IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් වර්ජනයකට සැරසෙති


(ජුඩ් සමන්ත)
 

දිවයින පුරා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්  හෙට(21)  වැඩ වර්ජනයක නිරත වීමට නියමිත බව  ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පැවසීය.
 
දැනට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් අධීක්ෂණය කරනු ලබන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ සේවය කරන ප්‍රධාන පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා විසින් බවත්,නමුත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා සහ පරිපාලන මහජන සෞඛ්‍යවරයා අතරට ප්‍රජා වෛද්‍ය විශේෂඥ නමින් වෛද්‍යවරයෙකු පත් කිරීමට රජය සුදානම් වන බවද උපුල් රෝහණ මහතා සදහන් කරයි.
 
මෙම තත්ත්වය වහාම අත්හිටුවන ලෙස දින 14 කට පෙර සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරියට දැනුම් දුන් නමුත්,ඊට නිසි ප්‍රතිචාර නොමැති නිසා 21 වැනිදා දිවයින පුරා සංකේත වැඩ වර්ජනයක් සිදු කරන බවත්,ඊටද ප්‍රතිචාර නොදැක්වුවහොත් දිවයින පුරා වැඩ වර්ජනයක් සහ විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කරන බවද ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා වැඩිදුරටත් සදහන් කළේය.
 



අදහස් (7)

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් වර්ජනයකට සැරසෙති

ranga Sunday, 20 January 2019 05:32 AM

ඉතින් මේ වැඩෙන් මෙයාලගේ රාජකාරිය කිරීමට බාධාවක් වෙනවද? මේ වගේ නිකමුන් එලවලා රැකියා නොමැති උපාධිධාරින්ව මේවට පත් නොකරන්නේ ඇයි?

:       11       1

neil Sunday, 20 January 2019 05:44 AM

මෙයාලා නම් හිටියා කියලා වැඩකුත් නෑනේ....

:       15       1

Samathasena A . Aluthgamage. Sunday, 20 January 2019 06:16 AM

මෙතුමන්ලා වැඩ කලත් ස්ට්‍රයික් කළා වගේ තමයි. මදුරුවන් බෝවෙනකම් සිට මිනිසුන් මැරෙනකොට පමණක් ක්‍රියාත්මක වෙනවා. ඊට පසුව පොලිසියෙන් වගේ කඩාපැන දඩ ගහනවා. ඒකෙන් සෑහෙන කොමිස්ද වදිනවා. රටේ හැම තැනම මැස්සන් ලොරි ගණන් බෝවෙලා සිටිනවා. ඒත් වහා නින්දෙන් අවදි වන්නේ මැස්සන් ලෙඩ බෝකර මිනිසුන් මැරෙන්න පටන් ගත්තාමයි. කෙරුවාව නම් ඔහොම තමයි. ඒ වුණාට පරිපාලනයට විශේෂඥ වෛද්‍යවරයෙකු පත්කළාම එය රුස්සන්නේ නැහැ. ඇත්තටම සතුටුවෙන්න ඕන කාරණයකදී මෙහෙම කරන්නේ... මේ අයගේ උඩඟු ආධිපත්‍ය බිඳ වැටේවි කියන බිය සිතේ තියෙන නිසයි. නැද්ද මං අහන්නේ...?

:       337       407

Sriyal Sunday, 20 January 2019 09:28 AM

දැනටමත් ප්‍රජා වෛද්‍ය විශේෂඥ වෛද්‍යවරුන් විසින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු අධීක්ෂණය කරනු ලබයි. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් හට රාජකාරිය නිසි පරිදි ක්‍රියාත්මක කරන්න බලතල ලබාදීම කරන්න. ප්‍රාදේශීය සභාව සතු බලතල නිසා ඔවුන්ගේ රාජකාරිය කිරීමට නොහැකි වී තිබේ. සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්ට තියෙන්නේ රාජකාරිය කිරීමට නොහැකි තරම් නීති බලතලයි. තිබූ බලතල ප්‍රාදේශිය සභාවට පවරා ඇත. රාජකාරිය කිරීම නමට පමණක් ලබාදී කුමන කාර්යයක් ඔවුන් විසින් කරන්නද?

:       1       367

kap Sunday, 20 January 2019 12:26 PM

හිටියා කියලා වැඩකුත් නැහැ.

:       271       2

ravindra bandara Monday, 21 January 2019 03:35 AM

අපි හිතාගෙන ඉන්නේ වැඩ වර්ජනය කරලා කියල මොකද පී එච් අයි මහත්තුරු වැඩක් කරන්නෙම නහෙනෙ

:       0       0

ravindra bandara Monday, 21 January 2019 03:36 AM

මෙතුමන්ලා වැඩ කලත් ස්ට්‍රයික් කළා වගේ තමයි...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දෙවුන්දරින් ඇල්ලූ මත්ද්‍රව්‍ය රස පරීක්ෂකට යවන්නැයි නියෝග
2024 අප්‍රේල් මස 19 67 0

දෙවුන්දර මුහුදු තීරයේදී නාවික හමුදාව මගින් අත්අඩංගුවට ගත් රුපියල් කෝටි 380 කට අධික වටිනාකමින් යුත් මත්ද්‍රව්‍ය තොගය රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කිරී


ප්‍රදේශ කිහිපයකට පැය 12ක ජල කප්පාදුවක්
2024 අප්‍රේල් මස 19 37 0

ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට ලබන 24 වැනිදා පැය 12 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.


සුනාමි කුලුනු 77න් 55කම පණ ගිහින්
2024 අප්‍රේල් මස 19 125 1

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දිවයිනේ වෙරළබඩ ප්‍රදේශ ආවරණය වන පරිදි දිස්ත්‍රික්ක දාහතරක කෝටි 13 කට වැඩි වියදමකින් ස්ථාපනය කෙරුණු සුනාමි සහ සුළි සුළං සඳහ


මළ මිනියක් අරන් ණයක් ගන්න බැංකුවට එයි
2024 අප්‍රේල් මස 19 1767 1

බ්‍රසීලයේ රියෝ ඩි ජෙනෙයිරෝ බැංකුවට රෝද පුටුවක තබා ගත් මළ සිරුරක් රැගෙනවිත් එම මියගිය පුද්ගලයාගේ නමට ඇමෙරිකානු ඩොලර් 3250 ක (ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 10 කට ආ


නවකවදය මට්ටු කරන්න මෛත්‍රී මාසය එයි
2024 අප්‍රේල් මස 19 512 1

විශ්ව විද්‍යාලවල නවක වදය අඩුකිරීම සඳහා වෙසක් සමයේදී මෛත්‍රී මාසය යන තේමාව යටතේ නවකවද විරෝධී වැඩසටහනක් ආරම්භ කිරීමට උසස් අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය ක


ගැබිනි මවට බෝට්ටුව තිඹිරිගෙයක් වෙයි
2024 අප්‍රේල් මස 19 617 0

යාපනය නාගදීප ප්‍රදේශයේ දී ප්‍රසව වේදනාවෙන් සිටි මවක් රෝහලට මුහුදු මාර්ගයෙන් රැගෙන යමින් සිටිය දී මගී යාත්‍රාවක් තුල දී බිළිඳෙකු ප්‍රසූත කර ඇති බවට වා


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 208 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1513 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1417 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site