IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


මහා නාහිමිවරු ලන්ඩන් කඨිනයකට වඩිති

නිමල් විතාරණ

අස්ගිරිය පාර්ශ්වයේ මහනායක වරකාගොඩ ඤාණරතන මහා නාහිමි  සහ ශ්‍රී ලංකා රාමඤ්ඤ  නිකායේ මහනායක අග්ග මහා පණ්ඩිත නාපාන පේමසිරි මහා නාහිමි   ප්‍රධාන මහා සංඝරත්නය අද (20) සවස ලන්ඩනයට වැඩම කළහ.

මහා නාහිමිවරුන් පැමිණ ඇත්තේ හෙට ලන්ඩනයේ   ශ්‍රී සම්බෝධි බෞද්ධ මධ්‍යස්ථානයේ වාර්ෂික කඨින පිංකමට සහභාගී වීම සඳහාය. 

එක්සත් රාජධානියේ ප්‍රධාන සංඝනායක   බෝගොඩ සීලවිමල හිමි, කිංග්ස්බරි විහාරාධිපති   ගලයායේ පියදස්ස හිමි ඇතුළු එක්සත් රාජධානියේ බෞද්ධ  හිමිවරුන් ද කඨින පිංකමට වැඩම කිරීමට නියමිතය.

බ්‍රිතාන්‍ය ජාතික පුස්තකාලයේ ගබඩා කර ඇති ශ්‍රී ලංකාවේ ලේඛන පිරික්සීම සඳහා නාහිමිවරුන් වැඩම කිරීමට නියමිතය.

මහ නායක හිමිවරුන්ගේ පැමිණීම එක්සත් රාජධානියේ බෞද්ධ ප්‍රබෝධයට හේතුවන බව ලන්ඩනයේ ශ්‍රී සම්බෝධි බෞද්ධ මධ්‍යස්ථානයේ විහාරාධිකාරී   මඩුගල්ලේ මහානාම හිමියෝ පැවසූහ.



අදහස් (36)

මහා නාහිමිවරු ලන්ඩන් කඨිනයකට වඩිති

ලාල්-ඊස්ට්හැම් Friday, 20 October 2017 04:48 PM

ඔබ වහන්සේලාගේ පැමිණීමෙන් ලන්ඩනයේ බෞද්ධ ප්‍රබෝධයක් ඇත්තටම ඇතිවීමට නම් තම සම්බෝධි විහාරයම ප්‍රවර්ධනය නොකර අවට අනෙකුත් පන්සල් වලටද වැඩ එම පන්සල් වලට එන බැතිමතුන්ටද ධර්මය දේශනා කරනසේක්වා.

:       1010       901

LuckyFriday, 20 October 2017 11:23 PM

එතකොට ආදායම අඩුවෙනවනෙ

:       292       111

samSaturday, 21 October 2017 04:43 AM

ලාල් ඊස්ට් හැම්, නිර්මල බුදු දහම කියන්නේ නිකාය වලට බෙදී එකිනෙකා පරයා නැගී සිටීමට උත්සාහ කිරීම නොවන බව ඔබ දැන සිටියාට බොහෝ දෙනෙක් (සංඝයා වහන්සේලා ඇතුළුව) දන්නේ නැහැ. ලංකාවේ ඉතාම ප්‍රසිද්ධියට පත්වී පසුව ආන්දෝලාත්මක ආකාරයට අපවත් වූ හිමි නමක් මෙල්බර්න් හි වැඩ වාසය කල සමයේ දනකට ආරාධනා කලාම අහන පළමු ප්‍රශ්නය "අනිත් පන්සලෙනුත් වඩිනවාද ?" යන්නයි . ඔව් කිව්වොත් එදාට වෙනත් දානයක් බාර අරන් තියනවා කියලා මග අරිනවා. අපේ රටේ සමහර ස්වාමීන් වහන්සේලාගේ බෞද්ධ දර්ශනය ඒකයි.

:       637       576

ජගත් ලියනගේ Friday, 20 October 2017 11:56 PM

බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළේ අල්පේච්ඡ තාවය පිළිපදින්න කියල නේද . සංඝයා වහන්සේ සහ ගිහියන් දෙගොල්ලටම මෙය පොදුයි .

