IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


මහනුවර මහ රෝහලේ පළමු අක්මා බද්ධය සාර්ථකයි

(චමිල් රුපසිංහ)

මහනුවර මහ රෝහල මගින් සිදුකළ පළමු අක්මා බද්ධ සැත්කම සාර්ථකව සිදුකිරීමට හැකි වූ බවත් අක්මාව ආශ්‍රිතව සිරෝසියස් (Cirrhosis) රෝගී තත්ත්වය හා අක්මා පිළිකාවට බදුන්වූවන්ගේ ජිවිත බේරා ගැනීම අසීරු තත්ත්වයට පත්ව තිබුණු නමුත් මහනුවර මහ රෝහල සිදුකළ විශ්මිත සැත්කමින් පසු රෝගීන් රැසකගේ ජීවිත බේරා ගැනීමට හැකි වන බව වකුගඩු රෝග පිළිබඳ විශේෂඥ ශෛල්‍ය වෛද්‍ය පී.කේ.හරිස්චන්ද්‍ර මහතා පැවැසිය.

අනතුරක් හේතුවෙන් අධික රුධිර වහනයවී මොළය මරණයට පත්ව ඇතැයි තහවුරු වූ  මහනුවර ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි පුද්ගලයෙකුගේ අක්මාවක් වත්තේගම ප්‍රදේශයේ පදිංචි 64 හැවිරිදි පුද්ගලයෙකු වෙත බද්ධ කිරීම සිදුකළ බව මහනුවර මහ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය සමන් රත්නායක මහතා ප්‍රකාශ කළේය.

මහනුවර මහ රෝහලේ වකුගඩු බද්ධ කිරීමේ ඒකකයේදී පැය තිහක පමණ කාලයකදී මෙම සම්පූර්ණ බද්ධ කිරීම සිදුව ඇති අතර මේ වන විට සැත්කමට බදුන්වූ රෝගීයා යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවත් සැත්කම සාර්ථක කර ගැනීමට රෝහල් කාර්යමණ්ඩලය ලැබුනු සහයෝගය නිසා සැත්කම සාර්ථක කර ගැනීමට හැකි වූ බවද  වකුගඩු රෝග පිළිබඳ විශේෂඥ ශෛල්‍ය වෛද්‍ය පී.කේ.හරිස්චන්ද්‍ර මහතා පැවැසීය.

තරුණයාගේ අක්මාව පරිත්‍යාග කිරීමට ඥාතීන් එකගවූ බවත් ඒ අනුව අක්මා රෝගයට පත්ව වසර 20 කාලයක් පීඩා විදි රෝගියාට මෙම සැත්කම කිරීමට අවස්ථාව ලැබුණු බව මහනුවර මහ රෝහලේ අවයව බද්ධ කිරීමේ ඒකකයේ සම්බන්ධීකාරක වෛද්‍ය අරුණ අබේසිංහ මහතා ප්‍රකාශ කළේය.

සතියකට අක්මා රෝගීන් තිදෙනෙකු පමණ සැත්කම්වලට බදුන් කළ යුතු අතර  මේ වන විට ඔවුන් ඉන්දියාව, සිංගප්පූරුව වැනි රටවලට ගොස් රුපියල් මිලියන දහයකට අධික මුදල් ගෙවා සැත්කම් කර ගන්නා බවත් ඇතැම් අවස්ථාවල මිලියන විසිපහක වැනි මුදලක් ගෙවා සැත්කම් සිදුකිරීමට සිදුව ඇතැයි ද වෛද්‍යවරු පවසති.

දැනට අක්මා බද්ධ කිරීමේ සැත්කම් කොළඹ ජාතික රෝහල, රාගම ශික්ෂණ රෝහල ආදිය තුළ සිදුකරන අතර ඒ අනුව මහනුවර මහ රෝහලේ ද ඉදිරියේදී සැත්කම් ආරම්භ කිරීමට නියමිත බවත් මහනුවර මහ රෝහල අඩු පහසුකම් යටතේ විශිෂ්ඨ දස්කම් රැසක් වාර්තාකළ රෝහලක් වන බවත් අක්මා බද්ධ කිරීමේ කාර්යය ඉදිරියට සිදුකරන ලෙස  සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා උපදෙස් දී ඇතැයි ද මහනුවර මහ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය සමන් රත්නායක මහතා කීවේය.

