් කියන්නේ රේස් පදින්න පුළුවන් වයසක් නොවේ. අපරාදෙ අපේ සල්ලි. මෝටර් රේස් පැදපු ලෝක ශූර ජර්මනියේ මයිකල් ශූ මාකර් පවා අවුරුදු 40-45 වෙනකොට විශ්‍රාම ගියා. ලංකාවේ සිටින තරුණ ක්‍රීඩකයෙකුට ඉඩ දෙන්න.

:       10       28

AsangaThursday, 01 October 2020 02:58 AM

එහෙනම් නාමල් හොඳයිද? නිකම් බොරු තර්ක ගේන්න එපා හලෝ...

:       1       1

de silva berlin Thursday, 01 October 2020 06:59 AM

මම මොහු පැදපු රේසි කිහිපයක් නැරඹුවා. එකක පෙට්‍රල් නොමැතිව කාර්එක මග නැවතුණා. තරග 2-3කදී වාහනය හප්පාගෙන තරගයෙන් ඉවත් වුණා. එකම තරගයකදීවත් පළවෙනි 10 දෙනා අතරට එන්න බැරි වුණා. හැමදාම මොහු කරන්නේ තරගය අවසානයේදී පොඩි ළමයෙක් වගේ මුල්ලට වෙලා අඬන එක. මේක වයසේ වැරැද්ද. කාර් රේස් කියන්නේ වේගවත් ක්‍රීඩාවක්... ගොල්ෆ් ගහනවා වගේ නොවේ. මේවාට රාජ්‍ය අනුග්‍රහය ලබාදී මහජන මුදල් නැති නාස්ති කරන්න එපා.

:       1       6

Prabha Thursday, 01 October 2020 11:12 AM

පෝස්ට් දෙක තුන ලියන්නේ පරණ කොන්තරාත්තුවක් තියෙනවාද?

:       2       2

SAPUMAL, සපුමල්, Sapumal.Friday, 02 October 2020 11:23 AM

බර්ලින් මහතා මොනවද මේ දොඩවන්නේ...? ඔහුගේ වරදක් තිබේ නම්, එය අධිකරණයේදී විසඳේවි. එතෙක් ඔහු නීතිය අනුව නිවැරදිකරු. ඔබ නිකං මිනිසුන්ට මඩ ගහන්න එපා. ජය පරාජය වෙනම දෙයක්. ඔහු ලොව දැවැන්තයන් අතර මේ තරඟ වදින්නේ. එහි ගවුරවය මේ පුංචි රටටයි. ඔබ හරි පටු විදියට තමයි මෙහි ලියා ඇත්තේ. ඔබ දන්නවද යමෙකුට යම් දෙයක් හැකිනම් ඒකට වයස බාධාවක් නොවන බව. වයස 99 ක මහල්ලෙකු වුවද, ඔහුගේ තරුණ ලක්ෂණ තිබේ නම්, ඔහු තරුණයෙකි. ඔබ නොදන්නවාට තරුණයා ගැන අර්ථ දක්වන්නේ එලෙසයි. කරුණාකර මෙවැනි අනුවණ අදහස් දමා මේ බුද්ධිමත් තීරණය කිලිටි නොකරන්න. මාලගමුව මහතාට රාජ්‍ය අනුග්‍රහය ලැබුණේ මෑතකදීයි. ඔහු මීට පෙර මේ සටන ගෙනිච්චේ ඔහුගේම වියදමෙන්. රජයෙන් මේ සඳහා මුදල් වැයවුණාට ඊට වඩා දීගුකාලීන වාසි මෙවැනි දේ නිසා රටට ලැබෙනවා.

:       0       2

ජගත් Thursday, 01 October 2020 07:40 AM

බලාගෙන ගියාම හොඳ ගේම් කාරයෙක් වගේ.

:       0       4

නන්දන කරු Thursday, 01 October 2020 11:50 AM

කුරුණෑගල අය දන්නවා.

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉන්දීය මහ මැතිවරණයේ ඡන්දය දුන් පළමු සරණාගතයා නාලීනී
2024 අප්‍රේල් මස 20 25 0

ඉන්දියාවේ තිරුචි දිස්ත්‍රික්කයේ කොට්ටපට්ටු සරණාගත කඳවුරේ දිවිගෙවූ ශ්‍රී ලාංකික කාන්තාවක් වූ කේ.නාලිනී ඉන්දීය මහ මැතිවරණයේදී සිය ඡන්දය ප්‍රකාශ කළාය


කෞෂාලි කුසුමපාලට කෝක් සමාගමේ අධ්‍යක්ෂක තනතුරක්
2024 අප්‍රේල් මස 20 188 0

කොකා කෝලා සමාගමේ ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා නව අධ්‍යක්ෂකවරිය ලෙස කෞෂාලි කුසුමපාල මහත්මිය පත් කර ඇත.


දූපත් පහකින් රජයට කෝටි හයක පොල්ලක්
2024 අප්‍රේල් මස 20 538 0

කල්පිටියේ දූපත් පහක් බද්දට ගත් ආයෝජකයන් පස්දෙනකු රුපියල් හය කෝටියකට ආසන්න බදු මුදලක් සංචාරක සංවර්ධන අධිකාරියට ගෙවීම හැර ඇතැයි ජාතික විගණන කාර්යාලය


ජනපති අඹේවෙල ගොවිපොළේ නිරීක්ෂණයක
2024 අප්‍රේල් මස 20 963 2

ලෝකයේ අති නවීනම තාක්ෂණය සහිත අඹේවෙල කිරි ගොවිපොළ සමූහයේ සංවර්ධන කටයුතු පිළිබඳ සොයා බැලීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (20) පෙරවරුවේ එහි නිරීක්ෂ


ඉදිකිරීම් භාණ්ඩවලට මිල සූත්‍රයක්
2024 අප්‍රේල් මස 20 684 1

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ භාණ්ඩ සඳහා මිල සූත්‍රයක් හඳුන්වාදීමට වෙළඳ අමාත්‍යාංශය තීරණය කර ඇත


ට්‍රම්ප්ට එරෙහි නඩුව අසද්දී පුද්ගලයකු ගිනි තබා ‌ගෙන
2024 අප්‍රේල් මස 20 1536 1

ඇමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව විභාගවන අපරාධ නඩුව කැඳවන නිව් යෝර්ක් අධිකරණ සංකීර්ණය ඉදිරිපිට දමා තිබෙන මාර්ග බාධකයේදී පුද්ගලයෙක


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 237 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1552 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1455 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site