:       64       206

ලුම්බිණි Saturday, 21 October 2017 02:08 AM

මෙම අසනීපයෙන් ඉන්නවා වාගේ පෙනෙන ස්වාමින් වහන්සේ මොකට මෙච්චර කරදර වෙනවද? වෙනත් හාමුදුරු කෙනෙක් යවන්න තිබුණා නේද?

:       1066       322

DonSunday, 22 October 2017 08:14 AM

ඒ උන්වහන්සේත් ලන්ඩන් දැක බලාගෙනම අපවත් වෙන්න ආසාවක් තියෙන්න ඇති ..

:       1157       3

ස්වර්ණාSunday, 22 October 2017 08:57 AM

පව් කතා කියන්න එපා දොන්. ඔයාට අම්මා තාත්තා නැද්ද? මේ ඉන්නේ නාපාන පේමසිරි මහනායක හාමුදුරුවෝ. උන්වහන්සේ ලන්ඩන් ඇවිත් තියෙනවා බොහෝ වාරයක්. ලැජ්ජයි ඔයා වගේ අමන අය ගැන...

:       0       160

ධම්ම Saturday, 21 October 2017 03:37 AM

අවට අනෙකුත් පන්සල් වල බැතිමත්හු ද මෙදිනට ලන්ඩනයේ ශ්‍රී සම්බෝධි බෞද්ධ මධ්‍යස්ථානයට පැමිණ මෙම පුණ්‍ය කර්මයට දායකවෙත්වා! වයස්ගත අග්ග මහා පණ්ඩිත නාපාන පේමසිරි මහා නාහිමි මෙහි වැඩමකර සිටින්නේ පංගුපේරුවකින් තොරව ඔබට ධර්මය දේශනා කිරීමටයි.

:       1       172

Daham Saturday, 21 October 2017 03:57 AM

ලන්ඩන් වැනි නගර වලත් කඨින පින්කම් පැවැත්වීමේ අවශ්‍යතාවය නොතේරේ .

:       595       404

sumudu Saturday, 21 October 2017 04:28 AM

කඨින පින්කම් කරන්නේ වර්ෂ කාලයට පිණ්ඩපාතේ යන්න බැරි නිසා නේද? එතකොට මේ හාමුදුරුවෝ ඒ පින්කමට ලංකාවේ ඉඳම්ම ගොහින්? වැස්සේද? මට නිකන් කැරකෙනවා වගේ...

:       307       276

jayasekaraSaturday, 21 October 2017 05:22 AM

සුමුදු: කටින පිළිබද දැනුම අඩු වගේ ... පසුගිය වප් පුර පොහොයෙන්... පෙර වස් විසූ භික්ශූන් වහන්සේලා වස් පවාරණය කළා ..... මේ මාසය චීවර මාසය .. එක නිසා භික්ශූන් වහන්සේලා සමාදන් උන වස් සීලය අවසන්....

:       324       1011

DahamSaturday, 21 October 2017 07:00 AM

ලන්ඩන් වල වර්ෂා කාලයට පිණ්ඩපාතේ යනවා වගේ නේද? නැත්නම් මොකටද කඨින පින්කම්.

:       233       165

darshana Saturday, 21 October 2017 05:26 AM

මම නරකක් කියනවා නෙමෙයි , මෙහෙ ඩුබායි වලත් ස්වාමින්වහෙන්සේලා වැඩමකරලා කඨින පින්කමක් තිබුණා ඉතා ලස්සනට තිබුණා .අරාබි ජාතිකයින් එය වටකර පහරදෙන්න අවේ නැහැ . ඉතින් මට හිතුනා අරාබි ජාතිකයින් පිරිසක් කොළඹ ඇවිත් යම් කිසි ආගමීක උත්සවයක් පැවැත්වුවොත් අපේ සමහර බික්ෂුන් සහ සමහර පිරිස් කෙසේ ප්‍රතිචාර දක්වයිද කියල?

