IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


මරණ දඬුවම වළක්වාලන අතුරු නියෝගය මාර්තු 20 තෙක් දීර්ඝ කරයි

(තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)

මත්ද්‍රව්‍ය චෝදනා සම්බන්ධයෙන් අධිකරණය මඟින් වරදකරු කර මරණ දඬුවම් නියමව සිටින සිරකරුවන් එල්ලා මැරීමට ජනාධිපතිවරයා ගත් තීරණය ක‍්‍රියාත්මක වීම වළක්වාලමින් නිකුත් කර තිබූ අතුරු නියෝගය ලබන මාර්තු 20 වැනිදා තෙක් තවදුරටත් දීර්ඝ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (9) තීන්දු කළේය.

මෙම පෙත්සම් සියල්ල ලබන මාර්තු 17 , 18 , 19 යන තෙදින සළකා බැලීමටද ශ්‍රේෂ්ඨාධිකරණය දින නියම කළේය.

විජිත් මළල්ගොඩ , මුර්දු ප‍්‍රනාන්දු , එස්.තුරෙයිරාජා සහ ගාමිණී අමරසේකර යන මහත්ම මහත්මීන් ගෙන් යුතු සිව් පුද්ගල විනිසුරු මඬුල්ලක් හමුවේ අද කැඳවිණි.

එමෙන්ම අදාළ පෙත්සම්වල වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබෙන පුද්ගලයින්ගේ වෙනස්කම් සිදුවී සිදුවි තිබෙන හෙයින් ඒවාද සංශෝධනය කර ඊළඟ නඩු දිනයට පෙර ඉදිරිපත් කරන්නැයිද විනිසුරු මඬුල්ල පෙත්සම්කාර පාර්ශවයට නියෝග කරන ලදී.

මරණ දඬුවම ලැබූ සිරකරුවන් අතරින් ජනාධිපතිවරයාගේ නියෝගය පරිදි සිව්දෙනෙකු තෝරා එල්ලා මැරීම නීතියට පටහැනි බවත් , එලෙස එල්ලා මැරීමට ගෙන ඇති නියෝග තීරණය ක‍්‍රියාත්මක කිරීම වළක්වාලමින් නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා මරණ දඬුවම් නියමව සිටින සිරකරුවන් පිරිසක් සහ සිවිල් ක‍්‍රියාකාරිකයින් ඇතුළු පිරිසක් ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් පූර්ණ විනිසුරු මඬුල්ලක් ඉදිරියේ විභාග කිරීම සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහා අගවිනිසුරුවරයා වෙත යොමු කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය මීට පෙර නියම කළේය.

මෙලෙස මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනු කරනු ලැබ ඇත්තේ දැනට මරණ දඬුවම නියමව සිටින එස්.ගනේෂ් , මොහොමඞ් මිතාර් , හනීෆා ප‍්‍රහීම් නවාස් , එස්.ඒ සුරේෂ් කුමාර්,සුබ‍්‍රමනියම් ප‍්‍රනියමූර්ති ,කේ.එච්.ගමගේ චන්ද්‍රදාස ,එච්.කේ ජයතිලක , එන්.ඒ නිශාන්ත අල්විස් යන නැමැත්තන් සහ විකල්ප ප‍්‍රතිපත්ති කේන්ද්‍රය , මහාචාර්ය සී.ගුණරත්න , ආචාර්ය කළණ සේනාරත්න යන සිවිල් ක‍්‍රියාකාරීන්  විසිනි.

මෙම පෙත්සම්වල වගඋත්තරකරුවන් වශයෙන් නීතිපති , අධිකරණ අමාත්‍ය තලතා අතුකෝරළ , ජනාධිපති ලේකම් උදය ආර් .සෙනෙවිරත්න , බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ටී.ඇම්.ජේ.ඩබ්ලිව් තෙන්නකෝන් , ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති ජනාධිපති නීතීඥ කාලිංග ඉන්දතිස්ස යන මහත්ම මහත්මීන් නම් කරනු ලැබ සිටිති.

පෙත්සම් වල මෙසේද සඳහන් වේ.

