IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


මාධ්‍යවේදීන්ට වධ දීම ගැන විමර්ශන කළ පොලිස් පරීක්ෂක මාරු කරයි

(තරිඳු ජයවර්ධන)
 
ලසන්ත වික්‍රමතුංග, කීත් නොයාර් ඇතුළු මාධ්‍යවේදීන්ට හිංසා කිරීම සම්බන්ධයෙන් විමර්ශන පවත්වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමූහ මංකොල්ල විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නිශාන්ත   සිල්වා මහතා  වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරු කර ඇතැයි පොලිස් මූලස්ථානයේ ආරංචි මාර්ග කියයි.
 

සේවයේ අවශ්‍යතා මත යැයි සඳහන් කරමින් ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සිට  මීගමු කොට්ඨාසයේ සාමාන්‍ය රාජකාරි සඳහා ස්ථාන මාරු කර තිබේ.
 
එල්ටීටීඊ සංවිධානය සිදු කළ අපරාධ  60ක ආසන්න විමර්ශන සිදු කර සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට නිශාන්ත සිල්වා මහතා දායක වී ඇතැයි පොලිසිය සඳහන් කරයි.
 
රටේ විශාල ආන්දෝලනයකට තුඩු දුන් යාපනයේ ශිවලෝගනාදන් විද්‍යා දැරිය අපයෝජනය කර මරා දැමීම සම්බන්ධ නඩුවේ විමර්ශන පැවැත්වූයේ නිශාන්ද සිල්වා මහතා ප්‍රමුඛ රහස් පොලිස් කණ්ඩායමකි. ඒ මහතා පුංකුඩුතිව් ගම්මානයට ගොස් ලොකු වෙහෙසක් දරා අපරාධකරුවන් අනාවරණය කර ගැනීම සම්බන්ධයෙන් ඇගේ මව ද  ඒ දිනවල ස්තුති කළාය. එම නඩුවේ විමර්ශන සාර්ථකව සිදු කිරීම සම්බන්ධයෙන් විද්‍යා දැරියගේ නඩු තීන්දුව ලබා දුන් දිනයේ මහාධිකරණ විනිසුරු එම් ඉලංචේලියන් මහතා විවෘත අධිකරණයේ දී නිශාන්ත සිල්වා මහතා ඇගයීමට ද ලක් කළේය.
 
සන්ඩේ ලීඩර් පුවත්පතේ හිටපු කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කිරීම, උපාලි තෙන්නකෝන්, කීත් නෝයාර් සහ නාමල් පෙරේරා යන ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීන්ට වධ හිංසා කිරීම ගැන විමර්ශන පවත්වා සැකකරුවන් අත්අඩංගුවට ගනු ලැබුවේ ද නිශාන්ත සිල්වා මහතා විසිනි. 
 
 කොළඹ දී තරුණයන් 11 දෙනකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධිය ගැනත්, එම තරුණයක් පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ ප්‍රධාන සැකකරුවකුට ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී රැකවරණය ලබා දුන්නැයි කියන සිද්ධිය ගැනත් විමර්ශන පවත්වන්නේ නිශාන්ත සිල්වා මහතාය.
 
ගල්ගමුවේදී දරුවකු පැහැර ගැනීමේ ආන්දෝලනාත්මක සිදුවීම සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වූයේ ද නිශාන්ත සිල්වා මහතා ප්‍රමුඛ කණ්ඩායමක් විසිනි.

 



අදහස් (20)