:       1061       718

විනීතා Saturday, 21 October 2017 01:04 PM

මෝඩ කතා කියන්න එපා දර්ශන. ලංකාවේ මුස්ලිම් අයට තියෙන ආගමික නිදහස අරාබියේ වැඩ කරන බෞද්ධයන්ට නෑ. මමත් යනවා ඩුබායි පන්සලට. දහසකුත් එකක් නීති රීති මැද තමයි ඩුබායි පන්සලේ ආගමික කටයුතු කරන්නේ. පන්සල් භූමියෙන් පිටත බෞද්ධ ආගමික කටයුතු තහනම්. ඔයා මුස්ලිම් අය ගැන නොදන්නවා වගේ කතා කරන්නේ ඇයි?

:       346       1036

darshanaMonday, 23 October 2017 08:03 AM

ලංකාවේ මුස්ලිම් කියන්නේ ශ්‍රී ලංකික පිරිසක් එක තමන්ගේම මව් බිම ,වෙන රටකින් අපු කට්ටියක් නෙමේ .නමුත් අපි මෙහෙ රස්සාවට ආපු මිනිස්සු නමුත් අපිට මෙහෙ පන්සලක් තියාගෙන අපේ ආගමික කටයුතු කරන්න අවසර දීල තියෙන බව අමතක ක‍රන්න එපා. එය අගය කල යුතුයි.

:       0       24

Kumari Saturday, 21 October 2017 06:44 AM

අපේ හාමුදුරුවනේ ලංකාවේ ඉන්න අය යහමගට ගමුද? පිනකට ලංකාවෙන් එළියට ගිය අය පව් කරනවා අඩුයි.

:       2       100

ගාමිණි(ඊස්ට් හැම්) Saturday, 21 October 2017 07:26 AM

මට නම් නිකං ඔලුව කැරකෙනවා වගේ. බුදුහාමුදුරුවෝ වැහි කාල වල වැස්සෙන් සහ වැහි සුළං කරදර වලින් මගහැර ඉන්න ගතකල ජීවන රටාව අදහමින් නිවන්යන්න කියලද උන්වහන්සේ දේශනා කලේ? නැත්නම් වෙන මාර්ගයක්ද? වයසක හාමුදුරුවරු ඇයි මේ තරම් අමාරුවෙන් රෝදපුටු වලින් ඇවිල්ලා එංගලන්තේ අයවම නිවන් යවන්න කරදර වෙන්නේ? උන්නාන්සේලාට ලංකාවේ ඉන්නා දහසක් අසරණයන්ට එහෙමත් නැත්නම් ඉතියෝපියාව වැනි රටවල අසරණයන්ට පිහිට වෙන්න සිතක් පහල වෙන්නෙම නැද්ද?

:       1167       951

naradhaSaturday, 21 October 2017 08:51 AM

මම හිතන්නේ ඔයාට ඔයාට වෙන ලෙඩක් තියෙන්නේ. කරුණාකරලා දොස්තර කෙනෙක් හම්බ වෙලා ඔය කැරකිල්ලට බෙහෙතක් ගන්න.

:       526       753

ගිහාන්Saturday, 21 October 2017 04:18 PM

අපේ හාමුදුරුවො ඉස්සෙල්ලම ඊස්ට් හැම් වලට වැඩල මේ මෝඩ සෙට් එකට කඨින පින්කම කියන්නේ අට මහ කුසලයන්ගේ උසස්ම කුසලය බව දේශනා කරන සේක්වා.

:       0       226

Perakum Saturday, 21 October 2017 10:12 AM

ඉන්දියාවේ පවතින දේශගුණ තත්ත්ව අනුව මාස තුනක් වැහි කාලය. හාමුදුරුවන්ට පිණ්ඩපාතේ වඩින්න අමාරුයි. ඒ අනුවයි බුදුන් වහන්සේ වස් විසීම අනුදැන වදාලේ. ඒ කාලය තුල ගිහියන් භික්ෂූන්ගේ අවශ්‍යතා ලඟට ගෙනත් දෙනවා. භික්ෂුන් තම අධ්‍යාත්මික දියුණුවට වැඩි වැඩියෙන් වෙහෙසෙනවා. වැසි මාස තුනෙන් පස්සේ යලි පුරුදු පිණ්ඩපාත ජීවිතයට යොමුවෙනවා. ඉන්දියාවේ දේශගුණය එහෙම වුණාට වෙන රටවලට ඒක ගලපන්නේ කොහොමද? මේක මට නම් මහා පිස්සු විකාරයක්...! අද හැම තැනම පන්සල්වල තියෙන්නේ කඨින පින්කම් නොවෙයි කඨින සංදර්ශන තරඟාවලියක්. අන්තිමේ දවසක දේශපාලුවෙක් ගෙනැල්ලා ජයග්‍රාහක කඨින සංදර්ශනයට ත්‍යාග ප්‍රදානයකුත් කරාවි.

