IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


මහියංගනයේ මහ අනතුරකින් 10 ක් මරුට

(පාලිත ආරියවංශ , නිශාන්ත කුමාර සහ ඉන්දිකා රාමනායක) 

මහියංගණය  - බදුල්ල මාර්ගයේ  මහියංගණය  මහා විද්‍යාලය ඉදිරිපිටදී  අද (17) අලුයම වෑන්රථයක් හා බස්රථයක් ගැටී සිදුවූ මහ අනතුරකින් වෑන්රථයේ  ගමන් කළ පුද්ගලයන් 10 දෙනෙකු මියගොස් ඇතැයි මහියංගණය පොලිසිය  පවසයි.

දියතලාව සිට ත්‍රිකුණාමලය දක්වා ගමන්කරමින් තිබූ පෞද්ගලික බස්රථයේ ගැටුණු වෑන්රථය බස්රථය තුළට කඩාවැදී  ඇතැයි පොලිසිය කියයි. වෑන්රථයේ රියදුරාට නින්ද ගොස් මාර්ගයේ වැරදි මංතීරුවට ධාවනය වීම නිසා මෙම අනතුර සිදුවන්නට ඇතැයි පොලිසිය අනුමාන කරයි. 

අනතුර වන අවස්ථාවේ වෑන්රථයේ 12 දෙනෙකු ගමන්කර ඇති අතර ඉතිරි දෙදෙනාගේද තත්ත්වය බරපතල  මහියංගණය මූලික රෝහලේ ප්‍රකාශකයෙක් පැවසීය. මෙම තුවාලකරුවන් දෙදෙනාම වැඩිදුර ප්‍රතිකාර සඳහා බදුල්ල මහ රෝහල වෙත පිටත්කර යවා තිබේ. 

වැඩිහිටියන් 7 දෙනෙකු හා ළමුන් තිදෙනකු  අනතුරින් මියගොස් ඇත. මළසිරුරු මහියංගන මූලික රෝහලේ මෘත ශරීරාගාරයේ තබා ඇත. 

අනතුරට පත්වූ වෑන් රියේ සිටි පිරිස මඩකලපුවේ සිට ජා ඇල සිටින ඥාතීන් පිරිසක් බැලීමට ගොස් නැවත සිය ගම් පෙදෙස බලා එමින් සිට ඇත. 

මියගිය 10 දෙනා පවුල් තුනකට අයත් පිරිස වෙති. ඔවුන් අතර වයස අවුරුදු 56 ක් සහ 50 ක් වූ අඹු සැමි යුවළක් සිටින අතර ඔවුහු මියගිය දරුවන්ගේ සීයා සහ මිත්තණිය වෙති. මේ දෙදෙනාම මඩකලපුව පනිච්චිය ප්‍රදේශයේ පදිංචිකරුවෝ ය. 

මඩකලපුව ඩවුබාර් පාරේ පදිංචිව සිටි මවත් පියාත්, ඔවුන්ගේ නිවුන් දියණියෝ දෙදෙනාත් යන සිව්දෙනාම අනතුරෙන් මියගියහ. 

මඩකලපුව රත්නම් පාරේ පදිංචිව සිටි අඹුසැමි යුවළත්, වෑන් රිය පැදවූ ඔවුන්ගේ 19 හැවිරිදි පුතා සහ 10 හැවිරිදි දියණියත් මියගියහ. එම පවුලේම 13 හැවිරිදි දියණිය සහ ජා ඇල සිට පැමිණි 16 හැවිරිදි ඥාති දියණිය බරපතළ තුවාල ලබා බදුල්ල මහ රෝහලට ඇතුළත් කර සිටිති. 

අනතුරක් වළක්වා නොගැනීමේ චෝදනාව මත පෞද්ගලික බස්රථ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය කියයි.

මහියංගණය පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන පවත්වයි.

(ඡායාරූප - පාලිත ආරියවංශ)

(වසන්ත චන්ද්‍රපාල - අනතුරින් මිය ගිය පිරිසගේ ඡායාරූප)

(ග්‍රැෆික් නිර්මාණය - නිමල් ජයශාන්ත)



අදහස් (34)

මහියංගනයේ මහ අනතුරකින් 10 ක් මරුට

ලුම්බිණි Wednesday, 17 April 2019 03:27 AM

රියදුරාට නින්ද යන එක ලංකාවේ සුලබ දෙයක්. මේ පිළිබඳව පොලිසි හෝ අනිකුත් බලධාරීන් රියදුරන් දැනුවත් කිරීමේ වැඩ පිළිවලක් නොකරන්නේ ඇයි?

