IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


මරණ දඬුවම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක්

මත්ද්‍රව්‍ය  සම්බන්ධ  වැරැදිකරුවන්ට මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම  ඔක්තෝබර්  30 වැනිදා තෙක් වළක්වාලමින් අතුරු  තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.

ශ්‍රේෂ්ඨාධිකරණය මගින් මෙම නියෝගය නිකුත් කර  ඇත.



අදහස් (32)

මරණ දඬුවම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක්

Amila Friday, 05 July 2019 08:57 AM

සිරිසේන මහත්තයෝ මේක තමයි වෙලාව. ඔයා ලණුවක් අරන් එල්ලුනා නම් සමහර අයට හොඳට රිදෙයි. ඔයාටත් ලකුණු...!

:       455       530

sarathFriday, 05 July 2019 09:12 AM

දරුවෝ පාරේ යවන්නේ බලාගෙන, ඇතිවෙනකල් කුඩු මුදලාලිලා ඉන්නවා ඉස්කෝල අවටත්. සිරිසේන කරන්න ගියේ ඒවා නවත්වන්න. තේරුනේ නැතිවට කණගාටුයි.

:       473       1127

AmilaFriday, 05 July 2019 09:46 AM

තෝරු, මෝරු අල්ලන්න ඕන... ඔය අහුවෙන්නේ හාල්මැස්සෝ. අර කුඩු එක්ක මීගමුව පැත්තේ අහුවුන මන්ත්‍රීට හිටපු ලොක්කා සහ දැන් ලොක්කා සලකපු විදිය දැක්කනේ. ආන්න එහෙම තමයි ඔවුන් රැකෙන්නේ කවුරු හරි ඉත්තෙක් බිලී දීලා. අනික ඔය කුඩු සහ මත් පෙති එන්න පුලුවන් තැන් අහුරන්නේ නැතුව මොකක් කරත් හරියන්නේ නෑ. අලුත් තාක්ෂණය භාවිතා කරලා ගුවන් තොටුපළ වරාය වගේ මේවා එන තැන් තමයි වහන්න ඕනෑ එහෙම නැතුව ඊළඟ ඡන්දෙට මම පොරක් කියලා මිනිස්සු අන්දවන්නේ නැතුව. ඔබතුමා වගේ ඇන්දෙන කී දෙනෙක් ඇතිද නේද? තව උදාහරණයක් කියන්නද? පාස්කු සිද්ධියේ දැන් වැරදිකරු කරලා එල්ලන්න හදන්නේ නිලධාරීන් දෙන්නෙක්. සැබෑ වරදකරුවන් රටම දන්නවා. ඒ වගේ තමයි මේකත්...

:       14       318

ChamaraFriday, 05 July 2019 09:54 AM

සරත් මැතිතුමා වගේ ඇන්දෙන අය ඉන්නකම් රටේ නායකවරු මැති ඇමැතිලා, මන්ත්‍රීවරු නම් හරිම සතුටුවෙයි.

:       325       229

sarathFriday, 05 July 2019 11:25 AM

දැන් චාමර මහත්තයාම කියන්නකෝ... කොහොමද මේ ප්‍රශ්නේ විසඳන්නේ කියලා. මොකද මම ඇතිවෙනකල් කුඩු බීලා වැනසිච්ච කොල්ලෝ එක්ක කතාකරලා තියෙනවා. ඔවුන්ට පත්වෙලා ඉන්න අවාසනාවන්ත තත්වේ දන්නවා. ඔවුන්ගේ හිතේ තියෙන වේදනාව මම අහලා තියෙනවා. ඔවුන්ගේ අසරණ ජීවිත ගැන අහලා තියෙනවා. තව ඉස්සරහට පාසල් වයසේ ළමයි ගොඩක් එකතු වෙන්නත් ඉන්නවා. ඔබතුමාම කියන්නකෝ මේ ළමයින්ට කොහොමද පිහිට වෙන්නේ කියලා සහ අනාගතේ මත්කුඩු විකුණන අයගේ ඇමේට අහුවෙන පාසල් ළමුන්, තරුණයින් සංඛ්‍යාව "0" කරගන්නේ කියලා...

