IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


මහ බැංකුවල ස්වාධීනත්වය වෙනුවෙන් සටන් වැදීම ජනතාවගේ වගකීමක්

(හර්ෂණ තුෂාර සිල්වා)

නොසැලකිලිමත් පාලකයන්ගෙන් ජනතාව ආරක්ෂා කරගැනීම සඳහා මහ බැංකුවල ස්වාධීනත්වය තහවුරු කිරීම අත්‍යවශ්‍ය කරුණක් බවට පත්ව ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති ආචාර්ය ඩබ්ලිව්.ඒ. විජේවර්ධන මහතා අද (18) පස්වරුවේ පැවැසීය.

මහ බැංකුව යනු රාජ්‍යයේ කොටසක් බවත් කලින් කලට පත්වන ආණ්ඩු වෙනස් වුවත් මහ බැංකු වෙනස් නොවන බවත් විජේවර්ධන මහතා කීවේය.

“මහ බැංකු ස්වාධීනත්වය” පිළිබඳව දේශනයක් කරමින් හිටපු නියෝජ්‍ය අධිපති ආචාර්ය ඩබ්ලිව්.ඒ. විජේවර්ධන මහතා එම කරුණු සඳහන් කළේය.

රාජගිරිය බැංකු විදු පියසේදී මෙම දේශනය පැවැත්විණි.ස්වෛරී වනුයේ රාජ්‍යයක ස්වරූපයක ගොඩනැගුණු ජාතිය බවත් මහ බැංකුව සහ ආණ්ඩුව රාජ්‍යයේ කොටස් දෙකක් බවත් විජේවර්ධන මහතා පැහැදිලි කළේය.

මහ බැංකුව සහ ආණ්ඩුව යනු වෙන් වෙන් කාර්ය සඳහා ස්ථාපිත කෙරෙන බව ද හෙතෙම පෙන්වා දුන්නේය.

ආණ්ඩු සුදුසු ආර්ථික ප්‍රතිපත්ති මගින් ජනතාවට සෞභාග්‍යය උදා කරන බවත් මහ බැංකුවේ කාර්යභාරය හා රාජකාරිය වනුයේ ආර්ථිකයට සෞභාග්‍යය අත්පත් කරගැනීම සඳහා අවශ්‍ය මුදල් නිෂ්පාදනය කිරීම සහ ඒවා ආරක්ෂා කිරීම යැයි ද විජේවර්ධන මහතා කීය.මහ බැංකු නිර්මාණය කරන්නේ සහ ආණ්ඩු පත් කරන්නේ ජනතාවට සේවය කිරීමට බැවින් ඒ දෙක සහයෝගීතාවයෙන් ක්‍රියා කළ යුතු බව ද විජේවර්ධන මහතා විජේවර්ධන මහතා මෙහිදි පෙන්වා දුන්නේය.

මහ බැංකු ස්වාධීන වන අතරම වගවීම අනුගමනය කළ යුතු බව හෙතෙම කීවේය.

තමන්ගේ සාක්කුවේ තිබෙන මුදලේ වටිනාකම ආරක්ෂා කරගැනීමට ජනතාව මහ බැංකුවේ ස්වාධීනත්වය වෙනුවෙන් සටන් කළ යුතු බව ද ඔහු පෙන්වා දුන්නේය. මහ බැංකු සම්බන්ධයෙන් වැඩි වශයෙන් උනන්දු විය යුත්තේ ඒ ඒ රටවල ජනතාව බව ද ඔහු පෙන්වා දුන්නේය.

මහ බැංකුවේ ස්වාධීනත්වය ආරක්ෂා කරගැනීම සම්බන්ධයෙන් ඉන් අනතුරුව වගකීම පැවරෙන්නේ මාධ්‍ය සහ සිවිල් සමාවලට බවද විජේවර්ධන මහතා වැඩිදුරටත් පැවැසීය.



අදහස් (14)

මහ බැංකුවල ස්වාධීනත්වය වෙනුවෙන් සටන් වැදීම ජනතාවගේ වගකීමක්

Sumith Wednesday, 18 September 2019 11:04 PM

නොවැම්බර් 16 ජනතාව පිළිතුරු දෙයි.

:       0       29

almeida Thursday, 19 September 2019 01:00 AM

ලංකාවේ මරි මෝඩ සිහලුන්ට මේවා තේරෙන්නේ නැත. ඔවුන් දන්නේ දේශපාලකයන් කියන දේවල්වලට හුරේ දාන්න පමණි. එ් නිසා තමයි මෙතරම් රට පරිහානියට පත් වුනේ. ඉස්සරහට වෙන්නෙත් නැත.

