IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


මහා භාණ්ඩාගාරයට මහ බැංකුවෙන් කෝටි 9000 ක්

(රන්ජන් කස්තුරි)   
 

                                    
රජයේ මූල්‍ය අවශ්‍යතා සඳහා මහා භාණ්ඩාගාරය ශ්‍රී ලංකා මහබැංකුවෙන් රුපියල් කෝටි 9000ක් ලබාගෙන තිබේ.   
 
එම මුදල ලබාගෙන ඇත්තේ ශ්‍රී ලංකා මහබැංකුවට භාණ්ඩාගාර බිල්පත් අලෙවි කිරීමෙනි.   

                                                 
මේ වසරේ ජනවාරි මාසය සඳහා මහා භාණ්ඩාගාරයට ලැබිය යුතුව තිබූ සැලසුම්ගත විදේශ මුදල් ලැබීම ප්‍රමාද වීම හේතුවෙන් මෙලෙස භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීමට සිදුව ඇතැයි මුදල් අමාත්‍යංශය සඳහන් කරයි. 
 
 මේ අතර ශ්‍රී ලංකා මහබැංකුව සඳහන් කළේ ජාතික අවශ්‍යතාවය සහ සුවිශේෂී තත්ත්වයන් සලකා බලා මහා භාණ්ඩාගාරයේ ඉල්ලීම ඉටුකළ බවය.     
 
          රජයේ ණය ලබාගැනීම් සාක්ෂාත්  වූ පසු එම ගනුදෙනුවේ කොටසක් පෙබරවාරි මාසයේදී ගෙවීමටත් ඉතිරි කොටස මේ වසරේ පළමු කාර්තුව තුළ ආපසු ගෙවීමටත් රජය එකඟතාව පළ කර තිබේ.



අදහස් (21)

මහා භාණ්ඩාගාරයට මහ බැංකුවෙන් කෝටි 9000 ක්

lankaputha Thursday, 17 January 2019 09:28 AM

ඔච්චර තිබ්බද? කාටවත් ඇහෙන්ඩ කියන්ඩ එපා.

:       0       12

Indunil Thursday, 17 January 2019 09:44 AM

ඕක කොහොමද ජාතික අවශතාවයක් වෙන්නේ ? ඔව්ව ගෙවන්නේ තවුද?

:       0       0

sam Thursday, 17 January 2019 10:10 AM

මාස්ටර් කාඩ් එකේ ණය විසා කාඩ් එකෙන් ගෙවනවා කියන්නේ මේකට තමයි.

:       0       12

Jayalath Thursday, 17 January 2019 10:11 AM

වර්තමාන රජයේ ඇහැ තියෙන්නෙම මහා බැංකුවෙනේ...

:       3       0

Hafeel Thursday, 17 January 2019 11:27 AM

ඇයි ඇලෝසියස් මහේන්ද්‍රන්ගෙන් ඉල්ලුවේ නැත්තේ?

:       36       308

Nuwan Thursday, 17 January 2019 12:48 PM

මම හිතුවේ සිගප්පුරු යාලුවගෙන් අතමාරුවක් අරන් කියල!

:       193       337

Bamunuarachchi Thursday, 17 January 2019 03:20 PM

කොටි 9000 කියන්නේ බිලියන .09 යි කොල්ලාකාපු මුදලම බ්ලියන 10 වැඩී නෙ. මේ අය නැවත බලයට ආවොත් බදු ගෙවන්න අපිට බැංකු ණය ගන්න වෙනවා.

:       567       561

samFriday, 18 January 2019 07:55 AM

බමුණු, කෝටියක් කියන්නේ ලක්ෂ සීයක්. මිලියනයක් කියන්නේ ලක්ෂ දහයක්. බිලියනයක් කියන්නේ මිලියන දාහක්. කෝටි 9000 කියන්නේ මිලියන 90,000 ක්. එතකොට කෝටි 9000 කියන්නේ බිලියන 90 ක් මිසක් බිලියන 09 නොවේ. ඔය පැත්තට කඩේ යන උදවියගේ දැනුම ගැන කවුරුවත් පුදුම වෙන්නේ නැහැ...