මාධ්‍යවේදීන්ට වධ දීම ගැන විමර්ශන කළ පොලිස් පරීක්ෂක මාරු කරයි

Nuwan Sunday, 18 November 2018 02:22 PM

පහළ කමෙන්ටුව ප්‍රනාන්දු නමැති මහතෙකු තැබූ සටහනක්... පැය 24ක් යන්නට මත්තෙන් ඇත්ත බව පේන නිසා නැවත මෙතනට කොපි කරමි... මෙය ශ්‍රී ලංකාවට ශිෂ්ඨ ලෝකය වෙත පිවිසීමට ඇති අවසන් අවස්ථාවයි.. ඉදිරියේදී රාජපක්ෂවරුන් විසින් රාජ්‍ය බලය යොදා සිදුකරන මැතිවරණයකින් ලබන ජය කිසිදිනෙක ගිලිහීමට ඉඩ නොදෙනු ඇත.. ජනතාවට මහින්දගෙන් පසු නාමල්ට නාමල්ගෙන් පසු ඔහුගේ දරුවන්ට කත් ඇදීමට සිදුවනු ඇත.. මානව හිමිකම් යන වචනය ශබ්දකෝෂවලින් ඉවත් වනු ඇත.. අවසානයේ පාන් ගෙඩියක් ගැනීමට මුදල් කරත්තයක් රැගෙන යාමට සිදුවනු ඇත.. රාජ්‍ය සැප විදිමින් ඊනියා දේශප්‍රේමීන් මිනිසුන් බැටලු රැලක් සේ හසුරුවනු ඇත.. ශ්‍රී ලංකාව නැමති මාගේ ආදරණීය මවුබිම සාමදානයේ සැතපෙනු ඇත.. ලංකාවේ නම මහින්දදීප හෝ නාමල්දීප ලෙස වෙනස් වුවත් දුක් නොවනු මැන... ඊට ඉඩ හසර ලබාදෙන්නේ ශ්‍රී ලාංකික ඔබම වන නිසාය.. ඉතාම සිත් වේදනාවෙන් ඔබ වෙත තැබූ පණිවිඩය නිමයි.. ස්තුතියි..

:       473       1806

Hafeel Sunday, 18 November 2018 02:24 PM

මේ ස්ථාන මාරු කියන පණිවිඩය කියන්නේ.. රට ගමන් කරවන්නේ නරක දිසාවටද?

:       47       445

sami Sunday, 18 November 2018 02:28 PM

පරිහානියේ අවසානයට ළඟාවෙමින් සිටියි. ජනතාවට අවශ්‍ය වන්නේ මෙය නම් තවදුරටත් මෙම රටේ සිටීමෙන් ඵලක් නොවනු ඇත. රාජපක්ෂ සහ ඔවුන්ගේ නඩයට රට කන්නට දී වෙනතක් බලාගනිමු.

:       89       535

Sanath Kandy Sunday, 18 November 2018 02:41 PM

බලය තහවුරු කරගන්නත් කළින් මෙහෙමනම් මෙයාලට බලය ලැබුණාම කොහොම තියෙයිද?

:       173       605

sandy123 Sunday, 18 November 2018 02:43 PM

පොලිස් කොමිසම නිදිද?

:       7       442

Sanath KandyMonday, 19 November 2018 08:04 AM

රාජපක්ෂලා බලය තහවුරු කරගතහොත් සියලුම කොමිසම්වලට සදාකාලිකව නිදාගන්නට සිදුවනු ඇත.

:       0       16

V.warnakulasuriya Sunday, 18 November 2018 02:58 PM

අවුරුදු 70 ක දේශපාලන ඉතිහාසයේ සුපුරුදු තවත් එක් මොහොතක් පමණි. කියන්නේ එන්නේ රට වෙනුවෙන් කියාය. කරන්නේ පළමුව ආරක්ෂා වීමත්, දෙවනුව ඉපැයීමත්ය. ජනතාව කරන්නේ පෝලිමේ ඉඳලා, අතින් ගෙවලා ක්‍රීඩාව නරඹා දායකවීමකි. ජනතාව කැමති නම් කොහොම ක්‍රීඩා කළත් ක්‍රීඩකයන්ටද ගැටළුවක් නැත.

:       3       438

Amith Sunday, 18 November 2018 02:59 PM

මේ හැරෙන්නේ පොල් පැලයට බව සියළු මාධ්‍ය සගයන් දැනගත යුතුය. තමන්ගේ මතය පමණක් නිවැරදි කියා සිතීමෙන් ඉතිරි වන්නේ පසුතැවීමක් පමණි. මධ්‍යස්ථ වන්න. එයයි යුතුකම.

:       51       1411

SanjuSunday, 18 November 2018 04:00 PM

මේ මනුස්සයා පහුගිය කාලේ තනිකරම පක්ෂග්‍රාහී ලෙස විමර්ෂණය කළේ නාවික හමුදාව සම්බන්ධ නඩුවේදී... බොරු නමකින් පෙනී සිටින්නේ. රැවටෙන්න එපා. කොටි ඩයස්පෝරාවේ ඕනෙකමට වැඩකරන කෙනෙක්...

:       7       74

Don Sunday, 18 November 2018 03:02 PM

මෙන්න මහින්දගේ ජාත්‍යාලය දෝරෙ ගලනවෝ...!!!

