IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


මාල හොරකමකට ලක් කතක් අරාබියේ හිරගෙදර

තිළිණි ද සිල්වා
 
සිය සේවා ස්ථානයේ  ස්වාමිදුව සතු රත්රන් මාලයක් සොරකම් කිරීමේ වරදට එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයේ ගෘහ සේවිකාවක වශයෙන් සේවය කළ ලාංකික කාන්තාවකට එරට අධිකරණය   මාස හයක සිර දඬුවමක් නියම කර ඇතැයි තානාපති ආරංචි මාර්ග සඳහන් කරයි.
 
අදාළ ලාංකික කාන්තාවට එරෙහි චෝදනාව අද (18 ) සාජා අධිකරණය හමුවේ කැඳවූ අතර එහිදී එම චෝදනාවට වරදකරු කරමින් මෙම දඩුවම පනවන ලදී. අදාළ සිර දඬුවම අවසන් වූ වහාම එම චූදිත ලාංකික කාන්තාව එරටින් පිටුවහල් කිරීමට අධිකරණය නියෝග කරනු ලැබ ඇත.
 
මීට සති කිහිපයකට පෙර අදාළ ලාංකික ගෘහසේවිකාව විසින් එලෙස සොරකම් කරනු ලැබූ ස්වාමිදුව ගේ රත්‍රරන් මාලය ගෙලෙහි බැඳ සිය ෆේස්බුක් සමාජ ජාල ගිණුමේ පළ කර තිබේ. පසුව එමිරාටි ජාතික ස්වාමිදුව එය දැකීමෙන් පසුව ලාංකික ගෘහසේවිකාව අදාළ සොරකම්  කළ බවට සාජා පොලීසිය හමුවේ පැමිණිල්ල ගොනු කර තිබේ.
 
අදාළ පැමිණිල්ල සම්බන්ධයෙන් සාජා පොලීසිය එම ගෘහසේවිකාවක කැඳවා ඇය ගෙන් ප්‍රකාශ සටහන් කර ගෙන ඇති අතර එම චෝදනාව ලාංකක කත විසින් ප්‍රතික්ෂේප කරනු ලැබ තිබේ. ෆේස්බුක් පිටුවේ පළ කර තිබූ ඡායාරූපයේ දක්නට ලැඛෙන රත්රන් මාලය ඇයට ස්වාමි දුව විසින් තමන්ට තිළිණ කළ එකක් බවද ලාංකික කාන්තාව පොලීසියට කියා ඇත.
 
සොරකම් කරන ලද රත්රන් මාලය පසුව ස්වාමිදුවගේ නිවසේ කුණු බාල්දියක තිබයදී හමුවී තිබේ. කෙසේවෙතත් ඇය ලබාදුන් සාක්කි පරස්පර වීම හේතුවෙන් ඇයව අත්ඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කර ඇයට එරෙහිව සාජා පොලීසිය නඩු පවරන ලදී.
 



අදහස් (4)

මාල හොරකමකට ලක් කතක් අරාබියේ හිරගෙදර

jeramiyas Friday, 19 January 2018 01:03 AM

මෙහෙත් කට්ටිය කල හොරකම් වලට හිරේ... එහෙත් කට්ටිය මල හොරකම් වලට හිරේ. අනේ මම දන්නේ නැහැ අප්පා...

:       0       0

Nandalal DE SILVA - France Friday, 19 January 2018 01:47 AM

මේ මනුස්සයාට දීපු දඬුවම නම් ඒ කලාපයේ හොරුන්ට දෙන දඬුවම්වලට සමානව ඉතාම "සිල්ලර" එකක් ! එයා ඒ ගැන සතුටට පත්වන්න ඕන... (අපේ රටේ අල්ලපු වත්තේ වැටුන පොල් ගෙඩියක් අහුලාගෙන යන කෙනාට ලැබෙන දඬුවමයි, රජයට අයත් සුපිරි වාහනයක් අවභාවිතා කරන ලොක්කන්ට ලැබෙන දඬුවමක් වගෙයි...මේකත් !!! ) කොහොම වුනත් මේ බවලතා වාසනාවන්තයි. ඒ වගේම මොළයක් නැති රාජකීය මොට්ට වැඩක් තමයි කරලා තියෙන්නෙත් !! හොරකම කලා මදිවට, මහන්තත්වේ පෙන්නන්න.. උජාරුවට මාලේ බෙල්ලේ එල්ලගෙන ෆේස් බුක් එකේ පින්තුරෙත් දමාගෙන !! ගෑණු මොළේ හැඳි මිටේ දිගට තිබ්බේ ඉස්සර. මේ අයට තමා බූවලිගෙන් තලන්න ඕන ආපහු ශ්‍රී ලංකාවට ආවට පස්සේ ...