:       16       126

aseSaturday, 06 July 2019 04:59 AM

පළමුව කුඩු දුම්මා සහ කුඩු ලන්සා එල්ලන්න. එතැනින් පටන්ගෙන දැන් මදුෂ් දීලා තියෙන අය එල්ලන්න.... පුලුවන්ද? පුලුවන්නම් කරන්නකෝ !! එල්ලා මැරීමට මගේ සම්පූර්ණ සහයෝගය... හැබැයි කුඩු හැතිකරේ මරන්න හරි තැනින් පටන් ගන්න. " මෙය කොටියා වලිගයෙන් අල්ලන්න හදන්නේ, බැරිකම වහගන්න.

:       169       104

sarathFriday, 05 July 2019 11:31 AM

අමිල තෝරුන්ගෙන් හරි, මෝරුන්ගෙන් හරි හාල්මැස්සන්ගෙන් හරි පටන්ගන්න ඕනේ. නැතිව මෝරා අල්ලනකල්ම හිටියොත් රටේ ඉන්න කොල්ලෝ බහුතරයක් කුඩු කාරයෝ වේවි. ඉන් පස්සේ උන්ට "කුඩ්ඩෝ" කියාවි.. නගරෙන් ගමට ඒ ගමෙන් අල්ලපු ගමට එතැනින් ඊළඟ ගමට... තමයි කුඩු ව්‍යාප්තිය වෙන්නේ.. පොඩ්ඩක් හොයලා බලන්න. දැන් කොච්චර ගම්මාන ප්‍රමාණයක් මේ කුඩු ප්‍රශ්නෙට මැදිවෙලා තියෙනවද කියලා. එන්න එන්න වැඩිවෙනවා... මිසක් අඩුවෙන්නේ නැහැ. ඔයාගේ පිළියම කියන්නකෝ මේ ප්‍රශ්නෙට. ඔයාටත් දරුවෝ ඉන්නවා නම් පරිස්සම් කරගන්න. කුඩු උරන්න පටන්ගත්තට පස්සේ ආපසු ගමන බොහොම අසීරුයි..

:       48       192

AmilaFriday, 05 July 2019 01:18 PM

සරත් මහත්තයා කල යුතු දේ මම කියලා තියෙනවා. නැවත කියවලා බැලුවානම් තේරුම් ගන්න පුලුවන් වෙයි. තෝරුමෝරු අල්ලන්නේ නැතුව ප්‍රශ්න විසදෙන්නේ නෑ සරත් මහත්තයා. දැන් පොඩි හොරකම් කරන මිනිස්සු අල්ලලා ඇතුලට දැම්මා කියලා මහා පරිමාණ රාජ්‍ය මුදල් මංකොල්ල කන එක නැවතිලා තියෙනවද නෑනේ. ඒක නිසා සැබෑ ප්‍රශ්නයටයි හොයලා විසදුම් දෙන්න ඔන.

:       14       69

chinthakaFriday, 05 July 2019 01:49 PM

අමිල, මනුස්සයෙක්ගේ හොඳක්, හොඳක් විදියට දකින්නත්, වරදක්, වරදක් විදියට දකින්නත් උගත්කම කෙසේවෙතත් බුද්ධියක් තියෙන්න ඕනෑ. අන්න ඒක නැති නිසා තමයි ආසියාවේ සාක්ෂරතාව වැඩිම රට වුනත් රටේ ඉන්න සුළු ජාතින් පවා අපිට කෝකම් පාන්නේ. අන්න ඒ නිසා තමයි පාලකයන් පූජිතලව ඇතුළට දාලා බදුර්දීන්ලාට මල්මාලා දාන්නේ. ජනාධිපතිතුමාගේ සියලුම වැඩ අනුමත කරනවා නෙමෙයි, නමුත් මරණ දඬුවම අද රටේ කාලීන අවශ්‍ය තාවයක්. අධිකරණයකට පුළුවන් තීන්දු තීරණ දෙන්න. නමුත් රටේ මේ ඇතිවෙලා තියන අපරාධ රැල්ලට මුහුණ දෙන්නේ අධිකරණයවත්, ආරක්ෂකයන් පිරිවරා සැරිසරන ජනාධිපති, අගමැති ඇතුළු දේශපාලකයින්වත් නෙවෙයි, ඔයාලා අපි වගේ සාමාන්‍ය පුරවැසියන් බව ඔබට නොතේරීම කණගාටුවක්...

:       0       107

Roshan Friday, 05 July 2019 09:20 AM

යකෝ,... මරණ දඬුවම නියම කලේ අධිකරණයකින් නම්, මරන්න හදද්දි ඒක නවත්තන්න අතුරු තහනමක්... එතකොට අධිකරණෙට වැරදිලාද..? මොන අධිකරණද මෙව්වා!!!