:       194       435

රන්ජිත්- අප්ටන් පාර්ක් Saturday, 21 October 2017 11:03 AM

මහා නාහිමිවරු ලංකාවේ සියලු නිකායවලට බෙදුණු පන්සල්වල නායක හිමිවරුන්ය. උන්නාන්සේලා අවුරුදු පතා ධනවත් කෝටිගණන් මුල්‍ය වත්කම් තිබෙන බවට උසාවියේ පවා පිළිගත් ලංකාවේ හාමුදුරු කෙනෙකුට අයිති මේ පන්සලට වැඩියට ඊට ටික දුරකින් පිහිටි ලුම්බිණි විහාරය තියෙනවාද නැද්ද කියාවත් බලන්නේ නැත. පන්සල් නිසා එංගලන්තයේ දායකයන් බෙදී ඇති බවයි පෙනෙන්නේ. අපි පන්සල් යන්නේ මෙලෙස බෙදෙන්නද කියා මෙහෙ ඉගෙනගන්නා අපේ දරුවන් අපෙන් ඇහුවම දෙන්න පිළිතුරු නැත. ඒ නිසා ඔවුන් ලංකාවේ පන්සල්වලට නොයා අමරාවතිය වැනි අජාන් බ්‍රාහ්ම මුනිවරයාගේ පහස ඇති භාවනා යෝගී තායි, බුරුම සහ සුදු හිමිවරුන් වැඩසිටින පාසල් කරා යාමට කැමැත්තක් දක්වනවා.

:       1233       1099

චාන්දන- ෆොරස්ට් ගේට් Saturday, 21 October 2017 11:28 AM

ඔය පන්සලේ දශක ගණනක් හිටියේ උගත් වයසක පින්වත් හිමි නමක්. ලංකාවේ බෞද්ධ නාලිකාවකට සම්බන්ධ කොළඹ හතේ පන්සලක් එකල රාජ්‍ය අනුග්‍රහය ඇතිව මෙය මිලදී ගත් පසු මේ හාමුදුරුවන්ට පන්සලෙන් වහාම ඉවත්වෙන ලෙස දැනුම්දුන්නා. උන්වහන්සේට යන එන මන් නැතිවූ විට මඳ දුරකින් ඇති ලුම්බිණි විහාරයේ පින්වත් මංගල හාමුදුරුවෝ උන්වහන්සේට තම පන්සලේ විසීමට ඉඩ දීමට තරම් කාරුණික වුණා.

:       428       248

සුධර්මා ෆොරස්ට් ගේට් Saturday, 21 October 2017 12:56 PM

සම්බෝධි විහාරය ඔය ස්ථානය මිලදී ගත්තේ ඉන්දියන් බෞද්ධ සමිතියකින්. ඔය කියන ඉන්දියන් ජාතික හාමුදුරුවන්ගේ වීසා බලපත්‍රය තිබුනේ ඒ ඉන්දියන් බෞද්ධ සමිතිය යටතේ. චන්දන ඔයා ඔය කෑ ගහන්නේ මහානාම හාමුදුරුවෝ අර දුෂ්ට හාමුදුරුවන් ඉන්න ලුම්බිණි විහාරය දාලා සම්බෝධි විහාරයට වැඩම කරපු ඉරිසියාව නිසානේද?.

