IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


මහින්දානන්ද ගොනු කළ රිට් පෙත්සම කල්යයි

තිළිණි ද සිල්වා  සහ  රංජන් කටුගම්පොළ 

තමන්ට එරහිව පවරා ඇති අල්ලස් නඩුව මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා හමුවේ විභාගයට ගැනීම වළකාලන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය සහ පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහින්දානන්ද අලූත්ගමගේ මහතා ගොනු කළ රිට් පෙත්සම සලකා බැලීම ලබන මාර්තු 02   වැනිදා දක්වා කල්තැබීමට අභියාචනාධිකරණය අද (19)  තීන්දු කළේය.
 
මහින්දානන්ද අලූත්ගමගේ මහතා ගොනු කළ රිට් පෙත්සම අද(19) අභියාචනාධිකරණ විනිසුරු කුමුදිනී වික‍්‍රමසිංහ සහ සහ විනිසුරු ජනක් ද සිල්වා යන මහත්ම මහත්මීන් ගෙන් යුතු විනිසුරු මඩුල්ල හමුවේ සලකා බැලිණි.

එහිදී මෙම පෙත්සම මාර්තු 02  දිනට කල් තැබිණි.

නීතීඥ සනත් විජේවර්ධන මහතා මඟින් ගොනු කර ඇති පෙත්සමේ මෙසේද සඳහන් වේ.
 
‘‘  රුපියල් මිලියන 27 ක වටිනාකමින් යුතු දේපළක් අත්පත් කර ගැනීමෙන් අල්ලස් පනත යටතේ වරදක් සිදුකර ඇතැයි චෝදනා කරමින් පෙත්සම්කරුට එරෙහිව කොළඹ මහාධිකරණය යටතේ අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිසම යටතේ නඩු පවරනු ලැබ ඇත.
 
මෙම නඩුව කොළඹ මහාධිකරණ විනසුරු ගිහාන් කුලතුංග මහතා යටතේ විභාගවේ.
මෙම විනිසුරුවරයා හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා සහ විදුලි සංදේශ කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් අනූෂ පැල්පිට මහතාට එරෙහිව ප‍්‍රකාශිත නඩු තීන්දුවේ එවක පැවති දේශපාලන සංස්කෘතිය යටතේ රජයේ සේවකයින් සහ විධායක නිලධාරීන් මෙවැනි තීන්දු තීරණ ගැනීම් වලට යොමුවීමේ ස්වභාවයක් දක්නට ලැබේ යැයි සඳහන් කර ඇත.
 
පෙත්සම්කරුවෙකුගේ නඩුව විභාගයට ගනු ලබන විනිසුරුවරයා බරපතල වංචා සහ දුෂණ සෙවීමේ කොමිසමේ සාමාජිකයෙකු හැටියට කටයුතු කරයි.මෙම කොමිසම නිකුත් කළ වාර්තාවේ පෙත්සම්කරුට එරෙහිව විමර්ශනයක් සිදු කළ යුතු බවට කරුණු සඳහන් කොට තිබේ.
 
මේ අනුව අදාළ විනසුරුවරයා ඉදිරියේ පෙත්සම්කරුගේ නඩුව පිළිබඳ සාධාරණ සහ යුක්ති සහගත විනිශ්චයක් බලාපොරොත්තු විය නොහැකිය.
 
එබැවින් වගඋත්තරකරුවන්ට නොතීසි නිකුත් කරන ලෙසද මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා ඉදිරියේ එම නඩුව විභාගයට ගැනීම වළකාලන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසද ,තම නඩුව වෙනත් මහාධිකරණ විනිසුරුවරයෙක් හමුවේ විභාගයට ගැනීමට නියෝග කරන ලෙසද පෙත්සම්කරු සිය පෙත්සමින් ඉල්ලා ඇත.

 
පෙත්සම්කරුවන් වෙනුවෙන් නීතීඥ සනත් විජේවර්ධන මහතාගේ උපදෙස් පරිදි ජනාධිපති නීතීඥ ෆයිස් මුස්තාෆා මහතා පෙනී සිටියේය.නීතිපති වෙනුවෙන් රජයේ ජ්‍යෙෂ්ඨ නීතීඥ ජනක බණ්ඩාර මහතා පෙනී සිටියේය.