ශ්‍රී ලංකාව මරණ දඬුවම ක‍්‍රියාත්මක නොකරන රටක් වශයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය හමුවේ කිහිපවරක් ප‍්‍රතිඥා දී ඇත.

මේ වනවිට මරණ දඬුවම නියම වූ 1600ක් සිටින බව බන්ධනාගාර සංඛ්‍යාලේඛනවල සඳහන් වේ.

මේ අතර ජනාධිපතිවරයා විසින් මත්ද්‍රව්‍ය චෝදනා වලට වරදකරුවී මරණ දඬුවම ලැබූ සිරකරුවන් සිව්දෙනෙකු එල්ලා මැරීමට අස්සන් කර ඇති බවට ජනමාධ්‍ය මඟින් ප‍්‍රසිද්ධ කෙරිණි. එහෙත් මේ පිළිබඳ පැහැදිලි තොරතුරු මෙතෙක් ප‍්‍රසිද්ධ කර නොමැත.

මෙම ක‍්‍රියාව ශ්‍රී ලංකාව අස්සන් කර ඇති අන්තර් ජාතික ප‍්‍රඥප්තීන් උල්ලංඝණය කිරීමකි. මෙලෙස මරණ දඬුවම ලැබු සිරකරුවන් අතරින් සිව්දෙනෙකු තෝරා මරණ දඬුවම නියම කිරීම මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමකි.

එබැවින් මෙම ක‍්‍රියාව තුළින් තම මූලික අයිතිවාසිකම් කඩ වී ඇති බවට ප‍්‍රකාශ කරන ලෙසද මෙම පෙත්සම විභාගයට ගෙන අවසන් වන තෙක් මරණ දඬුවම ක‍්‍රියාත්මක කිරීම වළක්වාලන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසද පෙත්සම්කරුවෝ සිය පෙත්සම් වලින් ඉල්ලා සිටිති.

පෙත්සම්කරුවන් වෙනුවෙන් ජනාධිපති නීතීඥ එම්.ඒ .සුමන්තිරන් , ශ්‍රී ලංකා නීතීඥ සංගමය වෙනුවෙන් ජනාධිපති නීතීඥ ශවීන්ද්‍ර ප‍්‍රනාන්දු යන මහත්වරුන් පෙනී සිටියහ.

නීතීපති වෙනුවෙන් නියෝජ්‍ය  සොලිසිටර් ජනරාල් නෙරින් පුල්ලේ මහතා පෙනී සිටියේය.

පෙත්සම් ලබන දෙසැම්බර් 09 වැනිදා යළි කැඳවේ.

 



අදහස් (14)

මරණ දඬුවම වළක්වාලන අතුරු නියෝගය මාර්තු 20 තෙක් දීර්ඝ කරයි

sanju Monday, 09 December 2019 08:06 AM

එහෙනම් ඇයි මත්ද්‍රව්‍ය ජාවාරම් කරන හා වෙනත් වැරැදි කරන අය අල්ලන්නේ? නඩු අහන්නේ? පෙරකදෝරුවන්ට හා නඩුකාරයන්ට හම්බ කරන්නද නඩු අහන්නේ? එතකොට මේ රටේ ජීවත්වෙන වැරැදි නොකරන මිනිස්සුන්ට ඔය කියන මූලික අයිතිවාසිකම් නැද්ද? හිරේ දැම්මහමත් වැරැදි වැඩ ආරක්ෂා සහිතව කරනවා නම් එයාලා නඩත්තු කරන්නෙත් මේ රටේ දුප්පත් මිනිසුන්ගේ සල්ලිවලින් නම් නීතියක් මොකටද?

:       2       402

disanayaka Monday, 09 December 2019 08:31 AM

ඉතින් කොහොමද මේ රට හදන්නේ? හොර තක්කඩි කුඩ්ඩන් ටික සහ ඒවා ගැන ඒ අය මේ වගේ හුරතල් කරනවා නම්... ලංකාවේ තමයි මේ වැඩකට නැති නඩු අැහිලි තියෙන්නේ... වෙනත් රටවල නම් මේ වගේ තකතීරුවන්ට ගැලවීමක් නැහැ. නඩුත් නැහැ. කෙලින්ම පනිෂ්මන්ට් එක දෙනවා. අනේ මෙහෙමත් නඩු අැහිලි...

