IMG-LOGO

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා


මහමැතිවරණය පැවැත්වීම වළක්වාලන අතුරු නියෝගයක් ඉල්ලා මූලික අයිතිවාසිකම් පෙත්සමක්

 ( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )

කොරෝනා රෝග ව්‍යාප්තිය තුළ  මහමැතිවරණයක් කැඳවීම රටේ ජනතාවගේත් , රෝගීන් ගේත් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන බවත් ,එබැවින් ලබන ජූනි 20 වැනිදා මහමැතිවරණයක් පැවැත්වීම වළක්වාලන අතුරු නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා කොළඹ මහ නගර සභාවේ හිටපු නාගරික මන්ත්‍රීවරයෙකු හා නීතීඥවරයෙකු ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරනු ලැබ ඇත.

මෙම පෙත්සම ගොනු කරනු ලැබ ඇත්තේ නීතීඥ චරිත ගුණරත්න නැමැත්තෙකි.

මෙහි වගඋත්තරකරුවන් ලෙස මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය ඇතුළු  එහි සාමාජිකයින් වන  ජනාධිපති නීතිඥ එන්.ජේ. අබේසේකර, මහාචාර්ය රත්නජීවන් හූල් , ජනාධිපති  ලේකම් ආචාර්ය පී.බී.ජයසුන්දර , සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ සහ නීතිපති නම් කරනු ලැබ සිටිති.

එසේම ජුනි මස 20 වනදා පැවැත්වීමට අදාළව මැතිවරණ  කොමිසම විසින් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි යැයි තීන්දු කොට එය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන  ලෙස පෙත්සම්කාර නීතීඥවරයා  ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනු කළ පෙත්සමින් ඉල්ලා ඇත.

නීතිඥ එම්.එල්.ෂහාබ්දීන් මහතා මාර්ගයෙන් ගොනු කළ පෙත්සමේ මෙසේද සදහන්වේ.

පෙත්සම්කරු කොළඹ මහ නගර සභාවේ හිටපු නාගරික මන්ත්‍රීවරයෙකි.එමෙන්ම නීතීඥවරයෙකි.පෙත්සම්කරු කියා සිටින්නේ කො⁣රෝනා රෝග ව්‍යාප්තිය තුළ ජූනි 20'වැනිදා මහමැතිවරණයක් කැඳවා ඇති බව තමන්ට දැන ගන්නට ලැබූ බවය.ඒ සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම විසින් ඉකුත්දා 2072/3 දරණ අති වි⁣⁣ශේෂ ගැසට් නිවේදනයක්ද නිකුත් කරනු ලැබ අැත.

රටේ දැනට පවතින තත්ත්වය තුළ කොරෝනා රෝගීන් 600කට අධික පිරිසක් සොයා ගෙන තවත් පුද්ගලයින් 7 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවද කියා සිටී.එසේම සෑම දිස්ත්‍රික්කයකින්ම කොරෝනා ආසාදිත රෝගීන් මේවන විට හමුවී ඇත.ඊට අමතරව තවත් සැලකිය යුතු පිරිසක් නිරෝධායන පරීක්ෂාව යටතේ පසුවන බව පෙත්සම්කරු කියා සිටී.

පෙත්සම්කරු කියා සිටින්නේ අප්‍රේල් මස 25 වනදා පැවැත්වීමට නියමිතව තිබූ මහමැතිවරණය ජුනි මස 20 වනදා දක්වා කල් තැබීමට මැතිවරණ කොමිසම විසින් ගනු ලැබූ තීරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැණි බවය.
 



අදහස් (26)

මහමැතිවරණය පැවැත්වීම වළක්වාලන අතුරු නියෝගයක් ඉල්ලා මූලික අයිතිවාසිකම් පෙත්සමක්

Deepal Nirosh Saturday, 02 May 2020 02:12 PM

මැතිවරණය පැවැත්වීම ජනතාවගේ අයිතිවාසිකම් උල්ලංඝනය වීමක් කියන්නෙ කොහොමද? අනෙක මේ පෙත්සම ඉදිරිපත් කළ අය රටේ ඡන්ද දායකයින් අතුරින් එක් අයෙක් පමණයි. ඔහුට ඡන්දය ප්‍ර‍කාශ කිරීම සඳහා අවශ්‍ය නම් ආරක්ෂිත ක්‍ර‍මවේදයක් සකසා දෙන්න රජයට පුළුවන්.