:       11       140

දිනේෂ්Thursday, 18 April 2019 03:17 AM

රියදුරන් කොපමණ දැනුවත් කළත් ඔවුන්ගේ ආකල්පමය වෙනසක් ඇති වන තුරු සාර්ථක ප්‍රතිඵලයක් ලබාගත නොහැකියි .......

:       0       2

RaveendraSaturday, 20 April 2019 03:50 PM

පළමුව ජිවිත දහයක් රටට අහිමිවීම පිළිබඳව අප කනගාටු වන්නෙමු. කොතෙක් දැනුවත් කරත් අති පණ්ඩිතයන් ඒවා ගන්නට නොගන්න බව මේ සෑම සිදුවීමකින්ම අප හට වැටහෙනවා නොවේද ? මෙලෙසම බිමත්ව රිය පැදවීමෙන් වලකින ලෙස කොතෙක් දැනුවත් කලත් එය අඩුවී ඇති බවක් කිව හැකිද ??? අඩුතරමින් රාත්‍රියේ රිය පදවන විට රථයේ සිටින වෙනත් කෙනෙකු වුවත් රියදුරු සමග කතා කරමින් ඔහු පිලිබදව අවදානය යොමු කරන්නේ නම් සුළුවෙන් හෝ මෙවන් අනතුරු වැලැක්විය හැකි වෙනවා යයි අපගේ හැගීමයි.......

:       0       0

Rizwan Dubai Wednesday, 17 April 2019 04:07 AM

මුදල පමණක් සිතා බොහෝ කැබ් සේවා කරන අය නිදිමරමින් හයර් දුවනවා. මගීන් ගැන කිසිම තැකීමක් නෑ. දියුණු රටවල්වල පැය 4 කට වඩා එක දිගට මගී බස් රථ ධාවනය කරන්න අවසර නෑ. එක රියදුරෙක් දිනකට ධාවනය කලයුතු පැය ගණනත් සීමිතයි. බලධාරීන් මේවා සොයා බලා අවශ්‍ය නීති සම්පාදනය කලයුතුයි.

:       69       403

Samathasena Aluthgamage.Thursday, 18 April 2019 06:10 AM

රිස්වාන් මහතාගේ අදහස් වලට මාද එකඟයි. මුදල් ගැනම පමණක් සිතා සමහර වාහන හිමියන් රියැදුරන්ව නිදිමත තියෙද්දීම වාහන ධාවනයේ යොදවනවා. අනතුරු වලට මෙය ප්‍රධානම හේතුවක්.බොහෝ ආපන ශාලාවල රියැදුරන්හට නොමිලේ මත්පැන් ටිකක් දෙනවා.මෙය බොහොම රහසිගතව කෙරෙන්නක්.මේවා අනතුරු සිදුවීමට හේතු වෙනවා.

:       0       144

prasad liyanage Wednesday, 17 April 2019 04:19 AM

මීට වැඩිය පාරවල් වලට පොලිසිය දාන්න ඕන.

:       87       38

sarath Wednesday, 17 April 2019 04:45 AM

ලංකාවේ රියදුරන්ට දෙන පුහුණුව ඉතා ප්‍රාථමිකයි. වාහනයක් පැදවීමේදී ඔහුගෙන් අනිත් පදිකයින්ට, වාහන වලට සිදුවිය හැකි අපහසුතා, අනතුරු තමන්ගේ විනය, ආරක්ෂාව ගැන රියදුරු පුහුණුවේදී ලැබෙන දැනුම ඉතාම අල්පයි. කොටින්ම අපගේ රියදුරු පුහුණු කරන ආයතන වලට එවැනි දැනුමක් නැත. ඩුබායි වැනි රටවල රියදුරු බලපත්‍රයක් දීමට ප්‍රථම දෙන පුහුණුව ඉතා අනර්ගයි සහ බලපත්‍රයක් ලබාගැනීමත් එක්තරා ආකාරයක ජයක්. රජය එවැනි පුහුණුවක්, නිවැරදිව, බලපෑම්වලින් තොරව ලබා දීමට උත්සුක වියයුතුයි.