:       2       55

BamunuarachchiFriday, 18 January 2019 12:40 PM

පුදුම වෙන්න ඔයාගෙම දැනුම ගැන.

:       0       0

BamunuarachchiFriday, 18 January 2019 01:30 PM

බ්‍රිතාන්‍ය බිලියනය මිලියන මිලියනයක් 1000000 X10000000=1000000000000 ඇමරිකානු බිලියනය මිලියන් දාහයි 1000000X 1000=1000000000 ඕකයි වෙනස..

:       0       0

sam Thursday, 17 January 2019 07:18 PM

කොහෙටද මේ සල්ලි යන්නේ කීවොත් නරකද ? මුළු රටම උගස් කරනවා !

:       84       159

chandima Thursday, 17 January 2019 08:45 PM

විද්ද මදිවට බංකොලොත් කරලා තමයි යන්න යන්නේ?

:       54       199

අනුර Friday, 18 January 2019 01:52 AM

වක්‍රාකාරයෙන් සේවක අර්ථ සාධකේ මුදල්ද මේ අදින්නෙ.

:       0       84

Bandara Friday, 18 January 2019 02:23 AM

මෙතන කමෙන්ට් බලන බැංකු සුද්දාට කඩේ යන්න කෙනෙක් ඉන්නවා. එයාගෙ වැඩේ ඩිස්ලයික් කරන එක.

:       2       110

athuraFriday, 18 January 2019 09:54 AM

මොන බැංකු සුද්දා ගැනද කිව්වේ. බිලියන නමසිය අසූනමයද? බිලියන එකොළහද?

:       0       1

sam Friday, 18 January 2019 10:53 PM

බමුණු, ඔයා මේක අනාගෙන ඉන්නේ. භාණ්ඩාගාරයට ණයට ගත් කෝටි 9000 බිලියන .09 නම් මහබැංකු වංචාවෙන් ඔබ කියන ආකාරයට බිලියන දහයක්, ඒ කියන්නේ මිලියන මිලියනයක දහයේ ගුණාකාරය (1000000 x 1000000 x 10 = 10000000000000 ) විය යුතුයි. මේ ගණන් හිලව් දේශපාලකයට කඩේ යාමට සුදුසු විය හැකි වුණාට ගණිතයට හෝ ආර්ථික විද්‍යාවට නම් අදාලම නැහැ . කොහොම වුණත් වර්තමානයේ බිලියනයක් කියන්නේ මොකක්ද කියලා පහතින් කියවලා බලන්න

:       0       1

BamunuarachchiSaturday, 19 January 2019 01:28 PM

මම අනාගෙන නැත අපි ඉගෙනගත්තේ බ්‍රිතාන්‍ය ක්‍රමයටය. ඉගෙන ගත්තේ බ්‍රිතාන්‍ය ඉංග්‍රීසිය පොත්පත් බ්‍රිතාන්‍ය. අපේ ගණිත පොත් බ්‍රිතාන්‍ය ඒවාය එමනිසා බිලියනයට මිලියන මිලියනයක් බව ඉගෙනගෙන ඇත. එම නිසා මහබැංකුවේ අධිපතීන් සිදුවූ පාඩුව ඇමරිකන් ක්‍රමයට ගණන් බැලුවානම් ඔබ හරිය බ්‍රිටිෂ් ක්‍රමයට ගණන් බැලුවානම් මම හරිය. බිලියනය නොදන්නා කෙනෙක් "වට් ඉස් අ බිලියන්" කියා ගූගල් සර්ච් එකක් දැම්ම විට මිලියන් X මිලියන් කියා පෙන්නුවොත් ඔහු එය බාර ගනු ඇත. එමනිසා ඔබ මට කියන ටික සුද්දාට කියන්න.