:       4425       4173

kamalSaturday, 02 May 2020 06:47 PM

මෙ ප‍්‍රශ්න මැද්දේ මොන මැතිවරණද?

:       1878       2109

විසල්Sunday, 03 May 2020 01:41 AM

පාර්ලිමේන්තුව විසිරුවා අවසන්. එය 'අතීතය' ට අයිති සිදුවිමකි. මැතිවරණ කොමසාරිසතුමා ඔහුට සුදුසුම දිනයක් මැතිවරණය සදහා නියම කරනු ඇත.... 'අතීතය' වර්තමානය බවට පත් කළ නොහැක.

:       0       0

චමින්දSunday, 03 May 2020 01:14 AM

පවතින තත්වය හමුවේ අපේ පවුලේ අයත් ඥාතිමිත්‍රාදීනුත් ඡන්දය පාවිච්චි කිරීමට ආරක්ෂක ක්‍රමවේදයක් අපේක්ෂා කරනවා. ඊට කලින් කියන්න ඔබට ආරක්ෂක ක්‍රමවේදයක් සැකසීමට තිබෙන බලය කුමක්ද කියලා..?.

:       0       0

Mahesh jayawickramaSunday, 03 May 2020 04:48 AM

එක් අයෙකු කරන අපරාධය සමස්ත සමාජයක් කෙරෙහිම බලපානවනම් එක් අයෙකුගේ මූලික අයිතිවාසිකම් කඩවීම සමස්ත සමාජයේම අයිතිවාසිකම් කඩවීමක් වේ. මේ මොහොතේ චන්දය නොපැවැත්විය යුතුයි. සියලුදෙනාම එක්වී මේ කාලසීමාව තරණය කිරීම පමණයි කළ යුත්තේ.

:       33       195

de silva Saturday, 02 May 2020 02:36 PM

මේ දිනවල සිලෝන් එකේ ක්‍රියාත්මක වෙන්නේ දකුණේ නීතිය..., එම නීතිය අනුව රණවිරු සහ දේශප්‍රේමී ලේබල් ගසාගත් පාර්ශව වලට ප්‍රමුකත්වය ලැබේ.

:       1523       1680

kaminthaka Saturday, 02 May 2020 06:13 PM

ඔව් මේ දවස්වල සිලෝන් එකේ ක්‍රියාත්මක වන්නේ මැදමුලන නීතියයි. අවුරුදු කීයක් රටේ ජනතාවගේ මුදල් කොල්ල කෑවාද? ... රට වික්කද...?

:       1751       1832

අබිලින් Sunday, 03 May 2020 01:19 AM

මෙම අය තුනෙන් දෙකේ බලයක් ඉල්ලන්නේ සදාකාලිකවම බලයේ සිටින්නයි.

:       0       0

කරුණාරත්න Saturday, 02 May 2020 02:49 PM

අළුත් පාර්ලිමේන්තුවක් අනවශ්‍ය නම් පරණ එක කොහොමවත් අවශ්‍ය නෑ.

:       338       589

සජිත් ගේ ජන බයවේගය Saturday, 02 May 2020 03:58 PM

කොරෝනා වලට හරියන එන්නතක් හොයාගන්න තව අවුරුදු 5ක් ගියොත්... මේ පාර්ලිමෙන්තුවම තියාගන්න වේවිද? ලෝකයේ අනිත් හැම රටක්ම කොවිඩ් ප්‍රශ්නෙත් එක්ක තමන්ගේ එදිනෙදා කටයුතු වෙනස් කරමින් පවතිනවා. චන්දෙ පරක්කු කරනවා චෝදනා කට්ටියම දැන් චන්දෙ පරක්කු කරන්න කියල කියන එක විහිළුවක්. කොහොම වෙතත් සජබ, UNP ලොක්කන්ගේ කඩේ යන යුරෝපය, ඇමෙරිකාව දිහා බලලවත් හැදුනොත් හොඳයි.