:       333       1016

චාන්දන- ෆොරස්ට් ගේට් Saturday, 21 October 2017 04:53 PM

පන්සලක් නිසා මේ ගෑණු කෙනා මොහොතින් කර ගත්ත පාපයක තරම.! නරක වචනෙන් සංගරත්නයට බැණවැදුනා. ඔන්න ඔහොම තමයි එංගලන්තේ ඉන්න ලංකාවේ අය පින් කරනේ.

:       241       0

සීලගවෙසි හිමි Saturday, 21 October 2017 12:45 PM

ලුම්බිණි මහත්මා/ මහත්මිය, මේ අතිපූජනීය නාපාන ශ්‍රී පේමසිරි මහා නායක ස්වාමීන් වහන්සේයි.

:       14       369

සෙනෙවි Saturday, 21 October 2017 01:46 PM

මේ රටේ ජාතික ආගම කිතුදහම වුණත් ඒ රටේ අය මේවාට අවහිර කරන්නේ නැත්තේ මම නම් හිතන්නේ ඒ අය නියම බෞද්ධ ප්‍රතිපත්ති දන්නා නිසා මේ රටේ අන්‍යාගමික ප්‍රචාරවලට විරුද්ධ අයට හිතන්න දෙයක්... මේක බුදුදහම රැකීමට ව්‍යවස්ථාව අවශ්‍යද?

:       342       96

senevi Saturday, 21 October 2017 01:52 PM

මේ රටේ සුලු ජාතීන් මේ අයට වහකදුරු වගේ ඒත් සුද්දගේ රටට යනවා. තමා තමාට උපමා කරගන්න කියලා බුදු හිමි දේශනා කලා නේද?

:       134       145

PerakumSunday, 22 October 2017 04:12 AM

සුළු ජාතීන් විතරක් නෙවෙයි මහජාතියේ උනත් අඩු කුලේ නම් සමහර නිකායවල හමුරුවන්ට වහකදුරු තමයි. එයින් එක්කෙනෙක් ඔය මෙතනත් ඉන්නේ. ඒගොල්ලන්ගේ ප්‍රතිපත්ති බුද්ධ දේශනාවට හාත්පසින්ම විරුද්ධයි. එත් අපට "බණ" කියනවා.

:       122       12

සිරිතුංග Saturday, 21 October 2017 04:43 PM

අපේ හාමුදුරුවො ලන්ඩන් වැඩියාම රිදිච්ච අය කොච්චර ඉන්නවද කියල මේ කොමෙන්ට් දැක්කම තේරෙනව නේද. කඨින පින්කම කියන්නේ මොන තරම් උතුම් පිනක්ද කියල මේ මිනිස්සු දන්නේ නැති කම ගැන මට ඇති වෙන්නේ අනුකම්පාවක්. කඨින කියන එකේ තේරුම තද, ප්‍රභල කියන එක. කඨින පින්කම් කරන්න අදාල රටේ වහින්නම ඕනේ නෑ. ඉන්දියාවේ සමහර කාන්තාර ප්‍රදේශ වලට අවුරුදු කීපයකට පසුව වහින්නේ. එතකොට ඒ ප්‍රදේශ වල කඨින පින්කම් කරේ නැද්ද. තවත් සමහර ප්‍රදේශ වලට අවුරුද්ද පුරාවටම වගේ වැසි. එතකොට හැමතිස්සෙම වස් වසන්න ඕනෙද. වස් අනුදැන වදාල එකම හේතුව රඨ්ඨපාල කියන ඇස් අන්ධ මහ රහතන් වහන්සේට වැසි කාලයේ පමණක් මතු වන රතිඳුගොව් කියන සත්තු පෑගී මිය යාම නෙමේ. වැස්ස නිසා හාමුදුරුවෝ ලක් වෙන දුක් ගැහැට බුදු රජාණන් වහන්සේ අවධානය යොමු කලා. වස් අනුදැන වදාලේ සිව්වනක් පිරිස මෙන්ම සතුන් ගැනත් සලකා බැලීමෙන්. වසරකට වරක් බුද්ධෝත්පාද කාලයක පමණක් කිරීමට ලැබෙන මේ උතුම් පිංකම් වලට අපි උපරිමයෙන් කැප වෙමු.

