( තිළිණි ද සිල්වා )
වත්මන් රාජ්‍ය ව්‍යාපාර ,කන්ද උඩරට උරුමය සහ මහනුවර සංවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතාගේ නියෝග මත මහජන සම්බන්ධතා නිලධාරීන් 45 දෙනෙකු සහ රජයේ ව්‍යාපෘති සඳහා උපදේශකවරුන් 102 නෙකු බඳවා ගෙන ඇතැයි කියන පැමිණිල්ලට අදාළව සාක්ෂි විභාගයේදී අසත්‍ය තොරතුරු දුන් මාර්ග සංවර්ධන අධිකාරියේ නීති අධ්යක්ෂවරයාට ජනාධිපති පරීක්ෂණ කොමිසම විසින් තරයේ අවවාද කර ඇත.
අදාළ පැමිණිල්ල සම්බන්ධයෙන් එම කොමිෂන් සභාව හමුවේ වැඩිදුර සාක්ෂි විභාගය පැවති අතර එහිදී කොමිසම හමුවේ පෙනී සිටි මාර්ග සංවර්ධන අධිකාරියේ නීති අධ්යක්ෂ ජීවානන්ද වෛද්යදාස මහතාට මෙලෙස අවවාද කරනු ලැබීය.
සාක්ෂිකරුවෙකු කොමිෂන් සභාව ඉදිරියේ අසත්‍ය සාක්ෂි දීම අභියාචනාධිකරණය දක්වා ගෙන යා හැකි වරදක් යැයි රජයේ ආයතනවල සිදුව ඇතැයි කියින වංචා හා දූෂණ ගැන සොයන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ සභාපති, විනිසුරු උපාලි අබේරත්න මහතා එම සාක්ෂිකරුට තරයේ අවවාද කරමින් කියා සිටියේය.
හිටපු උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යවරයාව සිටියදී , අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතාගේ නියෝග මත මහජන සම්බන්ධතා නිලධාරීන් 45 දෙනෙකු සහ ව්‍යාපෘති සඳහා උපදේශකවරුන් 102නෙකු රජයේ බඳවා ගැනීම් ක්‍රියාපටිපාටියට පරිබාහිර බඳවා ගැනීම් සිදු කර ඇතැයි කියමින් මෙම පැමිණිල්ල ගොනු වී තිබිණි.
එම පැමිණිලි විභාගයේ දී සාක්කි දුන් සාක්කිකාර මාර්ග සංවර්ධන අධිකාරියේ නීති අධ්යක්ෂවරයා කොමිසම හමුවේ කියා සිටියේ එම පත්වීම් සඳහා කැබිනට් අනුමැතියක් අවශ්‍ය නොවන බවය.
සාක්ෂිකරු එසේ කියා සිටිය ද, අධ්යක්ෂ මණ්ඩල පත්‍රිකාවලින් සහ පාර්ලිමේන්තු පොදු ව්‍යාපාර කමිටුව මගින් එම පත්වීම් සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය අවශ්‍ය බවයි රජයේ නීතිඥවරයා කොමිෂන් සභාව හමුවේ කරුණු දක්වමින් කියා සිටියේය.
එම කරුණු සැලකිල්ලට ගත් ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ සභාපති, විනිසුරු උපාලි අබේරත්න මහතා එම සාක්ෂිකරුට අසත්‍ය කරුණු දැක්වීම් සම්බන්ධයෙන් තරයේ අවවාද කළේය.
මේ අතර, මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපලේ වී ගබඩා කිරීමට එයට පාඩු සිදුව ඇතැයි කියමින් ගොනු කළ පැමිණිල්ලට අදාළව ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති අජිත් ඩයස් මහතාද එම ජනාධිපතිකොමිෂන් සභාවේ පොලිස් එක්කය හමුවේ ප්‍රකාශයක් ලබා දී ඇත.
එහි පොලිස් නිලධාරීන්ගේ ප්‍රශ්න කිරීම් හමුවේ ඔහු සඳහන් කර ඇත්තේ අග්‍රාමාත්‍ය උපදේශකවරයෙකු වූ චරිත රත්වත්තේ තමාට දුරකතනය මඟින් අමතා වී ගබඩා කිරීම සඳහා මත්තල ගුවන් තොටුපලේ භාණ්ඩ ගබඩාව ලබාදිය හැකි දැයි විමසූ බවයි.
කෙසේ වෙතත්, ඒ සම්බන්ධව ගුවන් තොටුපළ නිලධාරීන් සමඟ සාකච්ඡුා කිරීමෙන් පසු චරිත රත්වත්තේ මහතාට, එහි වී ගබඩා කළ හැකි බව ලිඛිතව දැන් වූ බවද ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති අජිත් ඩයස් ප්‍රකාශ කර ඇත.වී ගබඩා කිරීමෙන් පසුව කැබිනට් අනු කමිටුවක අනුමැතියක් ඒ සඳහා ලැබුණු බව එවකට වී අලෙවි මණ්ඩලයේ සභාපතිවරයා තමාට දන්වා සිටි බවද ඔහු වැඩිදුරටත් ජනාධිපති කොමිසමේ පොලිස් නිලධාරීන්ගේ වැඩිදුර ප්‍රශ්න කිරීම් වලදී සඳහන් කර ඇත.