:       57       767

raviFriday, 05 July 2019 10:26 AM

මේ ඔක්කොම දැන් .. කුඩු ගහගෙන .. පිස්සුකෙලිනවා . එකෙක්වත් දන්නේ නැහැ කියන්නේ මොකද්ද .. කොරන්නේ මොකද්ද කියල ..

:       0       1

sachith Friday, 05 July 2019 09:21 AM

මේ දඬුවම් පැමිණුනේත් අධිකරණයෙන් නේද? මේකනම් විහිළුවක්, රටේ තියෙන ඇත්ත ප්‍රශ්න යට ගහන්න අාව තවත් නාට්‍යයක් වගේ...

:       35       278

krishantha Friday, 05 July 2019 09:24 AM

ඉතින් ඔය මරණ දඬුවම නියම කලෙත් අධිකරණයමනේ? දැන් ක්‍රියාත්මක කරන්න එපා කියන්නේ මොකද?

:       51       230

raviFriday, 05 July 2019 10:24 AM

මොන වගකීම් දරුවත් ඔක්කොම .. " මානසික රෝගියෝ "

:       0       0

Sunil Friday, 05 July 2019 09:49 AM

අයියෝ සිරිසේන...

:       19       33

camil Friday, 05 July 2019 09:51 AM

කුඩ්ඩෝ දිනුම්...

:       0       83

SL Friday, 05 July 2019 10:00 AM

ගරු අධිකරණයත් පිලිපීනේ වගේ ලංකාවේත් පාරේ බැහැල හඳුනා බැරි තරමට කුඩු බීල වැනසුණු තරුණයෝ දකින්න ආස ඇති ,මීට කලකට ඉස්සර පිලිපීනෙ මැනිලා වල ගුවන් තොටුපළෙන් එකෙන් එලියට යද්දී මිනිස්සු තියෙන රත්තරන් මුදු ,මාල සියල්ලම බෑග් එකක් ඇතුලේ දාල හංගගෙන ගියේ මොකද කුඩු වලට ඇබ්බැහි වුනු තරුණයෝ කුඩු ගන්න සල්ලි හොයාගත්තේ මේවගේ හොරකම් කරලා . අනික අගමැතිගේ බ්‍රේස්ලට් දාගන්න වෙන්නේ කුඩු විකුණන උන්ට ! කොහොම හරි කුඩු වලට ඇබ්බැහි වෙන තරුණයින්ගේ සහ ඔවුන්ගේ දෙමාපියන්ගේ " මුලික අයිතිවාසිකම් " බලන්න කවුරුවත් නැහැ

:       1       174

Chamara Friday, 05 July 2019 10:08 AM

කවුද අනේ ඔයාට උපදෙස් දෙන්නේ? ඔක්තෝම්බර් සිට ඔක්කොම ඇනගන්නවනේ... ඔයාට මාර උපදෙස් දෙන්නේ ඩිලාන්ලා, එස්.බී.ලා, දයාවට බරසිරි, සුමතිලා, ශිරාල්ලා, බුද්ධිචක්‍රවර්ති නාමල් කුමාර වගේ අයගෙන් වගේ අපිට පේන්නේ...

:       0       84

Sarada Friday, 05 July 2019 10:10 AM

සොරිසේන...

:       28       65

Raveendra Friday, 05 July 2019 10:16 AM

හරිම කනගාටුයි නිතිය විසින් දී ඇති තීන්දුව නිතිය විසින්ම වැළකීම..කොතන හරිද කොතන වැරදිද යන්න හිතා ගැනීමටවත් නොහැකිය....කෙසේ වෙතත් කුඩු මුදලාලිලා යහමින් ඇත දිග ඇර මුදල් වියදම් කර ඇතිබවක් නම් පැහැදිලි නොවේද ??? ඒ ඒ අදාළ ආයතනවල මෙයට සහභාගිවු සියල්ලොගේම මෙන්ම ඔවුන්ගේ ඥාතින් ගේද ගිණුම් පරික්ෂා කලොත් යමක් සිතා ගැනීමට හැකි වෙනවා නොවේද ??

:       0       0

Rasika Friday, 05 July 2019 10:30 AM

අතුරු තහනම් නියෝගය කියන එකේ තේරුම නඩුව ගැන යම් තීරණයකට එනතෙක් තාවකාලිකව නතරකිරීමක් පමණයි.

