මාතර නගරයේ ස්වර්ණාභරණ වෙළෙසැලක් මංකොල්ලකෑමට පැමිණි කොල්ලකරුවන් හා පොලීසිය අතර සිදු වු වෙඩි හුවමාරුවේදී දිවි පිදූ මාතර පොලීසියේ සැරයන් සුරංග ප්‍රදීප් වීරසිංහ මහතාගේ අවසන් කටයුතු අද (24 ) මාතර පොදු සුසාන භූමියේදී සිදුකෙරේ.
අවසන් කටයුතු පස්වරු 2.00 ට ආරම්භ වන අතර දේහය දර්ශනීය රිය පෙරහැරකින් මාතර මූලස්ථාන පොලීසිය වෙතද රැගෙන ඒමට නියමිතය.
ඉකුත් සිකුරාදා (22) සිදුවු එම අවාසනාවන්ත සිද්ධියේදී මරුමුවට පත් මාතර මූලස්ථානපොලීසියේ අපරාධවිමර්ශන ඒකකයට අනුයුක්තව රාජකාරි කරමින් සිටි සුරංග ප්‍රදීප් වීරසිංහ (33) මහතා ඒ වන විට පොලිස් කොස්තාපල්වරයෙකි.
එහෙත් රාජකාරියේ යෙදී සිටියදී දිවි අහිමි වීමෙන් පසුව ඔහුව සැරයන් නිලයට උසස් කෙරිණ.
වැඩිදුර විස්තර සඳහා පහත ලින්ක් එකට පිවිසෙන්න
කෘමි නාශක කළවම් කළ කල් ඉකුත් විමට ආසන්න කෝටි 15ක් පමණ වටිනා විස පාන්පිටි ගෝනි 10.000ක ආසන් ප්‍රමාණයක් ගනේවල්පොළ ප්‍රදේශයේ විශාල ගබඩාවක සඟවා තිබියදී සොයාගත
සුදුසුම වෙලාවේ බලවත්ම සන්ධානය එලියට දමන බව එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් නායක හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසීය.
වත්මන් අර්බුද විසඳීමට පාඨලී චම්පික රණවක මහතා නිවැරදි වැඩපිළිවෙළක් ඉදිරිපත් කර ඇතැයි ශ්‍රී ලංකා මහජන පක්ෂය සඳහන් කළේය .
රථවාහන වරදක් සම්බන්ධයෙන් නඩු නොපවරවා සිටීමට ත්‍රී රෝද රථ රියදුරෙකුගෙන් රුපියල් 500/-ක අල්ලසක් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාවට වරදකරු රථවාහන රාජකාරියේ නිරත පො
එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා මහනුවර දී අද මල්වතු අස්ගිරි මහා නා හිමිවරු බැහැදුටුවේය.
මේ රට අයිති සමස්ත ශ්‍රී ලාංකිකයන්ට මිසක් එක් පවුලකට නොවන බව සියලු දේශපාලන පක්ෂ සහ නියෝජිතයින් අවබෝධකරගත යුතුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
මාතර පොලිස් වීරයාගේ අවසන් කටයුතු අද
d.upul Sunday, 24 June 2018 06:37 AM
වීඩියෝ එක දකිනකොට මට හිතෙන්නේ මේ නිලධාරියා වෙඩි උණ්ඩයට ගොදුරු වුනේ අනවශ්‍ය පරිදි සතුරාට නිරාවරණය වුනු නිසයි. ආරක්ෂිත කබායක්වත් නැහැ. ආරක්ෂක නිලධාරීන් මීට වඩා උපක්රමශීලි විය යුතුයි.
Raveendra Sunday, 24 June 2018 06:37 AM
සමාජයේ සාමකාමී පැවැත්ම වෙනුවෙන් තම තරුණ ජීවිතය රාජකාරියේ යෙදෙමින් සිටින මොහොතක නැතිවීම ඛේදජනක සිදුවීමකි. ඔබට නිවන්සුව ප්‍රර්ථනා කරන්නෙමු !!!!
Nuwan Sunday, 24 June 2018 07:46 AM
පාතාලයේ නැගීම. දේශපාලන අස්ථාවරභාවය . ආර්ථික පීඩනය. මත්ද්‍රව්‍ය . මේ සියල්ල අසමත් රාජ්‍යයක ලක්ෂණ වේ. ඊලගට එන්නේ සිවිල් යුද්දය හෝ ඒකාධිපති පාලනයක් බව ඉතිහාසය දෙස පරිස්සමින් බලන විට පෙනේ.
sunanda Sunday, 24 June 2018 08:26 AM
වෙඩි නොවදින කබායක් අනිවාර්යයෙන්ම තිබිය යුතුයි..