:       1213       1049

සමන්ත Saturday, 02 May 2020 03:59 PM

පසුගිය රජය පලාත් සභා මැතිවරණය පවත්වන්නේ නැතිව හිටිය එක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එකගද? ඒ මගින් ඡන්දදායකයන් ගේ අයිතිවාසිකම් උල්ලංඝනය වුනේ නැද්ද? ඔය කියන පුද්ගලයා ඒ දවස් වල හිටියේ කොමා තත්වයෙන්ද?

:       617       768

RaveendraSaturday, 02 May 2020 06:43 PM

ගම් කබරයෝ යනු ඕනෑම දහජරාවක් ගිලදමන සත්ව කොට්ඨාශයකි. එබැවින් එම ගම්කබරයන් මුදල් පමණක්ම ජීවිතය කරගෙන මිනීමරුවා සත්ගුණවත් අහිංසකයෙක් ලෙස පෙන්වීමටත් සත්‍යවශයෙන්ම අහිංසකයා මිනිමරුවකු ලෙස හුවා දැකුමට අතේ පැලවෙන බොරු බේගල් කීම සාමාන්‍ය දෙයකි. එබැවින් මෙහිදීද තම මුසල නම ප්‍රසිද්ද කරගැනුමටත් පසුපස සිටින දියවන්න පට්ටියේ බංකොලොත් මිහරකුන්ගේ කොන්ත්‍රාත්තුවක් කිරීමට ඉදිරිපත්වී ඇති බව ඉතාම පැහැදිලිය. අප රටේ ගම් කබරයන් කිසිදින රටේ දියුණුවට, රටට ආදරයට රටේ ආරක්ෂාවට කිසියම් හෝ වැඩක් කරාද යන්න ඉතිහාසය දෙස බැලීමේදී හොදින්ම එය පැහැදිලිය. හොදින් නිරීක්ෂණය කරන්න මෙය විබාග කිරීමට ගන්න අවස්ථාවේදී "මෙම ගම්කබරය ලගින්ම ඉන්නා අය රුපවාහිනි නාලිකාලව පිරිවරාගෙන කියන බේගල් ". මෙය සියලුම ලාංකිකයන්ට නුදුරේදීම හොදින් දැකගනුමට අවස්ථාව උදාවෙනු නියතය.

:       52       306

චිත්‍රානන්දSunday, 03 May 2020 12:15 AM

මෙතන තියෙන්නේ එහෙම ගැටලුවක් නෙවෙයි. භයානක වසංගත තත්ත්වයක් හමුවේ මැතිවරණ පැවැත්වීමට තරම් අප රටේ පහසුකම් නැත.

:       0       0

MaheshSunday, 03 May 2020 02:04 AM

ඒකනම් නැතිවුන එක ලොකු දෙයක්. කිසිම වැඩක් නැති රටේ සල්ලි නාස්ති කරපු දෙයක්.

:       0       0

ranaSunday, 03 May 2020 04:38 AM

එදා ඒ කළ දේ අපි හෙළා දකිනවා නමුත් අද රටේ තත්ත්ව ඊට වැඩ වෙනස් නේද ? චන්දය ප්‍රකාශය කරන්නන් 60% අඩු උනොත් එය සර්ව ජන මතයක් වෙන්නේ නැහැ නේද ?

:       0       114

Samitha Senaka Aluthgamage. Saturday, 02 May 2020 04:24 PM

දේශපාලනයකින් තොරව මේ ප්‍රශ්නය දෙස බැලුවොත් මේවැනි අවස්ථාවක චන්දයක් තැබීම සුදුසු නැහැ.