:       0       772

PerakumSunday, 22 October 2017 08:45 AM

අපේ පන්සලේ කඨින පෙරහරට මේ සැරේ අලි දෙන්නයි. ලබන පාර ඇත්තු ගේනවලු. ඉස්සෙල්ලම ගියේ කාවඩි කාරයෝ. හොඳයි නේද? නියම තරඟයක් තියෙන්නේ. හරි නම් මේක ප්‍රසංගයක් නැත්නම් සංදර්ශනයක් වෙලා. කඨින පින්කම කියන්නේ ඔය කියන විදිහේ මොන තරම් උතුම් පිනක්ද කියලා මට නම් තේරෙන්නේ නෑ. මොනවා කරන්නද මගේ නොදැනුවත්කම නේ.

:       227       1

saman Sunday, 22 October 2017 03:20 AM

තමන්ගේම වැඩ කරවගන්නද මෙතුමන්ව සඝ නායක කරලා තියෙන්නේ අනේ මන්ද මේ ගොල්ලොන්ගෙන් නම් අපේ මිනිස්සුන්ගේ ආධ්‍යාත්මයට කිසිම දෙයක් වෙලා නැහැ....

:       1       0

mahesh boossa Sunday, 22 October 2017 06:01 AM

ලන්ඩන් වල තියන ලොකු පන්සල් වලට ගියාම ඇතිවෙන හිත රිදීම් නිසා ඒ පන්සල්වලට යනවා බොහොම අඩුයි.ලොකු රැකියා කරන්නේ නැති පොඩි මිනිස්සු දිහා බලන්නේ වෙනම දුෂ්ටි කෝණයකින් මම නම් ඉඩ තියන වෙලා වට යන්නේ අමරාවතී පන්සලට . මොකද අපෙන් කිසිම දවසක ඇඳන් ඉන්න ඇඳුම දිහා බලල අහහල නැ අපි කොහෙද ඉන්නේ, අද විශේෂ දෙයක් ද පන්සලට අවේ මොකද්ද කරන රැකියාව ඔයවගේ දේවල් , ඉතින් අපි පුළුවන් විදියට පුලුවන්දෙයක් අරගෙන අපි පන්සලට යනවා . ලන්ඩන්පන්සලකට ගියා හත් දවසේ දානෙකට මම අදුනන්නේ ඒ මැරුණු එක්කෙනා විතරයි. බන අතරතුරේ මම හිටියේ ටිකක එහාට වෙලා . අපිත් පුළුවන් විදිහට දානෙට දායක වුනා. දානේ ඉවර වෙලා පිරිත් පැන් දෙනකොට පන්සලේ ලී පොලවට වැටෙනවා පිරිත් පැන් , මමත් පිරිත් නූලක් බැඳ ගන්න අන්තිමහරියේ ගියා . හාමුදුරුවෝ මගේ දිහා බලලා කියනවා " ළමය ඔය බිම වැටෙන වතුර ටික පිහිදලදන්න " කියල, ඉතින් මම ඉක්මනට වැටුණු වතුර ටික පිහිදැම්ම. ඒ අතරතුරේ පෝලිමේ අය බලන් ඉන්නව මම පිහිදල ඉවරවෙනකම ඊට පස්සේ පිරිත් නූලක් බැඳගෙන එතනින් ගියා සමහර වෙලාවට හාමුදුරුවෝ හිතන්න ඇති දානේ වෙලාවට අපු පිටඑකෙක් මූට කියනවා මේක පිහිදන්න කියල.

:       217       2

Mahendra Kalingamudali Sunday, 22 October 2017 10:38 AM

මෙම පුවත ගැන අදහස් දක්වන සමහර අය දන්නේ නැතිව ඇති සමහර මුස්ලිම් සහ ක්‍රිස්තියානි ආගමික ආයතන පවත්වාගෙන යන්නේ බෞද්ධ සිද්ධස්ථාන වලට අයත් ඉඩම් බදු ගෙන බව. සිංහල බෞද්ධයින් ආගමික නම් සිංහල බෞද්ධ ජනයා වැඩිය සිටින ප්‍රදේශ වල අන්‍ය ආගමික සිද්ධස්ථාන තිබෙන්නේ කෙසේද? මුදලට අන්‍යාගමික කරණය කිරීම සහ පුරාවස්තු විනාශකරමින් පිටරටවල සංස්කෘති බලෙන් ලංකාවේ පිහිටුවීම අලුතින් මතුවී තිබෙන ගැටුම්කාරී ප්‍රශ්නවලට මුල නොවේද?