:       0       345

rama Monday, 09 December 2019 08:54 AM

එහෙනම් අධිකරණ වලින් දෙන දඬුවම් වලින් මරණ දඬුවම ඉවත් කරන්න ඕනෑ. නැත්නම් එල්ල මැරීම වෙනුවට බෙල්ල කපලා මරන එක ඇතුළත් කරන්න ඕනෑ.

:       1       209

Voter Monday, 09 December 2019 09:01 AM

මේ රටෙන් මරණ දඬුවම ඉවත් වෙනවා නම් හොඳයි. එය සියලු ආගම්වලට අනුව වරදක්... ඒ වගේම ශිෂ්ඨ මනුෂ්‍යයෙක්ට අනුමත කරන්න බැරි දෙයක්.... වරදකට දඬුවමක් ලෙස ඇසට ඇසක් න්‍යාය කියන්නේ ම්ලේච්ඡ ගෝත්‍රික නීතියක්, ඒ ලෙසින් අපරාධකාරී මිනීමරුවෙක් මේ ලෙසින් මරා දමන විට එකම වරද දෙවරක් සිදුවෙනවා. අපරාධකාරයෙක්ට උරුම ශිෂ්ඨ සිවිල් සමාජයෙන් කොන්කර දැමූ ජීවිතයක්.. දැන් ඉන්දියාවේ සිදුවුණු සාහසික අපරාධයෙන් පසු සැකකාරයන් 4 දෙනෙකු වෙඩි තබා මරා දැමුවා. එ්ත් හිතන්න ඒ සැකකාරයන් ඇත්තටම නිවැරදි අය නම්? සැබෑ වරදකරුවන් නීතින් ගැලවිලා...! ඒනිසා කිසිඳු විටෙක මරණ දඬුවම අනුමත කරන්න බැහැ. මේ ළඟදීත් ඇමෙරිකානු අධිකරණයකින් අවුරුදු 36ක් සිරගත වී සිටි මිනිසුන් 3 දෙනෙක් නිදහස් කළා. ඒ වරදකරු වෙනත් අයෙක් බව හඳුනාගැනීමෙන් පසුව, සිතන්න මෙතැනදී මරණ දඬුවම දුන්නා නම් නිරපරාදේ අසරණයන් මැරුම් කනවා..! ඒ විතරක් නොවේ. සැකකරුවන්ගේ ඥාතීන්ට ජීවිත කාලයටම අපවාදයත් හිමිවෙනවා. ඉතින් මගේ ප්‍රාර්ථනය ලංකා පොළවෙන් මේ ම්ලේච්ඡ දඬුවම් ක්‍රමය ඉවත්වේවායි යන්නයි..

:       430       10

sanjuMonday, 09 December 2019 10:31 AM

voter ඔයා කියන දේ හරිනම් අපේ රටට මෙහෙම වෙයිද? කුඩු විකුණන අය ඒ දේ නැවත නොකරනවා කියලා කව්ද ඒකේ වගකීම ගන්නේ? ඔය වගේ අය ඒ වගකීම අරන් නැතිනම් ඒ වෙනුවෙන් පෙරකදෝරුවන් නිදහස් කරන නඩුකාරයෝ වගකීම ගන්නවද? වරදට දඬුවමක් නැතිනම් ඇයි නඩු ගොනු කරන්නේ? ස්ත්‍රී දූෂණ, ඝාතන, ළමා අපචාර, හොරකම් කරන අය ගැන හොයලා බලන්න. ඒ අය මීට කලිනුත්, පසුවටත් කරපු හා කරන අයමයි.