අදහස් (2)

මහින්දානන්ද ගොනු කළ රිට් පෙත්සම කල්යයි

නාලක Monday, 19 February 2018 11:55 AM

ප්‍රාදේශීය සභාව දිනලා ආණ්ඩු පෙරලන්න හදන්නේ මොකටද? කියලා අපිනම් ඉතින් දන්නවා. කෝටි 21ක් උපයපු විදිය කියන්නත් ඕනෑනේ.

:       228       235

aseTuesday, 20 February 2018 04:02 AM

එකනේ හොරු අල්ලන්නේ නෑ කියල හොරුන්ට ඡන්දය දුන්න අයට මේවා තේරෙන්නේ නෑ, සුද්ද කියල ගිය "සිංහලය මෝඩයා කැයුම් කන්න සුරයා " කියපු දේ හරි වගේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කුඩ්ඩෙක් සමග හාදකම් පෑ එස්.ටී.එෆ් සෙබළා අල්ලයි
2024 අප්‍රේල් මස 25 46 0

සේදවත්ත මධුෂ් නැමැති අන්වර්ථ නාමයෙන් පෙනී සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු සමග දුරකතන ඇමැතුම් වාර 800 ක් පමණ ලබාගෙන ඇති බව කියන පොලිස් විශේෂ කාර්ය බළකා


රේගුවට ටෙන්ඩර් ඉදිරිපත් කරන පුද්ගලයන් බියකරන කල්ලියක්
2024 අප්‍රේල් මස 25 460 1

රේගු දෙපාර්තමේන්තුව රාජසන්තක කළ භාණ්ඩ ඩෙන්ඩර් කැඳවා අළෙවි කිරීමේදී ටෙන්ඩර් ඉදිරිපත් කරන පුද්ගලයන් බියගැන්වීමට මෙරටින් පැනගොස් සිටින පාතාල සාමාජික


මැණික් ව්‍යාපාරිකයින්ගෙන් කෝටි 50ක් වංචා කළැයි අයෙක් රිමාන්ඩ්
2024 අප්‍රේල් මස 25 401 0

මැණික් ව්‍යාපාරිකයින්ට වටිනා මැණික් ලබා දෙන බවට පවසමින් රුපියල් කෝටි පනහකට අධික මුදලක් වංචා කළේ යැයි කියන සැකකරුවෙකු ලබන 07 දින දක්වා රක්ෂිත බන්ධනාගා


ලක්ෂ 27ක මත්කරල් ඔරුගොඩවත්තෙන් අල්ලයි
2024 අප්‍රේල් මස 25 134 0

රුපියල් ලක්ෂ 27 ක් වටිනා මත්කරල් 27,000 ක් ජාවාරම් කිරීම සදහා ත්‍රිරෝද රථයකින් ප්‍රවාහනය කරමින් සිටි ‘බම්පින් කුමාර‘ නැමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවක් අද (


ඇමෙරිකාවෙන් යුක්රේනයට දුරදිග මිසයිල
2024 අප්‍රේල් මස 25 1438 2

රහසිගතව ඇමෙරිකාව ලබා දුන් දිගු දුර බැලස්ටික් මිසයිල ප්‍රථම වතාවට යුක්රේනය ක්‍රිමියාවේ රුසියානු ඉලක්ක වෙත පහරදීමට භාවිත කර ඇතැයි ඇමෙරිකානු බලධාරීහු


පලස්තීනය වෙනුවෙන් ලංකාව හැමවිටම කැපවෙනවා
2024 අප්‍රේල් මස 25 368 1

පලස්තීන ගැටලුවට සාධාරණ හා පුළුල් සාකච්ඡා සහිත දේශපාලන විසඳුමක් වෙනුවෙන් සහය දැක්වීමට ශ්‍රී ලංකාව අඛණ්ඩව කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ම


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 317 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1704 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1547 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site