IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


මයික් පොම්පියෝ කටුනායකට

 

(තිලිණි ද සිල්වා සහ ටී කේ ජී කපිල)

ශ්‍රී ලංකාවේ දෙදින නිල සංචාරයක් සඳහා ඇමෙරිකා එක්සත් ජනපදයේ රාජ්‍ය ලේකම් මයිකල් ආර්. පොම්පියෝ මහතා ඊයේ ( 27) රාත්‍රියේ දී දිවයිනට පැමිණි බව විදේශ සබදතා අමාත්‍යාංශය කියා සිටී.

ඇමෙරිකා රාජ්‍ය ලේකම්වරයා මෙරටට පැමිණිමට පෙර ඉන්දියාවේ නිල සංචාරයක නිරත වූ අතර එම සංචාරය අවසන් කරමින් නවදිල්ලි නුවර සිට විශේෂ ගුවන් යානයකින් ඔහු ඊයේ රාත්‍රී 7.35 ට කටුනායක ගුවන් තොටුපළ වෙත ළගා වුයේය.

විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා කළ  ආරාධනයකට අනුව දිවයිනට පැමිණෙන ඇමෙරිකා රාජ්‍ය ලේකම්වරයා 28 වැනිදා දක්වා  රැඳී සිටීනු ඇත.

මෙම සංචාරය අතරතුරදී, පොම්පියෝ මහතා අද ( 28) දින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා  සමඟ සහ විදේශ අමාත්‍යවරයා සමඟ නිලවශයෙන් සාකච්ඡා පවත්වනු ලැබේ.

දෙරට අතර නියැලී ඇති බහු ආංශික කටයුතුවලට අදාළ ක්ෂේත්‍ර කිහිපයක් පිළිබඳව මෙම සාකච්ඡාවලදී අවධානය යොමු කෙරෙනු ඇතැයි ද විදේශ අමාත්‍යාංශය වැඩිදුරටත් කියා සිටී.

ජනාධිපතිවරයා හමුවීමෙන් පසු ඇමෙරිකා රාජ්‍ය ලේකම්වරයා අද(28) පෙරවරුවේ විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමුවී නිල සාකච්ඡා පවත්වන අතර ඉන්පසුව අමාත්‍යවරයා සහ ඇමෙරිකා රාජ්‍ය ලේකම්වරයා ඒකාබද්ධ මාධ්‍ය හමුවක් පවත්වන බව එම අමාත්‍යාංශය කියා සිටී.

එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාගේ ධූර කාලය තුළදී ශ්‍රී ලංකාවට පැමිණෙන එක්සත් ජනපදයේ ඉහළම මට්ටමේ සම්භාවනීය අමුත්තා රාජ්‍ය ලේකම් පොම්පියෝ මහතා වේ.

මීට පෙර,  ඇමෙරිකා හිටපු ජනාධිපති බැරැක් ඔබාමා ගේ පාලන කාලය තුළදී එවකට සිටි ඇමෙරිකා රාජ්‍ය ලේකම්වරයා වූ ජෝන් කෙරී මහතා 2015 වසරේ මැයි 03 වැනිදා නිල සංචරයක් සදහා මෙරටට පැමිණියේය.

 



අදහස් (14)

මයික් පොම්පියෝ කටුනායකට

මහින්ද පතිරණ Tuesday, 27 October 2020 02:41 PM

තෙරුවන් සරණයි. මෙතුමා මේ වෙලේ අපේ රටට පැමිණීම අපට ඉතාම හොද ශක්තියක්.

:       3       1

banda Tuesday, 27 October 2020 02:55 PM

කෝ අපේ විමල්, මෙන්න ඇමරිකන් හමුදාව ලංකාවට එනෝ.

:       0       5

බද්රානි Tuesday, 27 October 2020 04:19 PM

ගරු, මයික් පොම්පියෝ මැතිතුමාව සාදරයෙන් පිළිගනිමු!! වෙනදා ඇමරිකාවට බුරන බල්ලෝ දැන් ඉන්නේ රජ ගෙදර පිළිකන්නේ මස්කටු සුප්පමින් නිසා සද්දයක් නැහැ. හැම දේටම උඩුබුරන චුටි කුක්කන්ගේ සද්දේ එතුමා වැඩිය ගණන් ගන්න එකක් නැහැ.

:       4       68

nuwan Tuesday, 27 October 2020 05:41 PM

කොහොමද පොම්පේ....? පොම්පේ අති විශිෂ්ටයි සර් ....

:       3       32

Binkunndaa Tuesday, 27 October 2020 07:36 PM

ඇමරිකා එක්සත් ජනපදය, පොම්පියෝ සාදරයෙන් පිළිගනිමු.

:       0       2

නුවන් Tuesday, 27 October 2020 09:54 PM

මැතිවරණයට පෙර තමන්ගේ බලය ආසියානු කලාපයේ තහවුරු කරන්න උත්සාහ කරන බව පෙන්වන්න තමා මේ ගමන.