:       0       351

VoterMonday, 09 December 2019 11:24 AM

සංජු මහත්මයා, පාර්ලිමේන්තුව කියන්නේ නීති සම්පාදකයන්, එම නීති සම්පාදකයන් පත් කරන්නේ මහජනයා වන අප විසිනුයි. ඉතින් නීතියේ ක්‍රියාකාරීත්වය ගැන මහජනයාටද වගකීමක් පැවරී තිබෙනවා. ඒ නම් දූෂිත දේශපාලනඥයින් හට තනතුරු නොදීමයි. නීතියේ අඩුලුහුඬුකම් නිසා අපරාධකරුවන් ගැලවී යනවා නම් ඒ සිදුරු වැසීම විනා රට අවමානයට පාත්‍රවන අන්දමේ කටයුතු කළයුතු නැහැ. දරුවන් මත්ද්‍රව්‍ය සඳහා පෙළඹෙන්නේ පවුලේ, දෙමව්පියන්ගේ ආදරයේ අඩුපාඩු නිසයි. සමාජය ගැන දැනුවත් දරුවෙක් ආදරය නොඅඩුවම ලබන දරුවෙක් මත්ද්‍රව්‍යවලට පෙළඹෙන්නේ හරි අඩුවෙන්, තවද ලංකාව කියන්නේ දූපතක්, මත්ද්‍රව්‍ය එවිය හැකි දේශසීමා මායිම් නැහැ. ඉතින් අපට ගන්න පුළුවන් වෙනත් යහපත් විසඳුම් තියෙනවා. ඇයි ඒ සම්බන්ධයෙන් උනන්දු නොවන්නේ.. මතක තියාගන්න ඉතා හොඳ ඉල්ලුමක් තියෙනවා නම් මරණ දඬුවම දෙනවා කිව්වත් මත්ද්‍රව්‍ය වෙළඳාම නවතන්න බැහැ. හොඳම උදාහරණය ජීවිතය ගැන නොසිතා ශ්‍රී ලාංකිකයන් අරාබි රටවලදී කසිප්පු පෙරීම සහ විකිණීම...

:       137       1

GuneTuesday, 10 December 2019 02:47 AM

ඔබ කියන දේ හරි, දැන් නෙමෙයි 23 වැනි සියවස වගේ වෙනකොට.

:       0       41

lalithm Monday, 09 December 2019 09:12 AM

ඕවා කෙරෙන වැඩද? ඉස්සෙල්ලම එල්ලන්න වෙන්නේ සමහර ඉහළ දේශපාලනඥයින්. පක්ෂ විපක්ෂ දෙකේම... මතකයිනේ එතනෝල් කන්ටේනරේ මුදාගන්න අගමැති ලේකම් කෙනෙකුත් මැදිවුණු කාලයක් තිබුණා.

:       0       146

siri Monday, 09 December 2019 09:58 AM

මිනීමැරුම් වලට වැරදිකරුවන් වෙලා එල්ලුම් ගස් යවන්න නියමවෙලා ඉන්න අය නිදොස් කොට නිදහස් කිරීමේ අණපනත් ගෙනෙන්නේ ඡන්දෙන් පස්සේ වෙන්න ඇති. දැන් ඔය මහා සංඝ රත්නයෙනුත් ඒවගේ ඉල්ලීම් එන්නේ ඕනෑතරම්.

:       1       30

AselaMonday, 09 December 2019 11:50 AM

හැමදේටම ගරු සංඝරත්නය අදාල කරගන්න එපා..

:       46       63

siriMonday, 09 December 2019 01:32 PM

එහෙම කියන්නේ සමහර භික්ෂූන් වහන්සේලා එළිපිටම මිනීමැරුම් සඳහා වැරදිකරුවන් වෙලා ඉන්න සමහරු නිදහස් කළයුතුයි කියලා අනුදැන වදාරන නිසානේ... මතකද දන්නේ නැහැ මේ ස්වාමීන් වහන්සේලා කට්ටියම ජනාධිපතිවරණයට ඉස්සර වෙලා මිලේනියම් චැලේන්ජ් ගිවිසුම ගැන කියමින් ගිය පට්ටපල් මුසාවාද... අර නිදහස් මන්දිරයේ උපවාස කරපු ගෞරවනීය ස්වාමීන් වහන්සේත් දැන් කියනවා එවැනි ගිවිසුමක් ගැන කිසිදෙයක් දැනගෙන නොවේ. උපවාස කලේ කියලා. ගෝඨාභය යටතේ එම ගිවිසුම සම්මත වෙන එක ගැන ඒ කිසිකෙනෙක් කියන්නේ නැහැ. මෙතැනයි වැරැද්ද තියෙන්නේ... මේ ස්වාමීන් වහන්සේලා ආණ්ඩු පෙරලන්නත්, පත් කරන්නත් ගන්නා මහන්සියෙන් සියයට 10ක්වත් බුදුදහමේ තිරස්චිතිය සඳහා ගන්නවා නම් දොස් නොකියා ඉන්න පුළුවන්... එහෙම දෙයක් පෙනෙන්න නැහැ නේද අසේල මහත්තයෝ...?

