හර්ෂණ තුෂාර සිල්වා
සංහිඳියා ක්‍රියාවලියේදී මෙන්ම දීර්ඝකාලීන සාමයක් උදා කරදීමේ ක්‍රියාවලියේදී ඇමෙරිකා එක්සත් ජනපදය ජාත්‍යන්තරයේදී ශ්‍රී ලංකාවට පූර්ණ සහයෝගය ලබාදෙන බව ඇමෙරිකා එක්සත් ජනපද තානාපති අතුල් කෙෂාප් මහතා මෙරට ජ්‍යෙෂ්ඨ නිලධාරීන් හමුවෙමින් ප්‍රකාශ කර තිබේ.
ඇමෙරිකා එක්සත් ජනපදය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයෙන් ඉවත් වන බව ඇමෙරිකා රාජ්‍ය ලේකම් මයික් පොම්පෙඕ ඊයේ (19) නිවේදනය කිරීමෙන් අනතුරුව තානාපතිවරයා අද (20) මෙලෙස ශ්‍රී ලංකා නිලධාරීන් හමු වී තිබේ.
මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරන කොළඹ ඇමෙරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලය ජාත්‍යන්තරයේදී ඇමෙරිකා එක්සත් ජනපදය ශ්‍රී ලංකාවට උපරිම සහයෝගය ලබාදෙන බව ද සඳහන් කර තිබේ.
ශ්‍රී ලංකාව ඇමෙරිකා එක්සත් ජනපදයේ සමඅනුග්රහය ඇතිව 2015 වසරේදී 30/1 සහ 2017 වසරේදී 34/1 යනුවෙන් යෝජනා දෙකක් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කරන ලදි. අදාළ යෝජනාවල ඇති කරුණු සපුරා ගැනීමේදී ඇමෙරිකා එක්සත් ජනපදය ශ්‍රී ලංකාවට පූර්ණ සහයෝගය ලබාදෙන බව ද අදාළ නිවේදනයේ සඳහන් වේ.
අදාළ යෝජනාවල ඇති කරුණු සපුරා ගැනීමේදී ශ්‍රී ලංකාව ප්‍රගතියක් අත්පත් කරගෙන ඇති අතර ඉදිරියේදීත් ශ්‍රී ලංකාව සහ ඇමෙරිකාව අතර ද්විපාර්ශීය සබඳතා ශක්තිමත් කරගන්නා බව ද එහි සඳහන්ව කර ඇත. ලොව පුරා මිතුරන් සහ පාර්ශවකරුවන් ඇති කරගැනීමට ශ්‍රී ලංකාවට ඇති හැකියාව තවදුරටත් තහවුරු කරගැනීමට ද ඇමෙරිකා එක්සත් ජනපදය ශ්‍රී ලංකාවට සහයෝගය දෙන බව ද එහි සඳහන්ව ඇත.
ශ්‍රී ලංකාවෙි ප්‍රංශ තානාපති ඒ. ජෙආන් ෆ්රැන්කොයිස් මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතා අතර හමුවක් වීරකැටිය මැදමුලන නිවසේ
මහරගම නගර මධ්‍යයේ පිහිටා තිබූ බෝ ගසක අත්තක් අද රාත්‍රි 7 පමණ වර්ෂාවත් සමග ඇතිවූ සුළං තත්වය හමුවේ හදිසියේ කඩා වැටීමෙන් මාර්ගයේ ගමන් ගත් කාන්තාවක සහ පුද්
ඉකුත් මාස දෙකක කාලයේ ශ්‍රී ලංකාව රුපියල් මිලියන 983.7ක අපනයන ආදායමක් ලබා තිබෙන බව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහ
අන්තර්ජාලය ඔස්සේ සිදු වන ළමා ලිංගික අපයෝජන සම්බන්ධයෙන් වාර්තා කිරීමේ නව මාර්ගගත ක්‍රමවේදයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (28)
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් දන්නා කරුණු ලබන 04 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිට ප්‍රකාශයක් කරන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මාලිගාක
බාල බෙහෙත් ජාවාරම සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයට පත්කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු වික්තිකරුවෝ ලබන 08 වැනිදා දක්වා තව දුරටත් රිම
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
මානව හිමිකම් කවුන්සිලයෙන් ඉවත් වුවත් ලංකාවට සහාය ලබාදෙනවා - ඇමෙරිකා තානාපති
lalith Wednesday, 20 June 2018 08:17 PM
මොන සහයක් ඉල්ලන්නවද? අපිත් ඕකෙන් අයින් උනානම් ඉවරනේ?
රවින් Thursday, 21 June 2018 02:29 AM
ලොකුම සහය තමා ලොව සිටින සියලු අන්තවාදී කොටස් වලට සහය නොදැක්වීම.
don juan Thursday, 21 June 2018 03:40 AM
උපරිම සහයෝගය නම් කරදර නොකර සිටීමෛ.
Jayantha Thursday, 21 June 2018 05:22 AM
බොහොම හොද දෙයක්
rasika Thursday, 21 June 2018 02:34 PM
දැන් ඇමරිකාවම නේද කියන්නේ මානව හිමිකම් කවුන්සිලය පක්ෂපාති කියලා සාධාරණ නැ කියලා. ඉතින් ඒගොල්ලන්ගේ අසාධාරණ ඒවා අපි මොකටද ක්‍රියාත්මක කරන්නේ..