IMG-LOGO

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා


මහින්ද රාජපක්ෂ නම්බුකාර ලෙස ඉල්ලා අස්විය යුතුයි

(ඩයනා උදයංගනී)

මහින්ද රාජපක්ෂ මහතා දැන්වත් වහාම නම්බුකාර ලෙස ඉල්ලා අස්වී, ඔක්තෝබර් 25 වැනිදා වන විට රට තුළ පැවති තත්ත්වය යළි ස්ථාපිත කිරීමටත්, තමන්ගේ ව්‍යාජ මහ මැතිවරණ සටන් පාඨයෙන් ඉවත්වීමටත් කටයුතු යුතු යැයි ජාතික හෙළ උරුමයේ ප‍්‍රධාන ලේකම්, එක්සත් ජාතික පෙරමුණු පාර්ලිමේන්තු මන්ත‍්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය.

ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ගනු ලැබූ තීරණය නීති විරෝධී බවට ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුවෙන් ජනාධිපතිවරයා චේතාන්විතව ව්‍යවස්ථාව උල්ලංඝනය කළ බව හා අයුතු ලෙස බලය පරිහරණය කළ බව  තහවුරු වී ඇතැයි කී මන්ත‍්‍රීවරයා එය ජනතාවගේ පරමාධිපත්‍ය බලය ආරක්‍ෂා වූ අවස්ථාවක් බව ද සඳහන් කළේය.

රටේ ව්‍යවස්ථාවේ තිබෙන උත්තරීතර භාවය අධිකරණයේ ස්වාධීනත්වය හා යුක්තිසහගත ජනතාව අවිහිංසාවාදීව ගෙනගිය අරගලය තහවුරු කිරීම පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයට ප‍්‍රණාමය හිමිවිය යුතු බව ද හෙතෙම කියා සිටියේය.

පසුගිය කාලයේදී කතානායකතුමා ප‍්‍රමුඛ පාර්ලිමේන්තුව තුළින් ද ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතිය මෙන්ම ප‍්‍රජාතන්ත‍්‍රවාදී සම්ප‍්‍රදාය ඉහළට ඔසවා තැබුණු බව කී පාඨලී චම්පිකර රණවක මහතා ලැබුණු තීන්දුව තුළින් පාර්ලිමේන්තුව තමන් අතට නතුකර ගන්නට සහ ශ්‍රේෂ්ඨාධිකරණයට බලපෑම් කිරීමට උත්සාහ කළ දේශපාලනයට එරෙහි අලූත් යුගයක් උදාවනු ඇතැයි ද කීවේය.

        

එය මෛත්‍රීපාල සිරිසේන මහතාගේ බලගතු දේශපාලන පරාජයක් මෙන්ම නැවත ජනාධිපති වීමට දැරූ සිහිනය බිඳ වැටීමක් බව ද මන්ත‍්‍රීවරයා සඳහන් කළේය.

 

අභියාචනාධිකරණයෙන් පළමු පරාජයත්, ශ්‍රේෂ්ඨාධිකරණයෙන් දෙවන පරාජයත් ලැබූ මහින්ද රාජපක්‍ෂ මහතාගේ පාර්ශ්වය ජනතා අධිකරණයෙන් තුන් වන පරාජයත් ලබනු ඇතැයි පාඨලී චම්පික රණවක මහතා පැවසීය.

        



අදහස් (15)

මහින්ද රාජපක්ෂ නම්බුකාර ලෙස ඉල්ලා අස්විය යුතුයි

menna Thursday, 13 December 2018 03:41 PM

නඩු දදා නඩු අහ අහා ඉතිරි කාලයත් ගෙවමු. වෙන වැඩක් කරන්න හම්බ වෙන එකක් නැහැ.

:       100       551

BamunuarachchiFriday, 14 December 2018 12:40 AM

මහජන මුදල් විනාස කරමින් නිකම්ම නිකන් හිටපු මේ මිනිස්සු දැන් රටට වැඩක් කලොත් එහි ගෞරවය යායුත්තෙත් සිරිසේන මහතාටය. හේතුව නිදා සිටි හොරු ටිකක් වැඩට තල්ලු කිරීමය.

:       102       80

samFriday, 14 December 2018 10:31 AM

සිරිසේන මහතාව බලයට ගෙනාපු යූඑන්පී කාරයින්ට මුකුත් ගෞරවයක් ලැබිය යුතු නැද්ද බමුණු?

:       0       54

BamunuarachchiSaturday, 15 December 2018 01:04 AM

සෑම් ඔබට උත්තර දුන්නාට පලවෙන්නේ නැත. එ්කත් කරුමයක්...

:       0       0

Nandalal DE SILVA - France Thursday, 13 December 2018 07:38 PM

[මහින්ද රාජපක්ෂ නම්බුකාර ලෙස ඉල්ලා අස්විය යුතුයි....] බම්බුව! එයා දන්නා නම්බුව. පාර්ලිමේන්තු සම්ප්‍රදායන්ට ගරු නොකරන ගෝලබාල රංචුවක්, හෙන්චයියන් රැලක් හදාගෙන, පන්සල් පිහිටෙන් වැදිබණ දෙසන මෙවැන්නෙකුගෙන් වෙන දෙයක් බලාපොරොත්තුවන්න පුලුවන්ද.. බලය හැරෙන්න?

:       25       161

rocky Friday, 14 December 2018 12:31 AM

menna, ඔය කියන නඩු අහලා ඉවරයක් කරන්න ඉඩ දෙන්නේ නැතුව කවුදෝ කෙනෙක් අවහිර කොරනවා කියනවනේ! අපිත් බලන් ඉන්නේ ඒවා එකලාසයක් වෙන තුරු තමයි.