:       3       390

abaranWednesday, 17 April 2019 07:34 AM

සරත් මහත්තයෝ, සුද්දා අපිට වාහනේ දුන්නාට මාර්ග නීති සහ විනය නීති ගන්නට තරම් සහ ඒවා පිළිපදින්න තරම් අපි නිහතමානී උනෙත් නැහැ, තාම වෙලත් නැහැ. ප්‍රායෝගිකව යන්තමින් වාහනයක් පැදවීමට හැකියාව තිබේ නම් ඉතා පහසුවෙන් රියදුරු බලපත්‍රය ලබා ගැනීමේ ක්‍රම සහ විධි තිබෙන නිසා ජනපතිගේ පටන් අවසන් පුරවැසියා දක්වා අවිනීත, විනය ගරුක නැති,රියදුරන්ගෙන් මුළු රටම පිරී ඇත.

:       112       260

සිසිරWednesday, 17 April 2019 11:30 AM

සරත් මහතා ඔබ හරි. මම 2002 වසරෙ සිට වාහන එලවනවා. නමුත් මට ඩුබායි රියදුරු බලපත්‍රය ගන්න 4 වතාවක් උත්සාහ කලා. මගේ යාලුවෙක් මට ඔට්ටු දැම්මා දෙපාරකින් බලපත්‍රය ගත්තොත් මට එයාගෙ කාර් එක දෙනවා කියලා.. ඒ වගේම ඩුබායි වල අනතුරු ඉතාමත්ම සීමිතයි.

:       0       114

Dilan Wednesday, 17 April 2019 05:24 AM

මේ ලොරි බස් උසින් වැඩි නිසා පොඩි වාහනයක් වැදුනු විට ඇතුලට යනවා. මේ නිසා අනතුරින් සිදුවන හානිය වැඩියි. දැන්වත් ඉන්දියාව සතුටු කිරීම වෙනුවට මාර්ග ආරක්ශාව ගැන සලකා බලා වාහන ගෙන්වන්න. මියගිය හා තුවාල අය ගැන බලවත් කනගාටුව!

:       27       389

කහදූව කරුණාරත්න Wednesday, 17 April 2019 05:57 AM

දිනෙන් දින වැඩිවෙන මෙවැනි මාරක අනතුරු වළක්වා ගැනීම සඳහා වාහන වල වේගය සීමා කිරීම අනිවාර්යයෙන් ම කළ යුතු යැයි මගේ අදහසයි . එසේ ම වංගු සහිත තැන්වල මාර්ග සංඥා යෙදීමෙන් අනිවාර්යයෙන්ම වේගය සීමා වේ

:       1       72

Lakmini Wednesday, 17 April 2019 06:43 AM

බස් රියදුරාට අනතුර වලක්වා ගැනීමට බැරි වුණේ ආපු වේගය ඉතාම වැඩි නිසා විය යුතුයි. එය සමහරවිට 120-150 අතර වෙන්නත් පුළුවන්. මේ රටේ බස් දාවනයට කිසිම වේග සීමාවක් නැහැ වෙන රටවල වගේ. වේග සීමාව 72 වුනාට බස් යන්නේ ඊට වඩා බොහොම වේගෙන්. විශාල වාහන එහෙම ගියාම අනතුරු සිදුවීම් සහ ඒවායේ බරපතලකම ඉතාම වැඩියි. ඒවාට කිසිම නීතියක් මේ රටේ නැහැ. හරි නම් බස් වල උපරිම වේගය විය යුත්තේ පැයට කිලොමීටෙර් 60 යි. කිසිම වගකීමක් නැති රටක මෙවැනි දේවල් සිදුවීම පුදුමයක් නෙවෙයි.

:       111       262

DushWednesday, 17 April 2019 12:10 PM

මටත් ඕකම තමයි හිතුනේ.

:       1       30

අසංකThursday, 18 April 2019 06:44 AM

බස් රියදුරුට බනින්නේ පෙන්නේ නැත්ද එයාගේ ලයින් එකේ අයිනෙන්ම ගිහින් තියෙන්නේ. තමාගේ සිමාවේ යනවා නම් වේගේ බලපාන්නේ නැහැ මේ අනතුරට. බස් එක නවත්වා තැබුවත් වෑන් එක ඇවිත් හැපෙනවා. අවුරුදු 19 පොඩි එකෙක්ට රෑ 1.30 ට වාහනයක් පදවන්න දුන්න එක තමා ලොකුම වැරැද්ද. ඌ වංගුවේ වැරදි පැත්තේ ඇවිත් ඉස්සරහා වාහනේ වැදුණ ඒකට ඉස්සරහ වාහනේ වැරැද්ද මොකක්ද? ඔතන බයික් එකක් තිබ්බා නම් ඉස්සරහා මේ අනතුරේ පාඩුව වන පැත්ත වෙනස් වෙනවා නේද? හැම එකටම බස් වැරදි නැහැ.