:       0       110

MaheeThursday, 19 September 2019 06:58 AM

ඔබ කියන කතාවෙත් ඇත්තක් තියෙනවා. හැබැයි, මහබැංකුවට ලක්ෂ ගණන් පඩි ගෙවලා පත්කරන උගත් විශාරදයින් යයි කියාගන්නා මෙවැනි නිලධාරීන් කොන්ද පණ නැතිකම හෝ පුද්ගලික වාසි නිසා හෝ කට පියාගෙන දේශපාලකයන් කියන හැමදේම කරන ගමන් ජොබ් එකෙන් අයින් වුණාට මහජනයාට කියනවා සටන් කරපල්ලා කියලා. ඒ කාලේ ඔහොම කියන්න තරම් හයියක් නැති වුනේ ඇයි? ජොබ් එක ජොබ් එක. රට, ජාතියයි, මහ බැංකුවයි මතක් වෙන්නේ ජොබ් එකෙන් අයින් වුණාට පස්සෙයි...

:       0       0

Amila Thursday, 19 September 2019 01:57 AM

නිලධාරීන් කරන්න ඕනේ වැඩක් ඒක..

:       1       108

lalithm Thursday, 19 September 2019 02:44 AM

ඉස්සර තිබුණු විදිහට ජ්‍යෙෂ්ටත්වයට අනුව නියෝජ්‍ය අධිපති නව අධිපති කළා නම් ඔවුන් තම රාජකාරිය ගැන දැනුමක් තියෙන අයවලුන් නිසා රටට වන සේවය වැඩියි. දැන් කරන්නේ රාජ්‍ය නායකයට ඕනේ විදියට හිතවතෙක් පත් කරන එක නේද? රටේ වෘත්තිකයින් ඉන්නේ මේවා සම්බන්ධයෙන් ක්‍රියා කරන්න. නැතිව එක එකාට කඩේ ගිහින් වන්දනාවේ යන්න නොවෙයි. සාමාන්‍ය ජනයා තම රටේ ශ්‍රම හමුදාව මිසක් මේවා ගැන ගැඹුරු දැනුමක් තියෙන අයවලුන් නොවේ...

:       0       69

Chanak los angeles Thursday, 19 September 2019 03:48 AM

ඒ මොකටද ජනතාව බැංකු වෙනුවෙන් සටන් කරන්නේ? රටේ සියලුම ආයතනයන් නීති රෙගුලාසි අනුව එපායැ වැඩ කරන්න. ඒවා අකාර්යක්ෂම නම් වගකියන්න ඕනේ ඒවාට පත්කරවන පත්වෙන අදාළ ප්‍රධානියන් නොවේද?

:       7       147

sharm warnThursday, 19 September 2019 04:12 AM

හරියට හරි...

:       18       12

DilanThursday, 19 September 2019 06:41 AM

ඒක ඇත්ත. ඒත් ඒක ඒ විදියට සිද්ධ නොවෙනවා නම් කරන්න ඕන දේ ගැනයි මෙතුමා කියන්නේ...

:       0       4

RasikaThursday, 19 September 2019 06:59 AM

එ්ක එහෙම වෙන්න තිබුන මහා බැංකුවේ මුල් පුටුවට පත්වෙන කෙනා දේශපාලකයන් විසින් පත් කරන කෙනෙක් නෙමෙයි නම්... අර්ජුන් මහේන්ද්‍රන්ට මොනවද තිබුණු සුදුසුකම් රනිල් එයාව මහබැංකුවට පත්කරද්දී.. මේවා තම නැතිකරන්න ඕනේ.. රාජ්‍ය ආයතන කියලා දෙයක් නැහැ. මේවා ඔක්කොම මහජන සේවය සඳහා පත්කළ ආයතන.. අයිතිය තියෙන්නේ මහජනතාවට. මේවා දේශපාලකයන්ගෙන් ස්වාධීන වෙන්න ඕනේ..

:       0       34

sharm warn Thursday, 19 September 2019 04:08 AM

මහා ජනතාව කොහොමද සටන් කරන්නේ? ආණ්ඩුවල ඉන්න සහ හිටපු හොරු මහා බැංකුවට මොනවද කරන්නේ.., මොනවද කලේ කියලා මහජනතාව කවදාවත් දන්නවද? ඒවා දේවරහස් වගේ හංගාගෙන ඉඳලා තමන්ට කෙලවුණාට පස්සේ එහෙමයි, මෙහෙමයි කියන දේශපාලුවන් රොත්තක් එක්ක මොනවද අපිට සටන් කරන්න කියන්නේ? අඩු ගානේ ගෙදර ළඟ කුණු කන්දක් ගොඩගහන්න එපා කියලාවත් සටන් කරන්න මිනිස්සුන්ට ඉඩ නොදී නීතිය ඉස්සරහට දාපු දේශපාලුවන් එක්ක මහා බැංකුව වෙනුවෙන් සටන් කරන්න. සුරංගනා කතා කියන්න එපා මහත්තයා. එහෙම නම් මහබැංකුවේ ඇතුලේ වෙනදේවල් ජනතාවට දැනගන්න සලස්වන්න සේරටම කලින්...