:       0       9

චමින්ද Friday, 14 December 2018 02:34 AM

මේ කීයන්නෙ ඔක්තෝබර් 26ට කලින් ලංකාවේ අපි හොදින් සුඛිත මුදිත විදිහට ජීවත් වුනා කියලද?

:       9       37

Bandula. Friday, 14 December 2018 03:29 AM

ඔය කියන යහපත් කාලයක් නම් දකින්න වෙන්නේ හීනෙන් තමයි, මොකද පහුගිය වසර 3ම කල දේවල් ජනතාවට අමතක නැහැනේ

:       12       135

srimala Friday, 14 December 2018 03:32 AM

නම්බුකාර ලෙස ඉල්ලා අස්වෙන්න එහෙම දෙයක් තිබ්බොත් හොදයි

:       18       59

RAJ Friday, 14 December 2018 04:32 AM

අැයි මහින්දට ඔච්චර බය.

:       145       179

Sanka Friday, 14 December 2018 05:11 AM

සෙල්ලම් ආණ්ඩු හැදුවේකෙන් රටට වුන සෙතේ මොකක්ද? දැන්වත් හරි දෙය කරන්න.මුළු රටම බලන් ඉන්නවා

:       23       18

ගල්කටස් Friday, 14 December 2018 07:44 AM

ඔයා යන්න... මහින්ද ඕනෑනම් අයින් වෙයි. ඔයා කියන නිසා අයින් විය යුතු නැහැ. අද තීන්දුවත් බලලම කට අැරියා නම් ඉවරයි... පච නොකියා...

:       1       35

rocky Friday, 14 December 2018 08:00 AM

RAJ , බය නැද්ද? නොයෙකුත් විදිහේ බරපතල අපරාධ පිළිබඳ චෝදනා තියන කෙනෙකු අපේ රටේ ලොක්කා වෙනවාට අපි නම් ඇත්තටම බයයි. ඔහෙලාත් ඒ වගේ වැඩකිඩවල හවුල්කරුවන් හින්දා එයාට බය නැතුව ඇති!

:       57       98

Raveendra Friday, 14 December 2018 08:17 AM

එය විතරක් නොවේ... ඔහෙත් මතක ඇතිව ඉල්ලා අස්වුනොත් හොඳයි තේරුණාද? අනිකාට කියන්න කලින් තමන් ඉල්ලා අස් වුනොත් හොඳයි... ඇහුණා නේද ?

:       273       185

rohana kumara mendis Friday, 14 December 2018 11:19 AM

මහින්ද රාජපක්ෂ නම්බුකාර ලෙස ඉල්ලා අස්විය යුතු නැත. එයාගේ පත්වීම අවලංගුයි. ජනාධිපතිගේ ගැසට් නිවේදනය ඇතුළු ආණ්ඩුව අවලංගුයි. ඉතින් හිටපු අයට දිගටම ආණ්ඩුව ගෙනියන්න පුළුවන්. එක්සත් ජාතික පක්ෂයට....

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සජිත් - අනුර විවාදයට සත්කාරකත්වය නීති ශිෂ්‍ය සංගමයෙන්
2024 අප්‍රේල් මස 23 36 0

ජාතික ජන බලවේගය සහ සමගි ජන බලවේගය අතර පැවැත්වීමට නියමිත විවාදය නීති විද්‍යාලයේ පැවැත්වීමට සිය සංගමය, පක්ෂ දෙකේ නායකයන්ට යෝජනා කර ඇති බව ශ්‍රී ලංකා නීත


රටට ඔබින හොඳ අධ්‍යාපන ක්‍රමයක් අවශ්‍යයි
2024 අප්‍රේල් මස 23 47 0

අධ්‍යාපනය දේශපාලන පාපන්දුවක් බවට පත් කර ගතහොත් අවසානයේ පරාජයට පත් වන්නේ රට බැවින් පෞද්ගලික මත පසෙකලා සියලු දෙනා එක්ව සාකච්ඡා කර රටට ඔබින හොඳම අධ්‍යාප


උමාඔය විදුලි ජනන යන්ත්‍ර දෙකට කාන්තා නම්
2024 අප්‍රේල් මස 23 1339 0

උමාඔය භූගත විදුලි බලාගාරයේ විදුලි ජනන යන්ත්‍ර දෙක එහි ඉදිකිරීම් ක්‍රියාත්මක වන කාලයේ සේවය කළ සුළු සේවිකාවන් දෙදෙනකුගේ සේවය ඇගයීම වෙනුවෙන් ‘දසුනි’ සහ


ලොව බලවත්ම 100 අතර ලාංකික කතක්
2024 අප්‍රේල් මස 23 3207 0

ලොව ප්‍රකට ටයිම්ස් සඟරාවේ මෙම වසර සඳහා වන සමාජයට බලපෑමක් කළ හැකි වඩාත් බලගතුම පුද්ගලයන් 100 දෙනා අතරට ශ්‍රී ලාංකික කාන්තාවක් වන රොසෑනා ෆ්ලේමර් කල්දේරා ම


ගම්පහ ව්‍යාපාරිකයෙක් මරන්න සැලසුමක්
2024 අප්‍රේල් මස 23 1299 0

ගම්පහ ප්‍රදේශයේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු මෙන්ම වැවිලිකරුවකු වන ’’ඔස්මන්’’ නැමැත්තා අවුරුදු උත්සවයකදී වෙඩි තබා ඝාතනය කිරීම සඳහා සූදානම්ව සිටි සැකකර


කොන්සියුලර් සේවා දින දෙකක් නවතී
2024 අප්‍රේල් මස 23 215 0

විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර් අංශයේ සත්‍යාපන සේවාවන් මේ මස 29 සහ 30 දෙදින තාවකාලිකව අත්හිටුවන බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 280 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1632 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1513 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site