:       0       2

Sunil milano Wednesday, 17 April 2019 06:44 AM

මේක නම් හරිම අපරාදයක්.... දවසකට කී දෙනෙක් මැරෙනවාද? මේකට වගකියන්න ඕනේ රියදුරා තමයි.... අපරික්ෂාකාරී රිය දාවනයට...

:       2       57

Rata Perata Wednesday, 17 April 2019 06:55 AM

අපේ රටේ නායකයෝ, පාලකයෝ ඉන්නවද කියල හිතෙනවා මේවා දැක්කම. දවසට කීයක් නම් මැරෙනවද රිය අනතුරු වලින් එකෙක්ට ගාණක් තියෙනවද? අලුත් නීති ගේන්න පුළුවන්, රියදුරු බලපත්‍රය ගන්න එක වැඩි දියුණු කරන්න පුළුවන්, තාක්ෂණය වැඩිපුර යොදාගන්න පුළුවන්. එත් අද 10යි හෙට 6යි කියා කියා ඉන්නවා.

:       1       304

ravi Wednesday, 17 April 2019 07:40 AM

" සුක්කානම මත නින්දයාම " මේකට හේතුන් හුඟක් තියනවා .... 1, දියවැඩියාව .. තප්පර කිහිපයක්තුල රියදුරා නින්දට වැටීම 2, රෑ...එළිවෙනකම් නිදිමරල ... අධික මහන්සියෙන් / නිදිමතින් රියපැදවීම 3, මත්පැන් .. මත්ද්‍රව්‍ය ..

:       0       126

Hafeel Wednesday, 17 April 2019 07:54 AM

වෑන්රථයේ රියදුරාට නින්ද ගොස් මාර්ගයේ වැරදි මංතීරුවට ධාවනය වීම නිසා මෙම අනතුර සිදුවන්නට ඇතැයි පොලිසිය අනුමාන කරනවානං, ඇයි එම පොලීසිය විසින්ම අනතුරක් වළක්වා නොගැනීමේ චෝදනාව මත පෞද්ගලික බස්රථ රියදුරු අත්අඩංගුවට ගෙන චෝදනා එල්ල කරන්නේ?

:       2       144

සමන්තWednesday, 17 April 2019 03:48 PM

ලෝකයේ දියුණු බොහෝ රටවල් වලත් එහෙම ලේසියෙන් ගැලවෙන්න අනිත් රියදුරාට ලැබෙන්නේ නෑ. ඕනෑම අනතුරකදි, ඔහු සතුවත් වගකීමක් තියෙන බව පිලිගන්නවා. ඒ තමා ආරක්ශාකාරී රිය පැදවීම. ඒ සඳහා වෙනම පුහුණුවක් දෙනවා. එය රක්ෂණ වාරිකයට බලපානවා. උසාවිය ඒක තීරනය කරයි. ඒත් රියැදුරු බලපත්‍රය තමන්ට රජයෙන් දෙන විශේෂ වරප්‍රසාදයක් මිස අයිතිවාසිකමක් නෙමේ. සමන්ත

:       0       77

පිටිගල මිලානෝ Wednesday, 17 April 2019 08:01 AM

ජා-ඇල පැත්තෙන් ගමන් ඇරඹුවානම් ඉතින් කට්ටියම හොඳින් සප්පායම් වෙලා එන්න ඇත්තේ. ලංකාවේ බොහෝ රියදුරන් මත්පැන් වලින් සප්පායම් වී රිය පදවන නිසා හැම තැනකම පාහේ වාහන නවතා පරීක්ෂණ කල යුතුයි.

:       114       66

රොෂාන් Thursday, 18 April 2019 07:46 AM

ඔව් පිටිගල ඒ පැත්තේ අය හොඳට සප්පායන් වෙනවා ඔවුන්ගේ මුදලින්. දකුණේ අය වගේ අනුන්ගෙන් කාල බිලා කාපු පතේ පහරලා යන්නේ නැහැ.

