(තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)
මහබැංකු අධිපතිගෙන් රුපියල් කෝටි 50 ක වන්දියක් සහ එම තීරණය බල රහිත කරන ලෙස ඉල්ලා ජෙෆ්රි ජෝසෆ් ඇලෝසියස්, අර්ජුන් ඇලෝෂියස් ඇතුළු පර්පචුවෙල් ටේරෂරීස් පෞද්ගලික සමාගම සහ ඊට අනුබද්ධ සමාගම් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම සැප්තැම්බර් 17 වැනිදා තෙක් කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද(26) තීන්දු කළේය.
ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලය මඟින් තමන්ට පනවා ඇති ගනුදෙනු සීමා කිරීමේ තීරණය මඟින් තම මූලික අයිතිවාසිකම් කඩ වී ඇති හෙයින් ඊට වන්දි වශයෙන් මෙම වන්දිය ඉල්ලා තිබිණි.
මෙම පෙත්සම අගවිනිසුරු ප‍්‍රියසාත් ඩෙප් මහතා ,අනිල් ගුණරත්න සහ නලින් පෙරේරා යන විනිසුරු මඩුල්ල හමුවේ කැඳවිණි.
පෙත්සම්කාර සමාගම වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ එස්.පර්තලිංගම් මහතා අධිකරණයට දන්වා සිටියේ පෙත්සම්කාර සමාගම් හි ගනුදෙනු සීමා කිරීමට අමතරව ඉකුත් 17 වැනිදා සිට ප‍්‍රාථමික ගැනුම්කරුවන් ලෙස කටයුතු කිරීමේ බලපත‍්‍රයද මේ වන විට අත්හිටුවා ඇති බැවින් ඒ සම්බන්ධයෙන් වැඩිදුර උපදෙස් ගැනීමට තවදුරටත් කල් ලබා දෙන ලෙසය. එම ඉල්ලීම සලකා බැලූ විනිසුරු මඩුල්ල පෙත්සම සම්බන්ධයෙන් සලකා බැලීම කල් තැබීය.
මෙහි වගඋත්තරකරුවන් වශයෙන් ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි, ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලයේ සාමාජිකයින්,එහි නියෝජ්‍ය අධිපතිවරුන්, බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක, රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවේ ප‍්‍රධාන පරීක්ෂක ඩබ්ලිව්.එන්.එස් ප‍්‍රනාන්දු සහ නීතිපති නම් කරනු ලැබ සිටිති.
ඉදිකිරීම් ක්ෂේත්‍රයේ භාණ්ඩ සඳහා මිල සූත්‍රයක් හඳුන්වාදීමට වෙළඳ අමාත්‍යාංශය තීරණය කර ඇත
ඇමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව විභාගවන අපරාධ නඩුව කැඳවන නිව් යෝර්ක් අධිකරණ සංකීර්ණය ඉදිරිපිට දමා තිබෙන මාර්ග බාධකයේදී පුද්ගලයෙක
ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමඟ ඉදිරියටද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකා
ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්
රජයේ රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් 350 දෙනකු මෑත භාගයේදී රට හැර ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් කළ අධ්‍යයනයකදී හෙළිවී ඇත.
මෙරට දේශපාලනයේ පෙරළිකාරීයකු මෙන්ම මානවහිතවාදීයකුගේ යුගය නිමාවට පත් කරමින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා මළහිරුබැස යන් සන්ධ්‍යාවේ
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
මහබැංකු අධිපතිගෙන් වන්දි ඉල්ලා ගොනු කළ පෙත්සම කල් යයි