:       745       898

RaveendraSaturday, 02 May 2020 05:50 PM

ඔබගේ අදහස් නිවැරදිය.. වැඩිදෙනෙකු තමන්ගේ පාටත් සමගම පොදු ගැටළු දෙස බලමින් කුමක් හෝ තමන්ගේ පැත්තට වාසියක් ගැනුමට සැමවිටම උත්සහ කිරීම අප රටේ පොදු සිරිතක් විම ඉතාමත්ම අවාසනාවකි. එමෙන්ම මෙම අවස්ථාවේ මිනිසුන්ගේ ආරක්ෂාව පිලිබදව වෛද්‍යවරුන් කොතරම් කෑමොර දුන්නත් ඇදිරිනීතිය ලිහිල් කර අවස්ථාවල මෙන් බලපැවැත්වෙන වෙලාවලත් ඉතාම වගකීම් විරහිතව හැසිරීම කොතරම් කණගාටුද ? කෙසේවෙතත් පුරවැසි වගකීම නිසිලෙස ඉටුකරන්නේ නම් "සෑම කෙනෙකුම "ඉක්මනින් රට යතා තත්වයට පත්කර ගැනුම එතරම් අපහසු නොවනු ඇත. අවසාන වශයෙන් "බලලෝභය " යනු ඉතාම බයානක මානසික ලෙඩක් බවත් එම රෝගය වැළදුණු තිරිසනා තමන්ගේ ආදරණිය මව උවද බලය වෙනුවෙන් පාවාදීමට පසුබට නොවෙන බවත්, මිට සතිකිපයකට පෙර තුන්ලෝකෙට ඇසෙන සේ කෑමොර දුන්නු දියවන්නාව පට්ටියේ මීහරක් රෑන " උඩු බුරන හඩ " දැන් වෙනත් පැත්තකට හරවා පැරණි මීහරක් පට්ටියම හොදා කියන්න තරමට මීහරක් දේශපාලුවන් ඉතාම පහත් ලෙස බලය දෙස බලා සිටින්නේ "පිස්සු බල්ලන් "ලෙස නොවේද?

:       526       406

RamendraSunday, 03 May 2020 09:39 AM

දුෂිත දේශපාලකයන් බිහිවන්නේ නුගත් ජනතාවගේ ආශිර්වාදයෙනි.

:       0       0

නුවන්සර Saturday, 02 May 2020 05:26 PM

මහ මැතිවරණය පවත්වන දිනය මැතිවරණ කොමිසමේ සභාපති විසින් තිරණය කරනු ඇත....

:       1       152

Nandalal DE SILVA - FranceSunday, 03 May 2020 11:25 AM

එත් ඉතින් එයත් රජයේ, ජනපතිගේ අතකොළුවක් උනොත්, හැමෝටම අබ සරණයි !!!

:       0       0

මුණසිංහ Sunday, 03 May 2020 12:47 AM

කෝවිඩ් අවසන් වනතුරු ඉඳලා මැතිවරණ තියන්න නම් තව අවුරුදු 5ක්වත් යයි. එතකන් බකංනිලා ඉන්නවද? යෝජනා කරලා තියෙන්නේ අද තියන්න නොවෙයි. තව මාස 2කින් තියන්න. ඒ වෙනකොට තත්ත්වය 95%වත් සමනය වුනොත් මැතිවරණය තියන්න පුලුවන්. නැතිනම් කොමසාරිස්තුමා ආපසු කල්දාවි. ඒක සෞඛ්‍ය බලධාරින් තීරණය කරාවි. මෙයාලට එදා ඉඳන් මැතිවරණ භීතිකාවක් තියෙනවා. එයාල හොඳාකාරවම දන්නවා එයාලට අත්වෙන්න යන ඉරණම. එ්නිසා මේක කල්දාලා තව හැකි පමණ ඉන්න අදහස. බල ලෝභය කියන්නේ ඔන්න ඕකටයි.

:       0       0

Rohana Sunday, 03 May 2020 02:01 AM

කොරෝනා තර්ජනය තිබෙන තුරු මැතිවරන පැවැත්වීම අනාරක්ෂිතයි. සෞඛ්‍ය අංශ වලින් පැහැදිලි උපදෙස් ලැබෙන තුරු බලාසිටින්න වෙනවා.

:       0       0

Mahesh Sunday, 03 May 2020 02:05 AM

ඡන්ද උණ ගහපු රජයක් ඉන්න එකේ මේක ඉතා හොද දෙයක්.

:       0       0

jayath Sunday, 03 May 2020 03:24 AM

ඇහැ ඇරලා බැලුවොතින් , මින්ස්සුන්ගේ මොලේ පෑදෙන්න ඕන . මෙවෙලාවේ වෙන්නේ මොකද්ද්ද කියල තේරුම් යන්න ඕන කට්ටියක් මැතිවරණය තියන්න හදනවා වසර ගණනක්ම මැතිවරණ කල්දමපු තවත් අනාතයෝ කට්ටියක් මැතිවරණයට බය වෙලා ඒක වලක් වන්න හදනවා.