:       0       134

hesa Wednesday, 17 April 2019 08:19 AM

හැම දේටම ආණ්ඩුවට ඇඟිල්ල දික්ක කරන්න එපා. රියදුරාට නින්ද නැතිව වාහනය පදවන්න එය දන ගත යුතුයි. මේ නීති අද ඊයේ සිට නොවේ තියෙන්නේ. කොපමණ කිවත් වහනය අතට ගත්තම මෙලෝ සිහියක් නැතිව යන්නේ .පව් දැන් ජිවිත කියක් ද. අවුරුද්දට ගිය චාරිකාවක් වෙන්නැති දෙයියනේ

:       39       143

JANAKA Wednesday, 17 April 2019 08:32 AM

අවුරුදු 19 ක කොල්ලෙක් එලවල තියෙන්නේ. පළපුරුදු මනුස්සයෙක් එලෙව්වනම් වේගය ගැන අවබෝධයක් තියෙන්න තිබුණා

:       0       231

lanka Wednesday, 17 April 2019 09:20 AM

වෑන් රථයේ රියදුරාට නින්ද ගොස් පාරේ අනික් පසින් පැමිණි බස් එකේ ගැටුණා නම්, එයට බස්රථ රියදුරු වගකියන්නේ කෙසේද? අද සිදුවන බොහෝ රිය අනතුරු වලට හේතුව රියදුරන් බීමත්ව සිටීම, නින්ද යාම, අධික වේගයෙන් රිය පැදවීම යන කරුණුයි. මේවට වග කිව යුත්තේ වගකීමෙන් තොරව රිය පදවන රියදුරන් මිස, පොලිසිය නොවේ.

:       28       124

DushWednesday, 17 April 2019 12:23 PM

වගකිවයුතු යූතු බව නොවේ නමුත් වගකීමක් තිබූ බව කිව යුතුයි. ඒ වෑන් රථය ඔහුගේ මංතීරුවෙ එන බව ඔහු ට නොපෙනිය නොහැක. නමුත් ඔහු තමන්ගේ මං තීරුව වෙනස් කලේ නැත

:       40       18

anuraWednesday, 17 April 2019 10:12 PM

ඔබ අදහස් කරන්නේ ඔහු තමන්ගේ මන් තීරුව වෙනස් කිරීම සඳහා අසල තිබුණු තේ කඩයට බසය හැරෙව්වා නම් හොඳයි කියාද?

:       0       0

ravi Wednesday, 17 April 2019 10:20 AM

රියදුරු බලපත්‍රයට අමතරව "" මගීන් ප්‍රවාහනය කිරීමේ බලපත්‍රයක් "" නැති පුද්ගලයින්ට මගීන් ( 4 ) හතර දෙනෙකුට වැඩිය ප්‍රවාහනය කිරීම තහනම් ..!!!! මෙන්න මේ විදිහට තමයි දියුණු රටවල්වල .. මනුස්සයෝ එයාලගේ ජීවිත ආරක්ෂාකරගෙන තියෙන්නේ ..!! මේවගේ " මගීන් ප්‍රවාහනය කිරීමේ බලපත්‍රයක් " නැති කෙනෙකුට ... ටැක්සි ... ත්‍රීවීල් .... වගේ වෘත්තියක් වශයෙන් මගීන් ප්‍රවාහනය කිරීමත් තහනම් !!! මේ වගේ හොඳ .. ඇඟට , පතට ගුණ දේවල් අපි..අපේ මාර්ග නීති වලට අඩංගු කරගනීමට කාලය ඇවිල්ල නේද ..

:       4       128

Sriyal Wednesday, 17 April 2019 12:14 PM

අනතුරක් වලක්වා නොගැනීම යනු පුදුම චෝදනාවකි. අධිකරණයේ මෙය පිලිගැනීම සලකා බැලීම වටී. නිදොස් පුද්ගලයන් සඳහා දඩුවම් ලබා දීම සඳහා වටිනා චෝදනාවකි.

:       0       42

Jehaan Wednesday, 17 April 2019 12:28 PM

ආරංචියේ හැටියට වයස 19 ක ඉතා මෑතකදී රියදුරු බලපත් ගත් සීමිත අත්දැකීම් ඇති තරුණයෙක් වෑන් රථය එලවා තිබෙන්නේ. නින්ද යාම නිසා වැරදි මං තිරුවේ ධාවනය සිදු වී තිබෙනවාලු. විමතියට කාරණාව නම් බස් රථයේ රියදුරා පොලිසියට කුදලාගෙන යාම.