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ භාණ්ඩාගාරික සහ කරන්දෙණිය මහජන සෞඛ්‍ය පරීක්ෂක දිලීප රොෂාන් කුමාර මහතාගේ ඝාතනය සම්බන්ධ පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර
නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය ලක්ෂ 1,103 ක් හෙවත් රුපියල් කෝටි 11 කට අධික වටිනාකමකින් යුත් වාහන සහ දේපල රැසක් තහනම් කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍යංශය
සිරුරින් බද්ධ වුණු, ඇබී සහ බ්‍රිට්නි නමැති ඇමෙරිකන් නිවුන් සොහොයුරියන් දෙදෙනා මවු පදවියට සූදානම් බව විදෙස් මාධ්‍ය පවසයි. මෙම සොහොයුරියන් දෙදෙනාට හිස
දේශීය ගොවීන් සහ දේශීය නිෂ්පාදකයන් ආරක්ෂා කිරීම සඳහා ක්‍රියාත්මක කෙරුණු විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ලබන ජනවාරි මාසයේ සිට අහෝසි කෙරෙන බව මුදල් රාජ්‍ය අමාත්
පරාටේ නීතිය සංශෝධනය කෙරෙන බැංකු සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ විවාදය ලබන 02 වැනිදා පැවැත්වේ.
ඇමෙරිකන් බිලියනපති, ව්‍යාපාරික, සැම් බෑන්ක්මන් ෆ්රයිඞ්ට වසර 25 ක සිරදඬුවමක් නියම කර තිබේ. ඒ, ඔහු මූල්‍ය වංචා සහ මුදල් විශුද්ධිකරණ චෝදනා සම්බන්ධයෙන් නිව
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
මාර්ග සංවර්ධන අධිකාරියේ නීතී අධ්‍යක්ෂකට ජනපති කොමිසමෙන් අවවාද
Raveendra Friday, 16 August 2019 08:43 AM
"නීති අධ්යක්ෂවරයාට ජනාධිපති පරීක්ෂණ කොමිසම විසින් තරයේ අවවාද කරනු ලැබ ඇත." පළමුව අප මෙම නීති අධ්‍යක්ෂකගේ සුදුසුකම් සොයා බැලිය යුතුයි. මක්නිසාදයත් එවන් තනතුරකට පැමිණෙන පුද්ගලයකුට නීතිය පිළිබඳව හසල දැනුමක් තිබිය යුතු යයි නූගත් සාමාන්‍ය පුරවැසියන් වන අපේ හැඟීමයි. වයසත් සමග අද්දැකීම් වලින් හීනපාසල් යන දරුවෙකුට, සරසවි සිසුවෙකුට එසේ අවවාද කිරීමට හැරීම සාධාරණයි. එබැවින් හොර සහතික ඉදිරිපත්කර තනතුරු ලබාගත් කෙනෙකු යයි කිසිවෙකු නොසිතන්නේද? තනතුරට පත්කිරීමට අනුමැතිය දුන් " හරකා " ගැනද සොයා බැලිය යුතු නොවේද?
dilal Friday, 16 August 2019 11:07 AM
චෝදනාව මත්තල වී ගබඩාකිරීම. අපේ රටේ ජනතාවගේ ප්‍රධාන ආහාරය වන බත් පිළියෙළ කරගන්නේ වී සහල් කරනේද ? වී ගබඩා කිරීම ආරක්ෂා කිරීම ජාතික ආරක්ෂාව වගේම වැදගත් දෙයක් .මේ රටේ ආණ්ඩු පෙරළන්න පත්කරන්න හැමදාමත් වී මිල සහල් මිල බලපානවා.මතකද හඳෙන් ගෙනල්ල හරි හාල් සේරු දෙකක් නොමිලේ දෙනවා කියා චන්දය දිනාගත්ත 1970දි .
චමින්ද Friday, 16 August 2019 01:20 PM
කොට්ටෝරුවා හැම ගහකම හොට ඇනඇන යනවා. කෙසෙල් ගහට කොටපුදාට හොට තදවෙනවා.
සඳුන් Friday, 16 August 2019 03:01 PM
රවීන්ද්‍ර මොකද අර හරකා කියන වචනය කොමා ඇතුලේ දාලා ලියලා තියෙන්නේ... පාරේ උලා කන ඒ සත්තුන්ටත් ලොකු නිග්‍රහයක් ඒක...
RaveendraFriday, 16 August 2019 04:08 PM
සඳුන් මයා වෙත, සමාවෙන්න ඇත්තෙන්ම ඒ සතුන්ටත් නිග්‍රහයක් තමයි මේවගේ මිනිස් ආත්ම ලබපු පාද දෙකේ තිරිසනුන්ව සම කිරීම...
Hafeel Friday, 16 August 2019 03:44 PM
Raveendra, ඔහුගේ සුදුසුකම් කිරිඇල්ලට කඩේ යන එක ...
Rohana Saturday, 17 August 2019 04:19 AM
නෑ මෙයා නීතිවිභාගේ ලියලා තිබෙන්නේ කාමරයක් ඇතුලේ පොලිස් ආරක්ෂාව මැද....
RavendraeSaturday, 17 August 2019 08:43 AM
අපේ අර ලොකු පුත්‍රරත්නය වගේද? ලබන සැරේ ඒ විෂයට අදාළ ඇමතියා වෙයිද දන්නෙත් නැහැ..?