IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


මාතර ප්‍රා.ලේකම්වරු වැඩ වර්ජනයක

(ක්‍රිෂාන්ජීවක ජයරුක්)

රාජකාරි කටයුත්තක් සදහා අකුරැස්ස හේනේගම ප්‍රදේශයට ගිය අකුරැස්ස ප්‍රාදේශීය ලේකම් චන්දන තිලකරත්න මහතාට එල්ල කළ මැර ප්‍රහාරයට විරෝධය පළ කරමින් මාතර දිස්ත්‍රික්කයේ සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල ප්‍රාදේශීය ලේකම්වරු ඇතුළු මාණ්ඩලික නිලධාරීහූ සේවයට වාර්තා නොකර අද (17) වැඩවර්ජනයක නිරත වූහ.

සතියේ මහජන දිනය වන බදාදා දින එම වැඩවර්ජනය පැවැත්වීම හේතුවෙන් ජනතාව පීඩාවට පත්වූහ.
 
එම පහරදීමට සම්බන්ධ ප්‍රධාන සැකකරු ඇතුළු පිරිස කඩිනමින් අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙස විරෝධතාකරුවෝ පොලීසියට බලකර සිටියහ.

අලුත්වැඩියා කරන ලද මාර්ගයක් නිරීක්ෂණය කිරීම සදහා අකුරැස්ස හේනේගම ඕවිටිමුල්ල ප්‍රදේශයට ගිය අවස්ථාවේ අදාළ ලේකම්වරයා එම ප්‍රහාරයට ලක් වි තිබිණි.

ඔහු සමග අකුරැස්ස ප්‍රාදේශීය සභාවේ ලේකම් ගාමිණි ජයරත්න මහතා ඇතුළු පිරිසක් ද ප්‍රහාරයට ලක් වු අතර ඔවුන්ගේ නිල වාහනවලටද අලාභ හානි සිදුව තිබිණි.


ඊට සම්බන්ධ සැකකරුවකු පොලීසිය විසින් සැක පිට අත් අඩංගුවට ගනු ලැබ තිබිණි.නමුත් සියලුම සැකකරුවන් අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන ලෙස වැඩ වර්ජනයේ නිරත මාණ්ඩලික නිලධාරීන් පොලීසියෙන් ඉල්ලා තිබේ.

මේ පිළිබඳව මාතර කොට්ඨාසය භාර පොලිස් නිලධාරී ජී.එච්.මාරපන මහතාගෙන් කළ විමසීමකදී කියා සිටියේ පහරදීමේ සිද්ධියෙන් පසු ප්‍රධාන සැකකරු ප්‍රදේශය අතහැර පළාගොස් ඇති බවත් ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදවා ඇති බවත්ය.

හිසට තුවාල සිදුව අකුරැස්ස රජයේ රෝහල වෙත ඇතුළත් කර සිටි එම ලේකම්වරයා රෝහලෙන් පිටව ගිය බව එම රෝහල් ප්‍රකාශකයකු පැවසීය.



අදහස් (3)

මාතර ප්‍රා.ලේකම්වරු වැඩ වර්ජනයක

Nissanka Wednesday, 17 January 2018 06:50 AM

ඉස්සරනම් මේ නිළධාරීන් ඇස් දෙක පියාගෙන චෙක් එක අත්සන් කරලා දෙනවා. ආණ්ඬුව මාරු උනාට පස්සේ තමා පරීක්‍ෂා කරන්න මතක් වෙලා තියෙන්නේ.

:       1       90

daham Wednesday, 17 January 2018 08:08 AM

ඔය කියන්නේ ඒ කලේ ඔහේ කරපු අලුකුත්තේරු වැඩ. වැදගත්, අවංක නිලධාරීන් ඒ කාලෙත් එහෙම ජරා වැඩ කලේ නැහැ. තමන් හොරා නම් අනිත් අය දිහා බලන්නෙත් ඒ ඇහින් තමා.

:       30       3

NissankaWednesday, 17 January 2018 09:42 AM

වැරදියට තේරුම් ගන්න එපා මහත්තයෝ. මම කියන්න උත්සහ කළේ කොයි තරම් උසස් නිලතල වල හිටියත් මේ නිළධාරීන් තවම වහල් මානසිකත්වයෙන් ඉන්නේ කියන එක​. බලවතුන් ඉදිරියේ සර් කියමින් වැඳ වැටෙන මේ අය දුප්පත් අසරණ මනුස්සයෙක් වැඩක් කර ගන්න ගියහම දාන ගෙම්ඹර් මම හොඳට දැකලා තියෙනවා. මෙයාලට නීතිය මතක් වෙලා තියෙන්නේ දැන් ඉස්සර වගේ කවුරුත් තර්ජනය කරන්න එන්නේ නැති නිසා.

:       0       147

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

එක්ප්‍රස් පර්ල් විමර්ශනය කඩිනම් කරන්න
2024 අප්‍රේල් මස 25 140 0

මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක


අමරවීර අපහාස කළැයි මෛත්‍රී කෝටියක් ඉල්ලයි
2024 අප්‍රේල් මස 25 297 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව


ලක්ෂ අසූව හැටට බැස්සුවාට ව්‍යාපාරික කතට ගිනි තියලා
2024 අප්‍රේල් මස 25 1270 0

ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව


සිංගප්පූරු සරසවියකින් මොරගොඩට උපහාරයක්
2024 අප්‍රේල් මස 25 178 0

සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයේ දකුණු ආසියානු අධ්‍යයන ආයතනය සමග පවතින සබඳතා අඛණ්ඩව පවත්වාගැනීම සදහා හිටපු හිටපු මහ කොමසාරිස් සහ පාත්ෆයින්ඩර් ප


ශ්‍රීලනිප මැයි රැලිය ගම්පහදී: මෛත්‍රී පිල තීරණය කරයි
2024 අප්‍රේල් මස 25 381 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා


දුමින්ද ශ්‍රිලනිප වැඩ බලන මහ ලේකම්
2024 අප්‍රේල් මස 25 348 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩ බලන මහලේකම්වරයා ලෙසහිටපු ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පත්කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 324 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1550 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site