IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


මාර්තු 8 දාට පෙර එන්න මහේන්ද්‍රන්ට නියෝග

(ෂෙහාන් චාමික සිල්වා)

මාර්තු 08 වැනි දා හෝ ඊට පෙර සීඅයිඩිය හමුවේ පෙනී සිට කටඋත්තරයතක් ලබාදෙන ලෙස හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතාට කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද (16) නියෝග කළාය.

මෙම නියෝගය අධිවේගී තැපෑල සහ ඩීඑච්එල් කුරියර් සේවය හරහා මහේන්ද්‍රන් මහතාගේ සිංගප්පූරුවේ නිවසට යවන ලෙසට ද මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.

පෙබරවාරි 15 වැනිදාට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙසට නිකුත් කළ නියෝගය සම්බන්ධයෙන් තම පියාණන් දැනුම්වත් වී සිටි බව අර්ජුන් මහේන්ද්‍රන් මහතාගේ දියණිය අංජලී මහේන්ද්‍රන් සීඅයිඩියට ප්‍රකාශ කර ඇතැයි සීඅයිඩිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අතිරේක සොලිසිටර් ජනරාල් යසන්ත කෝඳාගොඩ මහතා අද (16) අධිකරණයට දන්වා සිටියේය. ඒ මහතා මේ බව දන්වා සිටියේ බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් වූ අදාළ නඩුව කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ඉදිරියේ විභාගයට ගත් අවස්ථාවේදීය.

හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතාට පෙබරවාරි 15වැනිදාට පෙර සීඅයිඩිය හමුවේ පෙනී සිටින ලෙසට ලබාදුන් නියෝගය අන්තර්ජාතික පොලිසියේ සිංගප්පුරු ශාඛාව වෙත ලබාදීමට නොහැකි වී ඇතැයි සීඅයිඩිය මෙහිදි අධිකරණයට දැනුම් දුන්නේය.

 



අදහස් (6)

මාර්තු 8 දාට පෙර එන්න මහේන්ද්‍රන්ට නියෝග

nuwan Friday, 16 February 2018 11:00 AM

පිටරට පුරවැසි තමන්ගේ ඉස්කෝලේ යාළුවෝ රටේ මර්මස්ථානවලට පත් කිරීම බොහොම වැරදි වැඩක් !!

:       0       0

surath Saturday, 17 February 2018 12:00 AM

එයාව රටට ගෙන්නලා තනතුර දීපූ මෑන් දැන් නිහඬයි. පොඩ්ඩන්ට නීතිය ලොක්කන්ට අවනීතිය.

:       0       0

සතයපාල Saturday, 17 February 2018 02:37 AM

අධිකරණයට පොඩ්ඩක් ඉවසලා බලා ඉන්න වෙයිවගේ ඇලෝසියස්ගේ වැඩේ තවම ඉවර නැහැ.

:       0       0

Nandalal DE SILVA - France Saturday, 17 February 2018 10:43 AM

අපෝ ඒවි! එනකම් බලා ඉන්න. ගුවන් තොටුපලේදී මගුල්බෙර ගහලා, කිරිබත් කවලා පිළිගන්න සූදානමින් ඉන්න. අනේ මගෙ කට !!!

:       0       45

Lalith Perera Saturday, 17 February 2018 10:11 PM

ලංකාවේ නීතිය ක්‍රියාකරවන විදිය ගැන නම් ලැජ්ජයි.

:       0       0

Nandalal DE SILVA - France Sunday, 18 February 2018 05:33 PM

මින් මතුවටවත් රජයේ හෝ අනුබද්ධිත සංස්ථාවල "රාජකීය" ප්‍රමාණයේ වැටුප් ලබාගන්නා ඉහල නිළධාරීන් පත්කිරීමේදී රජය මීට වඩා පරෙස්සම් විය යුතුය. ශ්‍රි ලංකාවේ එක පයක් තබාගෙන අනිත් පය පිටරටක ඔබාගෙන සිටින විදේශිකයන්ට මෙවැනි උසස් තනතුරු දුන්නාම වෙනදේ දැන් පැහැදිලිවම පේනවා නේද ? එහෙම කරන අයම තමා, තමන්ට කන්න දීපු රටෙන් ගහන්න පුළුවන් ලොකුම ගැහිලි ගහල පැනගොස් "සියරටේ" සැඟවී සිටින්නේ! ආයෙත් මෙවැනි අය ශ්‍රී ලංකාවට ගෙන්වා ගන්නවා කියන්නේ බොරු!

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති තෙවරප්පෙරුමට අවසන් ගෞරව දක්වයි
2024 අප්‍රේල් මස 19 505 0

එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව


නව පනතෙන් විදුලි මණ්ඩලයට වෙන දේ
2024 අප්‍රේල් මස 19 415 0

ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි උත්පාදනය සම්ප්‍රේෂණය බෙදා හැරීම සහ සැපයීමට අදාල මණ්ඩලයේ වත්කම් හා බැරකම් සංස්ථාගත කරන ලද සීමාසහිත සමාගම් සතු කරනු ලැබිය


’’කාදිනල් තුමන් ජ.වි.පෙට රැවටෙන්න යනවාද?’’
2024 අප්‍රේල් මස 19 420 0

ගෝඨාභයට රැවටුන බව ප්‍රසිද්ධියේ පිළිගත් කාදිනල් තුමන් මේ වාරයේ ජනතා විමුක්ති පෙරමුණට රැවටෙන්නට යනවාදැයි ප්‍රබල සැකයක් මතුවන බව එක්සත් ජාතික පක්ෂ මහ ල


සිසුන්ගේ පෝෂණයට සහල් බෙදීම ඇරැඹේ
2024 අප්‍රේල් මස 19 233 1

පාසල් සිසුන්ට පෝෂ්‍යදායි ආහාර වේලක් ලබා දීමේ වැඩසටහන වෙනුවෙන් ලෝක ආහාර වැඩසටහන මගින් ප්‍රදානය කළ සබලකරණය කරන ලද සහල් පාසල් වෙත නිකුත් කිරීම වේයන්ගොඩ


බොරතෙල් - රන් මිල හිටිහැටියේ ඉහළට
2024 අප්‍රේල් මස 19 663 1

ඉරානයට ඊශ්‍රායල මිසයිල ප්‍රහාර එල්ල කිරීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් සහ රත්තරන් මිල ඉහළ ගොස් ඇතැයි විදේශ මාධ්‍ය වාර්තා කළේය.


විදුලි සේවකයෝ ඔක්කොම නඩු දැම්මත් පනත හකුලන්නේ නෑ
2024 අප්‍රේල් මස 19 1148 4

විදුලි සේවකයන් විසිහතරදහසම නඩු දැම්මත් නව විදුලිබල පනත හකුලා නොගන්නා බවත් වැඩි පිරිසක් අධිකරණයට යෑමෙන් වඩාත් හොඳ පනතක් නිර්මාණය කිරීමේ හැකියාව ලැබෙ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 214 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1525 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1420 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site