:       0       0

x Sunday, 22 October 2017 11:16 AM

පිංවත් මිතුරනි, පොළව මතුපිටින් අඩි 10ක් යට තියෙන මැණිකක් ගැන විවිධාකාර වූ මතවාද කරනවට වඩා, එය මතුකර ගන්න උත්සාහවත් වන්න. මැණික මතු කර ගත් සැණින් සියලු මත ඔබ ජයගෙන හමාරය. මේ එයට කාලයයි. ඔබටද ඒ සඳහා සුදුසුකම් ඇත. එසේ නොකොට, නොදන්නා නොදැකපු දේට අත දාන අයට වනුයේ, පලංචියේ කූඤ්ඤය ගැලවූ වඳුරාට වුනු දේ හැර අනෙකක් නොවේ...

:       0       0

සෙනෙවි Sunday, 22 October 2017 01:48 PM

මහේන්ද්‍ර මහතාණෙනි, එතකොට එංගලන්තෙ පන්සල් හදන්නේ පෞරාණික බෞද්ධ ඉඩම් වලද? ඇයි මේ කලබල කරන මෝඩ බෞද්ධයින්ට මේ ගෝත්‍රවාදී ආකල්පයෙන් බැහැර වෙන්න බැරි? අනික කඨින පිංකම් කාලෝචිද? ඔය මහන සිවුරු අඳිනවද?

:       0       0

පිටිගල මිලානෝ Monday, 23 October 2017 12:31 PM

එකල දඹදිව වස්සාන සමයේ සකල දනාගේ හිත සුව පිණිස සැරිසරන්න බැරි කුරිරු කාලගුනයන්හී එක තැනකට වී ස්ව අධ්‍යාත්මික දියුණුව උදෙසා භාවනාවන්හී යෙදෙන යතිවරයෙක්ව සිව්පසින් නිර්ලෝභීව සංග්‍රහ කොට රැක බලාගැනීම මහානිසංස ගෙන දෙන කුසල කර්මයක්. මෙයට කුමන ආකාරයකින් හෝ පැන් පොදකින් හෝ දායක වීම මහත් පල ගෙන දෙන කුසලානිසංසයක්.

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කුඩු - අයිස් සමග නාවික හමුදා ලොක්කෝ 2ක් මාට්ටු
2024 අප්‍රේල් මස 19 802 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


සහන වැඩට දුන් ට්‍රැක්ටර් බවුසර් පහක් අතුරුදන්
2024 අප්‍රේල් මස 19 150 0

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ


පලස්තීනයට එරෙහිව ඇමෙරිකාවෙන් නිශේද බලය
2024 අප්‍රේල් මස 19 992 0

පලස්තීනයට එක්සත් ජාතීන්ගේ කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය ලබා දීම සඳහා සාමාජිකයන් විශාල පිරිසකගේ එකඟත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරක්ෂක කවුන්ස


ෆෙබ්‍රියෝ ඇප ඉල්ලන්න බලාපොරොත්තුවක් නෑ
2024 අප්‍රේල් මස 19 1030 0

කැනඩාවේ ඔටාවා නගරයේදී එකම පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු සහ එම පවුලේ හිතවතෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන ෆෙබ්


ජනපති තෙවරප්පෙරුමට අවසන් ගෞරව දක්වයි
2024 අප්‍රේල් මස 19 1336 0

එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව


නව පනතෙන් විදුලි මණ්ඩලයට වෙන දේ
2024 අප්‍රේල් මස 19 1197 0

ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි උත්පාදනය සම්ප්‍රේෂණය බෙදා හැරීම සහ සැපයීමට අදාල මණ්ඩලයේ වත්කම් හා බැරකම් සංස්ථාගත කරන ලද සීමාසහිත සමාගම් සතු කරනු ලැබිය


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 220 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1536 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1431 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site