 

 

 

 



අදහස් (4)

මහනුවර මහ රෝහලේ පළමු අක්මා බද්ධය සාර්ථකයි

rehan Wednesday, 15 August 2018 04:04 AM

ඇත්තෙන්ම මෙම පිරිස අගයකලයුතුයි. වර්ජනය නොකර මෙවන් ක්‍රියා තුලින් තම හැකියාව පෙන්වා එමගින් ශල්‍යකර්ම සදහා පිටරට යන ප්‍රතිශතය අවම කිරීමක් සිදුකල හැක. මේ නිසා රටේ මුදල් රටේම රදවා ගත හැක. ඔබ සියලුදෙනා හට ජයෙන් ජයම වේවා.

:       0       34

Champ Wednesday, 15 August 2018 04:37 AM

සුපිරි වැඩක්, අපේ සුබ පැතුම් දායක උන හැමදෙනාටම....

:       0       44

NIRESH Wednesday, 15 August 2018 04:41 AM

මේ වගේ දෙවිවරු අර හොර වර්ජනක දොස්තරයලට හොද ආදර්ශයක්. මේවා බලලවත් හැදියවූ. අහිංසක මිනිස්සුන්ගේ දාඩිය මහන්සියෙන් හම්බරකන සල්ලි වලින් විශ්ව විද්‍යාලවලට ගිහින් නිකන් ඉගෙනගෙන ඉගෙනගත්ත දේවල් අයෙත් අහිංසක මිනිස්සුන්ට දෙන්න සල්ලි ඉල්ලන කාලකන්නි දොස්තරයලට මේ දොස්තරහ මහත්වරු පෙන්නන ආදර්ශය හොදටම ඇති. ඔබ තුමන්ලාට නිදොක් නිරෝගී සුවය පතන අතරේම මෙවැනි සැත්කම් මගින් අහිංසක මිනිස්සුන්ගේ සල්ලිත් ඉතුරු කරගෙන ඔවුන්ගේ ජිවිතත් බේරන්න ඉදිරියටත් මෙවැනි විශ්මිත දේවල් කරන්න දේව ආශීර්වාදය ලැබෙන්න කියල ප්‍රර්ථනා කරමි.

:       1       57

හිරාන් Wednesday, 15 August 2018 05:57 AM

සුභ පතනවා අක්මා බද්ධය සිදු කිරිමට දායක වු සියලුම වෛද්‍ය කාර්ය මංඩලයට .මේ අක්මා බද්ධයක් සදහා මේ වන විට ඉන්දියාවේ රුපියල් ලක්ෂ 100 ක් පමන වැය වන කටයුත්තක් .ඒ නිසා අපේ බළධාරින් මේ ශල්‍ය කර්ම සදහා අවශෂ්‍ය සියලුම පහසුකම් මේ වෛද්‍ය කාර්ය මංඩලයට ලබා දෙනවා නම් ඉතා වැදගත් . මන්ද මේ වන විට අක්මා බද්ධ කර ගැනිමට මුදල් නොමැතිව දුක් විදින විශාල රෝගින් පිරිසකට මෙය අස්වැසිල්ලක් වනු නියතයි .

:       0       54

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉදිකිරීම් භාණ්ඩවලට මිල සූත්‍රයක්
2024 අප්‍රේල් මස 20 77 0

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ භාණ්ඩ සඳහා මිල සූත්‍රයක් හඳුන්වාදීමට වෙළඳ අමාත්‍යාංශය තීරණය කර ඇත


ට්‍රම්ප්ට එරෙහි නඩුව අසද්දී පුද්ගලයකු ගිනි තබා ‌ගෙන
2024 අප්‍රේල් මස 20 762 0

ඇමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව විභාගවන අපරාධ නඩුව කැඳවන නිව් යෝර්ක් අධිකරණ සංකීර්ණය ඉදිරිපිට දමා තිබෙන මාර්ග බාධකයේදී පුද්ගලයෙක


ඉරානයේ යුද ගැටුමෙන් ලංකාවත් පුපුරයිද?
2024 අප්‍රේල් මස 20 2176 0

ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමඟ ඉදිරියටද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකා


උමා ඔය ප්‍රමාද කිරීමෙන් කෝටි 4,500 ක පාඩුවක්
2024 අප්‍රේල් මස 20 1542 0

ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්


විශේෂඥ දොස්තරවරු 350ක් රට හැර ගිහින්
2024 අප්‍රේල් මස 20 878 0

රජයේ රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් 350 දෙනකු මෑත භාගයේදී රට හැර ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් කළ අධ්‍යයනයකදී හෙළිවී ඇත.


පාලිත සැමට සමු දෙයි
2024 අප්‍රේල් මස 20 2107 0

මෙරට දේශපාලනයේ පෙරළිකාරීයකු මෙන්ම මානවහිතවාදීයකුගේ යුගය නිමාවට පත් කරමින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා මළහිරුබැස යන් සන්ධ්‍යාවේ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 233 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1549 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1438 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site