:       0       43

Warnakulasuriya Monday, 09 December 2019 03:27 PM

"ගරු" කියන නාමය ලබන ගෞරවනීයන් එයට නිසි ගෞරවය ලබා දෙන්නේ නම් ඔබ නිවැරදිය. එහෙත් එය සිදුවන්නේද? දැනට මිනීමැරුම් චෝදනා ඔප්පුවී ඇති උපාසක මහත්මයෙක් වෙනුවෙන් පෙනීසිටින සංඝයා වහන්සේලා සිටින්නේ නම් මේ සම්බන්ධයෙන් අදාළ නොවන්නේ කෙසේද?

:       0       3

sandy Monday, 09 December 2019 10:00 AM

කියනකොට එහෙමයි. කරනකොට මෙහෙමයි. අනේ මෙහමත් රටක්.

:       0       41

de silva Tuesday, 10 December 2019 03:18 AM

කරුණාකරලා ලබන මහා මැතිවරණය පවත්වන දිනයේදී කුඩු මුදලාලිලාට මරණ දඩුවම දියයුතුද ? පළාත්සභා අවශ්‍යද වැනි කරුණු සම්බන්ධව ජනමත විචාරණයක් පවත්වන්න එතකොට ජනතාවගේ කැමැත්ත දැනගන්න පුළුවන් .

:       0       2

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

විදුලි පනත මැති සබයට
2024 අප්‍රේල් මස 25 184 0

විදුලි බල පනත් කෙටුම්පත විදුලි බල හා බල ශක්තිය අමාත්‍ය කංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවට මීට ස්වල්ප වේලාවකට පෙර ඉදිරිපත් කළේය


සම්බන්ධන්ට පඩි සහිත තුන් මසක නිවාඩු
2024 අප්‍රේල් මස 25 404 2

හිටපු විපක්ෂ නායක ත්‍රිකුණාමල දිස්ත්‍රික් මන්ත්‍රී ආර්. සම්බන්ධන් මහතාට මාස තුනක කාලයක නිවාඩුවක් ලබාදීමට පාර්ලිමේන්තුව අද අවසර ලබා දුන්නේය.


නුවරඑළියේ ස්ටෝබෙරි ගමක් හදයි
2024 අප්‍රේල් මස 25 530 0

ශ්‍රී ලංකාවේ පළමු ස්ට්‍රොබෙරි වගා ආදර්ශ ගම්මානය නුවරඑළියේ ස්ථාපිත කිරීමට ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව කටයුතු යොදා තිබේ.


ශ්‍රිලනීප නායකත්වය ගන්න යන කෙනෙක්ට සුසිල්ගෙන් ටොක්කක්
2024 අප්‍රේල් මස 25 817 1

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයෝ වෙන්න දඟලන අය ජීවතේට අත ලකුණින් තරඟ කර නැතැයි අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.


රට පුරා සන්නද්ධ හමුදා කැඳවයි
2024 අප්‍රේල් මස 25 1222 2

රටේ ආරක්ෂාව සඳහා සන්නද්ධ හමුදා කැඳවීම සඳහා විශේෂ ආඥාවක් ජනාධිපතිවරයා විසින් නිකුත් කරනු ලැබ ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට


රිය අනතුරින් තරුණයා මරුට
2024 අප්‍රේල් මස 25 980 2

මදුරන්කුලිය නගරයේ සිට පයින් යමින් සිටි තරුණයකු කොළඹ සිට පුත්තලම දෙසට ධාවනය කරමින් තිබු වෑන් රථයක ගැටිමේන් බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත්කිර


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 309 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1687 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1536 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site