:       0       0

lalithm Sunday, 03 May 2020 04:17 AM

කතාවක් තියෙනවා ලංකාවේ මිනිස්සුන්ට දෙයක් මතක දවස් 14ක් විතරයි කියල. ඉතින් මැතිවරණ කල් යන්න යන්න සති දෙකෙන් දෙක රටේ එක එක හෙන්චයියෝ කල්ලි වලට රු. 5000 ගණනේ බෙදා දෙන එක අපරාදෙනේ. ඔන්න ඔහේ චන්දෙ ඉවර කළාම ඉතිරිවෙන සල්ලි ටිකත් දිනන අය බෙදා ගෙන ඉවරයක් වෙලා රට දියුණු වේවිනේ.

:       114       1

pohottu amathi Sunday, 03 May 2020 07:07 PM

අපේ රජයකට 3/2 බලය ලබාගැනීමෙන් පමනය් කොරෝන වෛරසය ලංකාවෙන් නැති කළ හැක්කේ. අපි යම් තරම් වෛරසය රට තුල පාලනය කරගෙන යනවිට දැන් විපක්ෂයේ අය කුමන්ත්‍රණකාරීව වෛරසය රට තුළ පතුරනවා මැතිවරණය නොපැවැත්වීම සඳහා. රටේ සුබසිද්ධියට නම් මැතිවරණය පවත්වා අපිව බලයට පත් කළ යුතුය.එය බුද්ධිමත් රට වැසියෝ හොඳින් අවබෝධ කරගෙන ඇත.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

උමාඔය විදුලි ජනන යන්ත්‍ර දෙකට කාන්තා නම්
2024 අප්‍රේල් මස 23 322 0

උමාඔය භූගත විදුලි බලාගාරයේ විදුලි ජනන යන්ත්‍ර දෙක එහි ඉදිකිරීම් ක්‍රියාත්මක වන කාලයේ සේවය කළ සුළු සේවිකාවන් දෙදෙනකුගේ සේවය ඇගයීම වෙනුවෙන් ‘දසුනි’ සහ


ලොව බලවත්ම 100 අතර ලාංකික කතක්
2024 අප්‍රේල් මස 23 889 0

ලොව ප්‍රකට ටයිම්ස් සඟරාවේ මෙම වසර සඳහා වන සමාජයට බලපෑමක් කළ හැකි වඩාත් බලගතුම පුද්ගලයන් 100 දෙනා අතරට ශ්‍රී ලාංකික කාන්තාවක් වන රොසෑනා ෆ්ලේමර් කල්දේරා ම


ගම්පහ ව්‍යාපාරිකයෙක් මරන්න සැලසුමක්
2024 අප්‍රේල් මස 23 517 0

ගම්පහ ප්‍රදේශයේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු මෙන්ම වැවිලිකරුවකු වන ’’ඔස්මන්’’ නැමැත්තා අවුරුදු උත්සවයකදී වෙඩි තබා ඝාතනය කිරීම සඳහා සූදානම්ව සිටි සැකකර


කොන්සියුලර් සේවා දින දෙකක් නවතී
2024 අප්‍රේල් මස 23 107 0

විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර් අංශයේ සත්‍යාපන සේවාවන් මේ මස 29 සහ 30 දෙදින තාවකාලිකව අත්හිටුවන බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.


ඉරාන - ලංකා ගිවිසුම් පහක්
2024 අප්‍රේල් මස 23 438 0

ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි මහතාගේ ශ්‍රී ලංකා සංචාරයට සමගාමීව ඉරාන ශ්‍රී ලංකා ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කෙරෙන අවබෝධතා ගිවිසුම් 05කට ද


නිකරුනේ ගාල් නොකොට විධිමත් වැඩපිළිවෙලක් ගේන්න
2024 අප්‍රේල් මස 23 296 0

බන්ධනාගාරවල මිනිසුන් නිකරුනේ ගාල් කොට තබා නොගෙන මත්ද්‍රව්‍ය නිවාරණය සඳහා විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 277 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1626 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1512 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site