:       0       62

Sumith Wednesday, 17 April 2019 01:46 PM

වැරදි මං තීරුවේ ඇවිත් තියෙන්නේ. බස් රියැදුර මොන කරන්නද? ඔහු කොතරම් උත්සහ කලත් වැඩක් නැ

:       0       59

prabha Wednesday, 17 April 2019 04:53 PM

හුගක් වෙලාවට අනතුරු සිදුවෙන්නේ ගමන් යනකොට නෙමේ ගිහින් එනකොට. යනකොට විනෝද වෙමින් යන අය එනකොට මර නින්දේ. රියදුරු ගැන අවදානයෙන් එක්කෙනෙක්වත් සිටිනවානම් මෙවැනි අනතුරු වලක්වගන්න පුළුවන්.

:       0       19

hasantha Wednesday, 17 April 2019 05:07 PM

රියදුරු අසුන ළඟ වාඩි වෙලා යන පුද්ගලයා නිදාගන්න හොද නෑ. මමත් බදුල්ලේ වැඩ කරන කාලේ ආයතනයේ වාහනයකින් කොළඹ එද්දී රියදුරු ළඟ පුද්ගලයා නිදා ගත්තා. රියදුරුට නින්ද යනවා කියල පිටිපස්සේ ආව මට තේරුණා වාහනේ එහා මෙහා යද්දී. ඊට පස්සේ මම ඉදිරි අසුනට ගිහින් රියදුරු සමග කතා කර කර ගියා ගමනාන්තය දක්වා. එම රියදුරා ඊට කලින් දවසෙත් කොළඹ ඇවිත්. අඩු නින්ද තමා හේතුව. එදා සිට මම ආයතනේ වාහනෙකින් යනවානම් ඉදිරි අසුනේ යන්නේ. මටත් නින්ද අවශ්‍ය වෙයි කියල හිතනවානම් අතින් සල්ලි ගියත් බස් එකේ යන්නේ.

:       0       253

sarath Thursday, 18 April 2019 06:35 AM

බස් එක නවත්වල තිබුණේ සේරන්ති හෝටලයේ පැත්තේ නම් බස් රථ රියදුරු වැරදි!

:       0       0

adam Friday, 19 April 2019 04:41 AM

බස් එකක් පාරේ යනවනම් දෙවියන්ගේම පිහිටයි.....

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සහන වැඩට දුන් ට්‍රැක්ටර් බවුසර් පහක් අතුරුදන්
2024 අප්‍රේල් මස 19 12 0

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ


පලස්තීනයට එරෙහිව ඇමෙරිකාවෙන් නිශේද බලය
2024 අප්‍රේල් මස 19 307 0

පලස්තීනයට එක්සත් ජාතීන්ගේ කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය ලබා දීම සඳහා සාමාජිකයන් විශාල පිරිසකගේ එකඟත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරක්ෂක කවුන්ස


ෆෙබ්‍රියෝ ඇප ඉල්ලන්න බලාපොරොත්තුවක් නෑ
2024 අප්‍රේල් මස 19 413 0

කැනඩාවේ ඔටාවා නගරයේදී එකම පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු සහ එම පවුලේ හිතවතෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන ෆෙබ්


ජනපති තෙවරප්පෙරුමට අවසන් ගෞරව දක්වයි
2024 අප්‍රේල් මස 19 951 0

එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව


නව පනතෙන් විදුලි මණ්ඩලයට වෙන දේ
2024 අප්‍රේල් මස 19 874 0

ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි උත්පාදනය සම්ප්‍රේෂණය බෙදා හැරීම සහ සැපයීමට අදාල මණ්ඩලයේ වත්කම් හා බැරකම් සංස්ථාගත කරන ලද සීමාසහිත සමාගම් සතු කරනු ලැබිය


’’කාදිනල් තුමන් ජ.වි.පෙට රැවටෙන්න යනවාද?’’
2024 අප්‍රේල් මස 19 709 3

ගෝඨාභයට රැවටුන බව ප්‍රසිද්ධියේ පිළිගත් කාදිනල් තුමන් මේ වාරයේ ජනතා විමුක්ති පෙරමුණට රැවටෙන්නට යනවාදැයි ප්‍රබල සැකයක් මතුවන බව එක්සත් ජාතික පක්ෂ මහ ල


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 216 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1531 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1422 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site