:       0       0

kaluthra buddimathun Friday, 19 January 2018 08:15 AM

මෙහෙට ඇවිල්ලා කළුතරින් ඡන්දෙ ඉල්ලන්න...

:       0       12

sampath Friday, 19 January 2018 10:31 AM

මේවා ඇත්ත නොවෙන්න පුළුවන්... බොහෝවිට කරන්නේ ගෙදර තියෙන වටිනා බඩුවක් බෑග් එකට දාලා හොරකම් කලා කියල බොරු නඩු පටලන එකයි. නීතිඥයකුගේ සහය ගන්න හැකියාවක්වත්, භාෂාව නොතෙරීමත් නිසා අසරණ වෙනවා. මේවට මැදිහත් වීමට තානාපති කාර්යාල වල එතරම් උනන්දුවක් නැහැ. අපි හැමෝම ඒ රටේ මිනිස්සු කියන එක විශ්වාස කරලා නිකම් ඉන්නවා. මේ මිනිස්සු නිසා අපි අද මේ සියලු දේවල් රටේ කරන්නේ.. අඩුම සැලකිල්ල ලැබෙන පිරිසත් එයාලනේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අනුර ස්වීඩන් යයි
2024 අප්‍රේල් මස 25 117 0

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක අද රාත්‍රී ස්වීඩනය බලා පිටත්ව යන බව එම පක්ෂය පැවසීය.


කුඩ්ඩෙක් සමග හාදකම් පෑ එස්.ටී.එෆ් සෙබළා අල්ලයි
2024 අප්‍රේල් මස 25 115 0

සේදවත්ත මධුෂ් නැමැති අන්වර්ථ නාමයෙන් පෙනී සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු සමග දුරකතන ඇමැතුම් වාර 800 ක් පමණ ලබාගෙන ඇති බව කියන පොලිස් විශේෂ කාර්ය බළකා


රේගුවට ටෙන්ඩර් ඉදිරිපත් කරන පුද්ගලයන් බියකරන කල්ලියක්
2024 අප්‍රේල් මස 25 535 1

රේගු දෙපාර්තමේන්තුව රාජසන්තක කළ භාණ්ඩ ඩෙන්ඩර් කැඳවා අළෙවි කිරීමේදී ටෙන්ඩර් ඉදිරිපත් කරන පුද්ගලයන් බියගැන්වීමට මෙරටින් පැනගොස් සිටින පාතාල සාමාජික


මැණික් ව්‍යාපාරිකයින්ගෙන් කෝටි 50ක් වංචා කළැයි අයෙක් රිමාන්ඩ්
2024 අප්‍රේල් මස 25 438 0

මැණික් ව්‍යාපාරිකයින්ට වටිනා මැණික් ලබා දෙන බවට පවසමින් රුපියල් කෝටි පනහකට අධික මුදලක් වංචා කළේ යැයි කියන සැකකරුවෙකු ලබන 07 දින දක්වා රක්ෂිත බන්ධනාගා


ලක්ෂ 27ක මත්කරල් ඔරුගොඩවත්තෙන් අල්ලයි
2024 අප්‍රේල් මස 25 159 0

රුපියල් ලක්ෂ 27 ක් වටිනා මත්කරල් 27,000 ක් ජාවාරම් කිරීම සදහා ත්‍රිරෝද රථයකින් ප්‍රවාහනය කරමින් සිටි ‘බම්පින් කුමාර‘ නැමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවක් අද (


ඇමෙරිකාවෙන් යුක්රේනයට දුරදිග මිසයිල
2024 අප්‍රේල් මස 25 1592 2

රහසිගතව ඇමෙරිකාව ලබා දුන් දිගු දුර බැලස්ටික් මිසයිල ප්‍රථම වතාවට යුක්රේනය ක්‍රිමියාවේ රුසියානු ඉලක්ක වෙත පහරදීමට භාවිත කර ඇතැයි ඇමෙරිකානු බලධාරීහු


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 318 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1705 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1548 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site