:       0       0

නිරන්ජන් Friday, 05 July 2019 04:37 PM

අවුරුදු ගානක් නඩු අහලා අධිකරණයකින් තීරණයක් දුන්නාම, දඬුවම් දෙන්න ඔන්න මෙන්න කියලා තිබෙද්දී තීරණය අත්හිටුවීම සදහා කටයූතු කිරීම තුළින් අපට පැහැදිලි වන්නේ පෙර නඩු තීන්දුව කිසිම හරයක් නොමැති බවයි

:       0       0

Prabha Friday, 05 July 2019 10:34 AM

කට්ටියම එකතුවෙලා සිරිසේන මහත්තයට ලණු දෙනවා. අන්තිමට සියලු දෙනාම මරණ දඬුවමට විරුද්ධයි. ලොක්කා තනිවෙලා...

:       1       40

Cisco Friday, 05 July 2019 10:39 AM

මේ සිරිසේනට මත්ද්‍රව්‍ය වැරදි කරුවන් එල්ලන්න වුවමනාවක් නැහැ. වුවමනාව තියෙන්නේ මෙන්න මම උත්සාහ කළා. ඒත් බාධක කියලා ගැලරියට කියන්න. හරියට සිගරට් පැකට්ටුවේ දැන්වීම වගේ (මොකද එහෙම වුණා කියලා සිගරට් බොන එක ලංකාවේ සීඝ්‍ර ලෙස අඩු වෙලා නැහැනේ...). එමගින් මිනිස්සුන්ගේ අනුකම්පාව දිනාගෙන තමන් කල අනුවණකම් මිනිස්සුන්ගේ සිත්වලින් අමතක කරන්න. එන ජනාධිපතිවරණයට එයා කොයි පැත්තෙන් ඉල්ලුවත් පරාදයි. පුළුවන් නම් උත්සාහ කරන්න එයාව විරුද්ධ පැත්තේ අපේක්ෂකයා කරන්න...

:       237       105

SLFriday, 05 July 2019 01:16 PM

ඔයාගේ ඡන්දෙ සිරිසේනට හරි රනිල්ට හරි මහින්දට හරි දෙන එක ඔයාගේ අයිතියක්. හැබැයි හොඳ දෙයක් කරන්න යද්දී ඒක අගය කරන්න. කාට හරි මත් කුඩු ප්‍රශ්නේ ඉවර කරන්න, අඩු කරන්න, විසඳුමක් දෙන්න හිතිලා යමක් කරන්න යනවනම් කකුලෙන් අදින්නේ නැතිව සහය දෙන්න. ඒකට ඔයා ඡන්දෙ දෙන්නේ කාටද කියල අදාළ නැහැ

:       0       18

CiscoFriday, 05 July 2019 04:46 PM

SL මයා, මෙතන මම උපුටා දැක්වීමට අදහස් කළේ මේ කරන දේ අවංකවම නොකරන බවයි. අවංකව යමක් කරනවා නම් මිනිස්සුන්ගේ කැමැත්ත නොඅඩුව ලැබෙනවා. ඡන්ද බලාගෙන කරන වැඩ මේවා...

:       0       4

කොඩිප්පිලි Friday, 05 July 2019 01:36 PM

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණ දඬුවම දිය යුතුය කියන අපිට මරණ දණ්ඩනය නියම කරාවිද දන්නේ නෑ. එහෙම නාඩගම් දැන් තියෙන්නේ...

:       0       0

de silva Friday, 05 July 2019 01:44 PM

දැන් පෙනෙනවා නේද කුඩු මුදලාලිලාගේ බලය...

:       0       20

shirley Suraweera Friday, 05 July 2019 04:34 PM

අපරාධ මුදල් නාස්තියක්. නඩු විභාග කරන්නත් රටේ සල්ලි. තීන්දු දෙන්නත් රටේ සල්ලි. අවලංගු කරන්නත් රටේ සල්ලි.

:       0       0

S.B Perera Friday, 05 July 2019 05:28 PM

ශ්‍රේෂ්ඨාධිකරණය මගින් කර තියෙන්නේ හිනා යන වැඩක්. මොකද මරණ දඬුවම ලබා දෙන්නේ අධිකරණය මගින්මනේ. ජනාධිපති තුමා කරන්නේ එක ක්‍රියාත්මක කිරීමට අත්සන් කරන එක විතරයි. ඉතින් මේක විහිළුවක් නොවේද?