:       130       873

රවින් Sunday, 18 November 2018 03:06 PM

අනේ මෙහෙම තණ්හාවක්...!!! අනේ මෙහෙම ආශාවක්...!!! මිනිසුනි ලැබේද මින් සැනසීමක් ...!!! බලලෝභයෙන් මත්වෙලා වගේ... දක්ෂයා එළියට වැඩ නොකරන කෙනා...? ලෝකයා ඉදිරියේ ප්‍රෞඩ රටකට මොකද වෙන්න යන්නේ?

:       1       408

දසුන් Sunday, 18 November 2018 03:19 PM

පොලිස් කොමිසම බුදිද?

:       0       3

Saman Sunday, 18 November 2018 03:44 PM

සුලුතරයක් තියාගෙන ආණ්ඩුව කරන්න මේ තරම් දඟලන්නෙ ඇයි කියලා තේරෙනවනෙ. එදා පාර්ලිමේන්තුවෙ දැඟලිලි දැම්මෙ ඔක්කොම නඩු තියෙන අය බව රටම දැක්කා.

:       0       11

සුනිමල් Sunday, 18 November 2018 03:50 PM

ඔන්න පුදනකොටම කාපි යකා. බහුතරය නැතිව මෙහෙමනම් බහුතරය ලැබුන පසු මොනවා නොකරයිද? ලංකාව නැවත අශිෂ්ට දේශයක් කරා ගමන ආරම්භ කර ඇත.

:       0       0

Bamunuarachchi Sunday, 18 November 2018 05:40 PM

ඔය වද දීම් වලින් රටට හෝ රටේ ආර්ථිකයට හානියක් උනේ නැත, එමනිසා රට අගාදයට ඇදදැම්ම බැංකු කොල්ලය සම්බන්ධව සොයමු.

:       16       166

athula Sunday, 18 November 2018 07:28 PM

රටේ මිනිස්සු හැමදාම මුන් විශ්වාස කරනවා 70 ක් විශ්වාස කළා....... එහෙත් මුන් කලේ ඒ අයට ඕන දේ.....

:       0       1

Ashan Monday, 19 November 2018 01:30 AM

මේකට තමයි මෙයාලා මෙච්චර දඟලන්නෙ. යුක්තිය අගයන සෑම කෙනෙක්ම මේ නීතිවිරෝදි රජයට විරුද්ධ විය යුතුයි.

:       0       1

Akila Monday, 19 November 2018 02:58 AM

අප්පච්චි වැඩ පටන් අරන් තියෙන්නේ.

:       0       4

pawithra Monday, 19 November 2018 05:37 AM

සේවා යොමුව අවසන් උනාම ඔනම නිලධාරියෙක් මාරු කිරීම මම හිතන්නේ පොලිසිය තුල නිසි ලෙස සිදු විය යුතුයි.

:       166       7

hemantha Monday, 19 November 2018 05:41 AM

ඔන්න ඡන්දෙට කලින් ප්‍රතිපල එනවා.

:       0       118

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කුඩු - අයිස් සමග නාවික හමුදා ලොක්කෝ 2ක් මාට්ටු
2024 අප්‍රේල් මස 19 978 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


සහන වැඩට දුන් ට්‍රැක්ටර් බවුසර් පහක් අතුරුදන්
2024 අප්‍රේල් මස 19 195 0

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ


පලස්තීනයට එරෙහිව ඇමෙරිකාවෙන් නිශේද බලය
2024 අප්‍රේල් මස 19 1130 0

පලස්තීනයට එක්සත් ජාතීන්ගේ කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය ලබා දීම සඳහා සාමාජිකයන් විශාල පිරිසකගේ එකඟත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරක්ෂක කවුන්ස


ෆෙබ්‍රියෝ ඇප ඉල්ලන්න බලාපොරොත්තුවක් නෑ
2024 අප්‍රේල් මස 19 1167 0

කැනඩාවේ ඔටාවා නගරයේදී එකම පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු සහ එම පවුලේ හිතවතෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන ෆෙබ්


ජනපති තෙවරප්පෙරුමට අවසන් ගෞරව දක්වයි
2024 අප්‍රේල් මස 19 1431 0

එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව


නව පනතෙන් විදුලි මණ්ඩලයට වෙන දේ
2024 අප්‍රේල් මස 19 1273 0

ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි උත්පාදනය සම්ප්‍රේෂණය බෙදා හැරීම සහ සැපයීමට අදාල මණ්ඩලයේ වත්කම් හා බැරකම් සංස්ථාගත කරන ලද සීමාසහිත සමාගම් සතු කරනු ලැබිය


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 221 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1536 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1432 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site