(ඩයනා උදයංගනී)
මහනුවර ඓතිහාසික ඇසළ මහා පෙරහර මංගල්‍යයේ අවසන් රන්දෝලි මහා පෙරහර නිකිණි පුර පසළොස්වක පොහෝ දිනය යෙදෙන අද (3) රාත්‍රියේ වීදි සංචාරය කෙරේ.
පෙරහර රාත්‍රී 7.14 ටගමන් ආරම්භ කර දළඳා වීදිය, යටිනුවර වීදිය, කන්දේ වීදිය, ඩී.එස් සේනානායක වීදිය (ත්‍රිකුණාමල වීදිය) ඔස්සේ රජ වීදියට අවතීර්ණ වී රජවීදියෙන් ගමන් කර යළි මහනුවර ශ්‍රී දළඳා මාළිගාවට ගෙවදීමට නියමිතය.
මෙවර කොවිඞ් 19 වසංගතය හේතුවෙන් පෙරහර නැරඹීම සඳහා පැමිණීමට ජනතාවට ඉඩ සලසා නොමැති අතර රූපවාහිනී නාලිකා ඔස්සේ සහ අන්තර්ජාලය ඔස්සේ එය සජීවීව නැරඹීමේ පහසුකම් සළසා තිබේ.
එබැවින් මහනුවරට නොගියත්, නිවසේ සිට රූපවාහිනියෙන් මෙන්ම අන්තර්ජාලයෙන්, සෙන්කඩගල පුර සිරි දළදා පෙරහර නරඹන්නැයි බැතිමතුන්ට ආරාධනා කරන බව මහනුවර ඓතිහාසික ශ්‍රී දළඳා මාලිගාවේ ප්‍රකාශකයෙක් පැවසීය.
මෙවර සෙංකඩගල ඇසළ පෙරහැර මංගල්‍යයේ සියලු පෙරහර අඩුම කලාකරුවන් පිරිසකගේ සහභාගීත්වයෙන් සෞඛ්‍ය නිර්දේශ අනුව සිදුකරන ලෙස කොවිඞ් මර්දන කාර්ය සාධක බලකාය ලබාදුන් නිර්දේශ අනුව මෙම පියවර ගෙන තිබිණි.
මෙවර දළඳා පෙරහර මංගල්‍යය ඉකුත් ජූලි 21 වැනිදා අලුයම 2.26 ට යෙදුණු සුබ මොහොතින් සිදුකෙරුණු සිව් මහා දේවාල කප් සිටුවීමේ චාරිත්‍රයෙන් අනතුරුව ආරම්භ විය.
කප් සිටුවීමේ මංගල්‍යය ද පුරාණ චාරිත්‍රානුකූලව හා ආගමික වතාවත්වලට අනුව සිව් මහා දේවාල බස්නායක නිලමේවරුන්ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.
දළදා පෙරහරේ කුඹල් පෙරහර අරම්භ වූයේ ඉකුත් 25 වැනිදාය. අවසන් කුඹල් පෙරහැර 29 වැනිදා පැවැත්වුණු අතර 30 වැනිදා රාත්‍රියේ පළමු රන්දෝලි පෙරහැර වීදි සංචාරය කෙරිණි.
නරඹන්නන් නොමැති වුවත් සතර මහා දේවාල පෙරහැර ඇතුළුව පෙර වසරවලදී මෙන්ම අලි ඇතුන්, නර්තනාංග රාශියකින් සමන්විතව දළඳා පෙරහැර වීදි සංචාරය කෙරිණි.
ගැටඹේ මහවැලි තොටේදී හෙට (4) සිදුකෙරෙන දියකැපීමේ මංගල්‍යයෙන් පසු කටුකැලේ ගණදෙවි කෝවිලේදී දේව පූජාවක් පැවැත්වීමෙන් මෙවර පෙරහර මංගල්‍යය නිමාවනු ඇත.
කොවිඞ් 19 වයිරසයේ බලපෑම හේතුවෙන් වෙනදාට පැමිණෙන ලක්ෂ සංඛ්‍යාත දෙස් විදෙස් සංචාරකයන් මෙවර නොමැති වුවද පෙරහැරේ සියලු කටයුතු මෙවර ද සිදුවූයේ සියලු සාම්ප්‍රදායික චාරිත්‍ර අනුවය.
ශ්‍රී ලංකාවෙි ප්‍රංශ තානාපති ඒ. ජෙආන් ෆ්රැන්කොයිස් මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතා අතර හමුවක් වීරකැටිය මැදමුලන නිවසේ
මහරගම නගර මධ්‍යයේ පිහිටා තිබූ බෝ ගසක අත්තක් අද රාත්‍රි 7 පමණ වර්ෂාවත් සමග ඇතිවූ සුළං තත්වය හමුවේ හදිසියේ කඩා වැටීමෙන් මාර්ගයේ ගමන් ගත් කාන්තාවක සහ පුද්
ඉකුත් මාස දෙකක කාලයේ ශ්‍රී ලංකාව රුපියල් මිලියන 983.7ක අපනයන ආදායමක් ලබා තිබෙන බව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහ
අන්තර්ජාලය ඔස්සේ සිදු වන ළමා ලිංගික අපයෝජන සම්බන්ධයෙන් වාර්තා කිරීමේ නව මාර්ගගත ක්‍රමවේදයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (28)
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් දන්නා කරුණු ලබන 04 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිට ප්‍රකාශයක් කරන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මාලිගාක
බාල බෙහෙත් ජාවාරම සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයට පත්කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු වික්තිකරුවෝ ලබන 08 වැනිදා දක්වා තව දුරටත් රිම
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
මහනුවර ඇසළ පෙරහරෙහි අවසන් රන්දෝලි පෙරහර අද