:       0       579

dan Friday, 05 July 2019 05:51 PM

රන්ජන් රාමනායක කිවේ සම්පූර්ණ ඇත්ත. මේ හැමෝම අරලියගහ මන්දිරේ සල්ලි වලට යටයි. මේ ආයතන වල ඉන්න බහුතරයක් දූෂිතයි. මේ අයගේ ළමයින් ඉගෙන ගන්නේ පිටරටවල. මෙහෙ දරුවන් ගැන කිසිම හැඟීමක් නැහැ. ජනාධිපති බලයත් මොවුන්ට යටයි.

:       0       27

විජිත් Saturday, 06 July 2019 03:55 AM

මාර රටක්... මාර නීතියක්... මේ රටේ සමහර අපරාධකාරයෝ අධිකරණය හමුවට ගිහින් කියනවා... අනේ.. පොලිසිය මාව අල්ලගන්න එනවා මාව අල්ලන්න එපා කියලා කියන්න..'' කියලා. එතකොට බොහෝ වෙලාවට අධිකරණය කියනවා..' හා හා මේ ළමයාව අත්අඩංගුවට ගන්න එපා...' කියලා. එතකොට ඒ අපරාධකාරයා පොලිසියට කොකා පෙන්වනවා. ඒ වගේම තමයි මේ සිරකරුවන් එල්ලන්න කියලා තියෙන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයෙන්. (සමහරවිට අවුරුදු 15 කට විතර කලින්) ඒ ශ්‍රේෂ්ඨාධිකරණයම අද කියනවා ' හා හා මෙයාව දැන්මම එල්ලන්න එපා ' කියලා. මේ රටේ නීතිපද්ධතිය දේශපාලනීකරණයෙන් ගලවාගත යුතුයි. ඉන්පසු මුළු නීති පද්ධතියම වෙනස් කළයුතුයි.

:       0       35

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මළ මිනියක් අරන් ණයක් ගන්න බැංකුවට එයි
2024 අප්‍රේල් මස 19 1372 1

බ්‍රසීලයේ රියෝ ඩි ජෙනෙයිරෝ බැංකුවට රෝද පුටුවක තබා ගත් මළ සිරුරක් රැගෙනවිත් එම මියගිය පුද්ගලයාගේ නමට ඇමෙරිකානු ඩොලර් 3250 ක (ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 10 කට ආ


නවකවදය මට්ටු කරන්න මෛත්‍රී මාසය එයි
2024 අප්‍රේල් මස 19 428 1

විශ්ව විද්‍යාලවල නවක වදය අඩුකිරීම සඳහා වෙසක් සමයේදී මෛත්‍රී මාසය යන තේමාව යටතේ නවකවද විරෝධී වැඩසටහනක් ආරම්භ කිරීමට උසස් අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය ක


ගැබිනි මවට බෝට්ටුව තිඹිරිගෙයක් වෙයි
2024 අප්‍රේල් මස 19 511 0

යාපනය නාගදීප ප්‍රදේශයේ දී ප්‍රසව වේදනාවෙන් සිටි මවක් රෝහලට මුහුදු මාර්ගයෙන් රැගෙන යමින් සිටිය දී මගී යාත්‍රාවක් තුල දී බිළිඳෙකු ප්‍රසූත කර ඇති බවට වා


කන්ටේනරය පෙරැළි හතරක් රෝහලේ
2024 අප්‍රේල් මස 19 391 0

අම්පාර සිට වැලිමඩට හාල් තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ කන්ටේනර් ටැංකියක් සහිතව ධාවනය වූ විශාල ලොරි රථයක් අද( 19 ) බදුල්ල නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ වේල්ලව


ඉන්දීය මහ මැතිවරණය ඇරැඹේ
2024 අප්‍රේල් මස 19 561 0

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය අද (19) උදෑසන 7 ට ඇරැඹිණි


ඊශ්‍රාලයෙන් ඉරානයට මිසයිලයක්
2024 අප්‍රේල් මස 19 4643 2

ඉරානය පසුගියද ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයට පිළිතුරු වශයෙන් ඊශ්‍රායල අද(19) අලුයම ඉරානයේ ඉස්ෆාහන් නගරය ආසන්නයට මිසයිල ප්‍රහාරයක් එල්ල කර ඇතැයි ඇමෙරිකා


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 208 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1513 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1417 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site