:       0       19

kap Thursday, 19 September 2019 04:32 AM

තමන් වැඩකරන කාලේ කොන්ද නමාගෙන දේශපාලකයන්ගේ අණ පිළිපැදලා, විශ්‍රාම ගියාම ජනතාවට පොර ටෝක් දෙනවා. හිටපු ලොක්කන් ඔක්කොම මේ වගේ... දැන් ඉතා පිරිසිදු චරිත. තමන් කොන්ද පණ තියාගෙන නීතියට වැඩ කරානම්, මොකටවත් ඇඟිලි ගහන්න පුලුවන්ද?

:       1       26

upali Thursday, 19 September 2019 04:54 AM

හොරු සමග හෙළුවෙන් හිටපු තවත් පණ්ඩිතයෙක් තමයි.

:       3       17

sumith Thursday, 19 September 2019 06:24 AM

මහබැංකුව ස්වාධීන වෙන්න, ඒකෙ ඉන්න නීති නිර්මාපකයෝ ස්වාධීන වෙන්න එපායැ, එයාලා කොහෙද ස්වාධීන, ඔක්කොම ඉන්නේ පිටරට සවාරියක් ගිහින් කීයක් හරි තමන්ගේ සාක්කුවට දාගෙන මඩිය තර කරගන්න මිසක් රටේ ජනතාවට සේවය කරන්න නොවේ. බලන්නකෝ ලොකු ලොක්කෝ යන පිටරට සවාරි, මහා ලොකු සම්මන්ත්‍රණ, වැඩමුළු සෙමිනා, කොන්ෆරන්ස්... එම්.එස්.සී., පී.එච්.ඩී., කාරයන් වැහි වැහැලා ඉන්නේ, පයින් ගැහුවත් සීයක් විතර විසික් වෙනවා. එ්ත් මොනවද ලියන්නේ කියන්නේ, කාලගුණය අයහපත් නිසා ගොවිතැන පාළු වුණු එක නිසා දල දේශීය නිෂ්පාදනේ අඩු වුණා. එ්ක නිසා උද්දමනයද මොකක්ද වැඩි වුණා කියලා, වැස්ස නිසා උද්දමනේ ගැන කියන්න මොකටද MSC PHD? ඉස්සර මිනිස්සු වැහිලිහිණියා පියාඹන විදිහ දිහාබලලා කියනවා අව්ව වැස්ස ලැබෙන දවස් වකවානු ගැන...

:       0       22

Ananda Thursday, 19 September 2019 08:13 AM

මහබැංකුවට පත්කරගන්නේ දේසපාලුවන්ට අවශ්‍ය කරන හොරුනේ .ජනාධිපති හොරෙක් නම් , අගමැති හොරෙක් නම් ඔතෙන්ට ගත්තෙත් හොරුනේ .කලින් රජයෙනුයි දැන් තියෙන රජයෙනුයි කෙරුනේ එකනේ .

:       0       17

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

එක්ප්‍රස් පර්ල් විමර්ශනය කඩිනම් කරන්න
2024 අප්‍රේල් මස 25 129 0

මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක


අමරවීර අපහාස කළැයි මෛත්‍රී කෝටියක් ඉල්ලයි
2024 අප්‍රේල් මස 25 277 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව


ලක්ෂ අසූව හැටට බැස්සුවාට ව්‍යාපාරික කතට ගිනි තියලා
2024 අප්‍රේල් මස 25 1171 0

ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව


සිංගප්පූරු සරසවියකින් මොරගොඩට උපහාරයක්
2024 අප්‍රේල් මස 25 152 0

සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයේ දකුණු ආසියානු අධ්‍යයන ආයතනය සමග පවතින සබඳතා අඛණ්ඩව පවත්වාගැනීම සදහා හිටපු හිටපු මහ කොමසාරිස් සහ පාත්ෆයින්ඩර් ප


ශ්‍රීලනිප මැයි රැලිය ගම්පහදී: මෛත්‍රී පිල තීරණය කරයි
2024 අප්‍රේල් මස 25 358 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා


දුමින්ද ශ්‍රිලනිප වැඩ බලන මහ ලේකම්
2024 අප්‍රේල් මස 25 330 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩ බලන මහලේකම්වරයා ලෙසහිටපු ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පත්කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 324 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1550 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site