:       0       2

dhamneth Tuesday, 27 October 2020 11:27 PM

මෙය අපිට ලැබෙන ඉතාමත් හොඳ අවස්ථාවක් මානව හිමිකම් කවුන්සලේ අපි ගැන තිබෙන වැරදි ආකල්ප වෙනස්කරගනීමට.

:       2       0

ලුම්බිණි Wednesday, 28 October 2020 12:44 AM

මම හිතුව චීන්නු ටිකක් හරි එයි කියල විරෝධය පාන්න.

:       0       2

සමිත සේනක අලුත්ගමගේ. Wednesday, 28 October 2020 03:19 AM

" එදා මයික් පොම්පියෝ ... දුටුව මයික් පිම්පියෝ ... එදා නොහොඳ පොම්පියෝ ... අද හොඳදෝ පිම්පියෝ ...

:       1       10

විජේ Wednesday, 28 October 2020 06:00 AM

පිම්පියො විතරමද මන්ද ඇමරිකාවෙ ඉන්නෙ?

:       0       2

අතුලWednesday, 28 October 2020 12:52 PM

නෑ. මෙහෙත් ඉන්නවා ලක්ෂම 69 ක්. කාටද ආඩම්බර.

:       1       1

BamunuarachchiThursday, 29 October 2020 08:49 AM

69 ලක්ෂයක් ඉන්නේ පොම්පියෝ 55 ඉන්නේ අනිත් අය. ටෙලිෆෝන් බයියන්නට තමයි ආඩම්බර වෙන කාටද?

:       1       0

BamunuarachchiSaturday, 31 October 2020 03:35 PM

69 ලක්ෂයක් ඉන්නේ පොම්පියෝ, 55ක් ඉන්නේ බත් පිනට දුන් කෙනාගේ කට්ටිය...

:       0       0

Bamunuarachchi Thursday, 29 October 2020 08:45 AM

හැබැයි ඔබතුමා කව්බෝයි තොප්පියක් දා ගත්තානම් අපි හිතන්නේ කව්බෝයි කෙනෙක් එනවා කියලා. එත් මෙතැන ලියන කී දෙනාද කව්බොයිස් ලා ගැන දන්නේ

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පාස්කු විවාදය ඇරැඹෙයි
2024 අප්‍රේල් මස 24 50 0

රජයන් සහ ජනාධිපතිවරුන් කිහිප දෙනෙක්ම පාස්කු ප්‍රහාරය ගැන පරීක්ෂණ මන්දගාමීව සිදුකරමින් චෝදනා ලැබූ නිලධාරීන් ආරක්ෂක අංශවල ඉහළ පුටුවල තබා ගනිමින් සාධ


ඉරානය සමඟ ගනුදෙනු කළොත් සම්බාධක
2024 අප්‍රේල් මස 24 630 0

ඉරානය සමඟ ව්‍යාපාර ගනුදෙනු පවත්වන්නේ නම්, සම්බාධකවලට මුහුණ දීමට සිදුවනු ඇතැයි ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව පාකිස්තානයට අනතුරු ඇඟවීමක් කර තිබේ.


ඉරාන ජනපතිට ආරක්ෂාව දෙන්න මාර්ග කිහිපයක් වසා දමයි
2024 අප්‍රේල් මස 24 357 0

ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි මහතා සහ එම ආර්යාව ඇතුළු රාජ්‍ය දූත මණ්ඩලය කටුනායක සිට කොළඹ දක්වා ගමන් කෙරන පස්වරු 2.00 ත් 3.00 ත් අතර කාලයත් මෙරටින් පිටත්වන ර


ඇල්ල කරඳගොල්ලේ නාය යාමක් සක්‍රීය වෙයි
2024 අප්‍රේල් මස 24 196 0

ඇල්ල කරදගොල්ල මලිත්තගොල්ල ප්‍රදේශයේ නාය යාම යලි සක්‍රීය වීමත් සමඟ එම ස්ථානයේ අවට පදිංචි පවුල් 10 ක් අද (24)ඉවත් කර ආරක්ෂිත ස්ථාන කරා යොමු කල බව ඇල්ල ප්‍රා


මෛත්‍රීට අතුරුතහනමක්
2024 අප්‍රේල් මස 24 685 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධූරයේ කටයුතු කිරීම තහනම් කරමින් හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාට අතුරු තහනම් නියෝගයක් කොළඹ ප්‍රධාන දිසා විනිසුර


ඉරාන ජනපති එයි
2024 අප්‍රේල් මස 24 652 0

ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි මහතා ශ්‍රී ලංකාවේ එක් දින නිල සංචාරයක් සඳහා මත්තල ගුවන් තොටින් ශ්‍රී ලංකාවට පැමිණියේය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 290 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1650 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1521 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site