:       1       0

samSaturday, 19 January 2019 09:34 PM

බමුණු, බ්‍රිතාන්‍ය බිලියනය 1974/5 දී අතහැරදමා ඇමරිකානු ක්‍රමයට (මිලියන දාහ) ලෙස වෙනස් වූ බව දැක්වෙන විකිපීඩියා සටහනේ 'වර්තමානයේ බිලියනය කියන්නේ මොකක්ද කියා පහතින් කියවන්න' කියා තිබුනේ එයයි. ඔබගේ අතපසුවීම වසන් කිරීම සඳහා මීට වසර හතලිස් පහකට පමණ පෙර සම්මත වූ වෙනස ඔබට පෙනුනාත් නොපෙනුනා වාගේ සිටීම ගැන පුදුම වෙන්නේ නැහැ . ගුගල් සර්ච් පමණක් නොව ඔක්ස්ෆෝර්ඩ් ඩික්ෂනරිය, විකිපීඩියා, එන්සයික්ලොපිඩියා බ්‍රිටනිකා ආදී සියල්ලේමත් ඉතාම පැහැදිලිව දැක්වෙන මේ කරුණ "වෙන් ඩිඩ් බ්‍රිටිෂ් බිලියන් චේන්ජ් ?" කියා සර්ච් කලොත් ඔබට දැනගත හැකියි. මහා බැංකු වංචාව පැරණි බ්‍රිටිෂ් බිලියන් දහයක් 10000000000000 කියා ඔබ තවමත් කියනවාද?

:       0       0

rasi Saturday, 19 January 2019 12:03 AM

බමුණුආරච්චි, මේක ඇමරිකාවේ වෙච්ච දෙයක්ද ? එහෙම නැත්නම් බ්‍රිතාන්‍යයේ වෙච්ච දෙයක්ද ?

:       0       0

BamunuarachchiSaturday, 19 January 2019 01:30 PM

ලංකාවේ අනුගමනය වෙන්නේ ඇමරිකන් ක්‍රමයද එංගලන්ත ක්‍රමය ද ?

:       0       0

Bamunuarachchi Monday, 21 January 2019 02:08 AM

1964 ඒ ලෙවල් කරපු අපිට තාමත් බලය ගැන කියවෙන විට ඔලුවට එන්නේ ෆුට් ෆවුන්ඩලස්ය. එ්ත් දැන් බලය මනින්නේ නිව්ටන් මීටර්ස් වලිනි. ඇත්තේ කන්වර්ශන් වෙනසකි. අපිට නිව්ටන් මීටර් කියන ඒකකය භාවිතාකරන්න අවස්ථාවක් ලැබුනේ නැත. එමනිසා මගේ බ්‍රිටිෂ් බිලියනය සහ ඔබගේ ඇමරිකන් බිලියනය ඇත්තේ කන්වර්ශන් කිරීමේ වෙනසයි. ස්තූතියි...!!!

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කුඩු - අයිස් සමග නාවික හමුදා ලොක්කෝ 2ක් මාට්ටු
2024 අප්‍රේල් මස 19 266 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


සහන වැඩට දුන් ට්‍රැක්ටර් බවුසර් පහක් අතුරුදන්
2024 අප්‍රේල් මස 19 62 0

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ


පලස්තීනයට එරෙහිව ඇමෙරිකාවෙන් නිශේද බලය
2024 අප්‍රේල් මස 19 602 0

පලස්තීනයට එක්සත් ජාතීන්ගේ කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය ලබා දීම සඳහා සාමාජිකයන් විශාල පිරිසකගේ එකඟත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරක්ෂක කවුන්ස


ෆෙබ්‍රියෝ ඇප ඉල්ලන්න බලාපොරොත්තුවක් නෑ
2024 අප්‍රේල් මස 19 638 0

කැනඩාවේ ඔටාවා නගරයේදී එකම පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු සහ එම පවුලේ හිතවතෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන ෆෙබ්


ජනපති තෙවරප්පෙරුමට අවසන් ගෞරව දක්වයි
2024 අප්‍රේල් මස 19 1075 0

එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව


නව පනතෙන් විදුලි මණ්ඩලයට වෙන දේ
2024 අප්‍රේල් මස 19 1003 0

ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි උත්පාදනය සම්ප්‍රේෂණය බෙදා හැරීම සහ සැපයීමට අදාල මණ්ඩලයේ වත්කම් හා බැරකම් සංස්ථාගත කරන ලද සීමාසහිත සමාගම් සතු කරනු ලැබිය


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 216 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1532 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1426 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site