(රංජිත් රාජපක්ෂ)
මස්කෙළිය නල්ලතන්නිය ප්‍රධාන මාර්ගයට පස් කන්දක් කඩා වැටීමෙන් එම මාර්ගයේ ගමනාගමන කටයුතු අද (09) දින උදැසන 10 සිට සම්පුර්ණයෙන්ම ඇණ හිට ඇති බව නල්ලතන්නිය පොලිසිය පවසයි.
මස්කෙලිය නල්ලතන්නිය ප්‍රධාන මාර්ගයේ මොහිනි ඇල්ල ප්‍රධාන මාර්ගයට ඉහලින් පිහිටි විශාල පස් කන්දක් එම ප්‍රදේශයට පවතින අධික වැසි සහිත කාලගුණයත් සමග කඩා වැටී ඇති බව පොලිසිය සඳහන් කරයි.
මොහිනි ඇල්ල අසල ප්‍රධාන මාර්ගය කාපට් අතුරා ප්‍රතිසංස්කරණය කිරිමේ කටයුතු මාර්ග සංවර්ධන අධිකාරිය මගින් සිදු කරන අතර පස් කන්ද කඩා වැටුණු ස්ථානයට ඉහළින් විශාල යුකෙලෙප්ස්ටික් වර්ගයේ ගස් කිහිපයක් පිහිටා ඇති බවත්, හමා යන දැඩි සුළං තත්ත්වය හමුවේ එම ගස් ද ප්‍රධාන මාර්ගයට කඩා වැටීමේ අවදානමක් ඇති බව පොලිසිය පවසයි.
ප්‍රධාන මාර්ගයට කඩා වැටිමේ අවධානමක් සහිත ගස් කපා ඉවත් කරන ලෙස ගිනිගත්හේන ප්‍රාදේශිය ලේකම්වරිය විසින් ලක්ෂපාන වතු යායේ පාලන අධිකාරියට දැනුම් දි ඇතත් ,ඒ සදහා වතු පාලන අධිකාරිය මගින් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවයි පොලිසිය කියයි.
ඉදිකිරීම් ක්ෂේත්‍රයේ භාණ්ඩ සඳහා මිල සූත්‍රයක් හඳුන්වාදීමට වෙළඳ අමාත්‍යාංශය තීරණය කර ඇත
ඇමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව විභාගවන අපරාධ නඩුව කැඳවන නිව් යෝර්ක් අධිකරණ සංකීර්ණය ඉදිරිපිට දමා තිබෙන මාර්ග බාධකයේදී පුද්ගලයෙක
ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමඟ ඉදිරියටද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකා
ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්
රජයේ රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් 350 දෙනකු මෑත භාගයේදී රට හැර ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් කළ අධ්‍යයනයකදී හෙළිවී ඇත.
මෙරට දේශපාලනයේ පෙරළිකාරීයකු මෙන්ම මානවහිතවාදීයකුගේ යුගය නිමාවට පත් කරමින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා මළහිරුබැස යන් සන්ධ්‍යාවේ
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
මස්කෙළිය - නල්ලතන්නිය මාර්ගයට පස්කන්දක් කඩා වැටෙයි
සේපාල Sunday, 09 August 2020 07:58 AM
දිවුරුම් දුන්නා විතරයි, අනේ මන්දා?